[ratings]
මේ දිනවල බොහෝ දෙනා කථා බහ කරන්නේ කතරගම දෙවියන් වැඩ වාසය කරන්නේ කතරගමද? කැබිලිත්තෑව ප්‍රදේශයේදැයි කියාය. ඇත්තටම කතරගම දෙවියන් දැන් වැඩ වාසය කරන්නේ මහානුභාව බලසම්පන්න සෘෂිවරුන් වැඩවාසය කළ ඉන්දියාවේ එක්‌තරා ප්‍රදේශයකයි.
උන්වහන්සේ එහි භාවනානුයෝගීව වැඩ වාසය කරනවා. නමුත් උන්වහන්සේ මෙහි නැතත් උන්වහන්සේගේ බැල්ම අප රටට තිබෙනවා. එසේම වල්ලි අම්මාගේ ශක්‌තියද අප රටට ලැබී තිබෙනවා. ඇය කතරගම ප්‍රදේශයේ වැඩ වාසය කරනවා. කතරගම දෙවියන් මෙලෙස ශ්‍රී ලංකාවෙන් පිටත වැඩ වාසය කරන්නේ ධර්මානුකූල දිවියක් ගත කරන නිසයි. සුදුවතින් සැරසී භාවනායෝගීව උන්වහන්සේ දිවි ගෙවනවා.
බොහෝම කෙළිලොල් දිවියක් ගත කළ උන්වහන්සේ සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් ගෞතම බුදුපියාණන් වහන්සේ ඇතුළු මහ රහතුන් වහන්සේලා පන්සියක් නමකට දන් පිළිගන්වා දහම් අසා සෝවාන් ඵල ලබා ඇති නිසා උන්වහන්සේගේ මතු ප්‍රාර්ථනය මෛත්‍රී බුදුන් දැක නිවන් දැකීමයි.
කතරගම දෙවියන්ගේ විශේෂ ලක්‌ෂණය වනුයේ තමා වෙතට සියලුම ආගමික භක්‌තියක් ග්‍රහණයකොටගෙන සියලු දෙනාට පිහිටවීම සහ සියලු දෙනාගේ ප්‍රාර්ථනාවන් ඒ අයුරින්ම සාක්‌ෂාත් කරදීමයි.
ධර්මයට අනුව ආගමානුකූලව ජීවත්වන ඕනෑම බැතිමතකුට කතරගම දෙවියන්ගේ පිහිට ආරක්‌ෂාව නොඅඩුව නිසැකවම ලබාගත හැකියි.
සුරා සූදුවෙන් යුතුව ආගමික භක්‌තියක් නැතිව කතරගම දෙවියන් තබා කිසිදු දෙවි දේවතාවුන් වහන්සේ කෙනෙකුගේ පිහිට ආරක්‌ෂාව ලබා ගන්න බැහැ. එය සෑම ආගමකම බැතිමතුන් තේරුම් ගත යුතුයි.
ඇතැම් දෙනා පවසනවා කතරගම දෙවියන් බලයට අධිපති… කෙළිලොල් දිවියක් ගත කළ කෙනෙක් නිසා උන්වහන්සේගේ පිහිට ආරක්‌ෂාව ලබාගන්න එතරම් පේවීමක් අවශ්‍ය නැහැ කියලා. එය වැරදියි. අකුසලයේ යෙදෙමින් කුසල් රැස්‌කරන්න බැහැ.
කතරගම දෙවියන් සෝවාන්ඵල ලබා භාවනානුයෝගීව වැඩ වාසය කරන නිසා තමයි වර්තමානයේ කතරගම ප්‍රදේශයේ මැණික් වැනි වටිනා ධන නිධාන පහළවන්නේ. මොකද උන්වහන්සේ මේවනවිට දනට පිනට ඉතා දැඩි ලෙස යොමුව සිටිනවා. විශේෂයෙන් උන්වහන්සේ දුප්පත් ජනතාවට උදව් උපකාර කරනවා. මොකද එදා කතරගම දෙවියන් කතරගම ප්‍රදේශයේ වැඩ වාසය කරනවිට උන්වහන්සේට උදව් උපකාර කළේ දුප්පත් ජනතාවයි. එනිසා උන්වහන්සේ තුළ දුප්පත් ජනතාවට ඇත්තේ පුදුමාකාර ආදරයක්. ඔවුන් ඉන් මුදවා ගන්න උන්වහන්සේට දැඩි අවශ්‍යතාවක් තිබෙනවා.
හැබැයි උන්වහන්සේ වැඩසිටි අඩවියේ ඇති භූමි සම්පත් භහිරව, නාග සහ රාක්‌ෂ කියන තුන්කට්‌ටුවට බාර කරලයි තියෙන්නේ. එනිසා ඔවුන්ගේ අවසර ලබාගෙන තමයි මේ භූමි සම්පත් ලබාගත හැක්‌කේ.
දැන් කිසිවකුත් වැරදි අවබෝධයක් ඇතිකරගන්න එපා කතරගම දෙවියන් ලංකාවේ නැති නිසා කතරගම දේවාලයට ගිහින් වැඩක් නැහැ. කැබිලිත්තෑවට ගිහින් වැඩක් නැහැ කියලා. කතරගම දෙවියන්ගේ බැල්ම, පිහිට ආරක්‌ෂාව එහි තියෙනවා. එය කිසිදා නැතිවන්නේ නැහැ. එසේම කතරගම දෙවියන් පමණක් නොව ඕනෑම දෙවි දේවතාවුන් වහන්සේ නමකගෙන් පිහිට ආරක්‌ෂාව ලබාගත හැක්‌කේ ඒ සඳහා නිසි වත් පිළිවෙත් කරමින් යහපත් දිවියක් ගතකරන විටදී පමණයි. වෛරය, ක්‍රෝධය, තණ්‌හාව, ඊර්ෂ්‍යාව වපුරවමින් තිරිසන් සතුන් වගේ දිවි ගෙවන අයට කිසිම දිනෙක දෙවියන් දකින්න බැහැ.
We found this article from Divaina on 2012/03/30.
Also Sinhala to English Google word to word translation can be found here