ඉගෙනීම දුර්වල කරන රාහු

0
330
ඉගෙනීම
ඉගෙනීම

[ratings]

අපල ඇතිවන්නේ යම් දශාවක්‌ අශුභ වූ විටය. අපල බුදුන් දවසට පෙර රජුගේ පටන් දිළින්දා දක්‌වා බලපා ඇත. අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේට ද රාහුගේ අපල බලපෑ බව පෙර ජ්‍යෙdතිෂයේ සඳහන් වේ. එම කාලය තුළ ඒ උත්තමයාණන් වහන්සේ නොයෙකුත් දුෂ්කර, හිරිහැර ආදියට මුහුණපා ඇති බව ජ්‍යෙdතිෂ ඉතිහාසයේ සඳහන් වේ. එසේ නම් අපට ද අපල ඇති වන බව සත්‍යයක්‌ය.

ග්‍රහ මණ්‌ඩලයට අයත් සමහර ග්‍රහ තාරකාවන් පියවි ඇසින් දැකිය හැකි වුවත් සමහරක්‌ නොපෙනේ. එසේ වුවද ඕනෑම ග්‍රහයකුගේ තොරතුරු පරීක්‍ෂා කිරීමේදී නොයෙකුත් විස්‌තර අපට දැනගත හැකිවේ. කේJද්‍ර විමර්ශනයෙන් එම ග්‍රහයන්ගේ බලවේගවල සත්‍යතාවන් අඩුවක්‌ නැතිව හොඳින් පෙනෙන්නට ඇත. යම් ග්‍රහයකු නොපෙනේද එම ග්‍රහයන් ග්‍රහ මණ්‌ඩලයෙන් ඉවතදා පලාපල කථනයක්‌ කිරීමට කිසිවකුට බැරිය. ජ්‍යෙdතිෂ්‍යයෙහි නිර්මාණය කර ඇති මූර්ති ස්‌වරූපයන් ඇස නොගැටෙන ග්‍රහයන්ට වුවද තර්කානුකූලව හරියාකාරව පෙන්වා ඇත.

රාහුගේ තොරතුරු සොයන විට මෙහි සත්‍යතාව අපට හොඳින් වැටහේ. රාහු ගැන නොයෙකුත් මතිමතාන්තර බොහෝ ඇතත්, චJද්‍ර කක්‍ෂයෙන් ද්‍රවරේඛාවන් කැපෙන ස්‌ථාන දෙකෙන් එකක්‌ රාහු වශයෙන් පෙන්වාදී ඇති කරුණ ගැන සාක්‍ෂි ඇත. පෘථිවියත් චJද්‍රයාත් අතර භ්‍රමණ බලපෑම් දෙකෙන් එකක්‌ රාහු වශයෙන් ගත හැකි වුවත් නිශ්චිතව ලකුණු පෙන්වීමට නොහැකිය. එබැවින් ඡායා ග්‍රහයකු ලෙස සැලකීම සුදුසුය.

විංශෝත්තරී මහ දශා ක්‍රමයේදී වැඩිපුර සෑහෙන වෂ_ ගණනක්‌ රාහුගේ මහදශාවට හිමිව ඇත. සිකුරුට හා සෙනසුරුට වැඩිම වෂ_ ගණනක්‌ ඇතිවන අතර ඉන්පසු අවුරුදු 18 ක වැඩිම වර්ෂ ගණනක්‌ රාහුට හිමිවන්නේය. මේ දීර්ඝ කාලය තුළ පලාපල ගැන විග්‍රහ කරන විට රාහුගේ ස්‌වභාවය හරිහැටි තෝරා බේරා ගත යුතුයි. නමුත් රාහුගේ ක්‍රියාවන් අනිකුත් ග්‍රහයන්ටත් වඩා තෝරා බේරා ගැනීම ටිකක්‌ අසීරුයි. එසේ වන්නේ රාහු අනිකුත් ග්‍රහයන්ගේ නියෝජිතයකු වශයෙන් කටයුතු කරන නිසාය. මේ අනුව මිනිසාගේ ජන්ම පත්‍රය තුළින් රාහු නියෝජනය කරන ග්‍රහයා කවරෙක්‌දැයි සොයා බලා පලාපල කථනය කළොත් රාහු බලපාන හැටි අපූරුවට තේරුම් ගැනීමට අපට හැකිය.

මේෂ, වෘෂභ රාශි වළල්ලේ ඒ ඒ ලග්නවලට සෙනසුරු, සිකුරු වශයෙන් යෝග කාරක ග්‍රහයින්ද සිටිය ද නමුත් රාහු එවැනි යෝග කාරක ග්‍රහයෙක්‌ නොවේ. එහෙත් රාහු හිතුවක්‌කාර හිතා නොබලා කටයුතු කරන ග්‍රහයකුය. රාහුගේ ස්‌වරූපය අනුව රාහුගේ හිස නයිපෙණයකින් යුක්‌තය. ඒ නිසා ඔහු යමක්‌ හිතා නොබලාම කටයුතු කරයි. රවි, සඳු ග්‍රහයින් දෙවිවරුන් ලෙස සම්බන්ධව සලකන විට රාහු අසුරයෙක්‌ මිස දෙවියෙක්‌ද නොවේ. එනිසා රාහු තනිව සිටීමෙන් අශුභ දෘෂ්ටි සංයෝගය ඇති වූ විට ඉගෙනීම, නුවණ, ධාරණ ශක්‌තිය දුව_ල වේ. එනිසා දුම්බීම, මත්පැන්, කුඩු ආදියට ඇබ්බැහිවීම, නිකරුණේ කාලය ගතකිරීම, කම්මැළිවීම, ඇවිදීම ආදී කාලකණ්‌ණි භාවයක්‌ ඇතිවේ. ඉගෙන ගන්නා වයසේදී අධ්‍යාපනයට ද බාධා ඇතිකරයි. කඩාකප්පල් කරයි.

මිනිස්‌ ජීවිතයේ නිතරම දක්‌නට ඇති දෙයක්‌ වන්නේ කෙනකු උත්පත්තියෙන් නැණ හීන වන අතර තවත් අයකු ශ්‍රේෂ්ඨ බුද්ධිමත් වන බවත් තවත් අයකු උසස්‌ වන බවද අපි දනී. බුද්ධියේ අථ_ සීමා කිරීම එතරම් පහසු දෙයක්‌ නොවේ. බුද්ධියේ අථ_ සීමා කිරීම් හතරක්‌ ඇත. 1. ස්‌ථානෝචිත ලෙස ක්‍රියාකිරීමේ පුළුවන්කම, 2. උසස්‌ ලෙස හෙවත් ව්‍යqක්‌ත ලෙස කල්පනා කළ හැකි බව, 3. ඉගෙනීමේ හැකියාව, 4. මධ්‍යම ස්‌නායු පන්තියේ ක්‍රියාකාරිත්වය. රාහු ග්‍රහයා උපතේ සිටම ළදරු බුද්ධිය හීන කරයි. නැණ හීනයකුගේ බුද්ධිය අවුරුදු 14 කදී මුහුකරණ බවත්, සාමාන්‍ය අයකුගේ බුද්ධිය අවුරුදු 16 දී මුහුකරණ බවත් එනමුදු අති සමථ_යකුගේ බුද්ධිය පූÒ වන්නේ 20 වයසේදීය. මේ අනුව උගත් බුද්ධිය, සාමාන්‍ය බුද්ධිය, පහත් බුද්ධිය තෝරා ගැනීමට හැකිය.

Æණ යෝග ඇති කේJද්‍රවල රාහුගේ මහ දශා කාලය වයස අවුරුදු 5 හයකින් පමණ අවසන් වේ නම් ඉගෙනීමට එතරම් අපහසුවක්‌ නොවේ. බොහෝ විට සඳුගේ මහ දශාව පස්‌වසරක්‌ම ඉතිරිව තිබී එය ගෙවී ගියාම ඊළඟට වසර 7 ක්‌ අඟහරු මහ දශාව ලබයි. එවිට රාහුගේ මහ දශාව ලබන්නේ වයස අවුරුදු 12 ක්‌ පූර්ණ වූ විටකය. එවිට සෑහෙන Æණකාරක ග්‍රහයින් උපතේදී රාහු සමග සංයෝගව නොසිටි අවස්‌ථාවල එම ජන්මියාගේ අධ්‍යාපනය ලැබීමේ වාසනාව මුළුමනින්ම මගහරවන බව ස්‌ථිර වශයෙන්ම අපට පෙනේ. 3, 6, 10, 11 යන උපචයස්‌ථානවල රාහුගේ පිහිටීම ඇති වූ විට මෙම අපල කරන ස්‌වභාවය තරමක්‌ දුරට ලිහිල් වේ. නමුත් මිථුන, කන්‍යා, ධනු, කුම්භ රාශිවල රාහු සිටින විට අශුභ පලදීමේ අඩුවක්‌ පෙනේ.

කෙසේ වෙතත් රාහු දුබල වූ විට සතුරු ආශ්‍රයට පෙළඹීම, පහත් අය සමග ඇසුරට යැම, රැකියා අහිමිවීම, ලැබීම් බාධාකිරීම්, තමා වාසය කරන නිවස පවා අතහැර දමා වෙනත් පළාතකට ගොස්‌ ජීවත්වීමට සැලැස්‌වීම හා සම්පූර්ණයෙන් ඉගෙනීමට බාධා පමුණුවා අයහපත සිදුකරයි. ඉගෙනීමට යහපතක්‌ ඇතිවීමට නම් ශුභ ග්‍රහ දෘෂ්ටි ශුභ ග්‍රහ සංයෝගවල පිහිටීම් අවශ්‍ය වෙයි.

එය එසේ නම් රාහුගේ අපල දුර්භූත කර ශාන්තිය ලබාගැනීමට ඉපැරැණි පුස්‌කොළ පතක දක්‌වා ඇති මේ උපදෙස්‌ අනුගමනය කිරීමෙන් නිසි පල උදාකර ගත හැකි බව පෙන්වා ඇත. අපල ඇති අය පළමුව චෛත්‍යයක්‌ ළඟට ගොස්‌ රාශි 12 ට පහන් 12 ක්‌ දල්වා බෝධියකට ගොස්‌ කොඩි 7 ක්‌ පූජා කර ග්‍රහදාන වශයෙන් රනින් කළ නාග රුවක්‌, ගෝමේද මැණික්‌ ඇල්ලූ මුදුවක්‌, කළු එළු මස්‌ නිල් කම්බිලි, ලෝහ භාජන පූජාකොට වැටකේ මිශ්‍ර අදාළ ඖෂධ ස්‌නානය කර නාගර්ජුන යන්ත්‍රය පැළඳ නාග රාක්‍ෂ බලියක්‌ හදා එයට පංචමලපහ කොටුවක්‌ තබා ගසායන දියක පාකර ඉගෙනීම ලබන්නන්ට පාඩම් හිටීම සඳහා පිරිසිදු ඇල්දිය බඳුනකට ලුණුවිල, කීකිරිදිය, වදකහ, මීපැණි මිශ්‍ර කර මේ මන්ත්‍රයෙන් 21 වරක්‌ ජපකර උදේ සවස බොන්න. පසුව පොත පත කියවන්න. සියක්‌ වරක්‌ කාව්‍යයක්‌ කීවද ඔබට එය මතකයේ රඳවා ගැනීමට බැරිද, නමුත් ඉතා හොඳින් ස්‌මරණ ශක්‌තිය ලැබී ධාරණය ඇතිව මතකයේ රැඳෙයි. විභාගයෙන් ජය ලබන්න මේ උතුම් මන්ත්‍රය ඔබට උපකාරයක්‌ වන බව සිකුරුයි. ඒ උතුම් මන්ත්‍රය මෙසේය.

ඕං නමෝ ශ්‍රී වල්ලක දේසේ ශ්‍රී වල්ලක කුමාරයාට සිව් සැටක්‌ විද්‍යා නිපුණ කරදුන් ආඥවෙන් ආනුභාවයෙන් අදත් මගේ මුඛ තුළ ඉඩහැරී හඬ ගොළු බිහිරි හැරී සරස්‌වතී අම්මේ වර වර ඒස්‌වා හා…

108 වර බැගින් මතුරා පාඩම් කිරීමෙන් පුදුම පල නෙළාගත හැක.

We found this article from Divaina on 2011/12/16.
Also Sinhala to English Google word to word translation can be found here

Please follow and like us:

Leave a Reply

avatar
2000
  Subscribe  
Notify of