අපල යනුවෙන් අදහස් කරන්නේ ජීවිතයේ නරක කාලයකි. එක එක්‌කෙනාට මෙම අපල එක එක ප්‍රමාණයන්ගෙන් ලැබේ. නිදර්ශනයක් වශයෙන් සැලකුවහොත් සෙනසුරු ඒරාෂ්ටක ඇති කෙනකුට සාමාන්‍ය තරමේ අනතුරක් සිදු කොට එවැනි ඒරාෂ්ටක අවස්‌ථාවකදී තවත් කෙනකුට විශාල අනතුරක් සිදු කෙරේ.
අපල යනුවෙන් එක් එක් කාල පරිච්ඡේදවලදී අයහපත් දේවල් අපගේ ජීවිත කරා ළඟා වනුයේ අප බව ගමනේදී කරන ලද අකුසල කර්මයන්ය.
මෙම අකුසල කර්මවලින් මිදෙන්නට නොහැකිය. මිදීමේ ක්‍රමය බුදුන් වහන්සේගේ දේශනාව පරිදි අකුසල් නොකර සිටීමය. කුසල් කිරීමෙන් කර්ම බලය අඩු කර ගත හැකිය. යන්ත්‍ර මන්ත්‍රවලින් සෙත් ශාන්තිවලින් යාග හෝමවලින් කර්මය හෙවත් අපල තුරන් කළ නොහැකිය. නමුත් එක්‌තරා, ප්‍රමාණයකින් සහනදායී තත්ත්වයක් ඇති වන්නේ තුන් දොරින් සිදුවන්නා වූ අයහපත් අනිටු දේවලින් වැළකීම හේතුවෙනි.
දෙවියන්ගෙන් එවැනි අවස්‌ථාවන්හිදී පිහිට පැතීමට අපි හුදෙක් හුරු පුරුදු වී සිටිමු. කාලය හොඳ නම් බඹරේ වැල්ලෙත් කැරකෙනවා වාගේ කාලය නරක් වූ විට බඹරේ කරකවලාවත් කර කවන්න බැරිය.
ජීවිතයේ කළහැකි සියලුම අකටයුතු කම් කොට කරදරයක් විපතක් පැමිණි විට දෙවියන් බුදුන් සිහිවීමත් පිහිට පැතීමත් අප වැඩි දෙනකුගේ සිරිතය.
මුගලන් මහරහතන් වහන්සේට පල්හොරු තලා පෙළා දැමුවේ මාපියන් ඝාතනය කළ කර්මයටය. වෙන අයට එල්ල කරන ප්‍රහාර අංගුලිමාල රහතන් වහන්සේ වැදුණේ මිනිසුන් ඝාතනය කළ නිසාය. දෙව්දත් තෙරණුන් වහන්සේ නිරයට ගිලා බැස්‌සේ බුදු පියාණන්ගේ ඇඟේ ලේ සෙලවූ නිසාය.
මේවා ගැන අවධාරණය කරන විට කළ කර්මයෙන් මිදෙන්නට හෝ මුදවා ගන්නට තවත් කෙනකුට එයින් මුදා ගැනීමට නොහැකි බව වැටහේ. ධර්මයෙහි හැසිරෙන්නා, ධර්මයෙන් ආරක්‍ෂා කෙරෙන නිසා කුසල් කිරීමෙන් කර්ම හෙවත් අපල අඩු කරගත හැකි බව මෙනෙහි කළ යුතුයි.
We found this article from Divaina on 2013/04/26.
Also Sinhala to English Google word to word translation can be found here