අලස බවින් පිරි ග්‍රහලොව මන්දගාමියා

2058
අලස
අලස

ජ්‍යෙdතිෂ්‍ය ශාස්‌ත්‍රයේ දී අද්භූත ග්‍රහයෙක්‌ ලෙස හැඳින්වෙන කේතු ග්‍රහයා ග්‍රහලොව අලසයා ලෙසද හැඳින්වේ. රාහු ග්‍රහයාගෙන් ලැබෙන ගුණවලට සම්පූර්ණ විරුද්ධ ගුණ කේතුගෙන් ලැබෙන අතර සියලුම රහසිගත කටයුතුවලට කේතු ප්‍රධාන වේ.

මිනිස්‌ හිසකින් හා නාග කඳක ස්‌වරූපයකින් හෙබි මෙකී ග්‍රහයා උස, කාලවර්ණ මුහුණුවර සහිත දුම්බොන අයෙකු ලෙස හැඳින්වේ. ග්‍රහයකු වශයෙන් සැලකුවත් අහසේ භ්‍රමණය නොවන ග්‍රහයකු වන කේතු ගින්නට හා පතල් වැඩ කටයුතුවලට අධිපති වේ.

ශි‚, මෘත්‍ය, ධූම, රෞද්‍ර, නාග යන නම්වලින්ද ඥන කාරක ග්‍රහයා ලෙසද හැඳින්වෙන කේතුගේ දශාවේ අගභාගයේ දී ඔහුගේ බලපෑම නියමාකාරයෙන් දැකගත හැකිවීම ජ්‍යෙdතිෂ්‍ය නියමයකි.

පෘථිවිය කෙරෙහි බල පවත්වන බලවේග දෙකක්‌ වන රාහු-කේතු නම් ඡායා ග්‍රහයන් දෙදෙනාගෙන් රාහු ග්‍රහයා විසින් නිවේදනය කරන්නා වූ සියලු ගති ලක්‌ෂණවලට විරුද්ධ වූ ගති ලක්‌ෂණ කේතු ග්‍රහයා විසින් නිවේදනය කරනු ලබයි. පෘථිවිය වෙත එළඹෙන සියලු ශක්‌තීන් රාහු-කේතු විසින් පාලනය කරන අතර එහිදී ද රාහු උතුරෙන් මතුවන විට කේතු දකුණින් මතු වේ. රාහුගේ හැඩය නිර්මාණය වී ඇත්තේ හිස නයෙකුගේ සහ කඳ මනුෂ්‍යයෙකුගේ ලෙසින් වන අතර කේතුගේ හැඩය හිස මිනිසකුගේ සහ කඳ නයෙකුගේ ලෙසිනි. රාහුගේ ප්‍රධානම කාර්යය ඇවිද්දවීම වන අතර කේතු ඊට ප්‍රතිවිරුද්ධ ලෙස ජන්මියා එක්‌තැන් කොට හකුළුවා තබයි. රාහු ප්‍රසිද්ධියට කැමැත්තක්‌ දක්‌වන අතර කේතු එලෙස ඉදිරියට නොඑයි.

කේතු ශුභව පිහිටියහොත් ඉගෙනීමට ඇති හැකියාව වර්ධනය වීම ප්‍රධාන වශයෙන් දැක්‌විය හැකිය. මීට අමතරව ඥනයට ද උසස්‌ ගුණධර්මයන්ටද ආධ්‍යාත්මික දියුණුවටද, ලෝකෝත්තර සැපයට, ගුප්ත දේට, පොතපතට ශාස්‌ත්‍රීය කටයුතුවලට, ගුරුහරුකම් හා පුණ්‍ය කටයුතු ආදියට මොහු බලවත් වේ. හැමවිටම ජන්මියා හකුලා සඟවා තබා ගනිමින් පොතපතට ලැදිකොට සමාජයෙන් ඈත්කොට තබමින් ලෞකික සැපය දුරු කරයි.

දිළිඳු බව, සැකය, මෝක්‌ෂය, රහස්‌ කුමන්ත්‍රණ, කලාවට ඇති රුචිකත්වය, යාචකයා, මසුරුබව, අන්ධ විශ්වාසය, බොරුකීම, සන්නද්ධ වීම, ජ්‍යෙdතිෂය විද්‍යාව, දෙවියන් ඇදහීම, යන්ත්‍ර මන්ත්‍ර ශාස්‌ත්‍රය, චපල බව, ගොතගැසීම, වසංගත රෝග ආදිය කේතු ග්‍රහයා විසින් ජන්මීන් වෙත උදාකර දෙනු ලබන ගති සිරිත් ලක්‌ෂණයන්ය.

කේතුගේ බලවත්වීම මත පණ්‌ඩිතයෙක්‌, පූජකවරයෙක්‌, දාර්ශනිකයෙක්‌ වීමේ හැකියාවද ආධ්‍යාත්මික දියුණුව උසස්‌ අධ්‍යාපනය පොතපත ලිවීමේ කියවීමේ දැඩි රුචිකත්වය දක්‌ෂතාව උනන්දුව හා අතිදක්‌ෂ චින්තකයකු වීම ආදී සියලු ඥනාන්විත බුද්ධිමත් දේ කේතු ග්‍රහයාගෙන් ලැබෙන සුබපල ලෙස දැක්‌විය හැකි අතර යම් හෙයකින් කේතු ග්‍රහයා දුර්වල වූ අවස්‌ථාවල අදාළ ජන්මියා ඉතාමත් අපිරිසිදු අප්‍රසන්න ගති සිරිත් ඇවතුම් පැවතුම්වලින් හෙබි ඇත්තෙක්‌ වේ. ස්‌ත්‍රීන් හා අනවශ්‍ය රහස්‌ සබඳතා ගොඩනඟා ගනියි. එතුළින් අපකීර්තියට පත්ව නින්දා අපහාස ලබයි. අන්‍යයන්

රැවටීමේ, මුළාවේ දැමීමේ යටි උගුල් කාරයකු වේ. චපල ගතිවලින් පරිපූර්ණ වූ කුෂ්ට රෝගියකු බවට පත් කෙරේ. ලෝකයාගෙන් නින්දා අපවාද අවමාන අපහාස විඳින්නට සිදු වේ. කිසිදු ආකාරයක දියුණුවක්‌ නොලබයි. දිනෙන් දින මොහොතින් මොහොත පිරිහීම කරා රැගෙන යයි.

රාහු ග්‍රහයා නීච වු විට සෑදෙන රෝගාබාධයන්ම කේතු ග්‍රහයා නීච වූ අවස්‌ථාවන්හිද ජන්මීන්ට වැළඳෙන අතර කේතු ග්‍රහයා රෝගීකොට ජන්මීන් එක්‌තැන් කර තැබීමට සමත්කම් දක්‌වන්නෙකි. කේතුගේ නීච බව ගණන් ගනු ලබන්නේ වෘෂභ, මිථුන යන රාශින්හිදී වන අතර වෘශ්චික සහ ධනුවේදී උච්චත්වයට පත්වේ.

රාහු ග්‍රහයාට සහ කේතු ග්‍රහයාට මිනිසා විශාල බියක්‌ දැක්‌වූවද මෙම ග්‍රහයන් දෙදෙනා යහපත් ලෙස උච්ච, ස්‌වක්‍ෂේත්‍ර රාශිගත වීමෙන් අශුභ පල මඟහැරේ. රාහු පිහිටි ස්‌ථානයේ සිට සම සප්තකයෙහි පිහිටා ඇති කේතු ග්‍රහයාට අස්‌විද, මා, මුල යන නැකැත් තුන හිමිය.

කේතු අපලය සඳහා ශාන්ති කර්ම

ෆ කේතු අපල සඳහා තබන පුද පූජා ගුරු දිනයේ (බ්‍රහස්‌පතින්දා) පෙ.ව. 6.00 සිට 7.00 දක්‌වාත්, රාත්‍රී 8.00 සිට 9.00 අතරතුර යෙදෙන ගුරු හෝරාවෙන් ඊසාන දිශාව බලා පැවැත්වීමෙන් වැඩි ප්‍රතිඵල ලැබිය හැකිය.

ෆ රනින් සෑදූ මුදුවකට වෛරෝඩි ගලක්‌ අල්ලා දකුණු අතේ වෙදඟිල්ලේ පළඳින්න. නැතහොත් කෙසෙල් කොළයක ආකෘතියක්‌ සාදා වෛරෝඩි ගලක්‌ යොදා ගෙල පළඳින්න.

නාගමාලය, ආඝෝරය, නවග්‍රහ ආඝෝරය යන යන්ත්‍රවලින් එකක්‌ පැළඳීමෙන් කේතු අපල දුරු කරගත හැකිය.

ෆ පුවක්‌මල්, දම්පාට මල් වර්ග බෝධියට පූජාකර තලතෙල් පහන් පත්තු කරන්න. “කේතු අපලය දුරුවේවා” යනුවෙන් ලියූ දම්පාට කොඩියක්‌ හා ආතුරයාගේ උසට දම් පැහැති මල් මාලයක්‌ බෝධියේ ඊසාන දිසාවේ එල්ලා දෙවියන්ට පිං අනුමෝදන් කර සෙත ප්‍රාර්ථන කරන්න.

ෆ කලාඳුරු, කස්‌තුරි, ඉරිවේරිය, එළමුත්‍ර, රසකිඳ, ජටාමාංශ, දෙළුම් කොළ, රත්හඳුන් යන ඖෂධ නැවුම් කළයකට දමා වතුර පුරවා පැය 12 ක්‌ තිබෙන්නට හැර සාමාන්‍ය ජලය ස්‌නානයෙන් පසුව ඖෂධ පැන් කළය පෙරාගෙන ස්‌නානය කරන්න.

ෆ තම ගෙවත්තේ ඊසාන දිශාවේ කෙසෙල් පැළයක්‌ සිටුවා ස්‌පර්ශ කරමින් එයට සාත්තු කරන්න. කදුරු, ඉඹුල්, කෑල සහ දම්පාට මල් වර්ග සිටුවීමෙන්ද අපල මඟහරවා ගත හැකිය.

සියලු පුද පූජා අවසන මෙසේ අයෑදින්න.

රඹ අරණේ විරාජමානව මානෙල් මල් පැහැයෙන් සළු පිළි පැළඳ නිල් බත් බුදින්නා වූ කේතු ග්‍රහයාණනි, වෛරෝඩි මාණික්‍යයට, රඹ උයනට, දම් පැහැයට අධිපති වන්නා වූ ඔබ හට භූත, ප්‍රේත, පිශාච, කුම්භාණ්‌ඩ ආදී බලවේග ලවා නොයෙක්‌ ආකාරයේ මෙහෙවර ලබා ගන්නට හැකි බව සත්‍යවාදීය. එවැනි කරදර බාධකවලට පත්වූවන්ට සෙත සහනය සලසන්නා වූ ඔබ වහන්සේ කේතු අපල නිසා පීඩාවට පත්ව සිටින්නා වූ මා දෙස නෙත් යොමා අට අනූවක්‌ රෝග, නව අනූවක්‌ ව්‍යාධි දුරුකොට ප්‍රේත, භූත පිසාච ආදීන්ගෙන් ඇතිවන්නා වූ දෝෂ දුරුකොට පාපතර නරයන්ගෙන් ඇති වන්නා වූ පීඩා දුරුකොට ඇස්‌වහ, කටවහ, හදි හූනියම් ආදී කී නොකී දෝෂ, කරදර ග්‍රහ අපල බාධක දුරුකොට යහපත උදාකර දෙන සේක්‌වා·

දිනපතා රාත්‍රී නින්දට පෙර ආගමික වතාවත්වලින් අනතුරුව ඉතිපිසෝ ගාථාව නව වරක්‌ද, සබ්බ පාපස්‌ස අකරණං ගාථාව නව වරක්‌ද ගායනා කර පහත දැක්‌වෙන ස්‌තෝත්‍රය හා සෙත් කවිය 3 වර බැගින් ගායනා කරන්න.

කේතු ස්‌තෝත්‍රය

අනේක රූප වර්ණේෂ්ව – ශත ශෙථ සහස්‍රශ

උත්පාත රූපෝ ජගතං – පීඩා හරතු මේ තම

සෙත් කවිය

නාථ මෛත්‍රී මහසත් සුරි¹

බුදු වී බුදු බල විහිදයි මතුදා

බුදු බලයෙන් භූ පේ දොර හැරදා

කේතුගෙ අපලය දුරලන් සැමදා

We found this article from Divaina on 2012/12/14.
Also Sinhala to English Google word to word translation can be found here