ග්‍රහ අපල සඳහා ශාන්ති කර්ම

3978
ග්‍රහ අපල
ග්‍රහ අපල

[ratings]

ග්‍රහ අපලවලින් මිදීම සඳහා ජ්‍යෙතිෂ සෘෂිවරු විවිධ ශාන්ති කර්ම කිරීමෙන් ඒ ඒ දුක්‌ කරදරවලින් නිදහස්‌ වීමට කරුණු කියාදී ඇත. ඉකුත් ලිපියෙන් ගුරු හෙවත් බ්‍රහස්‌පති (දක්‌වා) ගෙන් සිදුවන අපලවලට කළ යුතු පිළියම් දැක්‌විණි. අද ලිපියෙන් සිකුරු, ශනි, රාහු, කේතු ග්‍රහයන්ගෙන් සිදුවන අපලවලට ක්‍රියාත්මක කළ යුතු ශාන්ති කර්ම මෙහි දැක්‌වේ.

කන්‍යා රාශියට සිකුරු ග්‍රහයා නීචවෙයි. ඥණයට අධිපති රාශියක්‌ ලෙස කන්‍යාව හැඳින්විය හැකියි. කන්‍යාව අයිති බුධ ග්‍රහයාටයි. සිකුරුට කන්‍යා රාශිය සුදුසු නැත. සිකුරු කන්‍යා රාශියේ සිටි විට තම අදහස්‌ නිසි පරිදි මුදුන් පමුණුවා ගැනීම අපහසු වන්නේය. එනිසා තම සිතැඟියාවන් හොර රහසේ කර ගැනීමට උත්සාහ දරයි. විවාහ ජීවිතය අසාර්ථක වේ. කපටිකමින් වැඩ කටයුතු කරගනී.

සිකුරු ග්‍රහයා කටක, සිංහ රාශි දෙකට සතුරු වෙයි. ප්‍රේම සම්බන්ධතා ඉතා රහසිගතව පවත්වා ගනී. ශරීර ශක්‌තිය දුර්වල කරයි. සිකුරුගෙන් ඇතිවන අපල උපද්‍රවවලට පාර්වතී දෙවියන්ගේ පිහිට පැතිය යුතු වේ. බලි ශාන්ති කර්ම වශයෙන් සිකුරු දශාවේ මුල් කොටසේ දී දේව මංගල බලියත්, මැද කොටසේදී ශුභ මංගල බලියත්, අග කොටසේදී කළ්‍යාණ බලියත් ඇරීමෙන් අපල දුරු වේ. සිකුරුගේ මහ දශා කාලය වර්ෂ විස්‌සකි. ග්‍රහ දාන ලෙස රෙදි, සුදු පාට ගවයන්, සුදු හාල්වලින් පිසූ ආහාර දීම සුදුසුය. ස්‌නානයට එනසාල්, කුංකුම ගෙඩි මල්, තැම්බූ වතුර යෝග්‍ය වේ. පූජා කළ යුතු මල් ලෙස සැලකෙන්නේ කේෂර මල් හා සුවÄති මල් වර්ගයි. දියමන්ති හෝ සුදු මැණික්‌ පාෂාණ වර්ගයක්‌ පැළඳීම මැනවි. රිදී සුරයක්‌ පැළඳීමද යෙහෙකි.

සෙනසුරු ග්‍රහයා නීච වන්නේ මේෂ රාශියේදීය. ශනි මේෂ රාශිගතවූ විට පෘථිවියට සමීපව ගමන් කරයි. ශනි පොළවට ළංවූ විට මේෂ ලග්න හිමියන්ට සැප පහසුකම් අඩුකරයි. ලෞකික දියුණුව අඩු කරයි. කටක, සිංහ සහ වෘශ්චික ලග්නවලට සෙනසුරු සතුරු වේ. දුක්‌ සහිත අදහස්‌ උපදවයි. ජීවත් වීම ගැන කලකිරේ. පරුෂ ගති වැඩිවේ. සතුරන් ඇති කරගනී. වැඩ කටයුතුවලට බාධක අවුල් ඇති කරයි.

සෙනසුරුගේ දශා කාලය වර්ෂ 19 කි. සෙනසුරු දශවේ මුල් කොටසේදී බලි ශාන්ති කර්ම කරන විට දශ ක්‍රෝධ බලියත්, මැද කොටසේදී නිලඟ රාක්‌ෂ බලියත් අග කොටසේදී ගෞඩි රාක්‌ෂ බලියත් ඇරීම හොඳයි. පිහිට පැතිය යුතු දෙවියන් ලෙස සැලකෙන්නේ විෂ්ණු දෙවියන්ය. ග්‍රහදාන ලෙස නිල් මැණික්‌, ලෝකඩ භාජන, මී හරක්‌, තල, කොල්ලු දංදීම සුදුසුයි. ස්‌නානයට කළුතල, ලොත්සුඹුලු බැවිල, සතකුප්ප තැම්බූ වතුර නෑම ශුභයි. පූජා කළ යුතු මල් වර්ග වන්නේ ලොත් මල් සහ නිල් පාට මල් වර්ගයි. කාක නිල පාෂාණ සහ යකඩ සුරයක්‌ පැළඳීමද යෙහෙකි. පැළඳිය යුතු යන්ත්‍ර ලෙස සැලකෙන්නේ නීල මණ්‌ඩලය හෝ විෂ්ණු ආගෝර යන්ත්‍රයයි. ශනි ඒරාෂ්ඨක කාලයේදී නව ග්‍රහ මෘර්තුංජය යන්ත්‍රය ඉතා හොඳයි. දාන වශයෙන් කකුලක්‌ ආබාධිත යාචකයන්ට ශනි දින උදේ කැකුළු බත් සමග එළවළු ව්‍යාංජනත්, උදෙන්ම කපුටන්ට ගිතෙල් මිශ්‍ර කිරිබත් දීමත් යහපත්ය. නුග වෘක්‌ෂයට සාත්තු කිරීමද යෙහෙකි.

රාහු නීච වන්නේ වෘශ්චික හා ධනු රාශි දෙකේදීය. වෘශ්චික රාශිගත වූ රාහු නොහික්‌මුණු ස්‌වභාවයක්‌ ගනී. ශාරීරික දුර්වලතාවන්ද ඇති කරයි. ධනු රාශි ගතවූ රාහු ලෞකික දියුණුව අඩු කරයි. ආශාවන් මුදුන් පමුණුවා ගැනීම අපහසුයි. කොයි තරම් මහන්සි වී වැඩ කළත් ප්‍රතිඵල අඩුයි. සිංහ හා මීන රාශි දෙකට රාහු සතුරු වේ. දුක්‌බර හැඟීම් ඇති කර සිතේ ප්‍රීතිය අඩු කරයි.

රාහුගේ අපලයට පිහිට පැතිය යුත්තේ ශිව දෙවියන්, පාර්වතී දේවිය යන අයගෙනි. රාහු මහ දශා කාලය වර්ෂ 18 කි. බලි ශාන්ති කර්ම කිරීමේදී දශාවේ මුල් කාලයේ දී අසුර ගිරි රාක්‌ෂ බලියත්, රාහු මහ දශාවේ මැද භාගයේ දී නාග රාක්‌ෂ බලියත්, අග කොටසට සුව රකුසු බලිය ඇරීමෙන් අපල දුරු වේ. ග්‍රහදාන ලෙස රනින් කළ නාග රූපයක්‌ ගෝමේද මැණික්‌ ලෝහ භජන සුදුසුයි. ගෝමේද මැණිකක්‌ පැළඳීමත් යකඩ සුරයක්‌ පැළඳීමත් මැනවි. ස්‌නානය සඳහා ඊතණ, තල, කොළොන් කොළ, කළාඳුරු අල, එළකිරි, තැම්බූ වතුර යොදා ගැනීම සුදුසුයි. නාගාර්ජුන යන්ත්‍රය පැළඳීමද යෙහෙකි. වැටකේ වෘක්‍ෂයට සාත්තු කිරීම, ස්‌පර්ශ කිරීමද අපල දුරු කර ගැනීමට හොඳයි.

කේතු නීච වන්නේ වෘෂභ සහ මිථුන රාශි දෙකේදීය. වෘෂභ රාශි ගතවූ කේතු සමාජයට කැමැත්තක්‌ නොදක්‌වයි. අන් අයගේ සිත් නොසතුටට පත්වේ. කේන්ද්‍රයේ 02 . 04 . 07 . 10 ස්‌ථාන වෘෂභ රාශිය වී නම් ශුභ ඵල අපේක්‍ෂා කළ නොහැකිය. මිථුන රාශිගතවූ කේතු කලා රසිකයකු වුවත්, නැටුම්, ගැයුම්, වැයුම් ආදියෙන් තෘප්තියක්‌ නොලබයි. සිත තුළ දුක්‌ කනගාටුව ඇති කරයි. මේෂ සහ කුම්භ රාශි 02 ක කේතුට සතුරු රාශි වෙයි. උද්යෝගය අඩු කරයි. නිතර සිතේ චකිතයක්‌ උපදවයි. (මේෂ රාශිගත වූ විටයි) කුම්භ රාශි ගතවූ කේතු ආගමික කටයුතුවලට නැඹුරු වේ. විනෝද කටයුතුවලට කැමැත්තක්‌ නැත.

කේතුගේ අපලවලදී පිහිට පැතිය යුතු දෙවිවරුන් ලෙස සැලකෙන්නේ විෂ්ණු දෙවියන් හා භෛරව දේවතාවාය. කේතුගේ මහ දශා කාලය වර්ෂ 07 කි. මෙම දශාවේ මුල් කොටසේදී බලි ශාන්ති කර්ම කරන්නේ නම් බ්‍රහ්ම රූප බලියත්, මැද කොටසේදී පක්‌ෂුවන් රාක්‌ෂ බලියත්, අග කොටසේදී නිලඟ රාක්‌ෂ බලියත් ඇරීමෙන් අපල දුරුවෙයි. ග්‍රහ දාන ලෙස වෛරෝඩි, මැණික්‌, තලතෙල්, කස්‌තුරි, එළු ලොම්වලින් කරන ලද වස්‌ත්‍ර ලෝහ භාජන සුදුසුයි. ස්‌නානය කිරීමේදී ඊතන, තල, කොලොං කොළ, කලාඳුරු අල, එළුකිරි, තම්බාගත් ජලය යෝග්‍ය වේ. පැළඳිය යුතු මැණික්‌ ලෙස වෛරෝඩි සුදුසුයි. ලෝහ පළඳින්නේ නම් යකඩ උචිතයි. පැළඳිය යුතු යන්ත්‍ර ලෙස සැලකෙන්නේ නාග මාලය, ආයෝරය, මෘර්තුංජය (ස්‌ත්‍රීන්ට), පුරුෂ පක්‌ෂයට විෂ්ණු ආසෝරය හෝ නවග්‍රහ ආසෝරයයි. කෙසෙල් ගසට සාත්තු කිරීම, ස්‌පර්ශ කිරීමද හොඳයි.

We found this article from Divaina on 2012/03/09.
Also Sinhala to English Google word to word translation can be found here