[ratings]
කේන්ද්‍රයක භාව දොළොසකි. පළමුවැන්නේ සිට පිළිවෙළින් දක්‌වතොත් ලග්න, ධන, සහජ, සුඛ, පුත්‍ර, රෝග, කලත්‍ර, මෘත්‍යq, ධර්ම, කර්ම, අය, වැය යනාදී වශයෙන් වේ. ලග්න භාවයේ සිට මේවා ගණින්නේ වාමාවර්තවයි. භාවවලින් නිවේදනය වන කරුණු දැන සිටීම පලාඵල කථනයට රුකුලක් වන්නේය. ලග්න භාවයේ සිට ඒ ඒ භාවවලින් නිවේදනය වන්නාවූ කරුණු පිළිවෙළින් පහත විස්‌තරය කෙරේ.
ලග්නස්‌ථානය
ජීවිතය – චරිතය – ශාරීරික තත්ත්වය – වර්ණය – ගති ගුණ – හිස – ආයුෂ – කැමති දේවල් – ජයග්‍රහණ – වයස – ප්‍රසිද්ධිය – ගෞරවය – ලාභ – අලාභ – යසස – අයස – දුක – සැප – නින්දා – ප්‍රශංසා – දැනුම – උත්සහය – සිහින – දේශපාලනය – කෙස් – වාසනාව – දක්‍ෂකම් – ශාරීරික ශක්‌තිය – දීර්ඝ ගමන් – සහකරු හෝ සහකාරිය – අවශ්‍යතාවයන් – රටක ජනතාව – මුහුණේ ඉහළ කොටස – උපන් ස්‌ථානය.
ධනස්‌ථානය
ධනය – දියුණුව – ලාභය – මුදල් පොලියට දීම හෝ ණයට ගැනීම – තැන්පත් ධනය – දෙවැනි විවාහය – වෙළෙ¹ම – රත්තරන් – මුතු – මැණික් – දිව – නියපොතු – දත් – නිකට – කම්මුල් – දකුණු ඇස – වචන ශක්‌තිය – සිහි කල්පනාව – නිදහස් බව – හිතමිත්‍රාදීන් – නිරීක්‍ෂණ බලය – උරුම දේවල් – චංචල දේපළ හා භූමි වස්‌තු – මතක ශක්‌තිය – බැංකු කටයුතු – වෙළෙඳසල – ලිපි ද්‍රව්‍ය – ආහාර – පවුල් ජීවිතය.
සහජස්‌ථානය
මතක ශක්‌තිය – බාල සහෝදර සහෝදරියන් – දක්‍ෂකම් – ඥතින් – පදිංචි ස්‌ථානය වෙනස් කිරීම – සිතේ බලය – නිර්භීතකම – ඉගෙනීම – ලිපි ලේඛන කටයුතු – කෙටි ගමන් – උපතින් උරුම වන දේ – ගණිතය – පියාගේ මරණය – මානසික කරදර – ආගමික ස්‌ථාන – පුස්‌තකාලය – අත්සන පොත් – රූපවාහිනිය – ගුවන්විදුලිය – අසල්වාසීන් ඇහුම්කන් දීම – වාර්තාකාරයන් – පණිවුඩ ගෙන යන්නන් – උරහිස – දැත් – ස්‌නායු පද්ධතිය – දකුණු කන – කම්මුල් – පපු පෙදෙස.
සුඛස්‌ථානය
නිවස – යාන වාහන – ඉඩ කඩම් – මව – ගොඩනැඟිලි – පදිංචි ස්‌ථානය – භූමි ලාභ – අධ්‍යාපනය – සහකරුගේ හෝ සහකාරියගේ වෘත්තිය – ස්‌ථානයෙන් දුරස්‌ථ වීම – ගේ දොර හානි වීම – අස්‌වැන්න – පවුල් ජීවිතය – ගොවිතැන – මවගේ ඥතින් – හෘදය – සිහිවටන – අධ්‍යාපන ස්‌ථාන – රහස්‍ය කටයුතු – ජීවිතයේ අග භාගය – මවගේ ශරීර සෞඛ්‍යය – සිත – විදේශගත වීම – පතල් – උසස් වීම් – පරම්පරාවෙන් උරුම වන දේ – අසත්‍ය චෝදනා – නිවසේ ප්‍රධාන දොර හෝ උළුවස්‌ස – ඉද්ද – ගේට්‌ටුව – කුඹුරු – වටපිටාව.
පුත්‍රස්‌ථානය
දරුවන් – ආදර සබඳතා – අධ්‍යාපනය – විනෝද කටයුතු – පිළිසිඳ ගැනීම – ගබ්සා වීම් – පුත්‍රයා – ප්‍රථම දරුගැබ – ඥනය – මතකය – ලොතරැයි – ඔට්‌ටු ඇල්ලීම – සූදුව – වැඩිමල් සහෝදර සහෝදරියන්ගේ විවාහය – පියාගෙන් ලැබෙන දේපළ – යමක් කිරීමේ සතුට – අනියම් ඇසුර – යන්ත්‍ර මන්ත්‍ර කටයුතු – ආගමට ඇති නැඹුරුව – වාසනාව – උසස් පුද්ගලයන්ගේ ආශ්‍රය – ව්‍යාපාර – ආමාශය
රෝගස්‌ථානය
ලෙඩ රෝග – ආහාර – සේවය හා සේවක සේවිකාවෝ අපහසු කාර්යයක් – නින්දා අපහාස වලට ලක්‌වීම – සොර සතුරන් තරහා වීම – ඉක්‌මන් කෝපය – හොරකම් – බාධා කිරීම – දුක් කරදර – නරක ආශ්‍රය – ණය වීම – ජය පැරදුම – රෙදිපිළි – කර්මාන්තශාලා – අනතුරු – බන්ධනාගාරගත වීම – නරක පුරුදු – මානසික අසහනය – විරෝධය – වස විෂ – සුරතල් සතුන්.
කලත්‍රස්‌ථානය
විවාහය – විවාහකයා – ගනුදෙනු කරුවන් – ව්‍යාපාර කටයුතු – දික්‌කසාදය – දෙවැනි දරුවා – අයහපත් හැසිරීම – එකමුතු බව – ගිවිසුම් – සතුරු කරදර – නීතිය – තුන්වැනි සහෝදරයා – ගෞරවය – අනියම් සබඳතා – රැවටීම් – පවුල් කටයුතු – ලිංගික රහස් – ජයග්‍රහණය – දීර්ඝ ගමන් – ආදරය පිළිබඳ ගැටලු – ස්‌ථාන මාරු වීම් – කාමුකත්වය – මහජන සබඳතා – වකුගඩු – අධෝ මාර්ගය – රහස් පෙදෙස.
මෘත්‍යqස්‌ථානය
ආයුෂ – මරණය – මරණයේ ස්‌වභාවය – දුක් කරදර විඳීම – මෝචරිය – පැරදුම – මිනී මැරුම් – නීතියෙන් හෝ අන්තිම කැමති පත්‍ර වලින් උරුම වන දේවල් – දැවැද්ද – රණ්‌ඩු දබර – ප්‍රමාදය – නොලැබීම – දියේ ගිලීම – දිවි නසා ගැනීම – අලාභය – ධන හානිය – සිතේ අප්‍රසන්න භාවය – නින්දා අපහාස – වෛද්‍යවරු – මරණ පරීක්‍ෂක – මරණ දඬුවම – වකුගඩු ආබාධ – අර්ශස් – මළ මාර්ගය.
ධර්මස්‌ථානය
ආගම – භාග්‍යය – පෙර පින – ආගම දහම කෙරෙහි ඇති පැහැදීම – ථූණ්‍ය කටයුතු – වන්දනා ගමන් හා පුද පූජා කිරීම – ආගමික ස්‌ථාන – ගුරුවරුන් – නීතිය – විදෙස් ගමන් – විදේශිකයෝ – විද්‍යාව – උසස් අධ්‍යාපනය – සිහින – විශාල ගෙවල් – ලේඛන කටයුතු – භාවනා කිරීම – ඉගෙනීමේ ආශාව – මුහුදු ගමන් – අහස්‌යානාවල ගමන් – නව නිපැයුම් – දේවතා ආකර්ෂණය – සිතේ පිරිසිදු බව – මිත්‍රයෝ – උසස් දැනුම හා සිතුවිලි – ධන ලාභ – දූ දරුවන් – කලවා – ඉඟටිය – තැන්වැනි දරුවා.-
කර්මස්‌ථානය
රැකියාව – නිලතල – ජයග්‍රහණ – රාජ්‍ය ස්‌ථාන – ගෞරවය – ප්‍රසිද්ධිය – වගකීම් – කෘෂිකර්මය – උසස් වීම් – ස්‌වාමියා – මැතිවරණ – නිදන් වස්‌තු – පිය උරුමය – රජයේ පිළිගැනීම – විවාහකයාගේ මව – විවාහකයාගේ වාහන – හැසිරීම – දේශපාලනය – රජයේ රැකියාව – රජයේ නිලධාරින් – ඉදිරිපත් වීම – කැපවීම – ඖෂධ – ස්‌ථීර ගති පැවැතුම් – ආගමික කටයුතු – හදාගත් දරුවා – දණහිස් – අස්‌ථි.
අයස්‌ථානය
ලාභය – සතුට – මිතුරන් – බලාපොරොත්තු – වාසනාව – සතුටුදායක ආරංචි – වැඩිමහල් සහෝදරයා – සමාජය – ආදරය – ආදායම – වාහන – දරුඵල – කලාව – ආයුෂ – මුදල් – ලෙඩරෝග සුවවීම – දීර්ඝ ගමන් – සියලුම ආකාරයේ ජයග්‍රහණ – ප්‍රියජනක පුද්ගලයෝ – දැනුම – කොටස්‌කරුවන් – දේව භක්‌තිය – උදව් උපකාර කරන්නෝ – කෙණ්‌ඩා – නහර – වළලුකර- විලුඹ.
වැයස්‌ථානය
වියදම් – නින්ද නොයැම – සංචාරක ගමන් – රැකියාව නැති වීම – මානසික පීඩා – දුක – වේදනාව – සතරු බය – සියදිවි නසා ගැනීම – ආරෝග්‍යශාලා – හදිසි අනතුරු – ලැඡ්ජාව – අවාසනාවන්ත සිදුවීම් – නඩු හබ – හිර බන්ධනගත වීම් – දිළිඳු වීම – අසනීප – දෙමාපියන්ගේ ඥතින් – තුවාල – පාඩු – වෙන්වීම – විරෝධතා – ණයවීම – විශ්‍රාම ගැනීම – ත්‍යාගශීලී බව – රහස් – ස්‌ථාන මාරුවීම් – ගුප්ත භාවය – රෝහල්ගත වීම – මිනී මැරුම – වංචාව – විවාහය බිඳ වැටීම – සහකරුගේ හෝ සහකාරියගේ මරණය – රණ්‌ඩු දබර – විවේචනය – දේපළ අහිමි වීම – අක්‍ෂි ආබාධ – ශල්‍යකර්ම – සතුන්ගෙන් වන අනතුරු – අපහාස – පිං පිණිස දීම – අභාග්‍යය – අනුන් ගැන සිතීම – ආගමික ස්‌ථාන කෙරේ ඇති සබඳතා – කාමුක ක්‍රියා – දික්‌කසාද වීම – රහසේ දුක් වීම – රැවටීම – රාජ්‍ය දඬුවම් – පාද.
We found this article from Divaina on 2011/12/23.
Also Sinhala to English Google word to word translation can be found here