අසාධ්‍ය රෝගියකුගේ ජීවිතයක් බේරා ගැනීම සඳහා මානව හිතවාදීව මෙලොව වශයෙන් සිදුකළ හැකි පාරමිතා උතුම් කුසලයක් හැටියට ලේ දන්දීම හැඳින්විය හැකිය. එසේම යම් පුද්ගලයෙකු ලේ දන් දීමෙන් පසු, එම තැනැත්තාට බලපාන සෙනසුරු, අඟහරු හා සිකුරු ආදී ඒරාෂ්ඨක අපල දුරුවී සහනයක් ලැබීමට හේතුවන බව ජොතිර්වේදියෙකු වූ සෝමසිරි එදිරිසිංහ මහතා පවසයි.
පුරාණයේ සිටි සෘෂිවරුන්ගෙන් මානව ප්‍රජාවගේ යහපත සඳහා ආයුර්වේදය, ජොතිෂ්‍යය, යෝග ශාස්‌ත්‍රය ආදිය ලොව බිහිවිය. ඒ අනුව ජ්‍යෙdතිෂයට වසර දහස් ගණනක ඉතිහාසයක් ඇත.
නමුත් නවීන වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ රුධිර ගණ සොයා ගැනීමෙන් පසු, අසාධ්‍ය රෝගීන්ට ලේ දන්දීම රෝහලක සිදුකරන ලද්දේ 1900 වසරේ දීය. ඒ අනුව ලේ දන්දීමට
විද්‍යාත්මක දිගු ඉතිහාසයක් නැත. නමුත් අප මහ බෝසතාණන් වහන්සේ පාරමිතා පුරණ සමයේ සාරා සංඛෙය කල්ප ලක්‍ෂයක් පුරා ඇස්, හිස්, ලේ, මස් දන් දුන් බවට ජාතක කථා ආදියේ සඳහන් වේ.
මේ තත්ත්වය අනුව පසුගිය වසර 2 ක් ඇතුළත තමා ළඟට පැමිණ ජන්ම පත් පරීක්‍ෂා කරගත් පුද්ගලයන් ගෙන්, සෙනසුරු, සිකුරු, අඟහරු ආදී අපල ඇති අයට, බෝධි පූජා පැවැත්වීමට, අධ්‍යාත්මිකව කල්ගත කරමින් කුසල් කරමින් ජීවත්වීමට, අනතුරු වළක්‌වා ගැනීමට කල්පනාකාරීව ඉවසිලිවන්තව ජීවත්වීමට, තමා විසින් මෙතෙක් කළ නරක පුරුදු හා ඇබ්බැහිවීම් දුරු කර ගැනීමට, මෙන්ම ලේ දන්දීම සඳහා ද යොමු කළ බව සෝමසිරි එදිරිසිංහ මහතා පවසයි.
ජන්ම පත යනු පුද්ගලයකුගේ පෙර භවවල සිදුකළ පින් පව් සඳහන් ආත්ම ගණනාවක සිට ගෙන එන ඉදිරියට මතු භව සඳහාද ගෙන යන ස්‌වභාවික ලියවිල්ලකි.
මෙහිදී පින්කළ තැනැත්තෙකුගේ ජන්ම පතේ යහපත් ග්‍රහයන් හොඳ කොටුවල පිහිටයි. පව්කළ අයෙකුගේ නරක ග්‍රහයන් ජන්ම පතේ අපල සාදන කොටුවල පිහිටයි. නමුත් පෙර භවයේ කර ඇති අකුසල් මේ භවයේදී උසස් කුසල් සිදුකිරීමෙන් (නිතර පිං කිරීමෙන්) බොහෝ දුරට යටපත් කළ හැකිය.
තවද සෙනසුරු, සිකුරු, අඟහරු ආදී ඒරාෂ්ඨක අපලවලදී (අපල උච්ච අවස්‌ථාවලදී) හදිසි අනතුරු සිදුවී ශරීරයේ ලේ පිට කිරීමක් හෝ ජීවිත හානි සිදුවේ. මේ අනුව ලේ දන්දීමේදී ද වක්‍ර ආකාරයෙන් ශරීරයෙන් ලේ පිටකිරීමක් සිදුවේ.
මේ හේතු සහගත තත්ත්ව යටතේ, පසුගිය වසර 2 ක පමණ කාලයක් තුළ සෙනසුරු අඟහරු, සිකුරු ආදී අපල ඇති අයට ලේ දන්දීමට යොමු කිරීමෙන්, හදිසි අනතුරු ආදියට ලක්‌වී අපල මගින් සිදුවීමට ඇති අහිතකර බලපෑම් බොහෝ දුරට අඩුවූ බව තවදුරටත් අත්දැකීම් අනුව තහවුරුවන බව සෝමසිරි එදිරිසිංහ මහතා පවසයි.
තවද ග්‍රහ අපල ඇති කාල සීමාව තුළ ආරක්‍ෂාකාරීව ඇඟ ඉතා වෙහෙසට පත් වන ක්‍රියාවක දිනකට පැය කිහිපයක් යොමුවීම ද යහපත් බව එදිරිසිංහ මහතා පවසයි.
මේ අනුව ග්‍රහ අපල දුරුවීමට, මියගිය ඥතීන්ට පින්පතා, තම උපන් දිනය වෙනුවෙන්, විභාග ජය පතා, ව්‍යාපාර දියුණුව පතා හා රෝගියකු සුවපත් කිරීමේ මානව හිතවාදීව කරන උතුම් පිනක් හැටියට ලේ දන්දීම කළ හැකිය.
කෙනෙකුගේ දේහයේ බරෙන් 8% ක් රුධිරය ඇත. ඒ අනුව කිලෝ ග්‍රෑම් 70 ක් බර අයෙකුගේ රුධිරය ලීටර් 5.6 ක් පමණ තිබේ. ලේ දන්දෙන පුද්ගලයකුගෙන් එක් වරකට ලබාගන්නේ ලේ පයින්ට් 1 ක් පමණි. තවද ලබාගත් ලේ රෝගියෙකුට දෙනු ලබන්නේ එම රුධිරයේ විවිධ රෝග කාරක ඇද්දැයි පූර්ණ රසායානාගාර පරීක්‍ෂණයකට ලක්‌කිරීමෙන් පසුවය.
We found this article from Divaina on 2013/06/14.
Also Sinhala to English Google word to word translation can be found here