ග්‍රහ ලොව පංඩිතයා ගුරු

1973
ගුරු
ගුරු

[ratings]

ගුරු හෙවත් බ්‍රහස්‌පතී සෞර ග්‍රහ මණ්‌ඩලයේ මහා පණ්‌ඩිතයා ලෙස සැලැකේ. දෙවියන්ගේ ගුරුවරයා වනුයේද ගුරු ග්‍රහයාය. සෘෂිභාෂිතයට අනුව මිනිසාට ඥාන ශක්‌තිය ලබාදීමට ගුරු ට විශාල බලයක්‌ ඇති බව දැක්‌ වේ.

කරුණාව, මෛත්‍රීය, චරිතය පිරිසිදුව තබා ගැනීම, ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර නොතිබීම, අනුනට අණ වින කොඩි වින නොකිරීම, අන්‍යයන්ට උදව් උපකාර කිරීම, ලෙඩට දුකට පිහිටවීම, අසරණයින්ට දයානුකම්පාවෙන් ක්‍රියා කිරීමේදී කරුණු රාශියක්‌ම ගුරුගේ යහපත් බලය නිසා ඇති වේ.

එමෙන්ම දේශපාළුවන් නොව, දේශපාලකයින් මැති ඇමතිකම්, අධිපතිකම් නායක පදවි, රැකීරක්‍ෂාවල උසස්‌ වීම්, කීර්තිය මහජන ප්‍රසාදය, සමාජ හිතකාමිත්වය, සමගිය, සමාදානය, යුක්‌තිය, සාධාරණත්වය වැනි තත්ත්වයන් ඇති කිරීමේදී ගුරු බලවත් වේ.

කටක ලග්නයට ගුරු උච්ච වන අතර ධනු ලග්නයට හා මීන ලග්නයට ස්‌වක්‌ෂේත්‍ර වේ. මකර රාශියට ගුරු නීච වන අතර මේෂ හා වෘශ්චික ලග්නවලට සතුරු වේ. වෘෂභ මිථුන සිංහ කන්‍යා, තුලා හා කුම්භ ලග්නවලට බ්‍රහස්‌පතී මිත්‍ර වන්නේය.

ජන්මයෙහි ගුරු දුබල වීමෙන් අක්‌මාව හා සම්බන්ධ රෝග, උණ සන්නිපාතය, සිරුරේ ස්‌ථුලබව, සෙංගමාලය, මස්‌පිඩුවල වේදනා, හම දුර්වර්ණ වීම වැනි රෝගාබාධ ඇති කරයි. ගුරුගේ වර්ණය කහ පාට වන අතර නැගෙනහිර දිසාවට අධිපතිය.

ආගමික වත් පිළිවෙත් අනුගමනය කරමින් දාන සීල භාවනා හා බෝධි පූජා දී ක්‍රියාවන්හි ගත සිත යෙදවීමෙන් ගුරුගේ අපල වලින් මිදිය හැකිය. ධාර්මිකව ජීවත් වන තරමට අපල ඇති නොවේ. පුෂ්පරාග පාෂාණ පැළදීම සුදුසු බව ජ්‍යෙdතිෂ මතයයි.

We found this article from Divaina on 2012/03/09.
Also Sinhala to English Google word to word translation can be found here