මිනිස් ලෝකය සැලකෙන්නේ මඟුල් සක්‌වල වශයෙනි. මේ මඟුල් සක්‌වලදී දහවන ග්‍රහයෙකු ගැනද කියවේ. බොහෝ අවස්‌ථාවල මේ දහවන ග්‍රහයා නවග්‍රයන්ට වඩා ප්‍රබලත්වයට හෝ දුබලත්වයට පත්වෙයි. ග්‍රහයන් නව දෙනෙකු සහිත කේන්ද්‍රයක් ඇතිව උපත ලබන කාන්තාවකගේ දහවන ග්‍රහයා වන්නේ විවාහයෙන් ඇයට ලැබෙන සැමියාය. පුරුෂයෙකුගේ දහවන ග්‍රහයා වන්නේ විවාහයෙන් ඔහුට ලැබෙන බිරිඳයි.
කර්ම ශක්‌තිය
භවයෙන් භවයට සැරිසරමින් එන ස්‌ත්‍රිය හෝ පුරුෂයා සසරදී පුරුදු පුහුණු කරගත් හොඳ හෝ නරක කුසල් සහ අකුසල් බවට පරිවර්තනය වී පිටුපසින් හඹා එයි. එය සිදුවන්නේ ගැල ඇදගෙන යන ගොනු පසුපස කරත්ත රෝදය ඇදී එන්නාක් මෙනි. බුදුදහමෙහි එයට කර්ම ශක්‌තිය යයි කියනු ලැබේ.
කේන්ද්‍රය සහ කොටු දොළස
කේන්ද්‍රයේ කොටු දෙළසින් පෙන්වන්නේ සත්වයාගේ කර්ම ශක්‌තියයි. එම සත්වයා ගැහැනියක හෝ පිරිමියෙකු විය හැකිය.
විවාහය සම්පතකි
අද අප සරලව කථා කරන්නේ විවාහය ගැනය. විවාහය පිළිබඳව කියවෙන්නේ කේන්ද්‍රයේ හත්වන කොටුවෙනි. මේ හත්වන කොටුව හත්වන රාශිය, හත්වන භාවය වශයෙන් ජ්‍යෙdතිෂයේදී සැලකිල්ලට ගැනේ. ගිහිගෙයි රැඳෙන කෙනෙකුට මේ මඟුල් සක්‌වලදී ලද හැකි උතුම්ම සම්පත විවාහයයි.
සමහරුන්ට විවාහය සම්පතක් වෙයි. සමහරුන්ට විවාහය අපායක් බවට පත්වෙයි. සමහරුන්ට විවාහයක් සිදු නොවෙයි.
පෙර භවයන්හිදී අනුන්ගේ විවාහයන්ට අකුල් හෙළු අයට, අනුන්ගේ විවාහයන් බිඳ හෙළු අයට, අනුන්ගේ විවාහයක් පිළිබඳව කේලාම් ඕපාදූප දොස් කියූ අයට එක්‌කෝ විවාහය සිදු නොවෙයි. සිදු වුණද විවාහය බිඳ වැටෙයි. නැතිනම් විවාහය අපායක් බවට පත්වෙයි.
ස්‌ත්‍රිය රත්නයකි
කලාතුරකින් ලොව පහලවන සක්‌විති රජවරුන්ට පහලවන එක් රත්නයක් නම් ස්‌ත්‍රී රත්නයයි. එසේ උතුම් කොට සැලකෙන ස්‌ත්‍රී රත්නයක් ලබන්නට පුරුෂයකුගේ ලග්නයත් ලග්නාධිපතියාත් සිව් වැන්නත්, සිව් වැන්නාධිපතියාත්, හත්වැන්නත්, හත්වැන්නා ධිපතියාත්, දොළොස් වැන්නත්, දොළොස්‌වැන්නා ධිපතියාත්, සිකුරුත්, ජ්‍යෝතිෂ න්‍යායන් අනුව තරමක හෝ ශුභ තත්ත්වයක සිටිය යුතුය.
සරල ජ්‍යෙdතිෂ නීති
කි. මු. පද්ධතියේ සරල ජ්‍යෙdතිෂ නීතියක් වන්නේ විවාහය සිදුවීමට සිකුරු දෙක, හත, පහ එකොළහ භාව අධිපතියෙකුගේ නැකතක සිටිය යුතු බවය.
සිකුරු හය – දහය භාව අධිපතියෙකුගේ නැකතක යෙදුන විට එය විවාහ බාධකයක් වශයෙන් සැලකේ. සිකුරු සෙනසුරුගේ නැකතක යෙදී සිsටියදී සෙනසුරු අන්ත ලෙස පීඩා වී සිටිය හොත් විවාහය සිදු නොවන බවට භාරතයේ ශාස්‌ත්‍රඥයන් නිගමනය කරන බවක්‌ද පෙනේ. රවි හා ශනි අතර සප්තමයක් ඇති අවස්‌ථාවක උපත ලබන තැනැත්තාගේ විවාහ ජීවිතය අවුල් ජාලයක් වේ.
ඉනා බෙහෙත් දීම
යම්කිසි තරුණියකට හෝ තරුණයෙකුට තමාට අවශ්‍ය තරුණයා හෝ තරුණියගේ කැමැත්ත නොලැබෙන විට මානසික වශයෙන් ඇද වැටෙන ඔවුන් එම තරුණයාගේ හෝ තරුණියගේ කැමැත්ත ලබාගනු සඳහා ගුප්තමය ශාස්‌ත්‍ර වෙත අවධානය යොමු කරයි.
අතීතයේ සිට මේ සඳහා විශේෂයෙන් ප්‍රයෝජනයට ගනු ලබන්නේ ඉනා බෙහෙත් දීමය. ගැහැනියකට හෝ පිරිමියෙකුට තමාගේ විවාහය සිදුකර ගැනීම සඳහා කෙනෙකුට ඉනා බෙහෙතක් දීම මේ ආත්මයේදී විවාහය සම්බන්ධයෙන් කරගත හැකි ලොකුම අකුසල කර්මය වන්නේය.
එම ඉනා බෙහෙත කවනු ලැබූ තරුණියගේ හෝ තරුණයාගේ ශරීර ශක්‌තිය ක්‍රමයෙන් පිරිහී ඔහු හෝ ඇය හෝ සදාකාලිකව රෝගී බවට පත්වෙයි.
ලය විරේකය
සීනි ඉනා බෙහෙතක් වශයෙන් යොදාගත් විට ශරීරයට අගුණයක් නැතැයි බොහෝ අය සිතති. එහෙත් මතුරන ලද එම සීනි සහිත තේ කෝප්පය දියරයක් වශයෙන් පපුවේ හෝ ආමාශයේ රැඳේ. එසේ රැඳුන පසු එය ගණ ද්‍රවයක් බවට පත් වී ඒ වටා මුල් ඇදීමක් සිදුවෙයි. මේ බව සොයා ගත්විට වෛද්‍යවරුන් ලය විරේකයක් කරති.
සමහරුන් මන්ත්‍ර බලයෙන්ද මෙම විරේක කරති. එහෙත් මේවා සාර්ථක වේයයි සිතීම අපහසුය. මේ සඳහා ශ්‍රමයත් මුදලුත් වියදම් වේ. ඒ නිසා නිසි ප්‍රතිකාර කර ගන්නට සමහරුන්ට ඉඩ ප්‍රස්‌ථාව ලැබෙන්නේ ද නැත.
වශී ගුරුකම් – සෙත් කවි
මේ සඳහා තවත් නොයෙක් ක්‍රම සහ විධි මෙන්ම වශී ගුරුකම්ද ඉරි පැත්නුම්ද – සෙත් කවි කියවීම් ද තිබෙන නමුත් ඒ මගින් දෙදෙනෙකු එකතු කර විවාහය සාර්ථක කර දියහැකි බව පැවසීම පාපයකි. අප කළ පරීක්‍ෂණවලින් හෙළි වූයේ සෙත් කවියකට පවා, අකමැති තරුණියක් තරුණයකු සමග එක් කිරීම අපහසු බවය.
එසේ එක් කළත් එම විවාහය සාර්ථක නොවේ. අතර මගදී විවාහය බිඳී යයි.
We found this article from Divaina on 2012/11/30.
Also Sinhala to English Google word to word translation can be found here