[ratings]
ඔබගේ දරුවාට අකුරු කියවීමට සරස්වතී යෝගය උත්තම වන අතර මෙම හෝරාවෙන්, වද, අරළු, වංමුතු, කිඳිගැට, වගපුල් හාතාවාරිය අල, සිධිගුරු සම භාගව ගෙන මින් කළඳක් දුදු තෙලෙන් කකාරවා රෑ බත්කා ඉක්බිති කළඳ බැගින් දින 21 ක් වළඳින්න. පන්සියයක් ධාරණය වී නුවණ පහළ වෙයි.
සරස්වතීට පූජාවන්, සුවඳ ධූපයන් හා මල් පලතුරු වර්ග නිසි ලෙස පුදා මේ ස්තෝත්ත්රය හත්වර විසිඑක්වර ගයන්න.
සරස්වතී මහා දේවී විණා පුස්තක ධාරණී
හංස වාහන සමායුකෙත විද්යාඥානං කුරු මම
සරස්වතී නමෝ තුයියං වර දේව කාම රූපණී
විද්යාරමභං පරිස්සාමි සරස්වතී නම සතුතෛ
ඖෂධීය කල්කය මතුරන මංත්රය
ඕං නමෝ ආත්ම කාලි පිරිවා කාලි මෙනෙම්මලි නිද්දොස භගවතී සිඬි සිඬි ඒසවාහඃ මෙයින් 1008 වරක් නෙළුම් රේණු, දුණුවිල, ගිතෙල්, මීපැණි, උක් හකුරින් අඹරා උදේ හතක් පාඩම් කිරීමට පෙර දිව අග ගාන්න. ධාරණය වේ.
තවද දරුවන්ගේ ග්‍රහ අපල ඇත්නම් එයට අදාළ ග්‍රහ පූජා පිදීම, රිදී මුදුවක පච්ච ගලක් අල්ලා මුදුවක් පැළඳීම, සිවුරු පූජා කිරීම, පොත්පත් පුස්තකාලයකට නම ලියා පිදීම, උක් හකුරු, නිල් වස්ත්‍ර දුගී මගී යාචක දාන, බුදුන්ට සුවඳ ධූප පුදා පිංදීම ආදිය නියම කොට ඇත. බුධග්‍රහයා විශේෂයෙන් විෂ්ණු නියෝජනය වන නිසා විෂ්ණු දේව රාජයාණන්ට භාරහාර වීමද කෙරේ. එවන් දේව පූජාවන් මෙසේ දක්වා ඇති, දෙවිවරුන් හට පිදිය යුතුය.
බුධ සහ රවිගෙන් නම් සූර්ය නාරායන දෙවියන්ටද
බුධ සහ චන්ද්‍රා යාගෙන් නම් සරස්වතී දෙවියන්ටද
බුධ සහ කුජ ගෙන් නම් නාරසිංහ දෙවියන්ටද
බුධ සහ ගුරු ගෙන් නම් භද්‍ර නාරායන දෙවියන්ටද
බුධ සහ සිකුරුගෙන් නම් ලක්ෂ්මී නාරායන දෙවියන්ටද
බුධ සහ ශනිගෙන් නම් අංජන දේවියටද
පූජාවන් පැවැත්විය යුතු බව වේද ග්‍රන්ථවල සඳහන් කොට ඇත.
එබැවින් ඉහත කරුණු සැබෑවී ඔබේ දරුවාට ශ්‍රී සරස්වතී දේවියගේ වරම් ලැබී තීක්ෂණ බුද්ධිය හා ධාරණ ශක්තිය පහළවී හෙට දින මතුවන ගුප්ත මහ වාසලින් ඇතුලේ අනාගත ලෝකය කියන සුන්දර විමන හමුවීමට මෙම අගනා සරස්වතී යෝගයෙන් අකුරු කියවා තෙල්, බෙහෙත්, කල්ක ආදිය සාදා සරස්වතී වරම් ලබා ගන්න.
We found this article from Divaina on 2012/02/10.
Also Sinhala to English Google word to word translation can be found here