ලග්නය මලක් නම් එහි ඵලය නවාංශකයයි. කෙනෙකුගේ කේන්ද්‍රයක් ගැඹුරු ශාස්‌ත්‍රීය විමර්ශනයට ලක්‌කරන විට නවාංශකය අත්‍යාවශ්‍ය ප්‍රබල සාධකයකි. එක්‌තරා පිළිවෙළකට රාශි චක්‍රය තුළ නවාංශක පිහිටා තිබේ. මෙම නවාංශක පුරුෂ නවාංශක සේම ස්‌ත්‍රී නවාංශක වශයෙන් වාර්ගීකරණය වෙයි.
එයින් මේෂ – මිථුන – සිංහ – තුළා – ධනු – කුම්භ යන රාශි පුරුෂ රාශි වෙයි. මෙම රාශියක් යම් කෙනෙකුගේ නවාංශකය වීමෙන් ඔහු පුරුෂයෙක් බව මතයක් පවතී. එසේම වෘෂභ – කටක – කන්‍යා – වෘෂ්චික – මකර – මීන යන රාශී ස්‌ත්‍රී රාශි වන අතර එම රාශියක් නවාංශකය වුවහොත් ඒ ඉපදුනේ ස්‌ත්‍රි ජන්මියෙක්‌ය යන මතය පවතී.
මේ සෘෂි මතය ශාස්‌ත්‍රීය ලෙස නොවිමසා කටයුතු කරන්නට යැමෙන් බරපතළ අවුලක් පැන නගී. එය උතුම් ජොHතිෂ්‍ය ශාස්‌ත්‍රය කෙරෙහි මිනිසා සැක කිරීමටත්, දෛවඥයෙක් ශාස්‌ත්‍රීය ලෙස පූර්ණ පළාඵල විග්‍රහයක් කිරීමේදී එය සාවද්‍යය වීම නිසා ඔහුගේ කීර්තිනාමය පුලුදුවීමත් යන ගැටලු පැන නගී. මේ අවුල පැන නගින්නේ උපදින ජන්මියාගේ ලග්නයට අනුව යෙදෙන නවාංශකයේ ස්‌ත්‍රී පුරුෂ භාවය අනුවය.
සෘෂි මතය අනුව රාශි දොළහ ස්‌ත්‍රී පුරුෂ වශයෙන් එක් එක් රාශිය වෙන්කර ඇත්තේ ඒවාට ආවේනික ගුණාංග අනුවය. ඒ මිස ස්‌ත්‍රී නවාංශකයේ ස්‌ත්‍රියක්‌ම නූපදින බව ශස්‌ත්‍රීය වශයෙන් දැනගත යුතුය. ස්‌ත්‍රි නවාංශකවල උපදින පිරිමින් සිටී. ඔවුන්ගේ භෞතික මෙන්ම මානසික වශයෙන්ද ස්‌ත්‍රි ගුණාංග පවතී. එක්‌කෝ භෞතික වශයෙන් විය හැක. එක්‌කෝ මානසික වශයෙන් විය හැක.
ස්‌ත්‍රිහුද පුරුෂ නවාංශකවල උපදිති. ඒ අය තුළින් පිරිමින්ට සමාන ගති ලක්‍ෂණ ඇති කරයි. මේවා බැලූ බැල්මට නොපෙනුනත් ඔවුන්ගේ සිතුවිලි වලින්, ක්‍රියාකාරකම්වලින් සූක්‍ෂම ලෙස දැකිය හැකිය. මෙලෙස ශාස්‌ත්‍රීය ලෙස කල්පනා නොකර දීර්ඝ කාලයක් ජ්‍යෙdතිෂඥයින් බරපතළ වරදක් කර ඇති බව දහස් ගණනක් ජන්ම පත්‍ර අතරින් දැකගත හැකිය. එම වරද පහත උදාහරණයෙන් අවබෝධ කරගන්න.
1987 පෙබරවාරි 02 වැනි දින කළුතර දිස්‌ත්‍රික්‌කයේ උපන් මෙම කාන්තාවගේ ලග්නය මකර යෑයි. ඇය බිහිවන අවස්‌ථාවේ මකර ලග්නයෙන් ගතකර තිබුණේ තප්තර 11913 කි. මකර ලග්නයේ මුළු තප්තර ගණන වනුයේ තප්තර 19050 කි. මෙම රාශියට නවාංශක 9 ක් අයත්වෙයි. ඒ අනුව එක් නවාංශකයට තප්තර 2116 ක් ආසන්න වශයෙන් අයත්වෙයි.
ඒa අනුව ලග්නයේ ඇය ගතකළ තප්තර ප්‍රමාණය වූ තප්තර 11913 තප්තර 2116 න් බෙදුන කළ 05 වන නවාංශකය සම්පූර්ණයෙන් ගෙවා 06 වන නවාංශකයේත් තප්තර 1333 ක් ගත වෙද්දී උප්පත්තිය සිදුවිය. ඇය කාන්තාවකි. 05 වන නවාංශකය වූ වෘෂභ රාශිය ස්‌ත්‍රී නවාංශකයකි. නමුත් ඇය 06 වන නවාංශකය තුළ තත්ත්තර 1333 ක් ගත කළ බැවින් අයත්වන්නේ පුරුෂ රාශියක් වූ මිථුන නවාංශකයටය.
එම ජන්ම පත්‍රය ගැන බලා සටහන් කළ දෛවඥයා ඇය ස්‌ත්‍රියක් බැවින් තප්තර 1333 ම අමතක කර ස්‌ත්‍රි නවාංශකය වූ වෘෂභ නවාංශකයට ඇතුළත් කළේය. මේ නිසා ඇගේ ජන්ම පත්‍රය පිරික්‍ෂීමේදී වැරැදි ප්‍රතිඵල පෙන්වයි. මෙය ඉතාම බලවත් වරදක් බව අපගේ හැඟීමයි. 06 වැනි නවාංශකය තුළ එපමණ තප්තර ගණනක් නොව විස්‌සක් තිහක් ගතකර තිබුණත් ඇය ඉපදී ඇත්තේ 06 වන නවාංශකය තුළමය.
මේ අනුව ජන්ම පත්‍ර සෑදීමේදී මේ තත්ත්වයන් ඉතා තීක්‍ෂණව බුද්ධිමත්ව සලකා බැලිය යුතුය. එසේ කිරීමෙන් මේ උතුම් ශාස්‌ත්‍රය වූ ජ්‍යෙdතිෂයත් වෛඥයාත් දෙකම කීර්තිමත් වේ.
We found this article from Divaina on 2012/12/14.
Also Sinhala to English Google word to word translation can be found here