එම භාවය තුළ “බු” යන්න යොදා බුධ පිහිටුවන්න. වගුවට අනුව ගුරු ග්‍රහයා ගමන් කරන රාශිය වන්නේ මීන රාශියයි. උදාහරණ කේන්දරයේ මීන රාශියට අයත් වන්නේ පස්‌වෙනි භාවයයි. එම රාශිය තුළ “ගු” යන්න යොදා ගුරු ග්‍රහයා පිහිටවමු. පිහිට විය යුතු ඊළඟ ග්‍රහයා වන්නේ ශුක්‍ර හෙවත් සිකුරු ග්‍රහයාය. වගුව අනුව ශුක්‍ර ගහයා ගමන් කරන්නේ තුලා රාශිය තුළය. උදාහරණ කේන්දරයේ තුලා රාශියට අයත් වන භාවය දොළොස්‌වෙනි භාවය වන නිසා එම භාවය තුළ “ශු” යන්න යොදා ශුක්‍ර ග්‍රහයා පිහිටුවා ගත යුතුය.
වගුව අනුව ඊළඟ ග්‍රහයා වන ශනි ගමන් කරන්නේ කන්‍ය රාශිය තුළය. උදාහරණ කේන්දරයේ කන්‍යා රාශියට එකොළොස්‌වෙනි භාවය අයත් වන නිසා එම රාශිය තුළ “ශ” යන්න යොදා ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා පිහිට වියයුතුය. වගුවට අනුව ළමයා උපන් දින රාහු ග්‍රහයා ගමන් කරන ලද්දේ ධනු රාශිය තුළය. අපගේ උදාහරණ කේන්දරයේ ධනු රාශියට හිමි වන්නේ දෙවැනි භාවය වන නිසා එහි “රා” රයන්න යොදා රාහු ග්‍රහයා පිහිටුවා ගත යුතුය. ඊළඟට පිහිටුවා ගත යුතු වන්නේ කේතු ග්‍රහයාය. වගුවේ කේතු ග්‍රහයා ගැන තොරතුරු සඳහන් වන්නේ නැත. එයට හේතුවක් ඇත. යම් රාශියක් තුළ රාහු ග්‍රහයා සිටීද එතැන් සිට හත් වෙනි භාවයේ එනම් අංශක 180 ක ප්‍රතිවිරුද්ධ ස්‌ථානයේ කේතු ග්‍රහයා ගමන් කරන නිසාය. ඒ නිසා රාහු සිටින භාවයේ සිට හත්වෙනි භාවය දක්‌වා ගණන් කර එම භාවයේ කේතු පිහිට විය යුතුවේ. මෙහිදී රාහු සිටින භාවය එක වශයෙන් ගෙන ගණන් කළ යුතුය. එම ක්‍රමය කිසිම අවස්‌ථාවක වෙනස් වන්නේ නැත.
නවාංශක කේන්දරයේ රාහු හා කේතු පිහිටුවීමේදී ද මෙම ක්‍රමය අනුගමනය කළ යුතුය. ඒ අනුව කේතු ග්‍රහයා උදාහරණ කේන්දරයේ මිථුන රාශියට අයත් වන අට වෙනි භාවයේ පිහිටුවා ගත යුතුවේ.
ඊළඟට පිහිටුවා ගත යුත්තේ යුරේනස් ග්‍රහයාය. වගුව අනුව යුරේනස් ග්‍රහයා ගමන් කරන්නේ මීන රාශිය තුළ නිසා උදාහරණ කේන්දරයේ මීනට අයත් භාවය පස් වෙනි භාවය වන නිසා එම භාවය තුළ “යු” යන්න යොදා යුරේනස් පිහිට විය යුතු අතර අන්තිම ග්‍රහයා වන නැප්චූන් ග්‍රහයා ළමයා උපන් දිනය වන විට වගුවට අනුව කුම්භ රාශිය තුළ ගමන් කරන නිසා උදාහරණ කේන්දරයේ කුම්භට අයත් වන භාවය වන හතර වෙනි භාවයේ “නැ” යන්න යොදා නැප්චුන් පිහිටුවා ගත යුතුය. ඉන් අනතුරුව අනෙකුත් හිස් කොටු වල එම කොටුවට අදාළ අංකය යොදා කේන්දරයේ භාව 12 සම්පූර්ණ කළ යුතුය. පළමු භාවයේ කිසිම ග්‍රහයෙක් නොමැති නිසා එහි එක යෙදිය යුතු අතර තුන් වෙනි භාවයේ අංක තුනත්, හය වෙනි භාවය හිස් නිසා එහි අංක 6 ත් හත්වෙනි භාවය හිස්‌ව ඇති නිසා එහි අංක 7 ත් නම වෙනි භාවය හිස්‌ව පවතින නිසා එහි අංක 9 ත් යොදන්න.
කේන්දර භාවයක ග්‍රහයන් පිහිටුවන විට අදාළ ග්‍රහයාගේ නමේ මුල් අක්‍ෂරය පමණක් සම්ප්‍රදායක් වශයෙන් යොදනු ලැබේ. එයට තවත් හේතුවක් ඇත. එනම් එක භාවයක ග්‍රහයන් තුන් හතර දෙනෙක් සටහන් කිරීමට සිදු වුවහොත් කොටුව ඉඩ මදිවන නිසා මෙම පිළිවෙත අනුගමනය කරනු ලැබේ.
මේ වන විට අප වර්ෂ 2010 සැප්තැම්බර් මස 09 වැනි බ්‍රහස්‌පතින්දා උදේ 11. 18 ට රත්තොට දන්කන්දේදී උපන් ළමයාගේ කේන්දරය සාදා එම කේන්දරයේ ග්‍රහයන්ද පිහිටුවා අවසන් කර ඇත. ඉහත සඳහන් පරිදි කේන්දරයක් සාදා එහි ග්‍රහයන් පිහිsටුවන ආකාරය පිළිබඳව දෙතුන් වතාවක් කියවා තේරුම් ගැනීමට උත්සහ ගන්න. ඉන් අනතුරුව ඔබ විසින් උපන් දිනයක් යොදා ගෙන කේන්දර දෙක තුනක් මෙම පාඩමේ අනුසාරයෙන් සාදන්න. එවිට ඔබට පහසුවෙන් කේන්දරයක් සැදීමට පුහුණුව ලැබෙනවා ඇත.
අප විසින් 2010 වර්ෂයට අදාළ ලංකා ග්‍රහස්‌පුඨ ලිත උපයෝගී කර ගනිමින් උදාහරණයට ගත් රවි, සදු, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු, කේතු, යුරේනස් හා නැප්චුන් පිහිට වූ ආකාරය ඉහත දැක්‌වෙන කේන්දර සටහනේ සඳහන් වී ඇති ආකාරය දෙස විමසිල්ලෙන් බැලීමෙන් ඔබගේ අවබෝධය වර්ධනය වනවා ඇත. එහි 1 හි භාවය හෙවත් ලග්න භාවය හිමි කරගෙන සිටින වෘශ්චික රාශිය තුළ 2010. 09. 09 බ්‍රහස්‌පතින්දා උදේ 11.18 වන විට කිසිම ග්‍රහයෙක් ගමන් කර නොමැති නිසා හිස්‌ව පැවතුන හෙයින් අදාළ කොටුවේ අංකය වන 1 යොදා දෙවැනි භාවය හිමි කර ගත් ධනු රාශිය තුළ රාහු ග්‍රහයා ගමන් කළ නිසා රාහු ග්‍රහයාත්, තුන්වෙනි භාවය හිමි කරගෙන සිටින මකර රාශිය තුළ කිසිම ග්‍රහයෙක් ගමන් කර නොමැති නිසා කොටුවට අදාළ අංකය වන 3 යොදා ඇත. හතරවැනි භාවය හිමිකර ගෙන ඇති කුම්භ රාශිය තුළ නැප්චුන් ග්‍රහයා ගමන් කර ඇති නිසා එම කොටුවේ නැප්චුන් ග්‍රහයා පිහිටුවා ඇත.
ඊළඟට පස්‌වෙනි භාවය මීන රාශිය හිමි කරගෙන ඇති නිසා එම භාවය තුළ ගුරු හා යුරේනස් යන ග්‍රහයන් ගමන් කර ඇති නිසා පස්‌වෙනි කොටුව තුළ එම ග්‍රහයන් දෙදෙනාත්, හයවෙනි භාවය තුළ ග්‍රහයෙක් ගමන් කර නොමැති නිසා එම කොටුවට අදාළ අංකය වන හයවෙනි අංකයත්, හත්වෙනි භාවය හිමි කර ගෙන සිටින වෘෂභ රාශිය තුළද ග්‍රහයෙක් ගමන් කර නැති නිසා එයට අදාළ අංකය වන 7 ත් යොදා ඇත. අටවෙනි භාවය හිමිකර ගෙන සිටින මිථුන රාශිය තුළ කේතු ග්‍රහයා ගමන් කර සිටි හෙයින් එම භාවය තුළ කේතු ග්‍රහයා සටහන් කර ඇති අතර නමවෙනි භාවය හිමි කටක රාශිය තුළ කිසිම ග්‍රහයෙක් ගමන් නොකර ඇති හෙයින් එම භාවයට අයත් අංකය වන 9 යොදා ඇති අතර දහවැනි භාවය හිමිකර ගෙන සිටින සිංහ රාශිය තුළ රවි ග්‍රහයා හා බුධ ග්‍රහයා ගමන් කර ඇති නිසා එම කොටුවේ එම ග්‍රහයන් දෙදෙනා සටහන් කර ඇති අතර, එකොළොස්‌වැනි භාවය හිමි කන්‍යා රාශිය තුළ චන්ද්‍ර හා ශනි යන ග්‍රහයන් ගමන් කර ඇති හෙයින් එම භාවය තුළ එම ග්‍රහයන් ලකුණු කර ඇති අතර දොළොස්‌වැනි භාවය හිමි කරගෙන සිටින තුලා රාශිය තුළ කුජ හා සිකුරු යන ග්‍රහයන් ගමන් කර ඇති නිසා එම භාවය තුළ එම ග්‍රහයන් දෙදෙනා සටහන් කර ඇත.
තත්ත්වය මෙසේ වූවද පළමුවෙනි භාවය හිමි ග්‍රහයා කුජ වන අතර, දෙවෙනි භාවය හිමි ග්‍රහයා ගුරු ද, තුන්වෙනි භාවය හිමි ග්‍රහයා ශනි ද, හතර වැනි භාවය හිමි ග්‍රහයා ද ශනි වන අතර පස්‌වෙනිs භාවය හිමි ග්‍රහයා ගුරු ද, හය වෙනි භාවය හිමි ග්‍රහයා කුජ ද, හත්වෙනි භාවය හිමි ග්‍රහයා ශුක්‍ර ද, අටවෙනි භාවය හිමි ග්‍රහයා බුධ ද, නමවෙනි භාවය හිමි ග්‍රහයා සඳු ද, දහවෙනි භාවය හිමි ග්‍රහයා රවි ද, එකොලොස්‌වැනි භාවය හිමි ග්‍රහයා බුධ ද, දොළොස්‌වැනි භාවය හිමි ග්‍රහයා ශුක්‍ර ග්‍රහයා ද වේ.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here