දරුවෙක් ඉපදී වසර පහක් ගිය පසු අකුරු කියවීම හෙවත් අත්පොත් තැබීමේ සිරිත පුරාණ ක්‍රමයයි. එහෙත් පරමායුෂ හීනවී යන අද කාලයේ ළමුන්ගේ ඤාණය ඉස්‌සරට වඩා වේගයෙන් දියුණුවන බව පෙනෙන බැවින් දරුවන්ට වයස අවුරුදු තුන පිරුණු පසු අකුරු කියවීම වත්මන් සිරිතයි.
ළමුන්ට අකුරු කියවීම සඳහා ඉතාමත් සුදුසුම නැකැත් කීපයක් ජ්‍යොතිෂ සිද්ධාන්තයන්හි දැක්‌වේ. ඒ අනුව අස්‌විද, රෙහෙණ, මුවසිරස, පුෂ පුනාවස, හත, සිත, සා, අනුර, සුවණ, සියාවස සහ රේවති යන නැකැත් ප්‍රධාන වේ. තවද මෙම නැකැත් යෙදුණු සඳුදා, බදාදා, ගුරුදා සහ කිවිදා දින සුබ වේ. ගුරුදා හෙවත් බ්‍රහස්‌පතින්දා විශේෂයෙන් සුබය. Æණයට අධිපති බුධගේ දිනය ලෙස සලකන බදාදා මේ සඳහා සුදුසුම දිනය ලෙසද දැක්‌වේ.
අත්පොත් තබන නැකත් වේලාවට සාදා ගන්නා තත්කාල කේන්දරයේ ලග්නයේ බ්‍රහස්‌පති එකොළොස්‌වන රාශියේත්, රවි සහ සඳු ග්‍රහයෝ මිථුන රාශියේත්, බුධ ග්‍රහයා කන්‍යා රාශියේත් සිටීනම් අකුරු කියවීමට ඉතාම හොඳ බවද ජ්‍යොතිෂයට අනුව දැක්‌වේ. තවද සරස්‌වතී යෝගය පවත්නා නැකත් වේලාවක් මේ සඳහා යොදා ගැනීම වඩාත් ඵලදායක වේ. එමෙන්ම බුධ හිමි අස්‌ලිස, දෙට, රේවතී නැකතක් පවතින බදාදා දිනයක බුධ හෝරාව සරස්‌වතී යෝගය පවත්නා කාලයයි.
තවද යම් දරුවෙකුගේ කේන්දරයක ගුරු බුධ හා සිකුරු ග්‍රහයන් ලග්නයේ, දෙවැන්නේ, සිව්වැන්නේ, පස්‌වැන්නේ, හත්වැන්නේ, නවවැන්නේ හෝ දසවැන්නේ බ්‍රහස්‌පති උච්චව හෝ ස්‌වක්‍ෂේත්‍රව එකට සංයෝගව සිටීමෙන්ද සරස්‌වතී යෝගය යෙදේ.
ලග්නයේ පාපග්‍රහයින් හෝ දෙපස පාප ග්‍රහයන් සිටියදී හෝ චන්ද්‍රයා සමග පාපී ග්‍රහයන් සිටීම අකුරු කියවීම සඳහා සුදුසු නැත. තවද ලග්නයේ සඳුත් සමග පාපී ග්‍රහයන්ගෙන් පීඩා නොවී සිටීමද අකුරු කියවීම සඳහා හොඳ යෑයි ජ්‍යොතිෂයට අනුව පෙන්වා දිය හැකිය.
We found this article from Divaina on 2012/10/05.
Also Sinhala to English Google word to word translation can be found here