කුම්භ ලග්නයෙන් උපන් ඔබේ විවාහය ප්‍රමාදද?

3539
කුම්භ
කුම්භ

[ratings]

කුම්භ ලග්නයේ ලග්නාධිපති ශනිය. එනම් සෙනසුරු ග්‍රහයා බව ඔබ හොඳටම දනී. මෙම ශනි ග්‍රහයා හොඳට නරකට සැපට දුකට හේතුවන හා පිහිට වනා දුක්‌ දෙන බවත් ඔබ දනී. මෙම ශනි ග්‍රහයා ඔබේ ජන්ම කේන්ද්‍රයේ සුබ තැනක සිටින විට අන් ග්‍රහයන් දකින විටදී සුබ මෙන්ම අසුබ ප්‍රතිඵල ද ගෙනදේ. ලග්නාධිපති ශනි ඔබේ ලග්නයේම එනම් 1 කොටුවේ සිටින විට ස්‌වක්‌ක්‍ෂේත්‍ර බැවින් අපල – විපල දුබල ඔබට ගෙන දීම අඩුවේ. නමුත් කුජ හෝ රවි සමග සංයෝගව එනම් ග්‍රහයන් දෙදෙනකු සමග සුබ අසුබ සිටින විට ලැබෙන ප්‍රථිපලය දුර්වල බව ඔබ දනී. නොසිතූ දෙයම සිදුවේ.

කුම්භ ලග්නයේ ලග්නාධිපති ශනි ග්‍රහයා ගෝචර ගමනේ දැන් ඉන්නේ කන්‍යා රාශියේය. කන්‍යා ලග්නයට ශනි දුකදී හෝ සැපදී හෝ වද දී හෝ ආයුෂ වැඩිකර හෝ ජීවත් වන ග්‍රහයකි. කුම්භයට ස්‌වක්‌ෂෙත්‍ර ග්‍රහයා වූ ශනි කුම්භ ලග්න හිමි කාන්තාවගේ සැප සම්පත් ඉටු කරන ග්‍රහයකි. මේ කාලය තුළ මෙම ශනි ග්‍රහයා කන්‍යා රාශියේ ඒරාක්‌ෂ්ඨක ගතව සිටි. 1,4,7,10 හෝ ත්‍රිකෝණව හෝ මුල ත්‍රිකෝණව සමව, සතුරු නීචව හෝ ස්‌වක්‌ක්‍ෂේත්‍රව සිටියත් කුම්භ ලග්න හිමි කාන්තාවට මේ කාලය බොහෝ විට විවාහ ප්‍රමාද කරන කාලයක්‌ ලෙස බොහෝ කේන්ද්‍ර පරික්‍ෂා කිරීමෙන් පෙනී යන්නේය.

ශනී ග්‍රහයා නීචව, සතුරුව, ඒරාක්‌ෂ්ඨක ගතව කන්‍යා රාශියේ තිබීම කුම්භ ලග්න කාන්තාවගේ විවාහ ප්‍රමාද වනවා පමණක්‌ නොව අනවශ්‍ය ප්‍රශ්න මතු වී තමන්ව විවිධ නීති ප්‍රශ්නවලට ගොදුරු කර හිරේ විලංගුවේ වැටීමට, පාප ක්‍රියාවලට සිතද ඇද දමන්නේය. සඳු සිටින රාශියක කටකයට ශනි හා රාහු ජන්ම කේන්ද්‍රයක පිහිටා තිබූ විට ගෝචර ගමනේ ශනි 8 වැන්න රාහුද කුජද 8 වැන්න ඇති කේන්ද්‍රයක්‌ තුළින් දකින කල්හිද විවාහය ප්‍රමාද කරවන්නේය. ඉගනීම කඩා කප්පල් වන්නේය. නොගැලපීම් සහිත විවාහයක්‌ද ඉටු වන්නේය. විවාහය වයස අවු 39-49 අතර කාලයදී සිදුවේ. නැතිනම් විවාහ නොවීම සිටී.

ශනි ගෝචර ගමනේ කන්‍යාවේ ඒරාක්‌ෂ්ඨක ගතව සිටින කාන්තාවන්ට සිරබත් කෑමට සිදුවන කාලයකි. දරුවකු හෝ දැරියක වෙනුවෙන් නීති ප්‍රශ්නවලින් නඩුහබ වලට පැටලෙන කාලයකි. විවාහ වී සිටින අයෙක්‌ නම් ස්‌වාමියාට හෝ දරුවන්ට හෝ ලෙඩදුක්‌ නීති ප්‍රශ්න, ධනහානි, සිත් තැවුල් රහස්‌ සතුරු කරදර, ශල්‍යකර්මවලට ලක්‌වීම් නොසිතූ දෙයම සිදුවන කාලයකි.

සෙනසුරු ඒරාක්‌ෂ්ඨකය කාලය සමහරු කියන්නේ බිය වියයුතු නැත කියාය. දැන් සමහර ජ්‍යෙdතිෂවරු කේන්ද්‍ර පරීක්‍ෂා කිරීම තුළ විවාහයට යහපත්, පොරොන්දම් ගැලපේ යයි පවසමින් නැකැත්ද සාදා දෙති. ජන්ම කේන්ද්‍රයේ ශනි ග්‍රහයා සමක්‌ක්‍ෂේත්‍රව උපතේ සිටින නිසා මෙන් සිතන්නේය. නමුත් මේ ලග්න 12 ටම ගෝචර ගමනේ ශනි සිටින රාශිය අනුව එනම් කන්‍යා ලග්න හිමි කාන්තාවකට, කුම්භ ලග්න හිමි කාන්තාවක්‌ හෝ මවක්‌ හෝ දරුවකු හෝ පියකු සිටියත් 8 වැන්නේ සිටින මෙම ග්‍රහයාගේ දුෂ්ඨ අනිසි ප්‍රථිඵල ගෙනේ. සමහර මාතාවන්ට, පියවරුන්ට දරුවන් සිරබත් කෑම නිසා ධනය වැය වන තත්ත්වයට පත් කරනු ලබයි. තවද අසල් වැසියන් සමග අඬ දබර කරගෙන පොලිසි යන මට්‌ටමට ප්‍රශ්න ඇතිවේ. සොරුන් ගෙට පැන බඩු මුට්‌ටු ගෙන යයි. මව හා දියණිය අතර ගැටුම් පෙනේ. මේ තත්ත්වය තුළ දැනට ශනිගේ අනිටු අපල තත්ත්වයක්‌ ගෙන දෙන නිසා වයස අවු 30 හා අවු 39 අතර කාලයේ සිටින යුවතියක, විවාහයට කැමැත්තෙන් සිටින අයගේ විවාහය ප්‍රමාද කරවීමක්‌ හෝ ඉටු නොකිරීමක්‌ ඇති කරන්නේය. රවි මහා දශාව ගෙවන අයටද වෘශ්චික රාශියක ජන්මයේ ශනි සිටි කෙනකුට සඳු වෘශ්චිකයේ තිබු අයකුට රාහු දැකීම තුළද විවාහය ප්‍රමාද කරවන්නේය.

මේ කාලය කුම්භ ලග්න කාන්තාවන්ට අසුබ වන්නේ ශනි 8 වැන්නේ කන්‍යාවේ ශනි ඒරාක්‌ෂ්ඨක ගතව සිටින බැවිනි. ඒ කියන්නේ මේ කාලයේ කුම්භ ලග්නය හිමි ශනි 8 ඇති අය විවාහ වන්නේම නැහැ කියලාද? නැත. විවාහය ප්‍රමාද විමත් විවාහය දෙදරීමක්‌ හෝ ගැලපීම් නැති ඒ කියන්නේ වයසින් රූපෙන්, කුලයෙන්, උගත් කමින් වත් පොහොසත් කම් වලින් අඩු අයකු වයස අවු 24 හෝ 27 කාලය තුළ ඉක්‌මන් විවාහයක්‌ ගෙනේ.

මකර – කුම්භයි – දෙදෙනකු හෝ කන්‍යා කුම්භ කෙනකුගේ හෝ වෘශ්චිකයි. කුම්භය කෙනකුගේ ස්‌ත්‍රී පුරුෂ කේන්ද්‍ර හා නැකැත් හා මහා දශාව හා අන්තර් දශාවන් ගැලපීම් තිබිලත් විවාහ වුවද යෝජිත හෝ ප්‍රේම විවාහයක්‌ අතර මත ගැටුම් ඇති වී නීතියෙන්ම කෙළවර වන කාලයකි. 2014/12/25 දක්‌වා කාලය කන්‍යා හා කුම්භ ලග්න හිමි කාන්තාවන්ට අසුබව පෙනේ. විවාහය ප්‍රමාදය කරවයි. රවි සතුරු ග්‍රහයකි. තුලාවට ශනි උච්ච වුවද ශනි 8 වැන්න කන්‍යාවේ හෝ කුම්භ රාශි ගත දෘෂ්ඨිය තුළ කුජ හෝ සඳු හෝ රාහු දැක්‌ම තුළ 7 අධිපති ග්‍රහයා දකින රාශිය තුළ සිටින ග්‍රහයා මහා දශාව හා අන්තර් දශාව තුළ අසුබ නම් විවාහය දෙදරන්නේය. විවාහය ප්‍රමාද කරවයි.

ගෝචර ගමනේ ශනි සිටින ස්‌ථානය අනුව කාන්තාවන්ට පමණක්‌ නොව තරුණයන්ට ඉතාම අසුබම කාලයකි. විවාහය පමණක්‌ නොව ලෙඩදුක්‌ ඇති වී ශල්‍ය කර්මවලටද ලක්‌ වන්නේය. කරන කියන රැකියාවද අහිමි වන්නේය. රැකියාවට යන්නට සිත පවා නොදෙන්නේය. විවාහයට තරුණයකු සිටියත් වැරැදි සොයමින් හෝ කල්යවමින් විවාහය ප්‍රමාද කරවන සිතුවිලිද ඇති කරයි. හිසට අබාධ ඇති කරයි. මානසික රෝගී තත්ත්වයක්‌ ඇති කරයි. රවි නිසා ඇස්‌වලට රෝගද අතපයට පාද වලට රෝගද ඇති කරයි. කුජශනි හෝ කුජ රාහු හෝ සඳු ශනිරාහු දැකීම හෝ වෘශ්චිකයට සඳුරාහු ශනි දෘෂ්ඨියද තුළින් මෙම කාලය කුම්භ ලග්න හිමි වයසක අම්මලාට පියවරුන්ටද ඉතාම අසුබ රෝග ගෙන දෙන කාලයකි. 2014 දක්‌වාම පවතී. තවද විවාහ වී සිටින අයට ද තම පවුලේ සමගිය භේද වන නීති ප්‍රශ්න වලට යොමුවන ධන හානි ඇති කරන විවාහය දෙදරවන කාලයක්‌ 2014 දෙසැම්බර් දක්‌වා පවතී. වයස අවු 27 හෝ අවු 37 අතර කාලය සිටින අයට ශනි උපතේ සිටි ස්‌ථානය අනුව මෙම කාලය නම් සුදුසු වන්නේම නැති බවද කිව හැකිය.

We found this article from Divaina on 2012/03/30.
Also Sinhala to English Google word to word translation can be found here