ඔබත් නිවැරදි ජීවන මගක හිමිකරුවකු වන්න

1569
ජීවන මගක
ජීවන මගක

[ratings]

පිරිපුන් සනාථ වූ ජීවිතයක්‌ උරුම කර ගැනීම මිනිස්‌ ජීවිත උරුම කරගත් සියලුදෙනාගේම අපේක්‌ෂාවයි. ඒ සඳහා බොහෝ සේ ධනය උපයා ගැනීමට සියලු දෙනා නොපසුබට උත්සාහයක නිරත වෙති. ධනය උපයන මාර්ගය කෙසේ වුවද ධනය ඉපයීම පමණක්‌ මූලික අරමුණ වීම නිසා ඇතිවන තත්ත්වය ගැන කිසිවකු හෝ අවධානය යොමු කරන්නේ නැත. ජ්‍යෙdතිෂ් ශ්‍රාස්‌ත්‍රානුකූලව පාප ග්‍රහයන්ටත් බුදුදහම අනුව කර්ම විපාකයන්ට යටත්වීමට සිදුවන්නේ මේ තත්ත්වය නිසාය.

පළමුව ධනෝපාය මාර්ගය ගැන කල්පනා කළ යුතුය. එය තමන්ට හෝ අන්‍යයන්ට අනර්ථකාරී නොවන ජීවනෝපාය මාර්ගයක්‌ විය යුතුය. කර්ම විපාකයේ බලය උපක්‍රමශීලීව මගහරිමින් අද්භූත බලවේගයන්ට මුලා නොවන උදාර ජීවිතයක්‌ ගෙඩනගා ගැනීමට හැකියාව ලැබෙන්නේ ඒ අනුවය.

අප වර්තමානයේ පිළිගන්නා පරිදි ශාස්‌ත්‍ර දැනුම ලබාගෙන රාජ්‍ය සේවයේ නිරත වීම පමණක්‌ ආදායම් ලැබීමේ මාර්ග නොවන අතර වඩාත් ශ්‍රේෂ්ඨ වන්නේ ශිල්ප දැනුම අනුව සලසා ගන්නා ජීවනෝපායන්ය. ශාස්‌ත්‍රීය දැනුමට ශිල්පීය දැනුම එකතු කර ගැනීම වඩාත් ශ්‍රේෂ්ඨ වෙයි. එබඳු අය ජීවිතයේ උතුම් ඵල ලබන්නෝ වෙති. නූතන ලෝකයේ ශාස්‌ත්‍ර දැනුම ලැබූවන් ශිල්පීය දැනුම එකතු කර ගැනීමෙන් ප්‍රකට කර ඇති මේ තත්ත්වය විද්‍යා දියුණුවේ ඵලය සුබදායී ලෙස යොදා ගැනීමේ ප්‍රතිඵල ලෙස සැලකිය හැකිය.

ඉහත සඳහන් කළා සේ කර්ම බලයට යටත්වූ පාපකාරී ජීවිත උදාවන්නේ ශිල්ප දැනුම, ශාස්‌ත්‍ර ඥනය අසුබවාදී ලෙස යොදාගනිමින් මිසදිටු ජීවන මාර්ගයන්හි නිරතවීම නිසාය. අසීමිත ලෙස ධනය උපයා ගැනීමේ අවස්‌ථාව උදා වුවද මිසදිටු ජීවන මාර්ගවල නිරතවන තැනැත්තාගේ සිත බොහෝ සෙයින් දුර්වල වෙයි. දුර්වල වූ චිත්ත වේග නිසා විවේකය, සැනසීම අහිමි වෙයි. නොසන්සුන් ක්‍රියාකාරකම්වල යෙදෙයි. මේ තත්ත්වය වෙනස්‌ කිරීම සඳහා ඉක්‌මන් පියවර ගැනීම නිසා තව තවත් නෙසන්සුන් වෙයි. සුරාපානයට බොහෝ සෙයින් යොමුවන්නේ මේ තත්ත්වයට පත්වූවන්ය. ඉන් නොනවතින දුර්වල වූ සිත් ඇත්තෝ අසීමිත ධනය ඉපයීමේ අපේක්‌ෂාවෙන් අන්සතු ධනය ලබා ගැනීමට පෙළඹීම නිසා පරපණ නැසීම, බොරු කීම ආදී දුශ්චරිතයන්ටද යොමුවෙති. ඇතැම් විට දස අකුසලයෙහි නිරතවීමට සිදුවෙයි. මේ බියකරු තත්ත්වය උදාවන්නේ ශාස්‌ත්‍රීය දැනුමත්, ශීල්පීය දැනුමත් යහපත් ලෙස යොදා නොගැනීමේ දුර්වලතාව නිසාය. මේ තත්ත්වයෙන් මිදෙන්නට නම් කර්ම බලය නිසා මුලා නොවූ පාප ග්‍රහයන්ට යටත් නොවූ උදාර වූත්, ඥනාන්විත වූත් සිතුවිලි ඇතිකර ගත යුතුය. ඒ සඳහා තමා සතු දැනුම මෙහෙයවිය යුතුය. පූජනීය උතුමන්ගෙන් වැඩිහිටි නුවණැතියන්ගෙන් කල්‍යාන මිත්‍රයන්ගෙන් ලබන දැනුම උදාර ජීවිතයක්‌ ගොඩනගා ගැනීමට ඉවහල් වෙයි. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්මාවබෝධය ලබාගැනීමද වැදගත් වෙයි.

පළමුව තම හදවත පිනායන කාර්යයක නිරත වීමට අධිෂ්ඨාන කර ගන්න. එය බෝධි පූජාවකට සවන්දීම, සෙත් පිරිත් සඡ්Cධායනයකට ධර්ම දේශනයකට සවන්දීම හෝ අන් අය නිරත වන පින් ක්‍රියාවක්‌ දෙස බලා සිටීම විය හැකිය. ඒ සත් ක්‍රියාවෙහි නිරතවූතැනැත්තා එය සිදුකළේ කවර අරමුණකින් දැයි මෙනෙහි කරන්න. නොඑසේ නම් විමසන්න. තමාට නොදැනීම උදාර වූ පුණ්‍ය ක්‍රියාවක නිරතවීමේ මහා කුසලබලය ඒ අනුව ලැබෙනු ඇත. ඒ කුසල ක්‍රියාවන්හි නිරත වීමට තමන්ටද හැකියාව තිබේදැයි සිතා බලන්න. තමාට මූලිකව කළ නොහැකි නම් අන් අය සිදුකරන පූජනීය කටයුතුවලට සහභාගි වන්න. මුළාවූ කර්ම බලය පීඩාවට පත්වූ ග්‍රහ අපලය එතැනින්ම අවසන් වන්නේ හිරු දුටු පිනි බිඳුවක්‌ ලෙස බව මේ ක්‍රියාවන් අනුව අත්දැකීමෙන්ම අවබෝධ කරගන්න. දුර්වලවූ සිත ශක්‌තිමත් වන්නට අහිමිවූ විවේකය හිමිකර ගන්නට නොසන්සුන් වූ ක්‍රියාකාරකම් සන්සුන් වන්නට මීට වඩා ප්‍රබල ඖෂධයක්‌ නැත.

දෙවනුව සන්සුන් සිතුවිලි ඇතිව තමාට පූජා භූමියකදී මෙවැනි පින්කම්වල යෙදීම අපහසු නම් බුදුගුණ මෙනෙහි කරන්න. බුදුරජාණන් වහන්සේ අවබෝධයේ උතුම් ඵල ලාභය වන බුදුබව ලැබූ ආකාරය මෙනෙහි කරන්න. අවබෝධ කරගත් ශ්‍රී සද්ධර්මය ගැන මෙනෙහි කරන්න. සන්සුන්ව තම සිත නිවැරැදිව මෙහෙයවීමෙන් පමණක්‌ මේ සියල්ල අවබෝධ කර ගැනීම ඉතා පහසු කාර්යයකි. කළ යුතු එකම කාර්යය අල්ප මාත්‍ර වශයෙන් හෝ බුදුගුණයන් තම ජීවිතයටද හුරු කර ගැනීම පමණි. ඒ සඳහා

1. තම නිරත වන ක්‍රියාවෙහි ඵලය ගැන සිතන්න.

2. තමන් නිරත වන ක්‍රියාව වර්ධනය කිරීමෙන් ලැබිය හැකි ඵලය යහපත් වේද? අයහපත් වේද? යනුවෙන් සිතන්න

3. යහපත් හෝ අයහපත් ඵල ව්‍යාප්ත වීමෙන් තමා ලබන දැනුම, ලාභය හෝ අලාභය ගැන සිතන්න

4. එසේ ලැබෙන ඵලය තමන්ගේ සැප පිණිස, දුක පිණිස, මැදහත් බව පිණිස හේතුවන ආකාරය ගැන සිතන්න

5. අනුන්ගේ සැප, දුක සහ මැදහත් බව පිණිස හේතුවන ආකාරය ගැන සිතන්න

6. එසේ ලැබෙන ලාභය හෝ අලාභය හමුවේ ගත හැකි වන අවස්‌ථානුකූල පියවර ගැන සිතන්න

7. ගනු ලබන අවස්‌ථානුකූල පියවර පිsළිබඳව පැහැදිලි කිරීමට තමන්ට ඇති හැකියාව ගැන සිතන්න

මෙවන් උදාර සිතිවිලි වලට යොමුවූ තැනැත්තා නිරායාසයෙන්ම නිවැරැදි ජීවන මාර්ගයක හිමිකරුවකු වනු ඇත. ත්‍රිවිධරත්නයේ ආශිර්වාදය හිමිවන පංචසීලය ආරක්‌ෂා කරන උදාර ජීවිතයක හිමිකරුවෙක්‌ වනු ඇත. කර්ම විපාකයට යටත් නොවූ අද්භූත බලවේගයන් හමුවේ අසරණ නොවූ, පාප දශා, පාප ග්‍රහ බල නිසා පීඩා නොවූ උදාර ගුණ පිරි සමෘද්ධිමත් ජීවිතයක හිමිකරුවෙක්‌ වනු ඇත.

අපලය සසර දුක දනවන එක මගකී

සපලය ලබා දෙන සැප බලවත් දුකකී

සෙනසුරු රාහු දුක්‌ සසරට ඉනි මඟකී

අඟහරු සතුරු බල වඩවන අත් වැළකී

බුධ මනමාල ගහ බල වඩවන අතර

ගුරු සඳු සව්ම්යෑයිහැම ගහබල අතර

හිරු බල පතුරුවා හැම ගහකරු අතර

පෙන්වන විකුම් බල සත වේ දොa සතර

මුනිඳුන් දෙසූ සංසාරය නිවන මග

දතා සුතා වචසා පරිචිතා මග

දැමුණු සිතින් යොමු කරමින් සවන් යුග

දොa සතැදුරක්‌ යොමු කරවයි පහන් මග

උදේ හවා සදහම් සෙත් ලැබ ගන්න

හැම උදයකම දම් දෙසුමට කන් දෙන්න

පුන් පෝ දිනයෙ බුදු පුදයෙන් සැන සෙන්න

දොහොත් මුදුන් දී බෝධිය නම දින්න

We found this article from Divaina on 2011/12/02.
Also Sinhala to English Google word to word translation can be found here