ග්‍රහණ නිර්මාණ වන්නේ කෙසේද?

2488
ග්‍රහණ
ග්‍රහණ

[ratings]

හිරු වටා පෘථිවිය ගමන් කරන විට සඳු පෘථිවිය වටා ගමන් කිරීම සිදු වෙයි. සූර්ය (හිරු) ග්‍රහණ සහ චන්ද්‍ර (සඳු) ග්‍රහණ යනුවෙන් ග්‍රහණ දෙවර්ගයකි. හිරු – සඳු දෙදෙනාගේ ගමන් මාර්ගයේදී එකම අංශකයකට පැමිණීමත්, පෘථිවියේ අක්‍ෂාංශක වශයෙන්ද එකම අංශකයක පිහිටීමත් නිසා සූර්ය ග්‍රහණ නිර්මාණය වෙයි. මෙවන් සිදුවීමක්‌ ඇති වන්නේ අමාවක නොහොත් මාසේ පෝය දිනයේය. (හැම මාසේ පෝයකම නොවේ) රවි – සඳු සමඟ රාහු එක රාශියක එක අංශකයකට පැමිණීමෙන් හිරුගේ දීප්තිය, එළිය සඳුගෙන් ආවරණය වීම නොහොත් වැසීම නිසා සූර්ය ග්‍රහණ ඇති වේ. කොටින් ම සඳු පෘථිවියට හා හිරුට මැදිවී සෘජු රේඛාවක පිහිටීම නිසා සූර්යග්‍රහණය ඇති වෙයි.

සූර්යග්‍රහණ නිර්මාණය වන ක්‍රම තුනකි. අර්ධ, වලයාකාර හා පූර්ණ ග්‍රහණ ඒ වෙයි. සූර්ය බිම්බයේ අඩක්‌ පමණක්‌ වැසීම අර්ධ ග්‍රහණයකි. සූර්ය බිම්බයට සමීපව රවුමක්‌ ඉතිරිවන අයුරින් සූර්යයා සඳුට (චන්ද්‍රයාට) වැසී යැම නිසා වලයාකාර ග්‍රහණයක්‌ ඇති වෙයි. හිරු මුළුමනින්ම සඳුගෙන් වැසී යැම පූර්ණ සූර්ය ග්‍රහණයකි.

සාමාන්‍යයෙන් වසරකට සිදුවන වැඩිම ග්‍රහණ ගණන 07 ක්‌ පමණ වේ. මින් සූර්ය ග්‍රහණ 05 කුත් චන්ද්‍ර ග්‍රහණ දෙකකුත් වීමට ඉඩ තිබේ. වර්ෂයකට ඉතාම අඩුවෙන් ඇතිවන්නේ සූර්ය ග්‍රහණ දෙකක්‌ පමණය. පූර්ණ ග්‍රහණයක්‌ සිදු වූ විට සඳුගේ ඡායාවෙන් පෘථිවිය සම්පූර්ණයෙන්ම අඳුරු බවට පත් කරයි. එය රාත්‍රි කාලයේ ඇතිවන අන්ධකාරයට සමාන කළ හැකිය. සඳේ ඡායාවෙන් පෘථිවිය සැතපුම් 170 කට වැඩිදුරක්‌ වැසිය හැකි නොවේ. මේ අනුව ග්‍රහණයකදී පෙනීම දේශාන්තර වශයෙන් සැතපුම් 170 කට සීමා වෙයි. අපට නොපෙනෙන ග්‍රහණ වෙනත් රටවලට පෙනීමට මින් අවස්‌ථාව යෙදේ.

අමාවක නොහොත් මාසේ පෝය දිනය සහ පසළොස්‌වක නොහොත් පුර පෝ දිනය තුළ පෘථිවියේ පවතින විද්යුත් ක්‍රියාකාරකම්වල අති ධාවන තත්ත්වයක්‌ උදාවෙයි. අදාළ දින දෙකේදී හිරු සඳු දෙදෙනාගෙන් පොළවට ලැබෙන ශක්‌තීන්ගේ ගැටීම වැඩි වෙයි. සඳුට පෘථිවිය කෙරෙහි ඇතිවන ආකර්ෂණ බලය දෙගුණ වීමෙන් වඩදිය වේගය වැඩි වෙයි. ග්‍රහණය සිදු වන රටේ හෝ ප්‍රදේශයේ ජලය මතුපිටට ඇදී ඒමෙන් භූමිය තුළ හිස්‌කොටස භූ වායුවෙන් පිරේ. මේ නිසා භූ වායුව ඇති කොටසේ, පදාසයේ කැළඹිලිs ඇතිවීමත් මූලද්‍රව්‍යයන්ගේ ශක්‌තිය හීන වීමත් සිදු වෙයි. පෘථිවි පෘෂ්ඨයේ සිට සැතපුම් හැත්තෑවකට (70) ගැඹුරින් වූ සැතපුම් පනහක තරම් තට්‌ටුවක භූ වායුව පවතී. මෙහි ඛනිජ හා පාෂාණ වර්ග, රසායනික ද්‍රව්‍ය මූලයන් ඇති නිසා භූමිය තුළ විශේෂ ක්‍රියාකාරී තත්ත්වයක්‌ උද්ගත වන බව කියෑවේ. යට කී ක්‍රියාකාරීත්වය නිසා අනගි ලෝහ ජාති මැණික්‌ වර්ග, ඛනිජ තෙල් වර්ග මෙහි නිර්මිත වන වගක්‌ අනාවරණය වෙයි. සූර්ය ග්‍රහණයක්‌ නිසා විකෘති තත්ත්වයට පාත්‍ර වන භූමිය තුළට වායු ගෝලයේ පවත්නා බලපෑම් නිසා විද්යුත් තරංග මගින් ඇතිවන ශක්‌තීන් භූ වායුව හා කම්පනයන් නිර්මාණය වීමට සාධකයක්‌ වෙයි. පෘථිවියේදී ඇතිවන මූලද්‍රව්‍යයක්‌ වන රත්රන්වල ශක්‌තිය, හිරුගේ තාප ශක්‌තිය නිසා අඩුවන වගක්‌ කියෑවේ.

චන්ද්‍ර ග්‍රහණ ඇති වන්නේ පුරපසළොස්‌වක්‌ පෝය දිනවලය. සඳ නිර්මාණය වී ඇත්තේ පෘථිවියේ කෑල්ලක්‌ වෙන්වීම නිසා බව විද්වත් මතය වන අතර, එකී නිගමනය ජ්‍යෙdතිර්වේදයේ නිගමනයන්ට ද අනුකූල වෙයි. සඳ මතුපිට මුහුදු, වැව්, ගංගා, කඳු ඇති බව විද්වත්හු පිළිගනිති. එහෙත් වායු ගෝලයක්‌ ඇති බවට තොරතුරු හෙළි වී නැත. රවි සහ රාහු එක රාශියකත් ඊට විරුද්ධව 07 වැන්නේ සඳු සහ කේaතුත් සිටීමෙන් චන්ද්‍රග්‍රහණයක්‌ ඇති වෙයි. පොළවේ හෙවනැල්ල සඳ මත පතිත වීමෙන් චන්ද්‍රග්‍රහණය නිර්මාණය වෙයි. මීට හඳ රාහු අල්ලනවා යෑයි ගැමියෝ කියති.

මේ අනුව හැම පුර පසළොස්‌වකටම හඳ රාහු ඇල්ලීමක්‌ සිදු නොවේ. ඊට හේතුව වන්නේ පෘථිවියේ සහ සඳුගේ අක්‍ෂය ඇලව පිහිටීමෙන් එකම තලයක නොයැම නිසාය. සඳු හා පොළවේ ගමන් මාර්ග දෙක එකම තලයකට පත් වූවිට පෘථිවියේ ඡායාව නිසාවෙන් සඳු ආවරණය වෙයි. වැසේ. එවිට අපට චන්ද්‍රයා දැකිය නොහැකිය. පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක්‌ ඇතිවීමේදී පැය හතරක්‌ පමණ චන්ද්‍ර මණ්‌ඩලය දිස්‌ නොවේ.

ඡායා, අර්ධ, පූර්ණ යනුවෙන් චන්ද්‍ර ග්‍රහණ වර්ග තුනකට වෙන් කෙරේ.

ඡායා චන්ද්‍ර ග්‍රහණයක්‌ දිස්‌වන්නේ පෘථිවියේ වායුගෝලයට පතිත වන සූර්ය රශ්මි පරාවර්තනය වී සඳට වැටීමෙනි. චන්ද්‍රයාගේ කොටසක්‌ පෘථිවියේ සෙවනැල්ලට වැටීමෙන් (අඩක්‌) අර්ධ චන්ද්‍ර ග්‍රහණ ඇති වෙයි. සඳමඬල මුළුමනින්ම පෘථිවියේ සෙවනැල්ලට වැසී යැම නිසා පූර්ණ චන්ද්‍රග්‍රහණය නිර්මාණය වෙයි. වර්ෂයකට චන්ද්‍රග්‍රහණ උපරිම වශයෙන් තුනක්‌ පමණ සිදු වන අතර ඇතැම් වර්ෂවලදී එක ග්‍රහණයක්‌ වත් සිදු නොවේ.

චන්ද්‍ර සූර්ය ග්‍රහණ මගින් මහවඩදිය සහ මහ බාදිය ඇතිවිය හැකි නිසා කාලගුණික තත්ත්වයන් ද වෙනස්‌ වෙයි. වඩදියෙන් භූ චලන සුළි සුළං මේඝ ආදිය ග්‍රහණ නිසා ඇතිවීමට පුළුවන. විශ්වයේ මෙහෙයවීමට අනුකූලව රවිගේ සහ සඳුගේ (සූර්යයා – චන්ද්‍රයා) බලපෑම් (ශක්‌තීන්) පෘථිවියේ ස්‌වාභාවිකත්වය පවත්වාගෙන යැමට ඉවහල් වන බව තේරුම් ගත හැකිය. (පොතපත ඇසුරිනි)

We found this article from Divaina on 2011/09/30.
Also Sinhala to English Google word to word translation can be found here