අංජනමේ ඇත්ත කතාව මෙන්න

0
804
අංජනමේ
අංජනමේ

ඈත අතීතයේ සිටම පුරාණ ලංකාවේ සහ පෙරදිග රටවල මහා ගුප්ත විද්‍යාවේදීන් තම ශාස්‌ත්‍රඥානයෙන් කරන ලද අභීත පරීක්‍ෂණවල ප්‍රතිඵලයක්‌ වශයෙන් අංජනම් හැදීම, යෑවීම, බැලීමේ ක්‍රමයන් අනුගමනය කර ඇත. අද එය ශාස්‌ත්‍රීය ක්‍රමයක්‌ වශයෙන් ලංකාවේ මෙන්ම ඉන්දියානු නවීන භූත හා ගුප්ත විද්‍යාඥයන් මෙන්ම යුරෝපීය ඇමරිකන් මහා පඬිවරුන් විසින්ද එක්‌ එක්‌ රටවල්වල ප්‍රචලිත කර ඇති බව පෙනේ. පියවි ඇසට නොපෙනෙන යම් කරුණක්‌ පිළිබඳව සැබෑ තතු දැන ගැනීම සඳහා අංජනම් එළි බැලීමට හුදී ජනයා පුරුදුව සිටී. එය ජන විශ්වාසයක්‌ මෙන්ම ජන ඇදහිල්ලක්‌ වශයෙන්ද පිළිගෙන ඇත.

අංජනම් එළි බැලීම සඳහා රහස්‌ බෙහෙත් ඖෂධ වර්ගයන් සංයෝග කර ගලේලා අඹරා අංජනමක්‌ සාදාගත යුතුයි. එයට අඳුන යෑයි කියති. මෙම අඳුන ඇඹරීමේදී ගලක්‌ යට රිදී කාසියක්‌ තබා අදාළ බෙහෙත් වර්ගයන් ගල මත තබා නිරුවතින් මිනිසුන්ට නොපෙනී ඇඹරීම කරන්නේ බලගතු මන්ත්‍ර කියමින්ය. අංජනමේ නිසි පදම ඇති වන විට ගල යට ඇති රිදී කාසිය ගලමතින් පෙනේ. ඉන්පසු අඳුන ගෙන හෙප්පුවක ලා අසුරා ගනී. මෙසේ අඹරා ගත් අඳුන මල් බුලත් තටුවක්‌ මත තබා පීරිසියක හෝ තම නිය පොත්තෙන්a වතුර වීදුරුවක ගා පහනක්‌ දල්වා එම පහන් දැල්ල අඳුන තුළින් බලා අංජනම් බැලීම කරයි.

සත්‍ය අංජනමකින් නිධන්ගත සුව නොවන රෝගයක්‌, අනවින කොඩිවින හූනියම්වලට අදාළ තම භූමියේ යටකර ඇති තැන් පෙන්වා අරන්දීම, නිධන්වස්‌තු ඇති තැන්, නැතිවූ සොරුන් විසින් ගත් බඩු සොයා ගැනීමට ආදිය බලාගත හැකි බවට ජන විශ්වාසයක්‌ මෙන්ම සත්‍යතාවන්ද ඇත.

රාම රාවණා කථාවේ වීර චරිතයකින් හෙබි හනුමන්තා සහ අංජනම් දේවිය අංජනමට දෙව් දේවතාවියන් වශයෙන් මුල් තැන ගනී. අංජනම් දේවියගේ පුත්‍රයා වන හනුමන්තා වායුවටත්, අංජනම් දේවී අවකාශයටත් අයත්වන නිසා අංජනමක්‌ බැලීමේදී ඔවුනගේ පිහිට පැතිය යුතුමයි.

අංජනමක්‌ බැලීමේදී බලන අයද හොඳට පෙනෙන අයකු විය යුතුයි. බල්ලන්, සර්පයන් වැනි විෂ සතුන් දෂ්ට කළ අයද, කිඹුලන් අතගෑ අයද, ගින්නෙන් පිළිස්‌සුණු අයද, මළ මිණී උස්‌සන් ගිය අයද ගෙරිමස්‌ හා කුණු මාළු ඌරුමස්‌ කෑ අයවළුන්ට මෙන්ම කිළි ඇති අයටද කෙට්‌ටු ශරීරයක්‌ ඇති අයටද ගැහැණු පිරිමි භේදයකින් තොරව අංජනම් පෙනෙන්නේ නැති අතර වයස 12 ට අඩු ළමයින්ද අවුරුදු 50 ඉහළ අයටද ඇස්‌ පෙනීම දුර්වල අයටද අංජනම් එළි පෙනෙන්නේ නැත.

අංජනම් විවිධයි. පොළොව යට ඇති නිධන්, මැණික්‌ ආදී වස්‌තූන් පිළිබඳව දැන ගැනීමටද පාතාල අංජනම්ද, භූතාංජනම, සර්වාංජනම, යක්‍ෂ, ප්‍රේත, භූතාංජනම, හස්‌ථ අංජනම, නේත්‍ර අංජනම, දේවතා අංජනම, සූර්ය අංජනම, විෂ්ණු අංජනම ආදිය ප්‍රමුඛස්‌ථානයක්‌ ගනී. මෙයින් බොහොමයක්‌ අයට පෙනෙන අංජනම සර්වාංජනමයි. මෙයින් සතුන්, යකුන්, භූතයින්, ප්‍රේතයින් පිළිබඳව දේවල් දැනගත හැකිය. මේ අතරින් භූත, දිව්‍ය, දේවතා, හස්‌ත, නේත්‍ර, සූර්ය, විෂ්ණු ආදී අංජනම් සියලුම ශුභ වැඩ සඳහා යොදා ගනී.

අංජනම් බැලීමේදී බොහෝ අය දේවාරාධනා කර ගෙන්වන්නේ හනුමන්තා සහ අංජනම් දේවිය පමණයි. තවද, සූනියන් දෙවියන්, විෂ්ණු දෙවියන් බන්ධන කරගනී. සතුරු කරදර උවදුරු දැන ගැනීමට කාලියද ගෙන්වයි. මෙසේ ගෙන්වා ගන්නා දෙවිවරුන්ට කථා කිරීමට ශබ්ද ශාස්‌ත්‍රය ඇතුළත් ක්‍රමයන් හා බලගතු මන්ත්‍රාදියද ඇත. මෙම මන්ත්‍ර කියවන විට අංජනම් බලන්නාගේ කනට දෙවිවරු කථා කරන භාෂාවන් හා ශබ්ද ඇසේ. සමහර විට එම අංජනමට බැඳි දෙවිවරුන්ට කියා ලියවා ගැනීමේ ක්‍රමයක්‌ද ඇත. කනට ඇසෙන්නට කථානාද මන්ත්‍රයන් ගැයිය යුතුයි. සමහර අයට කලින් ප්‍රගුණ කිරීමක්‌ නැතිවම අංජනම් පෙනේ. සමහරකුට ටික දිනක්‌ ප්‍රගුණ කිරීමෙන් පෙණේ. සමහර අයට ප්‍රගුණ කළත් නොපෙනේ. ප්‍රගුණ නොකර අංජනම් පෙනෙන්නේ නෛසර්ගික බලය නිසාය. එය සංසාර පුරුද්දයි.

අංජනම් බැලීමේදී ආතුරයිනට වින කරන යකුන්, භූත කොටස්‌, මළ ප්‍රේතයින් හනුමන්තා ලවා බැඳීමට හැකිය. එසේ කරන්නේ බලගතු මන්ත්‍රාදිය භාවිත කරමින්ය. දැනට සතියකට පෙර මම ඉන්දියාවේ නව දිල්ලි අගනුවරට හින්දු භක්‌තික මහා රාෂ්ඨක ප්‍රතාංජලී නම් ප්‍රසිද්ධ මහා මන්ත්‍රීවේද සෘෂින්ගෙන් දැනගත් පරිදි අඳුනක්‌ බලන විට හනුමන්තා අමතා යකුන්ට තලා වධ දෙන ලෙසට මේ මන්ත්‍රය 7 වරක්‌ කියවීමෙන් ඵලයක්‌ ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

ඕං ජාතා බීනා හ්‍රාං කට්‌ටු හීර් ඕඩු කෙට්‌ටු කෙට්‌ටු දහඃ

අංජනමකට දෙවිවරුන් ගෙන්වා ගැනීමේ මන්ත්‍රයක්‌ මෙසේය. “ඕං නමඃ ඕං හුsං නමඃ ස්‌වාය නමඃ මෙසේ හත්වරක්‌ මතුරා හනුමාට සහ අංජනම් දේවියටත් යන ලෙස සිතනු ලබයි. පාතාල අංජනම් බැලීමේදී “ඕං නමෝ ආකාශ දිෂ්ඨි පාතාල දිෂ්ඨි අනෙක දිෂ්ඨි සර්ව දිෂ්ඨි වීසි වීසි මාඩු මාඩු ඒස්‌වාහඃ 7 වරක්‌ මතුරාගත යුතුයි.

අංජනමකට හනුමන්තා අංජන දේවි හෝ වෙනත් දෙවිවරු ගෙන්වා ගැනීමට “ඕං සඬකාලී මහාකාලී දේවී ආඝොර් අංජන දේවි ෂඩාම් ඕඩේශ්වා හාං…. 21 වරක්‌ මතුරාගනු ලැබේ.

එමෙන්ම ” ඕං බ්‍රහ්ම විෂ්ණු අංජනදේවී වා හනුමන්තා දේවි වා ලෝක මහා දේවි වා වා” 21 වරක්‌ද, මේ මන්ත්‍රයෙන් 108 වරක්‌ද ජපකරනු ලැබේ.

“ඕං නමෝ හනුමත්තා වාස්‌පේවා කිඩ හනුමා වාස්‌ පෙවා හැක හනුමා වාස්‌පෙවා ඉන්ද්‍රකාර හනුමා වාස්‌පෙවා චන්ද්‍ර හනුමා වාස්‌පෙවා අඩ හනුමා වාස්‌පෙවා කඩ හනුමා වාස්‌පෙවා කෛරාඩ් ඕඩිවා හනුමා වාස්‌පෙවා සිව සිට යායේ දිෂ්ඨි දිෂ්ඨි වර වර සිවේ සිවා වා” මේ ආකාරයට විවිධ මන්ත්‍ර හනුමා, අංජනම් දේවි හෝ වෙනත් දෙවිවරුන් ගෙන්වා ගැනීමට බොහෝ ඇති බව පුරාණ තල්පත්වලත් ඉපැරැණි අංජනම් ශතකයේත් හොඳින් පෙන්වා ඇත.

අංජනමක්‌ ඇඹරීමට ගන්නා බලගතු ඖෂධ වර්ගවලින් එකක්‌ මෙසේය. ආඩතෝඩා, පංඥාංගය ගෝරෝචන, වෙඩිලුණු, තඹල පුංචි, අශ්වනිය, වෙල්ල පාසානම්, අෂේන කැට, තුත්තනාගම්, කස්‌තුරි, රසදිය, නවසාරං, රිදී රත්‍රං, සමුවීර, සිනක්‌කාරම්, රසකර්පුර සමසමව ගෙන දින හතක්‌ අඹරා ගත යුතුයි. මේ නිසා රාම රාවණා කථාවේ වීර හනුමා අදත් අංජනම හා බැඳී ඔහුගේ බලය පෙන්වයි.

We found this article from Divaina on 2012/09/07.
Also Sinhala to English Google word to word translation can be found here