Friday, October 31, 2025
Homesiඔබේ දියණියගේ මල්වරය ජ්‍යෙතිෂ ඇසින්

ඔබේ දියණියගේ මල්වරය ජ්‍යෙතිෂ ඇසින්

[ratings]

ගැහැනු දරුවකුගේ ප්‍රථම සෘතු ලෙය වහනය වීම මල්වර වීම යන්නෙන් අදහස්‌ කරයි. කොටහළු වීම, දැනමුතුවීම, කිළිවීම, වැඩිවියට පත්වීම, ප්‍රථමාර්ථවය යනුවෙන් ද මල්වරවීම හඳුන්වයි. ජ්‍යෙdතිෂයේ හැටියට සඳු හා කුජ දෙදෙනා හේතුකොටගෙන ප්‍රථම මල්වරය සිදුවේ. ගැහැනු දරුවාගේ ජන්ම පත්‍රයේ 1,2,4,5,7,8,9,12 යන ස්‌ථානයක්‌ මිථුන, කන්‍යා, තුලා, ධනු පූර්වාර්ධය (පළමු අංශක 15) කුම්භ යන රාශියක්‌ වී චන්ද්‍රයා එකී රාශියක සිටිද්දී කුජගේ දෘෂ්ටියකට ලක්‌ වූයේ නම් මල්වරය සිදුවේ. දැරිය සුදුසු වයස ද සපුරා තිබිය යුතුය.

මෙම ලිපියෙන් විස්‌තර කෙරෙන්නේ මල්වර වූ දිනය- නැකත – තිථිය – ලග්නය – හෝරාව – වේලාව ආදී කරුණු අනුව ශුභ අශුබ තත්ත්වයන්ය. ඒවා එකින් එක පහත විස්‌තර කෙරේ.

දින ඵල

ඉරිදා – ආඩම්බරය, අඬදබරය, නපුරු ගති පැවතුම් වලින් යුතු තැනැත්තියක්‌ වෙයි. නොයෙක්‌ රෝගී තත්ත්වයන් ද මතු කරයි. විශේෂයෙන් හිසේ රෝග ඉස්‌මතු වේ. දුක්‌ කරදර වලින් පීඩා විඳින්නට සිදුවේ. යුග දිවියද අවුල් සහගතය. වැන්දඹු වන්නට ද බැරිකමක්‌ නැත. ගබ්සා වීම් ද සිදුවිය හැකියි. පියාටද අශුභය. මේ කරුණු ගැන සලකා බලද්දී ඉරිදා මල්වර වීම ශුභ බවක්‌ නොපෙනේ. එහෙයින්, මේ අශුභ තත්ත්වය මඟහරවා ගැනීමට තිරිඟු – හාල් – ගිතෙල් මිශ්‍ර නොඉඳුල් කිරිබතක්‌ සකසා දන් දෙන්න. අශුභ තත්ත්වය පහව යයි.

සඳුදා – පතිවත රකී. ධාර්මික දිවි පෙවෙතක්‌ ගත කරයි. යුග දිවියද වාසනාවන්තය. යස ඉසුරු සපිරි සැපවත් ජීවිතයක්‌ ගත කරයි. දියුණුවද වේ. චන්ද්‍රයා අවපස නම් දරුඵල හීනයි. එමෙන්ම දරුවන්ට අකල් මරණයද ගෙනදීමට ඉඩ තිබේ.

අඟහරුවාදා – දිළිඳු වේ. අඬදබර ඇතිකර ගනිsයි. සිය ස්‌වාමි පුරුෂයාට පවා අවනත කමක්‌ නොපෙන්වයි. ශරීර සෞඛ්‍යද යහපත් මට්‌ටමක නොවේ. කෲර ගති ඇත්තියක්‌ වෙයි. දුක්‌බර ජීවිතයක්‌ ගත කරන්නට සිදුවේ. භූමි, රත්තරන්, ගවයන් තල දන් දීමෙන් දොස්‌ පහව යයි.

බදාදා – දරුඵල යහපත්ය. ගැහැනු දරුවන් වැඩිපුර ලබයි. ඥතීන්ට හිතවත්ය. ඔවුන්ට උදව් උපකාරද කරයි. ප්‍රිය වචන කතා කරයි. රූප සම්පත්තිය ද හිමිවේ. සුඛ විහරණයද යහපත් විවාහ දිවියක්‌ ද වේ.

බ්‍රහස්‌පතින්දා – ගුණදම් පුරන්නියකි. සිය ස්‌වාමියා කෙරෙහි භක්‌තිය සහිතයි. එහෙයින් විවාහ ජීවිතයද වාසනාවන්තය. උගත් දරුවෝ වෙති. පිරිමි දරුවන් කෙරේ නැඹුරුව වැඩියි. අන්‍යයන්ට උදව් උපකාරද කරයි. කෙසේ හෝ සැපවත් ජීවිතයක්‌ ගත කරන්නට ලැබේ.

සිකුරාදා – විනෝදයට සෙල්ලමට ඇල්ම වැඩි කරයි. වාසනාවන්ත ස්‌වාමි පුරුෂයෙකුද දූ දරුවන්ද ලබයි. මව්පිය සහෝදර සහෝදරියන්ට යහපත් වේ. ශරීරය ලස්‌සන වේ. අන්‍යයන්ට ප්‍රිය වේ. දියුණුව ද අත්කෙරේ. සැප සේ වාසය කරන්නට ලැබේ.

සෙනසුරාදා – ලෙඩදුක්‌ නිතර ඇති කෙරේ. දුගී භාවයට පැමිණේ. බොරු කියයි. ජන්ම භූමියෙන් දුරස්‌ථ වීමටද විවාහ දිවිය දෙදරා යැමට ද හේතුයි. මේ ආදී නොයෙක්‌ කරදර ඇති කෙරේ. මෙම දොස්‌ පහ කිරීමට නම් බඳුනකට තල තෙල් පුරවා දියණියට ඉන් මුහුණ බලන්නැයි පවසන්න. ඉක්‌බිති කිරි පැණිද සමග දානයක්‌ දෙන්න. දොස්‌ දුරුවේ.

නැකැත් ඵල

අස්‌විද – පින් ඇත්තියකි. ධන ධාන්‍යාදිය සහිත වූද යහපත් විවාහ ජීවිතයක්‌ ද ගත කරන්නට ලැබෙයි. සිය ස්‌වාමි පුරුෂයාට සෙනෙහෙවන්තය.

බෙරණ – අයහපත්ය. නොයෙක්‌ කරදර ඇතිකර ගනියි. පොරොන්දු කඩ කරන්නියක්‌ වෙයි. දුෂ්ඨ ගති ඇති කරයි. පතිවත නොරකී. වඳභාවයට වුවද පත්විය හැකිය.

කැති – දිළිඳු විය හැක. ඉක්‌මනින් විවාහ වේ. වඳ භාවයට පැමිණේ යෑයි කියා තිබේ. පර පුරුෂයන් ද සේවනය කරයි.

රෙහෙණ – යහපත්ය. දූ දරුවෝද එසේය. සුන්දර රූප ස්‌වභාවයද වේ. විවාහ දිවිය වාසනාවන්තය. දියුණු වීමට හැකිය. බොහෝ සැප සම්පත් ලබයි.

මුවසිරස – දහමට ලැදිය. ජීවිතයද ඉන් සාර්ථක කර ගනී. පතිවත රකී. සිය ස්‌වාමි පුරුෂයාට ප්‍රිය වේ. බොහෝ දරුවන්ද ලබයි. දීර්ඝායුෂ ද හිමිය.

අද – අයහපත්ය. සිය ස්‌වාමි පුරුෂයා කෙරෙහි සෙනෙහසක්‌ නොවේ. යුග දිවියේද නොයෙක්‌ ප්‍රශ්න මතුකර ගනී. ආඩම්බරය.

පුනාවස – යහපත්ය. පතිවත රකී. විවාහ ජීවිතය සාර්ථක වන්නේය. ශීලාදී ගුණධර්ම වලින් යුක්‌තය. හදිසි ධන ලාභ වලට හිමිකම් කියයි.

පුෂ – කාර්යයෙහි ශූර වේ. සිය ස්‌වාමියාට ප්‍රිය වේ. දරුඵල මැනවි. ධන ධාන්‍යාදී සැප සම්පත් වලින් යුක්‌ත වේ. ශරීරය ලස්‌සන වේ. ගුණවන්තියකි.

අස්‌ලිස – කම්මැලි වේ. වහා කිපෙන සුළුය. ස්‌වාමියාට අයහපත් පර පුරුෂයන් කෙරෙහි ඇලුණියක්‌ ද බොරු කියන්නියක්‌ද වෙයි. ගබ්සා වීම් සහිතයි. විවාහ දිවිය දෙදරා යැමට ඉඩ තිබේ.

මා- විවාහය පමා වීමට හෝ විවාහ නොවීමට හේතුයි. මාන්නය සහිතයි. නිවුණු සිතක්‌ ඇත්තේය. තරහ නොගනියි.

පුවපල් – කෲර ගති ඇත්තියක්‌ වෙයි. නිතර තරහා ගනියි. රෝගාබාධ වලින් දුක්‌ විඳින්නියක්‌ වේ. එහෙත් ගුණවන්තය. ධන ධාන්‍යාදී සම්පත් වලින් යුක්‌ත වේ.

උත්‍රපල් – ආගමට දහමට හිතැතිය. තරහා නොගනියි. අන්‍යයන්ට ප්‍රිය වේ. පතිවත රකී.

හත – යස ඉසුරු හිsමිවේ. බොහෝ දරුවන් ලබයි. අලෝභී තැනැත්තියක්‌ වෙයි. යුග දිවියද වාසනාවන්තය.

සිත – ශරීරය ලස්‌සන වේ. උසස්‌ පුද්ගලයන්ගෙන් උදව් උපකාර ලැබේ. විසිතුරු කර්මාන්තාදියේ දක්‍ෂතා ඇත්තියක්‌ වේ. ධනයද ලබයි. පැවැත්ම අයහපත් විය හැකියි.

සා – පින්වන්තියකි. ගුණධර්ම දනී. අධ්‍යාපනයට යහපත්ය. විවාහ ජීවිතයද වාසනාවන්ත එකක්‌ වේ. යහපත් ස්‌වාමියෙක්‌ද දූ දරුවන්ද ලබයි. ධනය ලබයි.

විසා – යහපත් ශරීරය වේ. ප්‍රිය මනාපය, සැපසේ වාසය කරන්නට ලැබෙයි. පතිවත රකී. සිය ස්‌වාමි පුරුෂයාට සෙනෙහෙවන්තය. එහෙත් දරුවන්ට අපලය. නිතර තරහා ගනියි.

අනුර – සිය ස්‌වාමි පුරුෂයාට ප්‍රිය වේ. ගුණධර්ම දනී. බොහෝ දරුවන් ලබයි. ඔවුන්ද ගුණගරුක අය වන්නේය. සෞභාග්‍යය ඇත්තියක්‌ද වේ.

දෙට – දිළිඳු වේ. නොයෙක්‌ දුක්‌ කරදර විඳී. පැවැත්ම අයහපත්ය. විවාහ ජීවිතයද අවාසනාවන්ත එකක්‌ වේ.

මුල – අන්‍යයන්ට කරදර නොකරයි. ප්‍රියමනාප තැනැත්තියකි. ගුණයද ධනයද අඩුවක්‌ නොවේ. යහපත් දරුවන් ලබයි. ස්‌වාමි පුරුෂයාද යහපත්ය.

පුවසල – විවාහ ජීවිතය අවාසනාවන්ත එකක්‌ වේ. දූ දරුවන්ටද අසුභය. අන්‍යයන්ට කරදර කරන්නට මැලි නොවේ. එහෙත් දෙමාපියන්ට යහපත්ය.

උතුරුසල – පිනැත්තියකි. අන්‍යයන්ට ප්‍රියමනාප වේ. යහපත් අයම ආශ්‍රය කරයි. ආගමට දහමට ලැදිය. සාර්ථක විවාහ ජීවිතයක්‌ ගතකරන්නට භාග්‍යය හිමිවේ. උදරාබාධ ඇතිවිය හැකියි.

සුවණ – භවභෝග සම්පත් ලබයි. ශරීරය ලස්‌සන වේ. අධ්‍යාපනයට යහපත්ය. ධර්මය කෙරෙහි සිත නැඹුරුය. පතිවත රකී. යහපත් දරුවන්ද ලබයි.

දෙනට – ධනවත් වේ. පතිවත ඇත්තියක්‌ ද වේ. යහපත් දරු මුණුබුරන් ලබයි. ස්‌වාමියාද යහපත් අයෙක්‌ වෙයි.

සියාවස – බොහෝ සැප සම්පත් ලැබේ. යුග දිවිය සාර්ථක එකක්‌ වේ. පින්වත් දරුවන් ලබන්නියකි. නෑදැ හිතමිත්‍රාදීන්ගේ ගෞරවයට පාත්‍ර වේ. පතිවත ද රකියි.

පුවපුටුප – ඥතීන් අතර ගැටුම් ඇතිකර ගනී. නුසුදුසු පුද්ගලයන් ආශ්‍රය කරයි. විවිධ දුක්‌ කරදරයන්ට මුහුණ පෑමට සිදුවේ. එහෙත් අධ්‍යාපනයට යහපත්ය.

උතුරුපුටුප – බොහෝ සැප සම්පත් ලබයි. ආඩම්බර වේ. යහපත් උසස්‌ සැමියෙකුද දරුවන්ද ලබන්නියකි. ධාර්මික ජීවිතයක්‌ ගත කරයි.

රේවතී – යස ඉසුරු ලැබේ. ගුණවන්තියක්‌ වේ. විවාහ ජීවිතයද වාසනාවන්ත එකකි. උදරාබාධ ඇතිවිය හැකියි.

ලග්න ඵල

මේෂ – දිළිඳු වේ. නරක ඇසුර ලබයි. ඇවිදිලි අධික වේ. මවට අශුභය.

වෘෂභ – ධනවත් වාසනාවන්ත දිවියක්‌ හිsමිවේ. ස්‌වාමියාට ප්‍රියවේ. යහපත් දූ දරුවන් ලබයි.

මිථුන – විනෝදයට බර කාමාශාව අධික තැනැත්තියක්‌ වේ. විවාහ දිවියේද හිරිහැර බාධක මතුවිය හැකියි.

කටක – සිය ස්‌වාමියා කෙරෙහි භක්‌තිය නැත්තියක්‌ වේ. සිය තත්ත්වයට නොගැළපෙන දේ කරයි. අනියම් සබඳතා ද ඇතිකර ගනී.

සිංහ – දරුඵල හානි වේ. එහෙත් යුග ජීවිතය වාසනාවන්තය.

කන්‍යා – පුණ්‍ය කටයුතු වලට නැඹුරු වේ. පතිවත රකී. යහපත් ස්‌වාමි පුරුෂයකු ලබයි. දූ දරුවන්ට අපලය.

තුලා – වෙළෙ¹මෙහි දක්‍ෂ වේ. සාර්ථක විවාහ ජීවිතය ද යහපත් දූ දරුවන්ද ලබයි. පිත් රෝග ඇති කරයි.

වෘශ්චික – ශරීර සෞඛ්‍යයට අහිතකරයි. විශේෂයෙන් දද රෝගය මතු කරයි. දුෂ්ඨ බවද පැවැත්මේ අයහපත් බවද වේ. දිළිඳු වේ.

ධනු – පූර්වාර්ධයේ නම් අයහපත්ය. චරිතය නරක්‌ කර ගනී. අපරාර්ධයේ නම් යස ඉසුරු ලැබේ. යහපත් පවුල් ජීවිතයක්‌ ද ගත කරන්නට ලැබෙයි.

මකර – කෲර ගති ඇත්තියක්‌ වෙයි. පහත් ක්‍රියාවන්හි යෙදේ. දුක්‌බර ජීවිතයක්‌ උරුම වේ. පළමු දරුවාට හානි.

කුම්භ – උඩඟු බව වේ. චරිතයට හානි ඇතිකර ගනී. නොගැළපෙන ක්‍රියාවනට පෙළඹේ. මාපියන්ට අයහපත්ය.

මීන- යහපත් ගුණයෙන් යුක්‌ත වේ. ශරීර සෞඛ්‍යය ද යහපත්ය. විනෝදයට ක්‍රීඩාවට ඇල්ම වැඩි කරයි. සැප සම්පත් ලබයි. විවාහයද වාසනාවන්ත එකක්‌ වේ.

හෝරා ඵල

රවි හෝරාව – ශරීර සෞඛ්‍යයට යහපත් නොවේ.

සඳු හෝරාව – පතිවත රකී. සංවර ගති ඇත්තියක්‌ වෙයි. යහපත් දූ දරුවන් ලබයි.

කුජ හෝරාව – කෝප සහගතය. පාප ක්‍රියාවන්ට නැඹුරු වෙයි.

බුධ හෝරාව – දරුඵල යහපත්ය. ශරීරය ලස්‌සන වේ.

ගුරු හෝරාව – සැප සම්පත් හිමිවේ. විවාහයද සාර්ථක වේ.

සිකුරු හෝරාව – ශරීර සෞඛ්‍යයට යහපත්ය. ලස්‌සන වේ. සැප සම්පත්ද ලබයි. සාර්ථක විවාහයකි.

ශනි හෝරාව – ධන හානි හා ව්‍යසන.

තිථි ඵල

පෑලවිය – පුර පෑලවිය නම් ස්‌වාමියාට සෙනෙහෙ නැති රෞද්‍ර ගති ඇත්තියක්‌ වේ. අව පෑලවිය නම් ශරීර සෞඛ්‍යයට යහපත්ය.

දියවක – පින් ඇත්තියක්‌ වේ. සිය ස්‌වාමියාට සෙනෙහෙවන්තය.

තියවක – දරුඵල යහපත්ය. සැප සම්පත් හිමිවේ.

ජලවක – යහපත් නොවේ. දුසිරිතට බරයි. විවාහ ජීවිතයද අවාසනාවන්ත එකක්‌ වේ.

විසේතිය – යහපත් දරුවන් ලබයි. දියුණු වේ.

සැටවක – දුක්‌ කරදර විඳී. දරුවන්ට අයහපත්ය.

සතවක – ධන ධාන්‍යාදී සම්පත් හිමිවේ. දරුඵල යහපත්ය.

අටවක – කෝප සහගත වේ. දරුවන්ට රෝග පීඩා ගෙනදේ.

නවවක – දුක්‌ කරදර විඳී. පාප ක්‍රියාවන් වල යෙදේ.

දසවක – නිතර සතුටින් සිටී. ගුණගරුක ධාර්මික තැනැත්තියක්‌ වේ.

එකොළොස්‌වක – සිල්වත්ය. දරුඵල යහපත්.

දොළොස්‌වක – යහපත් නොවේ. නිකරුණේ කාලය කා දමයි. පාප ක්‍රියාවන්හි යෙදේ.

තෙළෙස්‌වක – සැප සම්පත් ලබයි. අන්‍යයන්ගේ ගෞරවයට ලක්‌වේ.

තුදුස්‌වක – හැසිරීම යහපත් නොවේ.

පසළොස්‌වක – යහපත් දරුවන් ලබයි. සැප සම්පත් ඇතිවේ. ශරීරය ලස්‌සන වේ.

අමාවක – දිළිඳු භාවයට පත්වේ. නොයෙක්‌ පාප ක්‍රියාවන් කරන්නට පෙළඹේ.

වේලා ඵල

උදය කාලයේ මල්වර වී නම් ස්‌වාමි භක්‌තිය ඇත්තියක්‌ වේ. දරුඵල යහපත්ය. පින්වන්තියකි. මධ්‍යහ්නයේ නම් සැප සම්පත් ලබයි. සවස්‌ කාලයේ වී නම් පතිවත නොරකී. රාත්‍රියේ නම් විවාහ ජීවිතය අසාර්ථකය.

මල්වර වූ දැරිය හැසිරිය යුතු විධිය

දහවල් නිදා ගැනීම, නියපොතු කැපීම, අඳුන් ගැල්වීම, හඬනගා සිනාසීම, වේගයෙන් දිවීම, සිව්පා සතුන් ස්‌පර්ශ කිරීම, ග්‍රහ තාරකාවන් දෙස බැලීම, නූල් බැඳීම, ආභරණ පැළඳීම, ස්‌නානය කිරීම (නැකැතට පෙර) ආදිය මේ කාලයේදී නොකළ යුතුය. අලුත් මැටි බඳුනකින් ආහාර අනුභව කළ යුතුය. වතුර බීමද කළ යුත්තේ දොaතින් ගෙනය.

We found this article from Divaina on 2012/05/25.
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments