කටක ලග්නයෙන් උපන් ඔබේ විවාහය අසාර්ථකද?

0
378
කටක
කටක

[ratings]

කටක ලග්නයේ ලග්නාධිපති සඳු ග්‍රහයායි. මෙම සඳු උපතේදී ඔබේ කේන්ද්‍රයේ කොටු 12 තුළ සුබව හෝ අසුබව තිබීම ඔබේ දියුණුවට හෝ විවාහයට බලපානු ඇත. කටක ලග්නයට බුධ සතුරු ග්‍රහයකි. තවද ශුක්‍රරද සතුරුය. කටක ලග්නයේ ලග්නාධිපති සඳු වෘශ්චික රාශියට නීචය. කුජද නීචය. රාහුද සතුරුය. මේ අනුව මිථුනයට කුජද නීචය. මිථුනයට කුජ නීච මෙන් කටකයේ කුජ රාහු හෝ ශනි රාහු හෝ සංයෝගව ලග්නයේ තිබීම විවාහය අසාර්ථක වීමට එක්‌ හේතුවකි. තවද වෘශ්චික රාශියේ සඳු රාහු ශනි ද පිහිටීමද විවාහය දෙදරීමටද හේතුවකි.

සඳු සුබව තිබීම ඉගනීමට දියුණුවට ගුරු හා සංයෝගීව තිබීම සැප සම්පත් ගෙන දෙන වාසනාම යෝගයකි. නමුත් කුජ රාහු සඳු ශනි සංයෝගව තිබීම එම වාසනාවද අහිමි වන අවස්‌ථාද ඇත. ජන්ම පින්බල මහිමය මත කළ පෙර කුශල මත විවාහයට සුදුසු පුරුෂයින්, ලැබීමෙන් විවාහ සැපත ගෙනේ. මේ සඳු හොඳට – නරකට දෙකටම පවතී. සමහර කේන්ද්‍ර ශනි, සඳු සංයෝගය තුළ විවාහය ප්‍රමාද කරවා තිබේ. කුජ සඳු සංයෝගය තුළ කාමුක බව වර්ධනය තුළින් ලාබාල වියේදී ප්‍රේම බන්ධන තුළින්ද විවාහය අසාර්ථක වීද ඇත. හිතුවක්‌කාර ප්‍රේම බන්ධන තුළින් දුක්‌විඳින අයද ඇත. කුජ රාහු හෝ කුජ ශනි 8 වැන්නේ වෘශ්චිකයේ තිබීම මේෂයේ ශුක්‍ර ශනි රාහු තිබීමද බුධ ශුක්‍ර කුජ රාහු තිබීමද කටක ලග්නයට අනුව හා රාශිය අනුව විවාහය ද දෙදරයි.

සමහර අය කියයි ලග්නයේ සඳු ග්‍රහයා ස්‌වක්‍ෂෙත්‍රව සිටීම මෙම දොaෂ භංග වන්නේ නැද්ද කියා. පුරුෂ කේන්ද්‍රයේ කුජ 8 වැන්නේ තිබීම මෙම දොaෂ භංගවීමක්‌ නේද කියා. එසේ සිතා මහා දශාව හා අන්තර් දශාව සුබයි. ග්‍රහ පොරොන්දම් රාශි පොරොන්දම සුබයි. නාඩි පොරොන්දම සුබයි කියා විවාහ වූ උසස්‌ ධනවත් කාන්තාවන්ද විවාහයෙන් වැන්දඹු වූ අයද සිටී. ලාබාල වියෙන් කණවැන්දුම් වූ අයද සිටී. හිතුවක්‌කාර නොගැලපීම් සහිත විවාහයන් කරගෙන මහමඟ හිඟාකන අයද සිටියි. සඳු රාහු, කුජ ශනි, කුජ සඳු, කුජ ශුක්‍ර යෝගවලින්ද උපන් කාන්තාවන් විවාහයෙන් රහස්‌ ප්‍රේම බන්ධන තුළින් පිහි ඇණුම් වලින්ද දේපළ හානි හා උසාවි නීති මගින්, ජීවිතය නැතිකරගෙන දික්‌කසාද හා තනිව ජීවත්වන කාන්තාවෝ අදටත් බොහෝ සිටී. වෙන්වූ අයද සිටියි.

සමහර කාන්තාවන් වයස අවු. 42 හා අවු. 45 අතරද විවාහ මංගල්‍යයන් සොයා අවසානයේ තනිවම ජීවත්වන අයද සිටියි. සඳු සුබව සිටීමෙන් ඉහළම රජ සම්පත් විවාහයෙන් ලැබූ පසුව එම විවාහය දෙදරාගෙන තනිව සිටිනා අයද සිටියි. එක්‌කෝ කාන්තාවගේ සඳු ශුක්‍ර, කුජසඳු කාම යෝගය හා අතිකාම ධාවන යෝගය තුළින් පරපුරුෂ සේවනය තුළින්ද පුරුෂයා අතැර දමනු ඇත. මෙම සඳු වෘශ්චික රාශියටද ශනි 8 වැන්න වෘශ්චිකයට තිබීම දුක්‌ පීඩා මැද හිතුවක්‌කාර විවාහයක්‌ දෙමාපියන්ට හොරා විවාහවී අදටත් ඉතා දුක්‌ත ජීවිතයක්‌ ගතකරන කාන්තාවන් සිර ගෙවල්වලද මහ මඟද සිටියි. සිඟමන්ද යදිනු ඇත. මා දන්නා එක්‌ කාන්තාවකට කුජ සඳු හා කුජ ශුක්‍ර, කාම යෝගයද, අතිකාම ධාවන යෝගයද තිබිණි. වයස අවු. 16 පිරුණු කල හිතුවක්‌කාර ප්‍රේම සම්බන්ධයෙන් පාසල් කාලයේ ඇති කරන මත්ද්‍රවයට අබ්බැහි වූවකු හා දෙමව්පියන්ට හොරා විවාහ විය. දරු දෙදෙනකුද සිටින මෙම කාන්තාවගේ ස්‌වාමියා මත්ද්‍රව්‍ය විකිණීමේ වරදට අවුරුදු ගණනකට සිරගත විය. අවසානයේදී ඉන්න පැළද – දරුවන් ද මෙම කාන්තාවට සහෝදර සහෝදරියන්ද දෙමාපියන්ද නැතිවිය. තිබුණ රැකියාවද නැතිවිය. දරුවන්ද මඩමකට දැමීය. කාන්තාවද විදේශ ගතවිය. අදටත් එම කාන්තාව ගැන කිසිදු ආරංචියක්‌ද නොවීය. පසුකලක එම රටේ ඇති කරගත් අනිසි ප්‍රේම බන්ධන තුළ එම රටේ නීතියට සිරගතව සිටිනා බව සැලවිය. මේ අනුව කෙනකුගේ කේන්ද්‍රයක කාලසර්ප යෝගය තිබුණ විටදී මුල් කාලය සැපත ලැබීමත් විවාහයෙන් අන්ත දුක්‌ විඳීමත් මෙම කුජ ශනි සහ කුජ රාහු සංයෝගය තුළ විවාහය දෙදරූ හැටිත් හිඟාකන තත්ත්වයට පත්කරන අයුරුද අසුබ සඳු හා සුබ සඳු අන් ග්‍රහයන්ගේ දෘෂ්ඨියෙන් ඈත්වන බවද පෙනේ.

කේන්ද්‍රය මොන තරම් ගැලපුවත් සඳු හෝ ශනි හෝ කුජ හෝ රාහු මොන රාශියක තිබුණත් දොaෂ භංගයයි කිව්වත් දුකට පත්වීම ස්‌ථිරයි. දොaෂ කිසිවක්‌ භංගවීමක්‌ නැත. පොරොන්දම් 65% සුබයි. අස්‌ඨ කූඨය සුබයි කිව්වත් විවාහය අසාර්ථක වූ කාන්තාවන් අදටත් බොහෝ සිටී. උපතින් කුජ 8 හෝ ලග්න ගතව කුජ රාහු හෝ ශුක්‍ර රාහු කුජ ශනි තිබීම වෙනත් රාශියක දෘෂ්ඨියක්‌ නොලැබෙන්නේ නම් පුරුෂ කේන්ද්‍රයෙන් 100% ක්‌ම භංග වන බව දැනගෙනම විවාහ වන්න. අනිවාර්යෙන්ම දරු දෙදෙනකු සිටියත් අවුරුදු 23 ක්‌ අවුරුදු 30 ක්‌ ගිහිල්ලත් මංගල්‍ය කැඩෙන බවත්, එම කාන්තාව වැන්දඹු වන බවත්, රහස්‌ සම්බන්ධතා ඇති කරගෙන තනිව ජීවත්වන බවද අපට ලැබෙන කේන්ද්‍ර තුළින් පවුල් ඒකක කේන්ද්‍ර පිරික්‌සීම තුළ අත්දැක ඔප්පු කර තිබේ. එබැවින් කටක ලග්නයෙන් උපන් කාන්තාවකගේ ලග්නාධිපති සිටින ස්‌ථානයද ශනි හා ශුක්‍ර හා රාහු බුධ හා කුජ සිටින රාශිය බලා විවාහයට සුදුසු පුරුෂ කේන්ද්‍රගෙන විවාහවන්න. නැතිනම් තනිවම සිටීම සුබයි. මා දන්නා බොහෝ කටක ලග්න කාන්තාවන්ගේ විවාහය කැඩී ඇත.

එක්‌කෝ පුරුෂයා වෙනත් කාන්තාවක්‌ සමඟ සම්බන්ධ වී ඇත. එසේ නැතිනම් කාන්තාව වෙනත් පුරුෂයකු හා රහස්‌ සම්බන්ධතා වලටද පැටලී ඇත. කුජ ශුක්‍ර, කුජ චන්ද්‍ර උපතින් නීචව, සතුරුව සුබව පිහිටා ඇති පිරිමියා හෝ ගැහැණිය, කුජ 8 හෝ ශනි 8 තිබුණද වැරැදි කාමයට පෙළෙඹෙනුq ඇත. වෙසඟනන් බවටද පත්වනු ඇත. ලාබාල ගැහැණු දරුවන් හා යොවුන් දරුවන් ස්‌ත්‍රී දූෂණවලට, ළමා අපචාරවලට ලක්‌වන්නේද සඳු උච්චව හෝ නීචව හා කාම භෝගය තුළින් උපන් පුරුෂයන්ගේ මෙම තත්ත්වය පිහිටා තිබෙන අයයි.

සඳු ග්‍රහයා සුබ වනවිට කාන්තාව ලස්‌සන පෙනුම ඇති ත්‍යාගශීලී කාන්තාවක්‌ වන්නේය. ගුරු දැකීම තුළින් උසස්‌ විවාහ තුළින් සැපවත් ජීවිත ගත කරන්නේය. සඳු 12 වැන්නේ ඇතිව පිහිටන කාන්තාව නපුරු දුෂ්ඨ ගතිවලින් ස්‌වාමියා තලාපෙලා වධක භාර්යාවන් වන්නේය. කුජ රාහු 8, සඳු රාහු 8, බුධ ශුක්‍ර කුජ 8 හෝ වෘශ්චික රාශිය හෝ මිථුනයේ හෝ සිංහ රාශියේ කන්‍යාවේ තිබීම කාන්තාවගේ විවාහය අසාර්ථක වන පාපි කේන්ද්‍රයන්ය.

We found this article from Divaina on 2012/03/09.
Also Sinhala to English Google word to word translation can be found here