අකුරු කියවීමට යෝග්‍ය ශ්‍රී සරස්‌වතී යෝගයක්‌

2070
අකුරු
අකුරු

[ratings]

භාරතීය, දේශීය සංස්‌කෘතිය අනුව දෙව්, මිනිස්‌, සියලු ප්‍රාණීන් අතර අග්‍රසර වූ උසස්‌ම ගෞරව උපහාරයෙන් පිදුම් ලබන ශ්‍රී සරස්‌වතී දේවිය කුඩා දරුවන්ගේ ඉගෙනීමේ ආශාව ඇතිකරන වරමක්‌ දායාදය කරන උතුම් දේවියක සේ සැලකේ.

“මුනින්ද වදනම් භෝජ – ගබ්භ සම්භව

සරණං පාණි නංවාණි – මයිහං පීනයතං මනං”

මෙයින් අදහස්‌ වන්නේ ඡන්දෝලංකාර ශාස්‌ත්‍රයන්හි පාලි භාෂාමය පද්‍ය රචනයෙහිද අනුපම ප්‍රතිභා ශක්‌තියක්‌ විදහා දක්‌වන එක ශ්‍රැතියෙන් නෛක ග්‍රන්ථ ශත සහශ්‍රයක්‌ ධාරණයෙහි ව-ර ප්‍රඥ ඇති ශ්‍රී සංඝ රක්‍ෂිත මාහිමියෝ වනාහි “බුදු රදුන්ගේ මුව පියුමෙන් පහළ වූ සියලු සතුනට පිහිටවන සොඳුරු සරසවිය මගේ සිත පිනවායි” පතන්නේ එලෙස බවයි.

සරසවියගේ එක්‌ අතක පළිඟු මැණිකෙන් සැකසූ ජප මාලයකි. ඇගේ නියරැස්‌ වැදී එම පළිඟු මාලයෙහි ඇට මද රත් පැහැයෙන් බබළයි. එවිට ඇගේ අනෙක්‌ අතෙහි සිටින ගිරවා ඒවා දෙළුම් ඇටයෑයි රැවටී හොටයෙන් අදියි. එවිට ගිරවා රැවටෙන හැටි දකින සරසවියට සිනා පහළවෙයි. එයින් ගිරවා තමා රැවටුණු බව වැටහී ඇදීම නවත්වයි.

මෙම සිද්ධියේදී පහළ වන සරසවියගේ මද හිනාව තමන්ගේ යස ඉසුරු වැඩීම සඳහා උපයෝගී වේවායි සිතූ සකු කවියකු මෙසේ පවසයි.

කවකර කමලස්‌ථාං ස්‌පාටිකී මක්‍ෂමාලා

නඛ කිරණ විහින්නාං දාඩමී බීජ බුද්ධ්‍යා

ප්‍රතිකල මනු කර්ෂන් යෙනකීරො නිෂිද්ධඃ

ස භවතු මම භූෙෙත්‍ය වාණිතෙ මන්දහාසඃ

තවද යම් අයකු සරසවියෙන් මද බැල්මක්‌ හෝ ලබයි නම් ඔහු මුළු ලොවම යටත් කර ගැනීමේ හපනකු වේ යෑයි ගිරා සඳෙස්‌ කරු මෙසේ පවසයි.

ලද යම් කෙනෙක්‌ සරසවි බැලු මසක්‌ නිසි

කොතරම් උවත් මුළු ලොව කෙරෙහි අතැ වැසි

එසේනම් මෙවන් අති උත්තම සරස්‌වතී දේවියගේ පිහිට හා වරම ඔබේ දරුවාට දායාදය වී ශ්‍රී රාහුල මාහිමිපාණන්ට මෙන් ෂඩ්භාෂා පරමේශ්වරත්වය, කවීත්වය,

We found this article from Divaina on 2012/02/10.
Also Sinhala to English Google word to word translation can be found here