කේන්ද්‍රය නිවැරදිව පරීක්‍ෂා කරගන්න

8750
ග්‍රහයන්
ග්‍රහයන්

[ratings]

කේන්ද්‍රයක්‌ පරීක්‍ෂා කිරීමට ලැබුණු විට මුලින්ම බැලිය යුතු වන්නේ එම කේන්ද්‍රය එහි උපන් දිනය, වේලාව හා උපන් ස්‌ථානය අනුව නිවැරැදි දැයි පරීක්‍ෂා කිරීමයි. කේන්ද්‍රයක්‌ වැරැදි නම් එය පරීක්‍ෂා කර කියන සියලු කරුණු වැරැදි වේ. කේන්ද්‍රයක නිවැරැදිතාව පරීක්‍ෂා කර ගත හැකි සරල ක්‍රම කිහිපයක්‌ පහත විස්‌තර වේ.

උපන් වේලාවට අනුව කේන්ද්‍රයක රවි හෙවත් සූර්යාගේ පිහිටීම මගින් දළ වශයෙන් කේන්ද්‍රය නිවැරැදි දැයි පරීක්‍ෂා කළ හැකිය. උපන් වේලාව පෙ. ව 6 ත් දහවල් 12 අතර නම් එම කේන්ද්‍රයේ රවි ග්‍රහයා ලග්නයේ හෝ 12, 11,10 යන භාව වලින් එකක සිටිය යුතුය. පෙ.ව. 6. ට ආසන්න නම් රවි ග්‍රහයා ලග්නයේද දහවල් වන විට පිළිවෙලින් 12,11,10 භාව දෙසට යොමු වේ. මේ ආකාරයට පස්‌වරු 6 වන විට රවි ග්‍රහයා ක්‍රමයෙන් 9, 8 භාව පසු කරමින් 7 වන භාවයට ගමන් කරයි. රාත්‍රී 12 ට ආසන්න වන විට රවිගේ පිහිටීම 6,5 භාව පසු කරමින් 4 වන භාවයට යයි. නැවත උදෑසන වන විට ලග්නය දෙසට යොමු වේ.

එමගින් කේන්ද්‍රයක නිරවද්‍යතාව එක්‌ පැත්තකින් පරීක්‍ෂා කළ හැකිය. බොහෝ ජ්‍යෙdතීර්වේදීන් වරද්දා ගන්නා තැනක්‌ වෙයි. එනම් විදේශ රටකදී සිදුවූ උපතක කේන්ද්‍රය සෑදීමේදී එම වේලාවට අනුව ලංකාවේ වේලාව ගෙන එයට කේන්ද්‍රය සෑදීමයි. උදාහරණ ලෙස ඕස්‌ටේ්‍රලියාවේදී දහවල් 12 ට උපන් අයකුගේ කේන්ද්‍රය සෑදීමේදී එය ලංකාවේ වේලාවට අනුව උදේ 7.30 ට උපන් ලෙස සලකා කේන්ද්‍රය සාදයි. මෙවිට කේන්ද්‍රයේ රවිගේ පිහිටීම 12 වන භාවයේ වෙයි. නමුත් ඇත්තටම ඔහුගේ උපන් වේලාව දහවල් 12 බැවින් රවි 11 වන හෝ 10 වන භාවයේ පිහිටිය යුතුය. මෙවැනි ආකාරයේ කේන්ද්‍ර සම්පූර්ණයෙන්ම වැරැදි වේ. එය අනුව කියන පලාපල ද නිවැරැදි නොවේ.

කේන්ද්‍රයක බුධ ග්‍රහයා රවි සිටින රාශියේ හෝ ඊට යාබද රාශියේ සිටිය යුතුය. එසේ නොමැති නම් ගණනය කිරීමේදී සිදුවූ දෝෂයක්‌ නිසා සිදු වූ වරදක්‌ විය හැකිය. එවැනි වරදක්‌ කේන්ද්‍ර සටහන බැලූ බැල්මටම පෙනී යයි. කිසි විටෙක සිකුරු ග්‍රහයාට රවිගෙන් 4 වැනි රාශියේ සිටිය නොහැක. අනිවාර්යයෙන්ම සිකුරු හා රවි අතර රාශි පරතරය 0,1,2 හෝ 3 ක්‌ විය යුතුය. සෑම විටම රාහු හා කේතු අතර අංශක 180 ක පරතරයක්‌ තිබිය යුතුය. බොහෝ ජ්‍යෙdතීර්වේදීන් වරද්දා ගන්නා තවත් තැනක්‌ වෙයි. එනම් නවාම්ශකයයි. උදාහරණ ලෙස මේෂ ලග්නය හිමි අයකුට මකර හෝ කුම්භ නවාම්ශකය නොලැබේ. වරදින්නේ උපකල්පනයන් නිසාය. එනම් යම් දරුවකුගේ කේන්ද්‍රය සාදා අවසානයේ දරුවාගේ ගැහැණු, පිරිමි බව අනුව නවාම්ශය වෙනස්‌ කරයි. ස්‌ත්‍රී නවාම්ශ වල ස්‌ත්‍රීන්ද, පුරුෂ නවාම්ශ වල පිරිමි ද උපදින බව සඳහන් බැවින් ගණනයෙන් ආ නවාම්ශකය වෙනස්‌ කරයි. එවිට මේෂ ලග්නයේ ධනු නවාම්ශකය වෙනුවට මකර නවාම්ශකය යොදයි. එය සම්පූර්ණයෙන්ම වැරැදිය. මෙවැනි තවත් වැරැදි සිදුවන අවස්‌ථාවේ. ඒවා ඉදිරියේදී විස්‌තර කිරීමට බලාපොරොත්තු වේ.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here