[ratings]
මැණික් ගැන අප කවුරුත් ආසා ඇත. පොළවෙහි යට ඇති මෙම මැණික් වලට අධිපති වශයෙන් හැඳින් වෙනුයේ පොළව මහී කාන්තා දෙවියන් සහ බහිරව දෙවියන් බව පුරාණයේ සිට එන මතයකි. මැණික් කැටයක් පැළඳීමත් එක්‌තරා වාසනාවක් බව අප කවුරුත් දන්නා දෙයකි. නමුත් අද වැඩි වශයෙන් මැණික් වෙනුවට පළඳින්නේ වීදුරුය. එයට හේතුව මැණික් ගැන නොදන්නා නිසාය.
ජ්‍යෙdතිෂ්‍යශාස්‌ත්‍රය ලොවට බිහිකළ පැරැණි සෘෂිවරු මනුෂ්‍යයාට පැවැතෙන නවග්‍රහයන්ගේ අපල සඳහා නොයෙක් විදියේ ශාන්ති කර්ම කරයි. තමාට බලපැවැත්වෙන ග්‍රහ අපලය සඳහා මැණික් බැඳි ආභරණයක් පැළඳීමෙන් අපල දුරුවී වාසනාවන්ත කාලයක් උදා වන බව පැරැණි ජ්‍යෙdතිෂ්‍ය ශාස්‌ත්‍රඥයන්ගේ මතයයි. මෙයට අමතරව එක් එක් ග්‍රහයාට හිමි වෘක්‍ෂයක්‌ද ඇත. එම වෘක්‍ෂයන්ට සාත්තු කිරීමේදී ශාන්තිය උදාකරගත හැක.
රෝග වළක්‌වාලීමේ හා රෝග සුව කිරීමේ ශක්‌තිය මැණික් වලට තිබෙන බව ඈත අතීතයේ සිට බොහෝ රටවල පිළිගෙන ඇති මතයයි. ග්‍රහයන්ගේ දශා කාලවලදී වැළඳිය හැකි රෝග කරදර දුරුකර දියුණුව උදාකර ගැනීම උදෙසා ලංකාවේ මෙන්ම පිටරටවල මිනිසුන් මැණික් කැට ඔබ්බවා ස්‌වර්ණාභරණ පළඳී.
ග්‍රහ අපල සඳහා පළඳින මැණික ඉතාම පිරිසිදුව පළුදු නොමැතිව තිබිය යුතුය. සමහර අයගේ මතය වී ඇත්තේ ග්‍රහ අපල සඳහා පළඳින මැණික ක්‍රාත් දෙකක් පමණ බර අවශ්‍ය බවය. නමුත් කුඩා ළදරුවකුට යම් ග්‍රහ අපලයක් ඇත්නම් ඒ දරුවාට ක්‍රාත් දෙකක් බර ඇති මැණිකක් පැළඳීමට නොහැක. එයට කරනුයේ එම ග්‍රහයාට අවශ්‍ය කුඩා මැණික් ගෙන පංචායුධයකට සවි කිරීමය. නමුත් අද බොහෝ දෙනා මැණික් කියා පළඳින්නේ වීදුරු කැටය. නවරත්නයට මැණික් වර්ග 9 ක් පමණ ඇත. මෙයට මුතුද එක්‌වේ. එක් එක් ග්‍රහයා හට පහත සඳහන් ආකාරයට මැණික් පළඳී.
රවි – හිරු පැළඳිය යුතු පාෂාණ – පද්මරාග, හිමි වෘක්‍ෂය – ඉඹුල්, මෙහි පැහැය නෙලුම් මල් රේණු වල පාටට සමකළ හැක. තවත් සමහර අය කොරල් පළඳී.
කුජ අඟහරු – පැළඳිය යුතු පාෂාණ – කොරල්, රතු මැණික්. හිමි වෘක්‍ෂය – කොලොන්.
චන්ද්‍ර සඳු – පැළඳිය යුතු පාෂාණ – මුතු. හිමි වෘක්‍ෂය දිඹුල්. චන්ද්‍ර නමින් හැඳින්වෙන ග්‍රහයා හට චන්ද්‍රකාන්ත යන මැණික් පළඳී. නමුත් මෙයට පළඳින්නේ මුතුය. මේවා ගැඹුරු මුහුදේ මුතු බෙල්ලන්ගෙන් ලබා ගන්නා මුතුය.
සිකුරු – පැළඳිය යුතු පාෂාණ – සුදු නිල්. හිමි වෘක්‍ෂය – කරඳ. බුධ – පැළඳිය පාෂාණ- මකරත පච්ච හිමි වෘක්‍ෂය – කොහොඹ. මෙයට ඉංග්‍රීසියෙන් කියනුයේ (EඵARAකෘ) කියාය. මෙම මරකත පච්චය ඉතා කොළපාටය. මැණික් කැටයක් විය යුතුය.
බ්‍රහස්‌පතී – පැළඳිය යුතු පාෂාණ – පුෂ්පරාග – හිමි වෘක්‌ක්‍ෂය – බෝ. මෙම මැණික කහපාටය. ඉංග්‍රීසියෙන් කියනුයේ (හැකකදඅ saචචයසරු) යනුවෙනි.
සෙනසුරු – පැළඳිය යුතු පාෂාණ – කාක නිල් ඉන්ද්‍රණීල. හිමි වෘක්‍ෂය – නුග. මෙය සෙනසුරුගේ අපලයට පළිඳින මැණික වේ. මෙය බැලූ බැල්මට නිල්පාටට පෙනේ. මෙය කරුවල ස්‌ථානයකදී සුදු රෙදි කැබැල්ලක් මත ටෝච් එළියකින් බැලූ විට රත් පැහැයට පෙනේ. නමුත් ඉන්ද්‍රනීල මැණික වෙනුවට සෙනසුරු අපලයට කාකනිල් මැණික් පළඳී. මෙය බැලූ බැල්මට කපුටාගේ පාට (කළුපාටට) පෙනේ. සැර විදුලි එළියට මෙයින් යාන්තමට නිල්පාට පෙන්නුම් කරයි. (DARණ ඊඛඹෑ SAඡඡ්‍යෂRE)
රාහු – පැළඳිය යුතු පාෂාණ – ගෝමේද. හිමි වෘක්‍ෂය – වැටකෙයියා. තද තැඹිලි රන්වන් පාටින් මෙය යුතු අතර මේ ගෝමේද මැණික ඉතාම පිරිසිදු. මෙයට ඉංග්‍රීසියෙන් (ASAභෂDA ඨARභෑඔ) ඇසනයිට් ගානට් යෑයි කියනු ලැබේ.
කේතුට – පැළඳිය යුතු පාෂාණ – වෛරොඩි. හිමි වෘක්‌ෂය – කෙසෙල්. මෙයට ඉංග්‍රීසියෙන් (CAඔS Eශෑ) කැට්‌ස් අයි යයි කියනු ලැබේ. වෛරෝඩි මැණික් ගලක් කපා ඔපදැමූ විට තනි ඉරක් මෙන් එළියක් මැණික් ගල යට පාසා නමින් මතුවේ. මෙය ලා කහපාටයි. ලා කොළපාට, මූං ඇට පාට, පැණිපාට වලින් ඇත. පැණිපාට වෛරෝඩිය (Hධභෑශ CAඔS Eශෑ) හනිකැට්‌ස් අයි යනුවෙන් හඳුන්වයි.
ගණිත ක්‍රමය අනුව උපන් මාස වල මැණික් පැළඳීම
උපන් අවුරුද්ද, මාසය, දිනය මෙය ඉලක්‌කම් වලින් එකතු කළ යුතුය. ඉන්පසු එකතු කළ ගණන එකතු කළ විට එකේ සිට නවය දක්‌වා අතරතුර ගණනක් වේ. එවිට එම ඉලක්‌කම් අනුව රතු, මුතු, ඇඹකිස්, ගෝමේද, නිල් මරකත පච්ච, වෛරෝඩි, නිල් මැණික් පද්මරාජ, වැනි මැණික් වර්ග පළඳී.
පසින්ගල්
මෙම මැණික් ඉතාම දුර්ලභ ගණයේ මැණික්‌ය. මෙය වැඩි වශයෙන් කෙසෙල් දල්ලේ පාට කොළපාට පෙනේ. මෙම මැණික් සුදු රෙද්දක් මත තබා කරුවල ස්‌ථානයකදී ටෝච් එළියකින් බැලූ විට රතු පාටට පෙනේ. මෙයට ඉංග්‍රීසි භාෂාවෙන් කියනුයේ (Aෂ්ඞAභෘRෂඔE) ඇලෙක්‌සන්ඩ්‍රයිට් යනුවෙනි. පසින්ගල් වෛරෝඩිද ඇත. මෙය ඉංග්‍රීසියෙන් (Aෂ්ඞAභෘRෂඔE CAඔS Eශෑ) ඇලෙක් කැට් අයිස්‌සැන්ඩ්‍රයි කියයි. පුරාණ මතයක් වී ඇත්තේ පසින්ගල් නමැති මැණික් ඉතාම වාසනාවන්ත මැණිකක් බවයි.
විශේෂයෙන් පසින්ගල් මැණික් පළඳින්නේ දියුණුව උදෙසා බව පුරාණයේ සිට එන මතයයි. දැන් ඔබ මැණික් ගැන සාමාන්‍යයෙන් දැනුමක් ලබා ඇතැයි සිතන අතර අද සමහර කූටයෝ මුදල් හම්බකරන ෙච්තනාවෙන් මැණික් කියා වීදුරු කැබලි කපා ඔප දමා විකුණති. තවද පිටරටවල් වලින් වීදුරු බාර් එති. එය කපා ඔපදමා මැණික් කියා විකුණති. ග්‍රහ අපල සඳහා මැණික් ගන්නා විට විශ්වාසවන්ත ස්‌ථානයකින් මැණික් හඳුනන අයකුගෙන් මැණික් ලබාගැනීම සුදුසුයි. නවරත්න මුද්දක් පැළඳිය යුත්තේ රාහු කාලයට පෙරයි. මුද්දට මැණික් එබ්බවිය යුත්තේද රාහු කාලයට පෙරයි. නියම මැණික් පැළඳීමෙන් ග්‍රහ අපල දුරු වී සැපත ශාන්තිය දියුණුව උදා කරයි. ග්‍රහ අපල ඇති බෞද්ධ අය බෝධි පූජා පැවැත්වීම සුභයි. ග්‍රහ අපලවලට පළඳින මුද්ද බෝධීන් වහන්සේගේ යට සිට නැගෙනහිර බලා පැළඳීම සුභයි. රාහු කාලයට පෙර දෙමළ ජාතිකයන් කෝවිලේ නවග්‍රහ පූජාව පවත්වා අපල වලට ගල් බැඳි මුදු පළඳී. ක්‍රිස්‌තියානි ආගමිකයන් දේව මෙහෙයෙන් පසු පල්ලියේ පූජක තුමාට මැණික් ගල් බැඳි මුද්ද දී ආශිර්වාද කර පැළඳ ගැනීම සුභයි. තනි මැණික් ගල් පැළඳීමේදී තමාගේ කේන්ද්‍රය පළපුරුදු ශාස්‌ත්‍රඥ මහතෙකු ලවා පරීක්‍ෂා කරගෙන ඒ අනුව මැණික් පැළඳිය යුතු බව පුරාණයේ සිට එන මතයකි. මෙය සත්‍යකි. නමුත් අද වැඩි වශයෙන් දුකට කරදරයකට පත් වූවාට පසු මිනිසුන් පන්සල් කෝවිල් පල්ලි වලට පිහිට පතා යයි. යම්කිසි අයෙක් බෝධි පූජා ග්‍රහ පූජා පවත්වා හරියාකාරව තමාගේ ආගම හිතට එකඟව ඇදහීමෙන් සියලු දොස් දුරු වෙයි. ගව මස් කෑමෙන් වළකින අයට සැපත ශාන්තිය දියුණුව උදා කරයි.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here