Friday, September 12, 2025
Homesiමහණ වෙන ලකුණු පෙන්වන ග්‍රහ යෝග

මහණ වෙන ලකුණු පෙන්වන ග්‍රහ යෝග

[ratings]

ජන්ම කේන්ද්‍රයේ එකම භාවයක ග්‍රහයන් සතර දෙනෙකු හෝ ඊට වැඩි ගණනක්‌ වූ විට එය පැවිදි යෝගයකි. එසේ සිටින්නාවූ ග්‍රහයන් අතුරෙන් රවි බලවත් වීමෙන් වන්‍යාංශ හෙවත් වනවාසී ප්‍රව්‍රජිතයෝ වෙති. සඳු බලවත් වීමෙන් වෘද්ධ ශ්‍රාවකයෝද, කුජ බලවත් වී නම් ශාක්‍ය භික්‌ෂු කෙනෙක්‌ද, බුධ බලවත් නම් භික්‍ෂු ප්‍රව්‍රජ්‍යාව ද, ගුරු බලවත් නම් ආජීවක ද, සිකුරු බලවත් වී නම් චාරක ද ශනි බලවත් වී නම් නිඝණ්‌ට ප්‍රව්‍රජ්‍යාව ද ලබයි. මේවා සත්වැදැරුම් බව ඔබට වැටහෙනවා ඇත. ඒ ග්‍රහයන් බලවත් වීම අනුවය. ඉහත සඳහන් කරන ලද අවස්‌ථා හත කෙටියෙන් හඳුන්වතොත් මෙසේය.

වන්‍යාශ – වනගතව භාවනා වඩන තාපස වර්ගයකි.

වෘද්ධ ශ්‍රාවක – පිරිවර සහිත රකින පැවිදි ක්‍රමයකි.

ශාක්‍ය – එනම් බෞද්ධ ශ්‍රාවකයෙක්‌ යන අදහසයි.

භික්‍ෂු – පිණ්‌ඩපාතිකව ජීවත් වන බ්‍රාහ්මණ තාපස ක්‍රමයකි,

ආජීවක – ජීවත්වීමට (ආහාරයට) මුල් තැන දී පිණ්‌ඩපාතිකව ගෙවන පැවිදි ක්‍රමයකි.

චරක – ගමනී (ගමින් ගමට ගොස්‌) පුරන පැවිදි ක්‍රමයකි.

නිඝණ්‌ට – නග්නව තවුස්‌දම් පුරන ක්‍රමයකි.

පැවිදි යෝග තිබේනම් මීළඟට එය සිද්ධ වන්නේ කුමන කාලයක දැයි දැනගත යුතුමය. එය දැනගත හැක්‌කේ යෝගයට සම්බන්ධ වූ බලවත්ම ග්‍රහයාගෙනි. ග්‍රහයාට අයත් මහ දශාවේ හෝ අන්තර් දශාවක දී එය සිද්ධ වේ.

යෝගයෙහි බලවත්ම ග්‍රහයා ජන්ම කාලයෙහි යුද්ධයෙන් පරාජය වී සිටින්නේ නම් පැවිදි වූවාට නැවතත් ගිහියෙක්‌ වෙයි. එනම්, සිවුරු හැරීම සිදු කරයි. ප්‍රව්‍රජ්‍යා යෝගයෙහි ග්‍රහයින් දෙදෙනෙකු බලවත් වී නම් සිවුරු හැරියත් නැවත අනික්‌ බලවත් ග්‍රහයාගේ කාලයක දී පැවදි බව ලබයි.

– සඳු, ශුක්‍ර, ශනි එකට සිටීම

– ලග්නයේ හෝ හත්වැන්නේ කුජ සිටිය දී රවි පස්‌වැන්නේ වීම.

– සඳු සිටි රාශිය අධිපතියා ශනිට පමණක්‌ පෙනීම.

– කිසිම ග්‍රහයෙකුගේ දෘෂ්ටියක්‌ නොලැබ ශනි නම වැන්නේ සිටීම.

– හත්වැන්නේ කුජ ද නවවැන්නේ රවි ද සිටීම.

– ශනි – සිකුරු හතරවැන්නේ සිටීම හෝ හතරවැන්නේ සිටින සිකුරු ශනිට පෙනීම.

– කේන්ද්‍රයේ එකම රාශියක රාහු – කේතු හැර ග්‍රහයින් පස්‌ දෙනෙකු තැන්පත්ව සිටීම, යන මේවා පැවිදි වීමට බලපාන ග්‍රහ පිහිටීම්ය.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments