මෙහි පහත දැක්වෙන රූප සටහන දෙස බැලීමෙන් ලග්න රාශියක් උදාවෙන ආකාරය පිළිබඳ ඔබට වඩාත් පැහැදිලි වේ.
නැවත දළ කේන්දර සැලැස්ම දෙස බලන්න ඔබ ඉගෙන ගන්නා කාලය තුළදී දළ කේන්දර සැලැස්මේ පිටතින්ද කුඩා කොටුවක් ඇඳ ගැනීම සුදුසුය. එයට හේතුව ලග්න රාශියට සාපේක්ෂව එක් එක් කොටු හෙවත් භාවයන් අයත් වන රාශින් සටහන් කර ගැනීමටය.එසේ සටහන් කර ගැනීමෙන් ග්‍රහයන් පිහිටුවීමේදී පහසුවක් ඇති කරවන අතර නිවැරදි කොටුවේ හෙවත් භාවයේ නිවැරදි ආකාරයට ග්‍රහයා සටහන් කර ගැනීමට හැකි වීමයි. ඉගෙන ගෙන අවබෝධයක් ලැබුවාට පසු පිටින් යොදා ඇති කුඩා කොටුව අවශ්‍ය වන්නේ නැත. මින් ඉදිරියට කේන්දර සැලැස්මේ කොටු වලට කොටු නොකියා භාවය යන වචනය භාවිත කිරීමට පුරුදු වන්න. රාශීන්ගේ සම්මත අනුපිළිවළ අනුව මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන යනුවෙන් ගැන ගැනීම කරනු ලැබේ.
එහෙත් කේන්දරය සෑදීමෙන් පසු මේ අතරින් ලග්නය වශයෙන් යම් රාශියක් හඳුනාගත්තායින් පසු එය පළමු රාශිය කොට සලකා කේන්දර සැලැස්මේ පළමු වෙනි භාවය එම රාශියට අයත් වේ. ඒ අනුව පහත උදාහරණ කේන්දරයේ පළමුවෙනි භාවය හිමි වන්නේ වෘශ්චිකයටමය. භාව එක දෙක වශයෙන් ගැන ගැනීමේදී කේන්දර සැලැස්මේ වම් පැත්තට හෙවත් වාමා වෘතව ගැන ගත යුතුය. එතැන් සිට අනුපිළිවෙළ අනුව දෙවෙනි භාවය හිමි වන්නේ ධනු රාශියටය. එම නිසා තුන් වෙනි භාවය මකර රාශියටත්, හතර වෙනි භාවය කුම්භ රාශියටත්, පස් වෙනි භාවය මීන රාශියටත්, හයවෙනි භාවය මේෂ රාශියටත් හත්වෙනි භාවය වෘෂභ රාශියටත්, අට වෙනි භාවය මිථුන රාශියටත් නව වෙනි භාවය කටක රාශියටත් දහ වෙනි භාවය සිංහ රාශියටත්, එකොලොස් වෙනි භාවය කන්‍යා රාශියටත් දොළොස් වෙනි භාවය තුලා රාශියටත් හිමි වේ. මෙය වඩාත් පැහැදිලි කර ගැනීම සඳහා පහත සඳහන් උදාහරණ කේන්දරය දෙස බලන්න.
මීළඟට අප විසින් ළමයා උපන් දවසේ උපන් වේලාව වන විට එනම් වර්ෂ 2010 සැප්තැම්බර් මස 9 වැනි බ්‍රහස්පතින්දා උදේ 11.18 ට රත්තොට දන්කන්දේදී ළමයා උපදින විට විශ්වයේ භ්‍රමණය වෙමින් පැවැති ග්‍රහයින් කුමන රාශි වල ගමන් කර සිටියේද කියා බලා ඒ ඒ රාශි වල ඒ ඒ ග්‍රහයින් සටහන් කර ගත යුතුය. ඒ සඳහා 2010 ලංකා පංචාංග ග්‍රහස්පුඨ ලිත උපයෝගි කර ගෙන 70 වැනි පිටුව පෙරළා ගෙන එහි වම් පැත්තේ ඇති දිනය යන තිරස් තීරුව දෙස බලා (වමේ සිට දකුණට විහිදෙන තීරුව) ඒ ඒ ග්‍රහයා ගමන් කරන රාශිය හඳුනා ගත යුතුය. එම ලිත ඕනෑම පොත් සාප්පුවකින් ඔබට ලබා ගත හැකිය.එසේ සොයා ගත නොහැකි වුවහොත් අප වෙතින් තැපැලෙන් ගෙන්වා ගත හැකිය. පාඩම අවබෝධ කර ගැනීම සඳහා පිටු අංක 7 දරන ලිත් පිටුව බලන්න.
මෙම වගුව කෙරෙහි හොඳින් අවධානය යොමු කර ග්රහයින්ගේ ගමන පිළිබඳව තේරුම් ගැනීමට උත්සාහ කරන්න. මෙම වගුවේ ග්‍රහයින් සඳහන් කර ඇත්තේ ද අනුපිළිවෙළ අනුවය. එනම් රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක, ශනි, රාහු යුරේනස්, නැප්චුන් ආදී වශයෙනි.
මෙහි දිනය වශයෙන් සඳහන් පළමුවෙනි කොටුවේ ළමයාගේ උපන් දිනය සඳහන්ව ඇත. ඊළග 2 නි තීරුවේ නක්ෂත්ර කාලය සඳහන්ව ඇත. ඊළග එක් එක් තීරු වල ග්රහයින්ගේ අනුපිළිවෙළ අනුව ඒ ඒ ග්‍රහයා ගමන් කරන රාශිය කුමක් ද කියා සඳහන් වේ.
ඒ අනුව ළමයා උපන් දිනය වන 9 දා රවි ග්‍රහයා සිටින රාශිය 3 වැනි තීරුවේ සඳහන් වන්නේ සිංහ රාශිය තුළ බවය.
එසේ නම් ඉහත අපගේ උදාහරණයට ගත් වෘශ්චික කේන්දරයේ සිංහ රාශියට අයත් භාවය කුමක්ද කියා බලා එම භාවය තුළ “ර” යන්න යොදා රවි ග්‍රහයා පිහිට විය යුතුය. උදාහරණ කේන්දරයේ සිංහ රාශියට අයත් වන්නේ දහ වැනි භාවයයි. එහි “ර” යන්න යොදා රවි ග්‍රහයා පිහිටුවන්න.
ඊළගට අනුපිළිවළ අනුව චන්ද්‍ර හෙවත් සඳු ග්‍රහයා සිටින රාශිය කුමක්ද කියා වගුව දෙස බලමු. වගුවට අනුව සඳු ග්‍රහයා ගමන් කරන්නේ කන්‍යා රාශිය තුළය. ඒ නිසා උදාහරණ වෘශ්චික කේන්දරයේ කන්‍යා රාශිය හිමි වන්නේ එකොළොස් වැනි භාවයටයි. එසේ නම් චන්ද්‍ර ග්‍රහයා “ච” යනුවෙන් කන්‍යා රාශිය තුළ පිහිටවමු.
සදු ග්‍රහයා අනික් ග්‍රහයින්ට වඩා සීග්‍රයෙන් ගමන් කරන ග්‍රහයෙකි. දින 2 1/2 ක් තුළදී එක රාශියක් තුළ ඇති අංශක 30 ගමන් කර අවසන් කරයි.
ඒ නිසා සඳු පිහිටුවීමේදී දකුණු අත පැත්තේ ඇති පිටුවේ පහළින් ඇති චන්ද්‍ර රාශි වාරය දෙස බලා ළමයා උපන් වේලාව වන විට සඳු ග්‍රහයා ගමන් කරන රාශිය පැහැදිලිව හඳුනාගෙන අදාළ කේන්දරයේ සඳු පිහිටුවීමට සැලකිලිමත් විය යුතුය.
අනුපිළිවළට එන ඊළග ග්‍රහයා කුජ ග්‍රහයාය වගුව අනුව කුජ ග්‍රහයා සිටින්නේ තුලා රාශිය තුළය. එසේ නම් උදාහරණයට ගෙන ඇති වෘශ්චික කේන්දරයේ තුලාවට හිමිවන භාවය දොළොස්වැනි භාවයයි.
එම භාවයේ “කු” යන්න යොදා කුජ ග්‍රහයා පිහිටුවන්න. ඊළග ග්‍රහයා බුධ ග්‍රහයා සිටින තීරුව අනුව බුධ සිටින්නේ සිංහ රාශිය තුළය. උදාහරණ කේන්දරයේ සිංහ රාශියට අයත් වන්නේ දහවැනි භාවයයි.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here