[ratings]
මහා බ්‍රහ්මයා භාරතයේ හින්දු ජනතාව විසින් වැඳුම් පිදුම් ලබන උත්තම ගණයේ දෙවියෙකි. මොහුට මුහුණු හතරක් ඇත. එයින් අර්ථවත් වන්නේ හතරදිග් භාගයයි. ලොව හතර දිග්භාගයේම සිදුවන දේවල් දෙස ඔහු බලන ආකාරයයි. හින්දු ආගම අනුව මොහුගේ ප්‍රධානම කාර්ය වන්නේ ආරක්‍ෂාව හා විනාශයට මූලිකව තුන් ආකාරයකින් පෙනී සිටිති. එනම් විශ්වයේ නිර්මාතෘ වශයෙන් සියලු දෙනාට ආරක්‍ෂාව සලසන විෂ්ණු දේව අවතාරයක් ලෙස ලොවෙහි විනාශයට මුල්වන ශිව අවතාරයක් ලෙසින්ය.
බ්‍රහ්ම දෙවියන් විශ්වය නිර්මාණය කිරීම සංකේතවත් වන සතර දිශාවට යොමුවුන මුහුණු හතරක්‌ද, අතෙහි දරා ඇති වේද ග්‍රන්ථ කල්පයකට වරක් අප ජීවත් වන විශ්වය නැවත මැවීම සංකේතවත් වේ. අසුන්ගෙන සිටින නෙළුම් මල විශ්වය මැවීමට පෙර තපස් ස්‌වරූපයෙන් භාවනා යෝගීව සිටීමද, ගොහොරු මඩෙන් මතුවී උඩට පිපී මතුවීමෙන් පවිත්‍රභාවයද, නෙළුම මත පවිත්‍රව යෝගීව භාවනා කිරීමෙන් ලෝකයේ බලපෑම් ඇති නොවන බවද, සංකේතවත් වේ. එය මැවීම හා ආරක්‍ෂා කිරීම අතර ඇති ස්‌වභාවය වඩාත් කැපී පෙනෙන අයුරින් ආරක්‍ෂාවට මූලික වූ විෂ්ණු දෙවියන්ගේ බුරියෙන් මහා බ්‍රහ්මයාගේ පිටවීම සංකේතවත් කරයි.
මහා බ්‍රහ්මයා විශ්වයේ නිර්මාණයට ස්‌ත්‍රී පක්‍ෂයේ දායකත්වයට බුද්ධිය, නුවණ හා දැනුමට මූලික වන අතර ඔහුගේ බිසව වන සරස්‌වතී දේවියගේ ආකර්ෂණයද ඔහුගේ මුර්තියෙන් පෙන්වා ඇත. සරස්‌වතී දේවියගේ අතෙහි දරා සිටින වීණාව විශ්ව ලෝකයේ සම්මත පිළිවෙල හා තාලය දක්‌වයි. මේ අනුව විශ්වයේ නාදය හෙවත් අහස් ගෝලයේ සංගීතය වන “ඕම්” ශබ්දය තුළින් විශ්වය නිර්මාණය වී ඇත. සරස්‌වතී දේවියගේ එක් අතක ඇති ඇට මාලය භාවනාව සහ යාච්ඤාව වැදගත් බව පෙන්වයි. අනික් අතින් දරා ඇති තල් පත් ලේඛනය දැනුම හා බුද්ධිය නොමැති මිනිස් සත්වයා නිකමෙක්, කාලකණ්‌ණියෙක් ලෙස පෙන්වා දෙයි. ඇඳ සිටින සුදු සාරිය වටිනා දැනුම අසත්‍යයෙන් තොරව පවිත්‍රභාවයෙන් යුක්‌ත විය යුතු බව පෙන්වයි. ඇය මොණරකු මත අසුන් ගැනීම අහංකාර බව යටපත් කිරීමත්, නෙළුමක් මත අසුන් ගැනීම පවිත්‍රභාවය සංකේතවත් කරයි. ඇයගේ තවත් ආසනයක් වශයෙන් භාවිතයට ගන්නා හංසයා ජලය මිශ්‍ර කිරෙන් කිරි පමණක් වෙන්කොට පානය කරන ලෙසට අධ්‍යාපනයෙන් ලබාගත හැකි වටිනා දැනුම නමැති ධාන්‍ය අනවශ්‍ය පොතු ඉවත්කර තෝරා බේරා හරවත් ලෙස ගතයුතු බව ලොවට පෙන්වයි.
මෙම කරුණු කාරණා පදනම් කොට භාරතීය ජනවාසීන් හින්දු අලුත් අවුරුදු උදාවේදී හැම නිවසක මෙන්ම සෑම සුබ කටයුතු ආරම්භයකදී බ්‍රහ්ම දෙවියන් උදෙසා කිරි උතුරවයි. එමෙන්ම ශ්‍රී ලංකාවාසී හින්දි, දෙමළ සිංහල අප හැමටම සිංහල අලුත් අවුරුද්ද ලැබූ විට කිරි ඉතිරීමේ චාරිත්‍රයක් ඇත. අප එයින් අපේක්‍ෂා කරන්නේ කුමක්‌ද? ඉන් ඇතිවන පලය කුමක්‌දැයි කියා හරි අවබෝධ්‍යක් ඇත්තේ කීයෙන් කීදෙනාට දැයි විමසුවහොත් නොදන්නෝ අනන්ත අප්‍රමාණ බව ගුප්ත ගවේෂණ විමර්ශන තුළින් මනාව වැටහේ.
එනිසා කිරි ඉතිරවීම මනා අවබෝධයකින් කළ යුතුයි. එබැවින් අප කිරි ඉතිරිවීම සඳහා ගන්නා කිරි වර්ග පළමුව හඳුනා ගත යුතුයි. කිරි කියන්නේ කිරිවලටයි. පොල්කිරි නොවෙයි. භාරත ඉන්දියානුවන්ගේ කෘෂිකර්මාන්තයේ සංකේතය ගවයාය. සෞභාග්‍යයේ සංකේතයත් කිරිය. කිරි ඉතිරීමෙන් බලාපොරොත්තු වන්නේ සෞභාග්‍ය හා වාසනාවයි. එහෙත් අද සමහරුන් අන්ධ විශ්වාසයක් ඇතිව පොල් කිරි උතුරවයි. එයින් ඒ කිසිම පැතුමක් ඉටුනොවේ. එයට හේතුව එළකිරිවල ලේ ඇතැයි යන දුර්මතය හා අන්ධ විශ්වාසයක් පොදි බැඳගෙනය. කිරි කිරිම මිසක් එහි ලේ නැත. ලේ කිරි කර පෙවීම වෙනත් මතයකි. මේ නිසා සිංහල අලුත් අවුරුදුදා එළකිරි උතුරවන්න. එයින් ඔබට සෘජුවම මුළු අවුරුද්ද පුරාම වාසනාව පෑදී සෞභාග්‍ය ලැබේ.
මේ කිරි ඉතිරිවීම පිළිබඳ මා හින්දි පඬිවරයකු වන කේ. ප්‍රශාද් මහතාගෙන් විමසූවිට ඔහු ප්‍රකාශ කළේ උතුරවන්නට සුදුසුම ගවයාගේ කිරි බවය. කිරි ඉතිරවීමේදී නෑඹුල් මුට්‌ටියක් ගෙන එයට කිරි වත්කර බ්‍රහ්ම දෙවියන්ට පහනක් දල්වා පිංදී කිරි උතුරවා පළමු කොටසින් ස්‌වල්පයක් ගෙන කහ සුදු හඳුන් මිශ්‍ර කර නිවස පුරා ඉස ඉතිරි කිරිවලට හාල් දමා කිරිබතක් පිස ගිතෙල්, මීපැණි මිශ්‍රකර බුදුන්ට කිරිපිඬු දානයක් පුදා, ඉතිරි ඒවාට කඩල, මුං, හබල පෙති, කෙසෙල් ගෙඩි, මුද්ද්‍රප්පලම්, එනසාල්, ඉඟුරු, උක් හකුරු මිශ්‍රකර දේවදානයක් බ්‍රහ්ම දෙවියන්ට පුදා සියලුම සුබ පැතුම්පතා පිං දී අවසානයේදී ඒවා නිවැසින් විසින් අනුභව කිරීම කිරි ඉතිරීමේ හින්දි චාරිත්‍රය බවයි. මේ අනුව අපි නිවසේ ගව මස් උයා ගවයාගේම කිරි ඉතිරීමෙන් ඔබට සුබ ඵලයන් උදාවේ දැයි ඥනවන්තව සිතිය යුතුයි.
ඔබත් මේ ආකාරයට නිවසේ එළකිරි උතුරවා මුළු වසර පුරා සෞභාග්‍ය, වාසනාව, සම්පත ලබාගෙන පවුලේ සාමය සතුට උදාකර ගන්න.
We found this article from Divaina on 2012/04/06.
Also Sinhala to English Google word to word translation can be found here