කාමසූත්‍රයේ දැක්‌වෙන ශාරීරික නිල කාමශක්‌ති

3328
කාමසූත්‍රයේ
කාමසූත්‍රයේ

ඉපැරැණි ඉසිවරුන් අපේ ශරීරයේ විවිධාකාරව නිල ස්‌ථානයක්‌ පිහිටා ඇති බව නිල චක්‍රයක්‌ මගින් අපට පෙන්වා ඇත. ඒවා මිනිසාට මෙන්ම අලි, ඇතුන්, අශ්ව, එළු, බැටළු, උරග පක්‍ෂීන්ගේ ශරීරවල පිහිටා ඇති බව තව දුරටත් කියෑවේ.

මේ නිල අතරින් කිතිකවන නිලය අපි ළදරු අවදියේ සිටම හොඳින් දනී. පාසලේදී මිතුරකුගේ අතේ වැලමිටට උඩින් ඇති මස්‌ ගොබය ඇඟිළි දෙකින් මිරිකා උඩට අදින විටත්, නැතිනම් අල්ලේ පහළ කොටසින් ගසන විටත් එම මස්‌ ගුලිය නිල් පැහැයට වේදනාවෙන් උඩට ඉස්‌සේ. තවද අතේ ඇඟිලි මිරිකමින් යහළුවන් තෙරපන විටද අපි ආයි ආයි කියා කෑගසති. ඒවාද නිලයන්ය.

මේ ආකාරයට මළ මුත්‍රා පිටවීමට, සිහි මුර්ජාවීමට, කොරවීමට, අංශභාග රෝගයක්‌ කිරීමට, සිහිවිකල්වීමට හා යම් අයකු මරුමුවට පත් කිරීමේ මහා භයානක නිලයන්ද ඇත. ඒවා අද අපේ නොමිනිස්‌ මිනිස්‌ සමාජයට දායාද කර අපායෙහි නොවැටී සිටීමට වග බලා ගමු·

එමෙන්ම කාම නිලයන්ද ඇත. ඒවායින් කාමශක්‌ත ස්‌ත්‍රී පුරුෂ රති ක්‍රීඩාවෙහි චුම්බනය ප්‍රාථමික කාර්යයකි. එය ගෘද්ධාගාර රසොද්පාදනයට හේතුවන විශේෂයක්‌ හැටියට ඉපැරැණි කව්‍ය විචාරකයින් හඳුන්වා ඇත. ආදරය පෙරදැරි කොටගත් මා පියන් දරුවන් සිඹිති. බෞද්ධ චරිතයන් අනුව දරුවාගේ හිස සිඹීම කරයි. පාළි ග්‍රන්ථවල එය හැඳින්වෙන්නේ “මුද්ධතී” චුම්බනය ලෙසින්ය. අපර දිගින් ආවේනික වූ චාරිත්‍රයක්‌ සේ සැළකිය හැක. දුකට සැපට, ප්‍රීතියට ආදරයට කිසි භේදයකින් තොරන ඕනෑම කෙනෙක්‌ ඕනෑම අයකුගේ මුව සිඹීමේ ක්‍රමයක්‌ අපරදිගින් ආවේණික වූවක්‌ බව අපට පෙනේ. ලිංගික කාර්යයනට පෙර කාම කාමිනීන් සම්භෝග අවස්‌ථාවේ රාගෝත්පාදනය සඳහා චුම්බනය අත්‍යාවශ්‍යයෙන්ම අවශ්‍ය වන්නක්‌ ලෙස වාත්ශ්‍යායන හඳුන්වයි. එය ලිංගික කාර්යයනට ප්‍රථමයෙන් සිදුවිය යුත්තකි. චුම්බනයන් හා චුම්බන ස්‌ථානද විවිධයි. එය රාගයේ උත්සන්නතාවේ හැටියටද ඒ ඒ දේශවල පුරුදු ආකාරයට දියුණුවී ඇති බව පෙනේ.

වාත්ශ්‍යායන මූලිකස්‌ථාන අටක්‌කාම ශක්‌තයන් ආශ්‍රය කළයුතු ලෙසට පෙන්වා ඇත. ඒවා නළල, කියඹු, කපෝල, ඇස්‌, උරතල, පියවුරු, තොල් මුව තුළ දිව හා තලු වැනි ස්‌ථානයන් කාමශක්‌තයන් කාමිනියකගේ චුම්බනස්‌ථානවේ. එමෙන්ම ලාට දේශවාසීන් කලවා සන්ධි කිහිලි හා නාභිමුල යන තැන්තැන්ද චුම්බනස්‌ථාන ලෙස පෙන්වා ඇත. මීට අමතරව ස්‌ථාන දහයක්‌ කාමශාස්‌ත්‍ර ග්‍රන්ථයන්හි සඳහන්ව ඇත. මෙම චුම්බන විධි මිනිසාට හා ස්‌ත්‍රියන්ටත් පොදු බවත් අදීන යුගයේ සිටම ලංකාවේද මේ සිරිත චාරිත්‍රයක්‌ ලෙසින් භාවිතා කර ඇති බව පෙනේ. කාව්‍ය ප්‍රමුඛතාවයේ අග තැන්පත් සිරි රහල් හිමියෝද සුරත ක්‍රීඩාවට මුලින් මුව කමල හා රතු තොල් සිඹි බව මෙසේ ලියා ඇත.

ඩාදිය බිඳු විපුල්

තුනු වග මුව කමල්

විලියෙන් පියු නෙතුපුල්

නොහැරැසිඹ රතලවන මනකමල්

තවද වාත් ශ්‍යායන ආචාර්යවරයා චුම්බන විධි කොටස්‌ වශයෙන් සංග්‍රහ කොට ඇත. ඔහුගේ පළමුවන සංග්‍රහයේ 1. නිමිත්තක 2. ස්‌පුරිත්තක 3. ගට්‌ටිකක යනුවෙන් කොටස්‌ තුනක්‌ සඳහන් කර ඇත.

මේ සියල්ලක්‌ම අපේ ශරිරයේ ඇති නිලස්‌ථානයන්ය. නිල ස්‌ථානයන් අධ්‍යයනය කිරීමේදී අප ශරීරය තුළ ගැබ්වී ඇති විශ්ව ජීවශක්‌ති ශාරීරික මානසික චිත්ත වේගික, ලිංගික, අධ්‍යාත්මක වශයෙන් වේ. මේ විශ්ව ශක්‌තිය එක්‌ එක්‌ ශක්‌තියට පරිවර්තනය වෙයි. මේ ශක්‌තීන් පංච මහා භූතයින් සමග මේ ආකාරයට සම්බන්ධ වේ.

1.ශාරීරික – පඨ§වි 2. මානසික ආපෝ 3. චිත්තවේගික වායෝ 4. ලිංගික තේජෝ 5. අධ්‍යාත්මික ආකාශ මේ පද්ධතීන් දෑත් ඇඟිලි හා සම්බන්ධව ඇත. ඒවා 1. ශාරීරික- මාපටඟිල්ල, 2. මානසික – මැඳගිල්ල, 3. චිත්ත වේදික – වෙදඟිල්ල, 4. ලිංගික- දබරඟිල්ල, 5. අධ්‍යාත්මික- සුළඟිල්ල යනුවෙන් බෙදී ඇත.

මෙයින් නලලේ දෙබැම අතර පිහිටි නිලස්‌ථානය ඉතා වැදගත්ම නිලස්‌ථානයයි. එමෙන්ම මීට අමතරව සෑම ඇඟිල්ලකම තුඩුවල වැදගත් නිලස්‌ථාන පිහිටා ඇත. ඒවා රෝග සුවකිරීම පිනිස වැදගත්වේ.

මෙම නිලස්‌ථාන තමාගේ ආත්ම ආරක්‍ෂාවටද උපයෝගී වේ. ආයුර්වේද වෙදකමට, සර්ප වෙදකමට, උළුක්‌කු හන්දි කැඩුම් බිඳුම්වලට, භූත රෝග සුව කිරීමට හා කටුචිකිත්සාවේදීද මෙම ශක්‌ති ප්‍රවාහ නියමය අනුව නිලස්‌ථාන බෙදා ඇත. ඒ නිසා මෙය පාරම් පරිකව නිල ශාස්‌ත්‍රයක්‌ බවට අදත් ලොව පිළිගැනේ. ඒවායින් උතුම් ප්‍රතිඵල ලබා ඇති බවද පිළිගැණේ.

We found this article from Divaina on 2012/10/19.
Also Sinhala to English Google word to word translation can be found here