[ratings]
කටකයේ ලග්නාධිපති සඳු ග්‍රහයා බව ඔබ දනී. සිංහ ලග්නයට ද අධිපති වන්නේ රවි ග්‍රහයායි. කන්‍යා ලග්නයට අධිපති ග්‍රහයා වන්නේ බුධයි. මෙම හිමි කාරක ග්‍රහයන් ස්‌වක්‍ෂේත්‍ර වී නම් පෙර පින් බලයක් මෙන් විවාහයට, රැකියාවට අනාගත දියුණුවට සුබ වන්නේය. සමහර ස්‌ත්‍රී කේන්ද්‍රවල මෙම ලග්නාධිපති ග්‍රහයා ස්‌වක්‍ෂේත්‍රවී සිටී. කටක ලග්න හිමි කාන්තාවකට හෝ පුරුෂයකුට බුධ, රාහු, ශනි, ශුක්‍ර ග්‍රහයන් සිකුරුය. නීච කුජ ශනී, කුජ රාහු, ශනි රාහු බුධ ශනි 7 වැන්නේ සිටීම සතුරු හා නීච ග්‍රහයන්ය. සිංහ ලග්න හිමියන්ට ශනි, රාහු කුජ කේතු ග්‍රහ දෘෂ්ටියට ලක්‌වීමත් ශුක්‍ර ග්‍රහයා නීච හා සතුරු වී දැක්‌වීමද අසුබයි. කන්‍යා ලග්නයට ශනි දුක දිදී, වද කර ජීවත් කරන ග්‍රහ පිහිටීමකි. ශුක්‍ර, කුජ සතුරු ග්‍රහයන් ය. මෙම ග්‍රහයන් සංයෝගව 1, 7, 8, 12 හෝ 2, 3, 6, 10 තැනක සිටියත් නීච, සතුරු, ග්‍රහයන් වීම නිසාම විවාහය ප්‍රමාද කරවන්නේ ය.
මනාලියකට මනාලයකු සොයන විටදී පුවත්පත් දැන්වීමක් පළ කර ලැබෙන පිළිතුරු ලිපිවල කේන්ද්‍ර වෙන වෙනම හොඳින් පරීක්‍ෂා කළ යුතුව ඇත. පොරොන්දම් ගැලපීමට වඩා හොඳ ග්‍රහ පොරොන්දම හා ග්‍රහ රාශි පොරොන්දම ගැලපීමය. කටකයේ ශුක්‍ර ග්‍රහයා ලග්නගතව තිබේ නම් 8 වැන්නේ සඳු රාහු කුජ සංයෝග වී තිබේ නම් ප්‍රේම සම්බන්ධතා හා යෝජිත විවාහ කඩා කප්පල් වන යෝගයකි. කුජ රාහු, ශනි රාහු, සඳු රාහු හා ශුක්‍ර ග්‍රහයා දැකීම හා රාහුට කුජට – ශනිට දෘෂ්ටිය දැක්‌වීම තුළින්ද ප්‍රේම බන්ධන බිඳේ. කටක ලග්නය හිමිව සඳුගේ රාශියේ කුජ රාහු ශුක්‍ර ලග්න ගතවීමත් 7 වැන්නේ මකරයේ ර කේ බුධ ශනි සංයෝගව තිබීම හා ගුරු 8 වැන්නේ වීම හා කන්‍යා හා සිංහ ලග්න හිමියන්ගේ 7 වැන්නේ හා 8 වැන්නේ ශු රා කු කේ ශනි සංයෝග දෘෂ්ඨිය තිබීමය. ලග්න ගතව ශනි පිහිටා තිබීම. විවාහයට බාධා ගෙන දේ
කටකයට ගුරු උච්ච ග්‍රහයෙකි. කන්‍යාවේ බුධ හා රවි සංයෝග වීම උසස් රැකියාවක් හා ගුරු හා සංයෝග වීම උසස් විවාහකයකි. කේතු හා සඳුගේ දෘෂ්ටියට ලක්‌වීම හා කුජ ශනි සංයෝග දෘෂ්ටිය දැකීමද සුබ නොවන්නේය.
කන්‍යා ලග්න හිමි කාන්තාවගේ විවාහය ප්‍රමාද කරවීමට හේතු සිකුරු ග්‍රහයට සතුරු නීච ස්‌ථානයක සිටීමයි. ගුරු ශුක්‍ර සංයෝගය ද මේ නිසා අසුබයි. කටකයට වන්නේ ගුරු උච්ච ග්‍රහයකු වූ සඳු හා රාහු ශනි ශුක්‍ර කුජ ද සංයෝග වී දක්‌වන දෘෂ්ටියෙන් විවාහය තදින් ප්‍රමාද වීම් බලපෑමක් හා විවාහය දෙදරීමකි. සිංහ ලග්නයට ද වන්නේ රචි ග්‍රහයා මිත්‍ර හා සතුරුව නීචව සිටි ග්‍රාහයකු අසුබ ග්‍රහ සංයෝග දෘෂ්ටියට ලක්‌ව ග්‍රහයාට රාහු හා කුජ ශනි සතුරු ග්‍රහ දෘෂ්ටියට ලක්‌වීමකි.
මංගල යෝග තිබේ නම්, ඒරාෂ්ඨක අපල කාලයක් නම් විවාහයක් සිදු නොකළ යුතු අතර සිකුරු 4 වැන්නේ කටක ලග්නය නම් තුලාවේ ශුක්‍ර නම් ග්‍රහ ගෝචරය අනුව විවාහ මංගල යෝග ඇති සුබ කාලයකි.
තවද සිකුරු ග්‍රහයා 5 වැනි කොටුවේ තැන්පත්ව සිටින විටදී 7, 9, 11 වැනි කොටුවල ග්‍රහ ගෝචරයෙන් ගුරු ගමන් කරන විට විවාහ ප්‍රමාද වූ අයකුට මංගල යෝග උදාව පවතී. මෙම කාලය තමයි දෙදෙනා මුණ ගැසීම හා විවාහයක් සෙවිය යුතු වන්නේ. උපතේදී සිකුරු සිටින ස්‌ථානය අනුව 5, 7, 9 කොටුවල සතුරු නීච ග්‍රහයන් සිටියේ නැත්නම් 7 අධිපති ග්‍රහයා 7 කොටුවේ සුබව සිටි කළ කටක, සිංහ -කන්‍යා ලග්න හිමියන්ට පෙර පින් බලය තුළින් දෝෂ භංගවී විවාහය ඉටු වන්නේ ය. විවාහය ප්‍රමාද නොවී සිටින්නේ කෙසේද? උපතින් ම පාපාංශක කේන්ද්‍රයේ වැඩිය. එම පාපාංශක බිඳ වැටෙන සතුරු, නීච ග්‍රහයන් කේන්ද්‍ර පරීක්‍ෂවෙන් කළ යුතුව ඇත. 7 වැන්නාධිපති හෝ 7 අධිපති සිටින නවාංශකයේ අධිපති ග්‍රහයා සිටින ස්‌ථානය ගමන් කරන කල්හි මංගල යෝග උදාවන කාලයයි. 20 වැනි දෙර්කාණය හා අධිපතිග්‍රහයා සිටින ස්‌ථානය අනුව නීච බව සතුරු බව දුරලන කේන්ද්‍ර දෙකේ ග්‍රහයන් භංග වීම මංගල යෝග උදාවීමට හේතු වේ.
තවද ස්‌ත්‍රී කේන්ද්‍රයක ගුරු 8 වැන්න ඇත්නම් කුජ සිකුරු සංයෝගයට වෘශ්චික ලග්නය හෝ මකර හා කන්‍යා ලග්නය වීමද අතිකාම ධාවන යෝගය විශේෂයෙන් පරීක්‍ෂා කළ යුතුවම ඇත. මීන හා ධනු ලග්න කේන්ද්‍රයක අධිපති ග්‍රහයා ගුරු 8 වැන්න හෝ ශනි 8 වැන්න සංයෝග වීමද කටක කුජ ශුක්‍ර හා කුජ සඳු සංයෝගව සිංහ කන්‍යා, කටක ලග්න හිමියන්ට පිරිමි හෝ ස්‌ත්‍රීන්ට විවාහය ප්‍රමාද කරවීමට සිත් කළ කිරවීමකට හේතුවන ග්‍රහ පිහිටීම් වේ. නවාංශකය පරීක්‍ෂා කිරීමේදී කුජ සිකුරු, සඳු සිකුරු හා ශනි 8 ගුරු 8 හා බුධ හා රාහු හා කුජ ද 8 වැන්නේ කන්‍යා කටක සිංහ ලග්න හිමි කේන්ද්‍ර මෙම අතිකාම ධාවන යෝගය තිබේ නම් විවාහයට ප්‍රධාන බාධකයකි. විවාහ ප්‍රමාදයට ද හේතුවන පිහිටීමකි. කුජ, චන්ද්‍ර හා කුජ ශුක්‍ර යෝගයක් නවාංශකයේ හෝ ලග්නය, රාශියක දෘෂ්ටියට ලක් වන්නේ අති කාම ධාවන යෝගයකි. එය ජීවිතයේදී දෛවය අංකය අනුව පරිවර්තන කාලයන් ලෙසද ගැනේ. 7 අධිපති 8 වැන්නේ හා 12 අධිපති 7 වැන්නේ පිහිටියේ නම් ද භාර්යාවට ආයුෂ අඩුවන ලෙඩ රෝග ඇතිවීමට හේතු වන්නේ ය. නවාංශකයේ කුජ හා ශනී හා සිකුරු ද නීච වී සිටිමත් ලග්නයේ, නවාංශයේ ලග්න ගතව හෝ 7, 8 ස්‌ථානවල සිටියත් කුමන ලග්නයක් තිබුණද කුජ ශුක්‍ර සංයෝගය ස්‌ත්‍රියකගේ හා පුරුෂයකුගේ පවුල් ජිවිතයේ සිංහයේ, කටකයේ මෙම ග්‍රහයන් තිබුණ කළ විවාහය දෙදරන්නේ ය. වෘෂභ ලග්න වී ගුරු 8 වැන්නේ වීමත් තුලා ලගනය වී ගුරු ලග්නගතව ශුක්‍ර 8 වැන්නේ කුජ ශනි ද සංයෝගව 8 වැන්නේ තිබුණු කල ද මෙම අති කාම ධාවනය යෝගය තුළින් විවාහ ප්‍රමාද වන්නේ ය. මේ නිසා 7 වැන්නාධිපති හා 12 වැන්නාධිපති 8 වැන්නාධිපති වීම විවාහය ප්‍රමාදයට ද හේතු වූ ග්‍රහ පිහිටීමකි.
වෘෂභ ලග්නයේ ලග්නාධිපති ශුක්‍ර ය. තුලා, මේ ලග්නාධිපති ද ශුක්‍ර ග්‍රහයා ය. මේ දෙන්aනාගේ 7 වැන්නාධිපති කුජ ග්‍රහයා සිටින වෘශ්චික රාශියේ හා මේෂ රාශියේ ය. දෙදෙනාගේම ලග්නාධිපති කුජය. මෙම කුජ 8 වැන්නේ හෝ 12 වැන්නේ ලග්නයේ සිටීමද ස්‌වක්‍ෂෙත්‍රව ක්‍රම සිටීම වුවද සමගියට බාධා ඇති කරන ග්‍රහ පිහිටීමකි. විවාහ ප්‍රමාද කරවන්නේ ගුරු 8 වැන්නේ නම් අෂ්ඨම ඒරාක්‍ෂ්ටක බැවිනි. ගුරු ශුක්‍ර සංයෝගය ද එතරම්ම සුබ නොවන්නේය. ශනි යෝග කාරක හා උච්ච ග්‍රහයකු බැවින් තුලාවේදී ලග්න ගත වීම සුබවන්නේය. ශනි යෝග කාරක හා උච්ච ග්‍රහයකු බැවින් තුලාවේදී ලග්න ගත වීම සුබවන්නේය. ශනි උච්ච ග්‍රහයකු බැවින්ද, ශුක්‍ර ග්‍රහයා ස්‌වක්‌ෂේත්‍ර බැවින්ද, තද බල ලෙස මෙම ග්‍රහයා සිටි කල කේන්ද්‍ර දෙකක වේ. පොරොන්දම නුසුදුසු නම් නාඩි පොරොන්දම හා රාශි පොරොන්දම පක්‍ෂි හා වෘක්‍ෂ පොරොන්දම හෝ සුබ නොවන්නේ නම් 65% ක් පොරොන්දම් ගලපා විවාහ වුවද විවාහය දෙදරන්නේ ය. ග්‍රහ හා රාශි පොරොන්දම් නිසියාකාරව ගලපා නැති නිසාය. එබැවින් කටක ලග්නයට සඳු ග්‍රහයා සුබ විය යුතු වන්නේ ය. තවද සිංහ ලග්නයට රවි සුබ විය යුතු වන්නේ ය.
සතුරු ග්‍රහයකු හා සංයෝගව තිබි ශුක්‍ර හා රාහු කුජ දෘෂ්ටියට ලක්‌වීද මහා දශාවද ශුක්‍ර මහා දශාය වී අතුරු දශාව ගුරු නම් ද විවිධ මට්‌ටමේ මානසික තත්ත්වයක් උදා වන්නේය. ඉගෙනුම ලබන්නට නොහැකි වන්නේ ය. රැකියාවද නොලැබෙන්නේය. වයසද විවාහය ද අවු. 35 – 45 දක්‌වා ම ඉටු නොවන්නේය.
ග්‍රහ දෝෂ භංග වන ග්‍රහ පිහිටීම් සහිත කේන්ද්‍රයක් ගත්විට විවාහයට සුදුසුම වන්නේ ය. ස්‌ත්‍රී කේන්ද්‍රයක කු ශා කොතැනක සිටියත් ග්‍රහ දෝෂ භංග වී ඔබට වීමට ඇති විවාහ ප්‍රමාද ග්‍රහ දෝෂය ද භංග වීම්ද දක්‌වන්නේ ය. පූර්වයේ කළ පින් ග්‍රහ වස්‌තුවලින් කොටු 12 තුළ පෙන්නූම් කිරීමෙන් ද විවාහ ස්‌ථානය කොටු 7 වැන්න හෝ ලග්නයට 7 වැන්නේ සුබ හෝ අසුබ ග්‍රහයකු පිහිටීම් ද දියුණුවීමට ද දරුවන්ට ද විවාහ ප්‍රමාද අයට සුබ නොවේ.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here