ඔබ දන්නවාද ? ඔබේ සුනඛයාත් අනාවැකි කියන බව

2757
සුනඛයාත්
සුනඛයාත්

බල්ලා විශ්වාසනීයත්වය හා සුහදත්වයේ සංකේතයයි. එයට හේතුව ඈත අතීතයේ දඩයම් යුගයේ සිටම බල්ලා මිනිසා සමග විශ්වාසීව හා හිතවත්ව ජීවත් වූ නිසයි. මේ නිසා මිනිසාගේ පරම හිතවතාද වන්නේ සුනඛයා හෙවත් බල්ලාය. අදත් නිවසක ඇතිකරන සතුන් අතරින් බල්ලාට ප්‍රමුඛස්‌ථානය හිමිවේ. මිනසා බල්ලාගෙන් සෘජුවම බලාපොරොත්තු වන්නේ තම ගේ දොර, වතු පිටි හේන් ගොවිපළ ආදිය ආරක්‌ෂා කර ගැනීමයි.

එහෙත් මිනිසා වෙනුවෙන් බල්ලාට කළ හැක්‌කේ මේ අල්ප වූ මෙහෙය පමණක්‌ම නොවේ. එය අප හිතන තරමට වඩා පුළුල්ය. මිනීමරුවන්, මංකොල්ල කරුවන් වැනි දරුණු අපරාධ කරුවන් හා මත්කුඩු ද්‍රව්‍යන් අල්ලා ගැනීම සඳහා පොලිසියට දක්‌වන සහාය කොතරම් දැයි කිව නොහැක. එ පමණක්‌ම නොව තම ස්‌වාමියාට විපතක්‌ ඇති වූ විටක ඉන් මුදාගැනීමට වෙර දැරූ සත්‍ය සිදුවීම් පිළිබඳ කතා බොහෝ ඇත.

දිනක්‌ ඉන්දියාවේ රාශිපුර ප්‍රාන්තයේ විසූ “හුලර් සින්ස්‌” නම් ගෝත්‍රිකයා තම බිරිඳ සමග මහෝගනී ඇට එකතු කිරීම සඳහා කැලයට ගිය විට පවුලේ සුරතලා වූ බල්ලාද ඔවුන් සමග ගියේය. එහිදී ඔවුන් නොසිතූ පරිදි හුලර්ගේ ඇඟට ව්‍යාඝ්‍රයෙක්‌ පැන පහර දෙන්නට විය. මේ අවස්‌ථාවේ තම ස්‌වාමියාට සිදුවීමට යන විපත දුටු බල්ලා ව්‍යාග්‍රයාගේ පස්‌ස පැත්ත සපාකා මස්‌ තීරු කර පසු බැස්‌ස විය. හුලර්ගේ ජීවිතය බේරුණේය. හුලර් මේ සිද්ධිය ගැන ද” ටයිම්ස්‌ ඔµa ඉන්දියා” පුවත් පතට ප්‍රකාශයක්‌ කරමින් මගේ බිරිඳත් මගේ බල්ලාත් සත්‍ය වශයෙන්ම මාව මරණයෙන් බේරා ගත්තා යනුවෙන්. පවසා ඇත.

දම්වැලකින් බැඳන් යන බල්ලා වරෙක මිනිසා පිටු පසින් ඇදි ඇදී එයි. වරෙක බල්ලා ඉදිරියෙන් ගමන් කරන විට මිනිසා බල්ලා පසු පස ඇදි ඇදී දුවයි. විටෙක බල්ලාත් මිනිසාත් දෙදෙනාම එක පෙළට සමානව ගමන් කරයි. ඉන් පෙනී යනවා හැම මිනිසෙකු තුළම මිනිස්‌ ගතිගුණ මෙන්ම නොමිනිස්‌ ගතිද යම් අනුපාතයකට ඇති බව. මේ ක්‍රියාවලියෙන් මිනිසාගේ මිනිස්‌ ගති යටපත් වී නොමිනිස්‌ ගති ඉස්‌මතු වන බවද මොහොතකට පමණක්‌ මිනිස්‌ නොමිනිස්‌ ගති එක සමාන වන බවද පෙනේ. දම්වැලින් ගැටගසා බල්ලා රැගෙන යන මිනිසාගේ මිනිස්‌ ගති ගුණවල දෙපැත්ත එයින් අපූරුවට සංකේතවත් කරයි.

කෙසේ වුවද නොමිනිස්‌ ගති මිනිසාගෙන් සම්පූර්ණයෙන් මතුරන් වන්නේ නැත. මිනිසා නොදැනුවත්වම බල්ලාගේ කෙළවරෙහි බැඳී ඇති බව නොදනී. විටෙක මිනිසා බල්ලා ඇදගෙන යන අතර තවත් විටෙක බල්ලා මිනිසා ඇදගෙන යන්නේ ඒ නිසාය. බල්ලා උතුම් ලෙස සලකන මිනිසුන් අතරම පහත් ලෙස සලකන අධමයන් ද අප අතර සිටී. ඔවුන් කරන වැඩවලට බලු වැඩ කියා කියති. එහෙත් සත්ව සංහතියේ නුවණක්‌කාර බල්ලා කවර කලකවත් බලු වැඩ නොකරයි. පෙර ආත්මයේ කළ අකුසලයක්‌ නිසා ඔහු බලු ආත්මයේ ඉපදී ඇති බව බුදුදහම පැහැදිලි කරයි. එවන් බල්ලා නොහොත් සුනඛයා නිවැසියන්ට ගම්මුන්ට පෙරනිමිති කියන්නටද හපනෙකි. එවන් සුනඛයන්ගේ පෙරනිමිති මෙසේ දක්‌වා ඇත.

ලොමින් පිරුණු වල්ගය, බෙල්ල ඇති, පිරුණු ඇඟ ඇති දෙකන් එල්ලී ඇති පාදයක නිය හයක්‌ ඇති සුනඛයන් නිවසක ඇති කිරීමෙන් හොඳ ආරක්‌ෂකයකු වූද විශ්වාසවන්ත වූද, ඕනෑම බැරෑරුම් වැඩකට වුවද පුරුදු පුහුණු කිරීමට හැකියාවක්‌ ඇත්තෙකුය.

ගමනක්‌ යැමට පිටත් වූ විට සුනඛයෙක්‌ දුවගෙන පැමිණ කලයක්‌, කිරි ඇති ගසක්‌, මල් ගසක්‌, ගඩොල් ගොඩක්‌, කුඩයක්‌, ආසනයක්‌, වංගෙඩියක්‌, වාහනයක්‌, නිවසේ බිත්තියට, අමු ගොම පිඩක්‌, පලතුරු ගසක්‌, ආදියට මුත්‍රා කළේ නම් තමා යන ගමනෙන් සකළ අභිවෘද්ධිය සැලසේ. අරමුණු කරගත් කාරණයෙන් ජය අත්වේ, පැතුම් ඉටුවේ.

කටු සහිත ගස්‌, යකඩයක්‌, ගල් ගොඩක්‌, දර ගොඩක්‌, සොහොනක්‌, පාවහන්, අඳින රෙද්දක්‌, කඩා වැටුණු අත්තක්‌ වැනි දෙයකට මුත්‍රා කළේ නම්, හෝ ගමනක්‌ යන විට කම්පට ගැසී නම්, කිඹිහීමද, අනිෂ්ට පල ගෙනදේ. පිටු පසින් කන්පට ගැසීම තද අපල ගෙනදේ, උදේ තම වාහනයට මුත්‍රා කළේ නම් සියලු කාරණා ඉටුවේ ශුභයි. ගමනක්‌ යනවිට සුනඛයා සපත්තු, සෙරෙප්පු, මලක්‌, ආහාරයක්‌, රෙදි කැබැල්ලක්‌ කටින් ගෙන ඒම එම ගමනේ සුබ පල පෙන්වයි. නිවී ගිය ගිනි පෙනෙල්ලක්‌, සතකුගේ සිරුරක්‌, මස්‌ කටුවක්‌ ඇට කටුවක්‌, දිරා ගිය කෝටුවක්‌, ලණුවක්‌, ගලක්‌, හිස්‌ භාජනයක්‌ කටින් ගෙන ඒ නම් තම කාරණය ඉටු නොවේ. යන ගමනින් ජය නොලැබේ. නොයෙකුත් කරදරවලට මුහුණ පෑමට සිදුවේ. යාත්‍රිකයාගේ වස්‌තු කටින් ඇදීනම් යහපත් ප්‍රතිඵල උදාවේ.

බල්ලන් රැළක්‌ එකට බුරයිනම් ගමට සොර සතුරු කරදර පැමිණේ. තැන්පත් ධනය ක්‌ෂය වීමද, නියඟෙන් ජලයෙන් හානිද, ඇති බව පෙන්වයි. නියඟ කාලයදී බලු රැළක්‌ ජලයේ බැස එහි දඟලමින් දිය බොයිද, දින 12 ක්‌ ඇතුළත එම ප්‍රදේශයට වර්ෂාවක්‌ ඇතිවේ. වෙහෙසට පත් බල්ලෙක්‌ ගෙහිමියා ළඟ පෙරළෙමින් කෙඳිරි ගානු ලබයිද අමුත්තෙක්‌ නිවසට පැමිණෙයි. බල්ලෙකු එළිපත්තේ සිට හිස එළි පත්තේද කඳ එළියේද සිට ගේ තුළ බලා බුරයිද, ගෙදර අයකුට ලෙඩ රෝග ඇතිවේ. එළි පත්තේ සිට හිස එළියට දමා බුරයිද ගෙදර ස්‌වාමි දුව පතිවත නොරකින බව පෙන්වයි.

මෙම කරුණ හොඳින් වටහා ගෙන මිස සැකයෙක්‌ තොරව කටයුතු කරන්න. එසේ නැතිව බල්ලා නිසා ගෙදර අඹුසැමි ආරවුල් ඇති නොකර ගන්න.

සුනඛයෙක්‌ බිත්තිය පහුරු ගෑවොත් වැඩි කලක්‌ යැමට පෙර ගෙදර සොරු බිඳියි. ගව ගාල පහුරු ගෑවොත් ගවයින් සොරු ගෙනයයි. ගව රැළ රැගෙන යන විට සුනඛයකු මග හරස්‌කර පහුරු ගායිනම් ගවයින්ට විනාශයක්‌ සිදුවේ. කුඹුරු, වී පැහැ, ධන ධාන්‍ය අඩංගු පෙට්‌ටගම පහුරු ගෑවේනම් ධන විනාශය ගෙනදේ, සුනඛයාගේ එක්‌ ඇසකින් කඳුළු වගුරු වමින් ආහාර නොගෙන, ආහාර ටිකක්‌ ගෙන වකුටු වී නිදාගෙනම සිටීනම් ගෙදරට මරණයක්‌ මහත් දුකක්‌ ඇතිවේ. රෝගයක්‌ නැතිව අහිංසකව බලමින් දෙන ආහාර යම්තමින් ලෙවකයිනම් ගෙහිමියාට මාරක විපතක්‌ ළඟ ඇති බව පෙන්වයි. සුනඛයා වම් දණ සිඹීමෙන් ධන ලාභද, දකුණු දණ සිඹීමෙන් පවුලේ කලහයක්‌ද, වම් කලව සිඹීමෙන් භාග්‍යයද දකුණු කලව සිඹීමෙන් මිතුරන් සමග ආරවුල්ද, සුනඛයකු දෙඅත් සිඹීනම් සොරුන්ගෙන් ප්‍රවේශම් වන ලෙස ද අනතුරු හඟවයි.

පිටස්‌තර සුනඛයකු ගේ තුළට පැමිණියොත් හිතවත් අයකුගේ පැමිණීමද පෙන්වයි. නිකරුණේ රාත්‍රියේ දුර සිට බුරයි නම් හොර හතුරු කරදර පෙන්වයි. ගෙදර ආහාර පිසූ වළං ගෙන යයි නම් සොර සතුරු කරදර ඇතිවන බව පෙන්වයි. වාහනයක යන විට බල්ලෙක්‌ එම වාහනයට අසුවී මැරී ගියේනම් වාහනයට අපලයි. එහෙත් මාරක විපත් ඇති නොවේ. එය පලඳීමට කල් ගතවේ. සුනඛයින් සිහිනයෙන් පෙනීම තම වැඩ කටයුතුවල ආරක්‌ෂාව මදි බවද සොරසතුරු කරදර කුමන්ත්‍රණ මිතුරන්ගෙන් වන කරදර, ධනය වැය වීම ආදී කාරණා සිදුවේ. සිහිනෙන් බල්ලන් හපා කෑවේ නම් නියත වශයෙන්ම මහා විපත් කරදර ඇතිවේ.

බල්ලෙක්‌ නිවසේ බිම හාරයිද භූමි ලාභ ධන ලාභ ලැබ ගෙහිමියාගේ පැතුම් ඉටුවීම සිදුවේ. සුනඛයින්ට හඬවල් දෙකක්‌ ඇත. එය බිරීම සහ උඩු බිරීම යනුවෙනි. උඩු බිරීමෙන් අථර්ථයක්‌ සිදුවේ. පාන්දර උඩු බිරීම තම නිවසටම පමණක්‌ නොව ගමටද ව්‍යසනය ඇති කරයි. මරණයක්‌ ගැන අසන්නට ලැබේ. දහවල් කාලයේ උඩු බිරීම සොර සතුරු කරදර පෙන්වයි. සවස්‌ කාලයේ උඩු බිරීම නිවසේ අවාසනාවන්ත කාලයක්‌ පෙන්වයි. මැදියම් රැයේ උඩුබිරීම නිsවසේ මරණයක්‌ සිදුවන බවට පෙර නිමිත්තකි. හිරු උදාවන විට සුනඛයින් රංචු ගැසී හිරු දෙස බලා උඩු බුරයි නම් රටේ පාලකයන්ට නරක කාලයක්‌ උදාවන බව පෙන්වයි. දුර්භික්‌ෂ බය, රෝග බය, ලේ වැගිරීම්, කල කෝළාහල ඇතිවේ. ඉර මුදුන් වේලේ බලු රංචුවක්‌ උඩු බුරයිද රටේ ශෝක ජනක සිද්ධි, මරණ, කැරැළි කෝළාහල ඇතිවන බව පෙන්වයි. තනි බල්ලෙකුගේ උඩු බිරීම ගෙදරටද, බල්ලන් කීපදෙනෙකුගේ උඩු බිරීම රටටද බලපායි. පළමුව ගෙය ළඟ උඩුබුරන බල්ලන් ටික වේලාවකදී සොහොන් භූමියක උඩු බුරලයි නම් මරණයක්‌ නියත බව පෙන්වයි.

නිතරම අලස ලෙසින් නිදාගෙන සිටින සුනඛයන්ගෙන් හා දඩාවතේ යන සුනඛයින්ගෙන් පලක්‌ නැත. සුපික්‌ෂාකාරීව සිටින සුනඛයාගේ ඇවිදිලි අඩුය. නිදාගන්නේද නැත. ඔහු නිතරම දෙකන් යොමු කර අවට ඇතිවන දේ ගැන නිරීක්‌ෂණය කරයි. බියෙන් තොරය. මැදියම් රාත්‍රියේ වුවද අවදියෙන් සෝදිසියෙන් සිටී. නිතර නිතර ආහාර ගන්නේ නැත. බලු රැළේ සෙල්ලමින් කාලය ගතකරන සුනඛයින් හා අවට ඇතිදේ නිරීක්‌ෂණය නොකරන්නෝ ගෙයකට නුසුදුසුය. ඒ නිසා යහපත් සුනඛයකු ඇති කිරීමෙන් ඔබේ ආරක්‌ෂාව මෙන්ම දවසේ සිදුවන යහපත හා අහයපත් අනාගතය ගැන පෙරනිමිතිද දැනගැනීමේ නිමිති කරුවකු වෙයි. එය කෙසේ වුවත් ඔබ මිනිස්‌ සමාජය තුළ ඇසුරු කරන විට මෙය හොඳින් අවබෝධ කර ගැනීමට වග බලා ගªª €ව්

We found this article from Divaina on 2012/07/20.
Also Sinhala to English Google word to word translation can be found here