කසාදයේ රඟ පෙන්වා දෙන බුද

0
729
බුද
බුද

ආදර හැඟීම් ඇති කරන්නේ සිකුරු ග්‍රහයායි. සිකුරුට කේන්ද්‍රයේ අනෙක්‌ ග්‍රහයන්ගෙනුත් යම් යම් විදියට ලැබෙන බලපෑම් ඒ සඳහා හේතු වෙනවා. විශේෂ වශයෙන් බුද ග්‍රහයා කේන්ද්‍රයේ කොයි ස්‌ථානයේ ද ඉන්නේ කියන එක වැදගත්.

මොකද දන්නවද බුද ග්‍රහයා තමයි අපේ හැඟීම්වලට අධිපතිකම් කරන්නේ. කෙනෙකුගේ කේන්ද්‍රයේ පස්‌වැනි කොටුව භාර ග්‍රහයාත් බුද. ආදර සම්බන්ධතා ගොඩනගන්න බුද මූලික වෙනවා. ඒ වගේම කේන්ද්‍රයේ 04 වැනිs කොටුවත් ඉතාම වැදගත් වෙනවා. ඒ මොකද කියනවා නම් අපි කතා කරන මාතෘකාවේ හැටියට ඔබේ කේන්ද්‍රයේ හතර වැනි කොටුව තමයි ඔබේ හදවත. ඔබේ ලග්නය මේෂ නම් 4 වැනි කොටුව අයිති සඳුටයි. මේෂ ලග්න හිමි ඔබේ සඳු ග්‍රහයා ඔබ උපදින විට සිටිය ස්‌ථානය අනුව ඔබේ ආදර හැඟීම් තැන්පත් වෙනවා. ඔබ වෘෂභ නම් 4 අධිපති රවි ග්‍රහයායි.

ඔබ මිථුන නම් 4 අධිපති බුද, කටක නම් සිකුරු, සිංහ නම් කුජ, කන්‍යා නම් ගුරු, තුලා නම් සෙනසුරු, වෘශ්චික නම් ඒත් සෙනසුරුමයි. ධනු නම් ගුරුය. මකර නම් කුජ වෙයි. කුම්භ නම් සිකුරුය. මීන නම් බුදය. ඒ ඒ ලග්නවලට සිතට අධිගෘහිත ග්‍රහයෝ වෙන්නේ ඒ අයයි.

හැබැයි හිතට කාරක ග්‍රහයා කියන්නේ සඳුටයි. ඔබේ කේන්ද්‍රයේ සඳු ඉන්න ස්‌ථානය අනුව තමයි ඔබේ හිතට අධිගෘහිත ග්‍රහයා ක්‍රියා කරන්නේ. ඒ ග්‍රහයන්ගේ ස්‌වභාවය අනුව බුද ග්‍රහයා කේන්ද්‍රයේ සිටින ස්‌ථානය හා තත්තවය අනුව තමයි ඔබ තුළ ආදර හැඟීම් ඇතිවෙන්නේ. එහෙම බලන කොට හිතට අධිගෘහිත වන ග්‍රහයොත්, සඳුට අවනත වෙනවා. හැඟීම් උපදවන බුද ග්‍රහයාත් ඒ සියල්ලන්ටම විශේෂ වෙනවා.

බුද කේaJද්‍රයේ සුබ ස්‌ථානයක සිටීම සිකුරු හතරවැනි කොටුවේ යෝගවීම, ලග්නය සුබවීම, ලග්නාධිපති සුබ වීම අනුව ඔබටත් සුන්දර සිතක්‌ ලැබෙයි.

හතර වැනි කොටුවේ කුජ, රාහු, කේතු, ශනි වැනි ග්‍රහයෙක්‌ සතුරු ලෙස සිටිමින් බුද ග්‍රහයා ද වෘෂභ, මකර, වෘශ්චික යන රාශියක හෝ කේන්ද්‍රයේ 06, 08, 12 යන තැනක නම් ගුණ සුවඳ විෂ සහිත වෙයි.

ඉතින් මේ තත්ත්වයෙන් විශේෂයෙන්ම ඔබේ විවාහ ජීවිතයට තමයි අහිතකර වෙන්නේ. විශේෂයෙන් කෙන්ද්‍රයේ 7 වන කොටුව සහ එහි අධිපති ග්‍රහයා කේන්ද්‍රයේ 04, 05, 10 වැනි ස්‌ථානවල සුබ අන්දමට පිහිටා තිබේ නම් ඉතාම යහපත් විවාහයක්‌ ඔබට ලැබෙන්න පුළුවන්. හැබැයි 2 වැනි කොටුවේ කුජ 4 කොටුවේ රාහු හෝ කේතු හෝ ශනි හෝ කුජ හෝ සිටිනවා නම් බුද, වෘෂභ, මකර, වෘශ්චික, රාශියක නම් විවාහ දිවිය අවුල් වෙනවා. ඒ වගේම අනෙකාගේ කේන්දරයේ ඊට ප්‍රතිවිරුද්ධව ඒ ග්‍රහයෝ සිටියොත් ස්‌ථිර ලෙසම විවාහ දිවිය මිලින වෙනවාමයි.

ඒ නිසා ආදරයේ සැඟවුන අර්ථය රාගයයි. එය කෙතෙක්‌ සමගාමී තත්වයෙන් පවතිනවාද යන්න ඊළඟට වැදගත් අවශ්‍යතාවයි. ඒවාත් මෙම ග්‍රහ පිහිටීම් තුළ පවතිනවා. විශේෂයෙන් ඒ ගැන කියන කේන්ද්‍රයේ 05 වැනි කොටුව, 07 වැනි කොටුව, කුජ හා සිකුරුගේ තත්ත්වය බලන්න වෙනවා. කෙනෙකුගේ කුජ හෝ බුද හෝ සඳු හෝ 5 වන භාවයේ නම් රාගයට දැඩි ඇල්මක්‌ ඇගේ හෝ ඔහුගේ පවතිනවා. යම් හෙයකින් විවාහ ස්‌ථානය වූ 7 වැන්න අධිපති කේන්ද්‍රයේ 06 හෝ 08 කොටුවක සිටී නම් ඒ ඇල්ම නිසි විදියට සපුරා ගන්න අමාරුයි.

යම් හෙයකින් බුද ග්‍රහයා මකර රාශියේ නම් තෘප්තියක්‌ ඒ සම්බන්ධයෙන් නිසි ලෙස නොලැබෙයි. ඒ විතරක්‌ ම නෙවෙයි. අනෙක්‌ ලැබීම් වලිනුත් නිසි තෘප්තියක්‌ ලැබෙන්නේ නෑ. ඇතැම් විට කළගුණ පවා නොතකන මනසක්‌ බිහිවේවි.

ආදරය කරන විට මේ ග්‍රහ බලපෑම් යම් යම් පරිදි ලැබෙනවා. එවිට අඬ අඬා හෝ ඒ ආදරයම පතන තරමට සිතේ ඇතිවන ඇලීම බලවත් වෙනවා. එම ග්‍රහ බලයම විවාහ දිවිය තුළ විවිධ ගැටලු මතුකර අවුල් කර දමන පොරොන්දම් බැලීම තුළින් මේ තත්ත්වයන් අවබෝධ කරගන්න අමාරුයි.

කෙනෙකුගේ බුද වෘෂභ රාශියේ නම් 4 වැනි කොටුව අසුබ නම්, එම අධිපතියාත් ලග්නාධිපතින් අසුබ බලපෑම්වල නම් ඒ සිතට හරි හෝ වැරදි හෝ දැක්‌මක්‌ ඇති වුණොත් එයම ස්‌ථêර කිරීමට, සනාථ කිරීමට මුරණ්‌ඩු ස්‌වභාවයට පත් කරයි. ඒ නිසා තදබල අඹුසැමි ගැටුම් හටගන්නවා. විවාහ අධිපති ග්‍රහයාත් 08 වැන්න, 06 වැන්න, 12 වැන්න වැනි තැනක නම් ලිංගික අතෘප්තියත් ඇතිකරයි. කුජ රාහු, ශනි වැනි ග්‍රහයන් එකෙක්‌ දෙන්නෙක්‌ හෝ දෙවැනි කොටුවේ නම් බහිබස්‌වීම් වඩාත් ඇතිවෙනවා. එනිසා ආදර මල් මිලිනව දෙදෙනා දෙලොවක්‌ අතර සිට “පාරමිතා නොපුරමු අපි දෙදෙනා මතු මතු සංසාරේ” යනුවෙන් සිතෙන් පතනු ඇත.

එසේම බුද මකර රාශියේ වී එය කේන්ද්‍රයේ නරක ස්‌ථානයක වී නම් එම පෙම්වතා හෝ පෙම්වතිය හැම දෙයකින්ම තෘප්තියක්‌ නොලබන කෙනෙක්‌ ලෙස යුග දිවි ගත කරයි. කුමන දේ ලැබුණත් සිතට ගැලපීමක්‌ නැත. නමුත් ලැබුන දේ සුරකී. ඇතැම් විට සැමියා අගය නොකරයි. එනිසාද ආදර මල් මිලිනව විවාහ දිවිය අසාර්ථකව “බත් උයලා, මස්‌ උයලා කන්න දුන්න මං මෙන්න බොලේ මේ යෝදිට මං එපාලු දැන්” කියන්නට සිදුවන අඹුසැමියෝ බිහිවෙති.

වෘශ්චික රාශියේ බුද සිටිමින් අනෙක්‌ ග්‍රහ බලය ද පෙර සේම පවතින පෙම්වතුන් පෙම්වතියන් දක්‍ෂය. කඩිසරය. නමුත් සැමියා හෝ බිරිඳ හෝ කියන යෝජනා කරන කිසිවක්‌ කෙරෙහි විශ්වාස නොකරයි. අවිශ්වාස සිත් ස්‌වභාවයකි. යම් සැකයක්‌ ඇති වුවහොත් රහසිතව ක්‍රියාකර ඒ සැකය තහවුරු කර ගනී. එසේ කටයුතු කරමින් ඉන්පසු සෑම දෙයක්‌ කෙරෙහිම අවිශ්වාස වෙයි. මෙයත් යුගදිවි අවුල්වන තැනකි.

විශේෂයෙන් මතක තබා ගත යුත්තක්‌ තිබේ. එකී තත්ත්වයන් ඔබ දෙදෙනාම මනාව අවබෝධ කරගෙන බුද්ධිමත්ව මුහුණ දෙන්නේ නම්, ඔබ දෙදෙනාම ජයග්‍රහණය කරන බවය. ආදර මල් මිලින වී නොයන බවය. සියල්ල විනාශ වීමට හෝ ඇති වීමට අසුරු සැනක සිතකට හැකියාව පවතී.

We found this article from Divaina on 2013/07/14.
Also Sinhala to English Google word to word translation can be found here