කේන්ද්‍රයෙන් හෙළිවන ලිය ගුණ අගුණ

2424
කේන්ද්‍රයෙන්
කේන්ද්‍රයෙන්

කේන්ද්‍රයෙන් පෙනෙන වනිතා වාසනා මහිමය

මිනිස්‌ ලොව මිනිසත් බවක්‌ ලබා උපත ලැබීමට බලවත් කුසල කර්මයක්‌ මුල්විය යුතු බව බුදු දහමේ සඳහන් වෙයි.

එසේම මිනිසත් බවක්‌ ලබා ඉපදී සැප සම්පත් ඇතිව ජීවත්වීමට ඊටත් වඩා බලවත් කුසල කර්මයක්‌ කෙනෙකුට තිබිය යුතුය. ස්‌ත්‍රිය ජ්‍යෙdතිෂයේ සඳහන් වන්නේ රත්නයක්‌ වශයෙනි. එසේ රත්නයක්‌ වී මේ මිනිස්‌ ලොව ඉපදීමට ස්‌ත්‍රියකටද බලවත් කුසල් තිබිය යුතුය.

වාසනාවන්ත වනිතාව

“හෝරාසාරය” නමැති ශ්‍රේෂ්ඨ භාරතීය ජ්‍යෙdතිෂ ග්‍රන්ථයේ සඳහන් වන්නේ.

1. ලග්නයෙන් වනිතාවගේ රූප ශෝභාවද

2. ඇගේ කේන්දරයේ හත්වන රාශියෙන් ඇගේ සතුටද සැමියාගෙන් ලැබෙන ආදර කරුණාවද

3. අටවන රාශියෙන් ඇයගේ වැන්දඹු බව හෙවත් සැමියාගේ මරණයද

4. නව වන රාශියෙන් ඇයගේ දරුවන්ගේ තත්ත්වයද – මනාව පිළිබිඹු කෙරෙන බවය.

“හෝරාසාරය” කියන රහසක්‌

1. සැමියාට මර පමුණුවන වැන්දඹු යෝග

2. විවාහ බාධක යෝග –

3. විවාහ බිඳෙන යෝග –

4. ගුණහීන කපටි භාර්යාවන් උපදින යෝග

5. විවාහයක්‌ කිසිදාක හරි නොයන යෝග –

6. වඳියන් වන, මළ දරුවන් ඇතිවන, බොහෝ දරුවන් ලබන යෝග

7. සම්පත් මෙන්ම වාසනාවද, ප්‍රීතිමත් විවාහයක්‌ මෙන්ම හොඳ සැමියකු ලබන යෝග -8. අවාසනාවන්ත දුක්‌ දොම්නස්‌ ජීවිත ගත කරන්නට මග පාදන යෝග –

යන ඉහත දක්‌වන ලද යෝග ඵල සහ දශා ඵලද ස්‌ත්‍රී පුරුෂ දෙපක්‍ෂයටම සමානව ඵල දෙන බව ” හෝරාසාරය” කියන රහසය. එහෙත් එයින් යම් යම් කරුණු ස්‌ත්‍රීන්ට පැවසීමට සුදුසු නොවන බවද, එබඳු කරුණු ඔවුන්ගේ ස්‌වාමිපුරුෂයන්ට කිව යුතු බව ද එහි සඳහන් වේ.

වනිතා මහිම

1. ගුරු ශූභ රාශියක උච්චව හෝ ස්‌වක්‌ෂේත්‍රව සිටියදී ගුරුගේ ත්‍රිංශාංශයකින් උපන් වනිතාව පතිවත රකියි. සැමියාට ප්‍රිය වෙයි.

ෆ එහෙත් උපත ශනිගේ ත්‍රිංශාංශකයක සිදු වුවහොත් නපුංසකයකු සමවෙයි.

ෆ පුරුෂයකු නොලැබෙයි. දරුවන් ලදහොත් ඔවුන් මිය යති

2. ලග්නය හෝ චන්ද්‍ර රාශිය ගුරුගේ රාශියක්‌ වී එහි ගුරුගේ ත්‍රිංශාංශකයක උපන් වනිතාව ධනය ලබයි.

ෆ බුධගේ ත්‍රිංශාංශකයක උපන්විට ප්‍රසිද්ධිය ලබයි.

ෆ කුජගේ ත්‍රිංශාංශකයක උපන්විට සේවිකාවක්‌ බවට පත්වෙයි

ෆසිකුරුගේ ත්‍රිංශාංශකයක උපන්විට ගුණ යහපත්, සැමියාට ප්‍රිය බවට පත්වන ගුණගරුක කෙනෙකු වෙයි.

ෆ ශනිගේ ත්‍රිංශාංශකයක උපන්විට දිළිඳු වෙයි. දුක්‌ත වෙයි. තම තනි මතයට කටයුතු කරයි. තම කැමැත්තටම හැසිරෙයි.

3. ලග්නය හෝ චන්ද්‍ර රාශිය සිකුරුට අයත් වී සිකුරු හිමි ත්‍රිංශාංශකයෙන් උපන් වනිතාව පිංවන්තය. ප්‍රසන්නය. කාටත් ප්‍රිය වේ.

ෆ ගුරුගේ ත්‍රිංශාංශකයකයෙන් උපන්විට වාසනාවන්ත සැමියකු හා භාග්‍යමත් දරුවන් ඇති ගුණවන්තියක වේ.

ෆ කුජ හිමි ත්‍රිංශාංශකයක උපන්විට දුෂ්ඨ ගතිගුණ ඇතිවේ. කලහකාරී වේ. සැමියාට ද්වේෂ කරයි.

ෆ බුධ හිමි ත්‍රිංශාංශකයකින් උපන් විට කාව්‍ය – චිත්‍ර – ගායන – වාදනයෙන් සතුට ලබන නමුත් අශෝභන චරිතයක්‌ ඇත්තියක්‌ වේ.

ශනි හිමි ත්‍රිංශාංශකයක්‌ හිමි වූයේ නම් ඇය දෙතුන් වරක්‌ විවාහ වන්නියක්‌ වේ. නිතර රෝග පීඩා ඇතිවේ. දරුවන්ට විපත් ඇතිවේ.

4. ලග්නය හෝ චන්ද්‍ර රාශිය රවිට අයත් වී රවිගේ ත්‍රිංශාංශකයකින් උපත ලත් වනිතාව දොඩමළු ගතියෙන් යුක්‌ත අයහපත් කෙනෙකු වේ.

ෆ ත්‍රිංශාංශකය ගුරු හිමිවේ නම් උතුමන්ට ප්‍රියවේ. රජුන්ට ප්‍රියවේ.

ෆ ත්‍රිංශාංශකය සිකුරු හිමිවේ නම් දරුවන් අඩුවේ. නිතර රෝග ඇතිවේ. නමුත් උතුමන්ට ප්‍රියවේ.

ෆ ත්‍රිංශාංශකය බුධ හිමිවේ නම් පුරුෂාකාර දේහයක්‌ ඇතිවේ. ත්‍රිංශාංශකය ශනිට අයත් නම් රූපය හැඩ වෙයි. එහෙත් දිළිඳු වෙයි.

5. ලග්නය හෝ සඳු සිටින රාශිය සඳුට අයත් වී ත්‍රිංශාංශකය ගුරු හිමි වූ විට දරුවන් මඳ වෙයි. ආයුෂ අඩුවෙයි.

ෆ ත්‍රිංශාංශකය බුධට අයත් වූ විට කලාවෙහි දක්‍ෂ වෙයි. ශිල්පිනියක්‌ වෙයි.

ෆ ත්‍රිංශාංශකය සිකුරු හිමි වූ විට වඳියක්‌ වෙයි. දුෂ්ඨ වෙයි. දරුවන් නසන්නියක්‌ වෙයි.

ෆ ත්‍රිංශාංශකය කුජට අයත් වූ විට කාමුක වෙයි. දරුවන් නැසී යයි.

හත්වැන්නේ ශුභාශුභ

1. වනිතාවකගේ හත්වැන්න ග්‍රහයන්ගෙන් තොරද, බලයෙන් හීනද, පාප ග්‍රහයන්ට පෙනේද, ශුභ දෘෂ්ඨි නොවැටේද, ඇයට ලැබෙන්නේ නින්දිත ස්‌වාමිපුරුෂයෙකි.

2. වනිතාවකගේ හත්වන රාශියෙන් බුධ සහ ශනි සංයෝගයක්‌ පිහිටා ශුභ දෘෂ්ඨි නොලබයිද එම වනිතාවගේ පුරුෂයා නපුංසකයකු සමාන වෙයි. එසේම පුරුෂ ශක්‌තිය හීනයකු වෙයි. ඒ හේතුවෙන්ම ඇය වඳියක්‌ වෙයි.

3. වනිතාවකගේ හත්වැන්න චර රාශියක්‌ වී එම අධිපතියා චර නවාංශකයක සිටි විට ඇගේ සැමියා නිවසින් පිටව සිටියි.

චර රාශි

චර රාශි වශයෙන් සැලකෙන්නේ මේස – කටක – තුලා සහ මකර යන රාශීන්ය.

තිර රාශි

තිර රාශි වශයෙන් සැලකෙන්නේ වෘෂභ – සිංහ – වෘශ්චික – කුම්භ යන රාශීන්ය.

වඳ ස්‌ත්‍රියක්‌

ශනිගේ හෝ කුජගේ රාශියක්‌ ලග්නය වී සඳු – සිකුරු දෙදෙනා ලග්නයෙහි සිටිද්දී පස්‌වැන්නේ දුබල පාපයෙක්‌ සිටිය කල ඇය වඳ ගැහැනියක්‌ වේ.

චපල ස්‌ත්‍රියක්‌

බුධගේ රාශියක්‌ ලග්නය වී සඳු සහ සිකුරු යන දෙදෙනා එහි සිටියදී උපන් වනිතාව සැප ලබන නමුත් ඇය සැමියාගේ ද්වේෂයට ලක්‌වෙයි. එසේම ඇය චපල ගතියෙන් යුක්‌ත වේ.

1. වනිතා කේන්ද්‍රයක හත්වැන්නේ ග්‍රහයින් තමාගේ රාශියක වී සුබ නැකතක ද ගමන් කළ විට ඇති වන පලාඵල මෙසේය. රවි එසේ සිටි විට නිතර සම්භෝගයට ප්‍රිය සැමියකු ඇයට ලැබේ.

2. සඳු එසේ සිටි කල ඇගේ සැමියා ඇයට තදින් වසඟ වූවෙකු වෙයි

3. කුජ එසේ සිටි කල ඇගේ සැමියා අන් අඟනන් සොයා යන කෙනෙකු වෙයි

4. බුධ එසේ සිටි කල ඇගේ සැමියා උගත් සැපවත් කෙනෙකු වෙයි

5. ගුරු එසේ සිටි කල ඇගේ සැමියා ගුණවත් නැණවත් ඉඳුරන් සංවර කරගත් කෙනෙකු වේ

6. සිකුරු එසේ සිටි කල ඇගේ සැමියා සැප සම්පත් ලබන හොඳ කෙනෙකු වෙයි.

7. සෙනසුරු එසේ සිටි කල ඇගේ සැමියා බිරිඳට යටත්වන මෝඩ මහල්ලෙකු වේ.

තවත් අශුභ

1. වනිතාවගේ හත්වැන්නේ රවි සතුරුව සිටිද්දී සතුරු රාශි ගත ග්‍රහයන් විසින් දුටුව හොත් සැමියා විසින් භාර්යාව එලවා දමයි.

ෆ එසේම අශුභ නැකතක සිටින කුජ ශුභ දෘෂ්ඨි නොලබා හත්වැන්නේ සිටියහොත් ඇය බාල කලම වැන්දඹු වේ.

2. වනිතාවකගේ කේන්ද්‍රයේ හත්වැන්නේ ශනි සතුරුව සිටිද්දී සතුරු ග්‍රහයන්ට පෙනුණහොත් ඇයට විවාහයක්‌ සිදු නොවේ.

ෆ අන්‍ය ග්‍රහ බලයකින් විවාහය සිදු වුණද ඇය වැන්දඹු වෙයි. ජරා පුරුෂයන් කරායයි.

3. වනිතාවකගේ කේන්ද්‍රයෙන් හත්වැන්න දුෂ්ඨ රාශියක්‌ වී ශනි – කුජ අස්‌ථව එහි සිටි කලද ඇය වැන්දඹුවෙයි.

4. එසේම ශූභ දෘෂ්ඨි නොලද රාහු රවිත් සමග වනිතා කේන්ද්‍රයේ හත්වැන්නේ සිටි විට ඇය බොහෝ සැමියන් කරා යයි.

දුක උරුම වන හැටි

1. ලග්නයක හත අට නවය යන රාශිවල පාපයන් සිටියදී උපන් වනිතාවට දුක්‌ දොම්නස්‌ ඇති වේ.

ෆඑම රාශිවලට ශුභ ග්‍රහයන්ගේ බැල්ම නොවැටුණහොත් ඇයට දුකම උරුම වේ.

2. 08 වන රාශියෙහි පාප ග්‍රහයකු සිටිවිට ඇය වැන්දඹු වේ. (සාම්ප්‍රදායික ජ්‍යෙdතිෂ්‍යය)

අටේ සිටින එම ග්‍රහයා ශුභ දෘෂ්ඨියක්‌ නොලැබුවා වුවද ශුභ ග්‍රහයකුගේ නැකතක ශුභව සිටිය හොත් කියන ලද පල වෙනස්‌ වෙයි. (ක්‍රි. මූ. පද්ධති)

3. අට වන රාශියේ හෝ භාවයේ අධිපතියා සිටින රාශියේ නවාංශකය අධිපතියාගේ දශා කාලයෙහි ඇය වැන්දඹු බවට පත් වේ. (සාම්ප්‍රදායික ජ්‍යෙdතිෂ්‍යය) ඒ කියන්නේ සැමියා මැරෙන බවය.

ෆ එහෙත් මේවා මේ ලෙසම ක්‍රියාත්මක නොවූ අවස්‌ථා එමට ඇත.

එයට හේතුව 08 වැන්න අධිපතියාත් ඔහු සිටි නවාංශකය අධිපතියාත් ඔහු ගමන් කළ නැකත් අධිපතියාත් ශුභ වීම නිසාය.

සැප ලබන හැටි

1. වනිතා කේන්ද්‍රයේ සඳු – බුධ දෙදෙනා ශුභව ලග්න ගත කල ඇය මහා කුලයක උපත ලබා සැප ලබයි.

2. සඳු – බුධ – සිකුරු ශුභව ශුභ දෘෂ්ඨි ලැබ ලග්නයෙහි සිටි කල ඇය මහත් සැප හා ධනය ලබයි.

3. ගුරු ලග්න ගතව ශුභව ශුභ දෘෂ්ඨි ලැබ සිටි විට ඇය අතිශයින් සමෘද්ධිමත්, ධනවත්, සැපවත්, වාසනාවන්ත දරුවන් ලබන්නියක්‌ වේ.

4. පාප ග්‍රහයන් වුවද ලග්න ගතව තම රාශියක ශුභ නැකතක අශුභ දෘෂ්ඨි නොලබා සිටි විට එම වනිතාවටද සැප ලැබේ.

5. වනිතා කේන්ද්‍රයක ශුභ ග්‍රහයකු ශුභ නැකතක සිටිමින් නව වන භාග්‍යස්‌ථානයෙහි සිටි කල පාපයකු හත හෝ අට සිටියත් එම කන්‍යාව ඇගේ සැමියා හා දරුවන් සමග දිගු කලක්‌ ප්‍රීතියෙන් හා සැපයෙන් ජීවත් වෙයි.

විශේෂ යෝග

වනිතා කේන්ද්‍රයක ශුභ ග්‍රහයකු, ශුභ නැකතක ගමන් කරමින් ජන්ම කේන්ද්‍රයේ නව වන භාග්‍යස්‌ථානයෙහි සිටිකල, පාප ග්‍රහයකු එම කේන්ද්‍රයේ 07 වන 08 වන රාශියේ සිටියත්, එම කන්‍යාව ඇගේ සැමියා සහ දරුවන් සමග දිගු කලක්‌ ප්‍රීතියෙන් හා සැපයෙන් ජීවත්වීමට වාසනාව ලබන බව ක්‍රි. මූ. පද්ධතියෙහි සඳහන් වෙයි.

මරණය

වනිතා කේන්ද්‍රයක ශුභ ග්‍රහයකු අට වැන්නේ සිටිවිට බිරිඳට පෙර සැමියා මිය යයි.

ශුභ හා අශුභ ග්‍රහයන් මිශ්‍රව 08 වැන්නේ සිටිවිට දෙදෙනා සම කාලයෙහි මිය යති.

එහෙත් ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාගේ ග්‍රහබල දුබලතා අනුව සියල්ල වෙනස්‌ වේ.

ක්‍රි. මූ. පද්ධතියේදී කියන්නේ මරණය සම්බන්ධයෙන් වුවද දෙදෙනාගේ ග්‍රහබල වෙනම පරික්‍ෂාකර බලන ලෙසය. එය නිවැරදි ක්‍රමය වේ.

We found this article from Divaina on 2013/06/23.
Also Sinhala to English Google word to word translation can be found here