Friday, September 12, 2025
Homesiළිඳ සහ වැසිකිළි වළ පිළිබඳ වාස්‌තු විද්‍යාව

ළිඳ සහ වැසිකිළි වළ පිළිබඳ වාස්‌තු විද්‍යාව

[ratings]

නිවස යනු වෙසෙසි වාසය සලසන ස්‌ථානයයි. ගල් ගෙයක්‌ හෝ ගස්‌ දෙබලක හෝ වාසය කිරීමට වඩා නිවාසය මනුෂ්‍ය ප්‍රජාවගේ සමාජ ජීවිතය ඔපවත් කරන්නකි. සිරිකත හෙවත් ශ්‍රියාකාන්තාව නිවසකට නිරන්තරයෙන්ම කැන්දාගෙන පැමිණීමට හැකියාව ලැබේ නම් එම ස්‌ථානය නිවසක්‌ ලෙසට හඳුනාගත හැකිය. ලංකාවේ නිවාස පිළිබඳ නිර්මාණ ශිල්පය වසර ගණනාවක සිට විකාශනය වූ සම්ප්‍රදායකි. ඒ සම්බන්ධව පාරම්පරිකව පවතින දැනුම පරිහරණය කිරීමෙන් යට සඳහන් කළ නිවාසයක විසීමට භාග්‍ය උදා වේ.

ගෘහ නිර්මාණ ශිල්පය හෙවත් වාස්‌තු විද්‍යාව බෙහෙවින්ම ගැඹුරු ශාස්‌ත්‍රවේදයකි. ලංකාවේ ජනතාව අතර ප්‍රචලිත වාස්‌තු විද්‍යාව සම්ප්‍රදායයන් දෙකක්‌ මත පදනම්ව තිබේ යෑයි සිතිය හැකිය. එකක්‌ විශ්වකර්ම මූලික වාස්‌තු විද්‍යාවයි. අනෙක මය ඉසි මූලික වාස්‌තු විද්‍යාවයි. මෙම ක්‍රමවේද දෙක අතරේ පවතින මාන ක්‍රම පවා විවිධත්වයක්‌ ගනී. මෙම අගනා ශාස්‌ත්‍රයට නොයෙකුත් විදේශීය සම්ප්‍රදායයන්ගෙන් ආභාසය ලැබී තිබේ. එය වඩාත් ශක්‌තිමත්ව පවතින්නට හැකිකම් ලැබුවේ එවැනි ගුරුහරුකම් නිසාවෙන් යෑයි සිතිය හැකිය. මෙම ලිපියට අදාළව සටහන් කරන්නට යෙදෙනුයේ වාස්‌තු විද්‍යාව යෑයි හඳුන්වනු ලබන සිංහල ගෘහ නිර්මාණ සම්ප්‍රදායේ පාරම්පරික දැනුම් පද්ධතියෙන් උකහාගත් කොටස්‌ කීපයකි. වෙසෙසින්ම ගෙයකට අත්‍යවශ්‍ය වූ ළිඳ හා වැසිකිළිය සම්බන්ධව තිබෙන වාස්‌තු සම්ප්‍රදාය ඉස්‌මතු කරලීම මෙහි අරමුණයි.

ළිඳ පිරිසිදුව වතුර හෙවත් පානීය ජලය සපයන උල්පතකි. බුබුලකි. එය භෞතික වශයෙන්ම උල්පතක්‌ බැවින් වාසනාව පිළිබඳ සංකේතයකි. ළිඳෙන් නිවසට වාසනාව ලබාගැනීමට නම් එය නිවැරැදි දිසාවකට ස්‌ථාපිත විය යුතුය. එසේම ගෙට නුදුරින් එහෙත් සම්මත දුරකින් ස්‌ථාපිත විය යුතුය. පෘථුවියේ ගමන් වේගය අනුව සියලුම වස්‌තූන් ගුරුත්ව බලයට යටත්වේ. මනුෂ්‍යයා මෙන් ම අනෙකුත් භෞතික වස්‌තූන් ද ඒ ධර්ම නියාමයට යටත්ය. මනුෂ්‍යයකුගේ ජීවිතය පිළිබඳ හඳහනකින් පවසන දේ සොබා දහමට සාපේක්‌ෂ වේ. හඳහනේ කොටු දොළහ මගින් සංකේතවත් කරන දුක – සැප මනුෂ්‍යයා වෙත නිරන්තරයෙන් ළඟා වේ. එය තේරුම් ගැනීමට ජ්‍යෙdaතිර්වේදීන් ගේ මගපෙන්වීම අත්‍යවශ්‍ය වේ. මනුෂ්‍යා විසින් භෞතිකව නිර්මාණය කරන ලද යම්කිසි විස්‌තුවක්‌ මහ පොළොවේ කෘත්‍රිම ව පිහිටුවාලීමේදී මෙකී සොබා දහමේ නියමය එයට අදාළ පරිදි ක්‍රියාත්මක වීමට පටන් ගනී. ඒ අනුව ගෙදරකට සාපේක්‌ෂව ළිඳක්‌ ස්‌ථාපිත කිරීමේදී එයටද හඳහනක්‌ නිර්මාණය වේ. පොළොවේ කාන්දම් බලය හා විශ්ව ශක්‌තිය නිවසට බලපාන ආකාරය එහිදී තේරුම් ගැනීමට හැකි වන්නේ හඳහන ආශ්‍රයෙනි. මෙහි සඳහන් රූප සටහන මගින් එය වටහාගැනීම වඩාත් පහසුය.

උතුර

ඊශාන

නැගෙනහිර

ගිනිකොන

දකුණ

නිරිත

බටහිර

වයඹ

දිශාවට සාපේක්‌ෂව පිහිටුවන ලද ළිඳ මගින් නිවසට ඇතිවන සුබා සුබ මෙලෙස දැක්‌විය හැකිය.

01, 02, ස්‌ථාන – ධන හානි සිදුවේ. ලෙඩදුක්‌ කරදර ඇතිවේ. පිරිමි පක්‍ෂයට බඩේ අමාරු සෑදීමට ඇති ඉඩකඩ බෙහෙවින්ම වැඩිය.

03 ස්‌ථානය – දූවරු හිතුවක්‌කාර වේ. විවාහය දෙදරීමට ලක්‌වේ.

04. ස්‌ථානය – අඬ දබර ඇතිවේ. අඹු සැමි කෝලාහල ඇතිවේ. කාන්තාවන් ගෘහයේ නායකත්වයට පත්වේ. අසල්වාසීන්ගෙන් කරදර ඇතිවේ.

05. ස්‌ථානය – සාමාන්‍යයෙන් සුබයි. අඩි විස්‌සක්‌ පමණ එහායින් ළිඳ සකස්‌ කළ යුතුය.

06. ස්‌ථානය – ස්‌වාමියා හැරලා යයි. දූවරු හිතුවක්‌කාර වේ. කාන්තාව හැරලා යයි.

07. ස්‌ථානය – කාන්තාවන්ට විපත්තිකරය. ඇතැම්විට මරණය පවා සිදුවිය හැකිය. අඬ දබර ඇතිවේ. පිරිමි කාලකණ්‌ණි ස්‌වභාවයකට පත්වේ.

08. ස්‌ථානය – මහා විපත්ති සිදුවේ. දූවරු නොගැළපෙන අය සමඟ විවාහ වේ.

09. ස්‌ථානය – පුත්‍රයන්ට හොඳ නැත. රැකීරක්‌ෂා විනාශ කරයි. ගර්භාෂ රෝග ඇති කරයි.

10. ස්‌ථානය -පිරිමින්ට හිසේ කැක්‌කුම්, ආයුෂ කෙටි වෙයි.

11, 12 ස්‌ථාන – ධන ලාභ ගෙනදෙයි. වාසනාව ගෙන දෙයි.

ළිඳ ගොඩනැංවීමේදී නිවසේ සිට පවතින දුර ප්‍රමාණය පිළිබඳවද සැලකිලිමත් විය යුතුය. සාමාන්‍යයෙන් රියන් 07, 13, 15, 19, 25 සහ 27 යන දුර සීමාවන් භාවිත කිරීමෙන් දොස්‌ රහිතව ළිඳේ වාසනා ගුණය ලැබෙන පරිදි පවත්වාගෙන යා හැකිය.

වැසිකිළිය

වැසිකිළි හා කැසිකිළි හෙවත් මළ මුත්‍රා බැහැර කරන ස්‌ථාන පිළිබඳ වැටහීමක්‌ පුරාණ සමාජයට මනාසේ පිහිටා තිබිණි. භික්‌ෂූන් වහන්සේලා උදෙසා තැනූ ආරාමයන්හි කැසිකිළි – වැසිකිළි පරීක්‍ෂා කරන කල්හි එය තහවුරු වේ. මළමුත්‍ර ආදී අපද්‍රව්‍ය බැහැර කරන හෙයින් ඒ ස්‌ථාන ස්‌වභාවිකවම අපවිත්‍ර වේ. ඒ ආශ්‍රයෙන් වෙසෙසි භූත කොටස්‌ වර්ධනය වීමක්‌ නිරන්තරයෙන් සිදු වේ. එවිට නිවසට සාපේක්‌ෂව ඉදිකරනු ලබන වැසිකිළි – කැසිකිළි නිසා ගෙදර නිවැසියන්ට වන අපල උපද්‍රව පිළිබඳ වැටහීමක්‌ රූපසටහන ආශ්‍රයෙන්ම ලබාගත හැකිය. එයද දිශාව අනුව මෙලෙස වෙනස්‌ වේ.

01,02 ස්‌ථානය – සුදුසු නැත. අනතුරු සිදුවේ.

03. ස්‌ථානය – අඩි දහයාමාරක්‌ එහායින් තැනිය හැකිය.

04. ස්‌ථානය – සුදුසු නැත. අපල – උපද්‍රව ඇති වේ.

05. ස්‌ථානය – අඩි හයකින් එහා තැනීමට සුදුසුය.

06. ස්‌ථානය – අඩි දහයකින් එහා සුදුසුය.

07. ස්‌ථානය – කාන්තාවන්ට විපත් සිදුවේ. ගර්භාෂගත රෝග ඇතිවේ. සැත්කම් කිරීමට සිදුවේ. පිරිමින්ට කරදර සිදුවේ.

08. ස්‌ථානය – විවාහය කඩාකප්පල් වේ. දූවරු හිතුවක්‌කාර වේ.

09. ස්‌ථානය – පිරිමින්ට අපල – උපද්‍රව ඇතිවේ.

10 ස්‌ථානය – පිය පුතු විරසක වේ. ලෙඩ – දුක්‌ කරදර ඇතිවේ.

11, 12 ස්‌ථාන – උමතු රෝග ඇතිවීමට හේතු කාරණා යෙදේ.

මෙම ස්‌ථානවල ළිඳ හා වැසිකිළි තැනීමෙන් සුබ අසුබ ඇති වන්නේ එම නිවැසියාගේ කර්ම ශක්‌තිය අනුව බවද සිහි තබාගත යුතුය. එම නිසා අපල උපද්‍රව තුනීකර ගැනීමට ධර්ම මාර්ගයේ හැසිරීම වඩා වැදගත් වන බව ද කල්පනා කට යුතුය.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments