යෞවන භාවය, වැඩිවිය පැමිණීම බාලයන්ගේ මානසික සංවර්ධනයෙහි ඉතා වැදගත් අවස්ථාවකි. ඔවුන්ගේ වැඩිවිය පැමිණීම මේ අවස්ථාවෙහි බාලයා සමාජය දෙස බලන සැටිත් බාලයා වෙත සමාජය බලන සැටිත් නිසි ලෙස අවබෝධ කර ගැනීමට බාලයාගේ ශාරීරික වැඩීම සහ මානසික ගුණාංගයන්ගේ වෙනස්වීම ගැන අධ්‍යයනය කර ශාරීරික සංවර්ධනයත්, මානසික සංවර්ධනයත් අතරෙහි පුදුමාකාර බන්ධනයක් තිබෙන බව සිහි කටයුතුය. දැරියකගේ වෙනස්කම් තුළින් අවුරුදු 12, 14 යන වයස් තුළදී කොටහළු වීම සිදු වේ. සමහර දැරියන් මීට පෙර හා පසු වයස් තුළදී ද යෞවනත්වයට පා තබති.
දැරියක් මල්වර වීම ආසන්න වන කාලයේදී පහළ වන ලකුණු දුටු විට ඇය කාටත් නොපෙනෙන අයුරින් වෙනම කාමරයක රඳවා තැබීම සාමාන්‍ය සිරිතකි. කොතලයක් තුළට පොල් මලක් දමා ඒ අසලින් තබා අසල්වැසි වැඩිහිටි කාන්තාවන් දෙතුන් දෙනකු සමඟ නැකැත් බැලීම සඳහා යැම ඊළඟ පියවර වේ. මල්වර වූ මොහොතේ බලපා ඇති ග්‍රහචාරය අනුව ඇයගේ අනාගත ජීවිතය පිළිබඳ වැදගත් තොරතුරු අනාවැකි පිළිබඳ තොරතුරු මෙහිදී ජ්‍යෙdතිෂ්යඥයා අනාවරණය කර දෙයි. ඒ තුළින් ඇගේ අනාගත සහකරු, දරුඵල, දියුණුව, ආයුෂ ආදිය ගැන කරුණු ඉදිරිපත් කිරීමට සමත් වෙයි.
පාරම්පරික සංස්කෘතික කුල සිරිත් අනුව වැඩිවියට පත් දැරිය නැකැත්කරු විසින් දී ඇති වේලාවට ඒ දිශාව බලා දොට්ට බහී. ප්‍රථමයෙන් කොටහළු වූ දැරිය රෙදි නැන්දා විසින් නහවා පිරිසිදු කර සුදුÊවස්ත්‍රයක් අන්දවනු ලැබේ. දෙවනුව ඇය විසින් රෙදි නැන්දාට පිරිනමන කොටහළුව සූදානම් කළ යුතුයි. ලොකු කැවුම්, කිරිබත්, කෙසෙල් ගෙඩි, මාළු කෑලි, පොල්වළලු, පඬුරු හත බැගින් වට්ටියක තැබිය යුතුය. පොල්තෙල් පහනක් දල්වා නැකැත් මොහොත එළඹෙන විට තරුණිය විසින් ඇය අතින් අල්වා ගෙන නියම කළ දිශාව බලා දොරට බස්සවනු ලැබේ.
වැඩිහිටියන්ගේ ආශිර්වාදය ඥාති හිතමිත්රාදීන්ගේ ආදරය ලැබෙන්නේ ඉන් අනතුරුවයි. එක් එක් අයගේ තරාතිරම් අනුව රන්, රිදී, වළලු, කූර, මාල, මිල මුදල්, ඇඳුම් පැළඳුම්, සබන්, සුවඳ විලවුන් ආදී දේ තිළිණ වශයෙන් ඇයට පරිත්‍යාග කරයි. මේ සියලුම සුබ කටයුතු අවසන් වූවාට පසු රෙදි නැන්දා ඇයට දුන් ත්‍යාග ආදිය රැගෙන පිටවී යයි. ඇය පිටව යැමට පෙර දෙමාපියන් විසින් ඇගේ හිත ඉතා පූර්ණව සතුටු වන ආකාරයෙන් තෑගි බෝග, මිල මුදල් ආදිය පිරිනමා හොඳින් සංග්‍රහ කර පිටත් කළ යුතුයි. එසේ කළේ නැතිනම් ඇගේ හිත නරක් වී ආඩපාලි කීමෙන් මල්වර වූ දැරියට ඉතාම නරක බව පැරැන්නන් තුළ විශ්වාසයක් තිබිණි. එය අදත් එසේමයි. එනිසා ඔබ මෙම ඉහත කරුණු කාරණා සිතට ගෙන කටයුතු කරතහොත් වැඩිවියට පත් වූ ඔබේ දියණියගේ ඉදිරි අනාගත අභිවෘද්ධියත් දෙමාපියනගේ වාසනාව ශුභ සිද්ධියත් පූර්ණව ඉටු වේ.
ඔබගේ දියණිය හෝ අසල්වැසි ඥාති මිත්‍රාදී අයගේ හෝ දියණියක් මල්වර වූ විටෙක මේ මහා බලගතු ආරක්ෂා මන්ත්‍රයෙන් නූල් 21 පටක් රැගෙන මතුරා ඇය ස්නානය කළ පසු ඇගේ ඉනෙහි බැඳ ගැට තුනක් ගසා හිරකරන්න. යක්ෂ, භූත, ඇස්වහ, කටවහ, හෝවහ, කඩවර, කළුකුමාර ආදී මනුෂ්‍ය අමනුෂ්‍ය සියලුම උපද්‍රවයන්ගෙන් ආරක්ෂා වේ.
මංත්රය – කෙල_dලාසිකාඩි කෞමාලා මායා කුඩංලී පංනංචකාලි මුගාලි මහලී වෛරොගඩෙලී ත්රීකාල මහලී ඊගස්සා කේෂ ඉත්තාන ත්‍රි කාල මහලී ත්‍රී කුංඩලී ජලි කාලි පක්ෂකාලි ගුරුකාල මහලී යන මේ මඬිලං හතට අරක් ගත්තා වූ දේවතාවේ මොහු රක්ෂා කරන මොහුගේ වට මොහුවට මොහුගේ වත්තට, මොහුගේ ගේ වට මොහුගේ ශරීරවට බුඬ සීමා බුදුරැස් වළල්ලේ බුඬ සීමා බන්ද බන්ද යේස්වාහඃ – 108 වරක් ජප කරගන්ට
We found this article from Divaina on 2013/05/24.
Also Sinhala to English Google word to word translation can be found here