Friday, October 31, 2025
Homeenවිභීෂණ දේව කන්නලව්ව

විභීෂණ දේව කන්නලව්ව

තෙද වරම් පස්‌වාන් දහසකට දිව්‍ය ඥන වරන් ලැබ ශ්‍රී විභූතියට පත්ව වැඩ වසන ශ්‍රීමත් සිද්ධ විභීෂණ දිව්‍යරාජෝත්තමයාණන් වහන්ස· ශ්‍රී ලංකාද්වීපයේ කීර්තිධාර පතුරුවා යුක්‌තියේ ජය ලබා අයුක්‌තියට බැට දෙමින් · දුදන බල බිඳලමින් සුදනන්ට සෙත දෙවා· මෙසිරිලක අගරජව දස රාජ ධර්මයෙන්, රට දැයට ආදරයෙන්, දනන් සනසමින්, දෘඨ වීර්ය ඇති අසුර වංශෝද්භූත කැළණි වෙහෙර වහන්සේට, කැළණි ගංගාවට මැණික්‌ පුටුවට අධිගෘහිත වූ නීල වර්ණ ශ්‍රී දේහයකින් බබලන තුරඟ වාහනාරූඪව බලා යහතින්ම දිවැස්‌ කරුණාකර වැඩ වාසය කරන උත්තම වූ විභීෂණ දෙව් මහා රාජෝත්තමයාණන් වහන්ස, (මොවුන්ගේ) පඤ්චස්‌කන්ධයන්ට වැදී වැළඳී එන්නා වූ දේව දෝස, වන දෝෂ, යක්‍ෂ, භූත, ප්‍රේත, පිසාච කුම්භාණ්‌ඩාදීන්ගෙන් ඇතිවූ දෝෂ, ඇස්‌වහ, කටවහ, හදි හූනියමකින් ඇතිවූ දෝෂ, වා, පිත් සෙම් යන තුන් දොසින් ඇති වන්නා වූ දෝෂද, මෙකී නොකී සකල දෝෂන්ධකාරද, දූරීභූත කරදී පිනට පිහිට වී පිං ගන්න සේක්‌වා· ආයුබොහෝ වේවා·

පහන් තැබීම – පූජා පැවැත්වීම – 1.20 සිට 1.45 දක්‌වා පහනක්‌, නිල් මල්,නොඉඳුල් තෙල්, බුලත්, සාම්බ්‍රානි, කපුරු, කහ දියර.

විභීෂණ

විභීෂණ දේව ස්‌තොත්‍ර

ශ්‍රී රාමචන්ද්‍ර දසරථං තමජං ප්‍රභෙදං

සීතාපති රවිකුලං භුවිරත්න දීපං

අජාහුබල ගොවීන්ද මදාමද සතාක්‌ෂයං

රාමං නමාමි මුනිනාම සරාජ හංසං

ක්‍රමය

පිරිසිදු ස්‌ථානයක මල් පහන් පුද පූජා දුම් අල්ලා ඉහත සඳහන් ස්‌තොත්‍රය කියා තම අදහස්‌ මුල්කොට දෙවියන්ට කන්නලව් කළ යුතුය

We found this article from Divaina on 2013/09/22.

RELATED ARTICLES

Most Popular

Recent Comments