කාන්තා ආකර්ශනයට සඳුගේ බලපෑම

1950
සඳුගේ
සඳුගේ

[ratings]

පොළොවට ඉතා සමීපව ගමන් කරන, සේම ඊට සම්බන්ධ ග්‍රහයකු ලෙස සඳු (චන්ද්‍රයා) සැලකිය හැකිය. ප්‍රථිවියේ සිට සඳුවෙත ඇති මධ්‍ය දුර ප්‍රමාණය සැතපුම් 2,35,000 ක්‌ පමණ වේ. සඳකිරණ තත්පර 1 1/2 ත් 02 ත් අතර කාලයක්‌ තුළ පොළොවට පතිතවේ. පොළොව වටා ගමන් කිරීමට දින 27 මිනිත්තු 45 කට ආසන්න කාලයක්‌ ගනී. සඳු පෘථිවිය වටා යද්දී ඉලිප්සාකාර හැඩයක්‌ ගන්නා නිසා සඳුත් – පොළවත් අතර එක සමාන දුරක්‌ නොපවතී. සඳුගේ විෂ්කම්භය සැතපුම් 2160 ක්‌ පමණ වේ.

මහ පොළොව වාසය කරගෙන සිටින මිනිස්‌ සත්ත්වයන් පමණක්‌ම නොව අජීවි වස්‌තුන්ද වෙනස්‌ වන්නේ සඳුගේ බලපෑම අනුවය. ග්‍රහලොව වේ (සූර්යයා) පියා ලෙස සැලකෙන අතර මව ලෙස සඳු (චන්ද්‍රයා) සැලකේ. මිනිස්‌ සිතට, මනසට අධිපතියා ලෙස සඳු සැලකිය හැකිය. හැම ක්‍රියාකාරීත්වයකටම පාහේ ආකර්ශනය, ශක්‌තිය හිරුගෙන් ලැබෙන අතර ක්‍රියාත්මක හේතුන් ඇති කිරීමට, සකස්‌ කිරීමට, පිළියෙල වන්නේද සඳු ගෙනි.

සඳු රාශියකින් තවත් රාශියකට ගමන් කිරීමට දින 2 1/2 ක්‌ පමණ ගතවෙයි. මේ දින දෙකහමාර තුළදී ගෝචර පළ ඇතිවෙන්නේ සුළුවෙන්ය. චන්ද්‍රයාගේ ගමනේදී වැඩි වශයෙන් ක්‍රියාකාරීත්වය ඵලදීම සිදුවන්නේ සිටි රාශියෙන් නික්‌ම යන්නට ළං වෙද්දීය. ස්‌ත්‍රී කේන්ද්‍රයක චන්ද්‍රයා උච්ච වීම ඉතාමත් සුබ දායකයි. උච්ච වූ, සඳු යහපත් ප්‍රතිඵල ගෙනදෙයි. සඳු උච්චවන්නේ වෘෂභ රාශියටයි. ස්‌වක්‍ෂේත්‍ර බලයෙන් සිටින්නේ කටක රාශියේදීය. චන්ද්‍රයා වෘෂභ රාශිය තුළ උච්චවන්නේ මුල් අංශක 03 දීය. මෙම පිහිටීම පෙර පිං බලයක්‌ දනවයි. මේ ආත්ම භවයේදීද දහමට පිනට ලැදිව කටයුතු කරයි. කටක ලග්න හිමියන්ගේ සඳු උච්ච වන්නේ 11 වැන්නේ සිටිවිටය. මෙම පිහිටීම නිසා ආධ්‍යාත්මකව උසස්‌ තත්ත්වයක්‌ හිමිකර ගනී. පුර පක්‌ෂයේ වීනම් ස්‌ථêර ආදායම් තත්ත්වයක්‌ උදාකෙරේ. ලෝකෝත්තර පැත්තට බර වැඩි අවපක්‍ෂයේ නම් ලෞකික සැප සම්පත් ලැබීමේ භාග්‍ය ඇතිකර දෙයි. පිරිස්‌ බලය ප්‍රධානත්වය ලබයි. විවාහය සිදු වන්නේ ආශ්‍රය මතයි. ආලය පදනම්කර ගෙනය. අන් අයගෙන් ගරු බුහුමන් ලබයි. සහෝදරදීන්ගේ සහයෝගය ලැබේ.

සඳුගේ ස්‌වක්‍ෂේත්‍ර බලය විදහා දැක්‌වෙන්නේ කටක රාශි ගත වූ විටය. කටක ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ සඳු 01 සිටීම ඉතාමත් වාසනාවන්තයි. භාර්යාවට හෝ ස්‌වාමිපුරුෂයාට හෝ ඉතා හිතවත්වේ. දරුවන්ටද එසේමය. කටක ලග්නයේ සඳු සිටින පිරිමින් තම බිරින්දැවරුන්ට ඉත සිතින්ම සෙනෙහස ආදරය දක්‌වයි. සිත චංචලයි. නිතර වෙනස්‌ වීම් ඇතිවේ. අන් අයට දුකක්‌ කරදරයක්‌ ඇති වුවහොත් ඒ ගැන සලකා බලා උදව් උපකාර කිරීමට මැලිනොවේ. කටක ලග්නයේ (01) සඳු සිටින බොහොමයක්‌ දෙනා නෘත්‍ය, කලා, සාහිත්‍ය, කටයුතු කෙරෙහි වඩාත් අවධානයෙන් පසුවේ. එවන් රැකියා පහසුකම් වල නියෑළී සිටීමටද පුළුවන. එසේම ඖෂධ වර්ග වෙළෙ¹ම් කටයුතු වලටද සුබයි. දරුවන් වාසනාවන්තයි. තම උත්සාහයෙන්ම දියුණුව ඇති කරගනී. පිටස්‌තර උදවියට කරදරයක්‌ ඇති නොවන අයුරින් කටයුතු කරගනී. අන්අය තමා වෙත වසඟකර ගැනීමට හැකියාවක්‌ ඇතිවේ. සඳු කටක රාශිගතව රවි සමඟ සංයෝග වීම ඉතාමත් භාග්‍ය සම්පන්නයි. ඔබේ හඳහනේ ලග්නය කටක රාශිය වී එහි (01) සඳු සමඟ රවි සිටීනම් පාලන කටයුතුවලට දක්‍ෂ වේ. පිරිස්‌ බලය වැඩිවේ. සඳු බුධ සමඟ වී නම් චින්තන ශක්‌තිය වඩාත් දියුණුවෙයි. එසේම සිතිවිලි වැඩි නිසා ස්‌නායු ආබාධ – මොළේ ආබාධ ඇතිවීමටද ඉඩකඩ තිබේ.

ගෝචර ගමනේදී සඳු ලග්නයේ සිටින දින 2 1/2 තුළ ස්‌ත්‍රීන් පුරුෂයන් ගැනත් පුරුෂයන් ස්‌ත්‍රීන් ගැනත් කැමැත්ත වැඩිවේ. එසේ ආශාවන් ඇතිවුවත් ගතිගුණ යහපත් වේ.

ස්‌ත්‍රී කේන්ද්‍රයක සඳු වෘෂභ රාශිගතව (උපතේදී) සිටීම ඉතාමත් සුබ දායකයි. රූපය ලස්‌සන වේ. පතිදම් රකී. ස්‌වාමි පුරුෂයා ගැන නිතර සැලකිළිමත් වේ. පවුලේ දියුණුව උදාවේ.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here