ගුරුගේ අපල දුරුකර ගැනීමට නොවරදින පිළිවෙත්

945
ගුරුගේ අපල
ගුරුගේ අපල

ගුරු ග්‍රහයා නියෝජනය කරන්නා වූ ගුරුවරුන්ට නින්දා අපහාස කිරීම නොසැලකීම, අකීකරුවීම ආදී අකටයුතුකම් මූලිකවම ජන්මියකුට ගුරුගේ අපල ඇතිකිරීමට හේතුවේ. මීට අමතරව සිල්වත් ගුණවත් පූජ්‍ය පක්‍ෂයේ උතුමන් නොසලකා හැරීම හා ගුණවත් මිතුරන්ට ෙද්‍රහීවීම ආදී පාපකර්ම වලට විපාක වශයෙන්ද ගුරුගේ අපල යට ගොදුරුවීමට සිදුවේ.

යමෙකුගේ ගුරු දුබලවීම කුඩා කාලයේදී නම් අධ්‍යාපනයට බාධා ඇතිවේ. තරුණවියේදී නම් විවාහයෙන් පසු දරු සම්පත් ලැබීමට බාධා ගෙන දේ. වයස්‌ගතවී මෙකී ගුරුගේ අපල උදාවූයේ නම් ජීවිතයේ අවසාන කාලය රෝගීවට සිටීමට සිදුවේ.

මේ ආකාරයෙන් පීඩාගෙන දෙන ගුරු අපලය පහත දැක්‌වෙන ශාන්තිකර්ම මගින් ඉතා පහසුවෙන් දුරුකරගැනීමට හැකිවේ.

ගුරුගේ අපල සඳහා වත්පිළිවෙත්

ගුරු දිනයේ (බ්‍රහස්‌පතින්දා) ගුරු හෝරාවෙන් එනම් පෙ.ව.6.00 – 7.00 අතර කාලයේ හෝ ප.ව.8.00-9.00 අතර කාලයේ බෝධියේ ඊසාන දිසාවේ තැඹිලි තෙල් පහන් දල්වා කහ පැහැති මල් පූජා කරන්න. කොකුම්, සඳුන් සමඟ ඉඹුල් ලාටු වලින් බෝධියට දුම් අල්ලන්න.

ගුරුගේ අපල

අපලකරුගේ උසට සකසා ගත් කහපාට මල් මාලයක්‌ද “ගුරුගේ අපල දුරුවේවා” යනුවෙන් ලියූ කහ පාට කොඩියක්‌ බෝධියේ ඊසාන දිශාවේ එල්ලන්න.

පෙරාගන්නා ලද පැන් කළයක්‌ අභිසම්භිධාන පිරිතෙන් පිරිත් කර ගුරුගේ අපල දුරුවේවායි යන ප්‍රාර්ථනාව පෙරදැරිව බෝධිය නාවන්න. ගුරු පීඩාහර ස්‌ත්‍රොත්‍රය 9 වරක්‌ ගායනා කර මතු බුදුවන මෛත්‍රී නාථ දෙවියන්ට පිං අනුමෝදන් කර පිහිට ප්‍රාර්ථනා කරන්න.

ගුරු පීඩාහර ස්‌තෝත්‍රය

ගුරුර් බ්‍රහස්‌පතිර් ජීවඃ – සුරාචාර්යො විදාංවරඃ

වාගීශො ධීක්‍ෂණො දීඝ – ශ්මශ්‍රැඃ පීතාම්බරො යුවඃ

සුධාදෘෂ්ටිර් ග්‍රහා ධීශො – ග්‍රහපීඩා පහාකරඃ

යාතරඃ සෞම්‍ය මූර්තිඃ – සුරාර්ව්‍යඃ තුමතද්යුතිඃ

ලෝක පූජ්‍යෙ ලෝක ගුරුර් – නීතිෙඥ නීති කාරකඃ

තාරාපනිශ්චඩ්ගීරසො – වෙද වෛද්‍ය පිතාමහඃ

බ්‍රහස්‌පති මහංනෞමී – ගුරුං දේවේන්ද්‍ර පූජිතම්

සර්ව ශාස්‌ත්‍ර ප්‍රතර්තාරම් – සර්ව කාම ඵල ප්‍රදම්

දේවානංච සෘෂිණංච – ගුරුංතාචන සන්නිභම්

බුද්ධිභුතං තිලොකෙශං – තං නමාමි බ්‍රහස්‌පතිම්

වේද ශාස්‌ත්‍රාර්ථ තත්වඥ – ඥන විඥන පාරග

විවිධාර්ත හර ශ්‍රේෂ්ඨ – දේවාචාර්ය නමෝස්‌තුතෙ

ධනං ධාන්‍යං ජයං සෞඛ්‍යං – සෞභ්‍යාග්‍යං නෘප මාන්‍යතා

භවන්ති සර්වදා තේෂාම් – ත්වත් ප්‍රසාදාන් බ්‍රහස්‌පතෞ

ගුරුගේ අපල

දිනපතා රාත්‍රි නින්දට පෙර ආගමික වතාවත්වලින් පසු පහත සඳහන් ගුරු ස්‌ත්‍රොත්‍රය හා සෙත්කවිය නව වර බැගින් ගායනා කරන්න.

ස්‌තෝත්‍රය

දේව මන්ත්‍රී විශා ලක්‍ෂං

සදා ලෝක හිතේ රතඃ

අනේක ශිෂ්‍ය සම්සූර්ණ

පීඩා හරතු මේ ගුරුං

සෙත් කවිය

ඇස්‌ හිස්‌ මස්‌ ලේ දන්දී පෙරදා

පෙරුමන් බලයෙන් මරුවන් පරදා

ලෝක විදූ ගුණ තිලොවට විහිදූ

ගුරු ග්‍රහ අපලය දුරලන් සැමදා

මැණික්‌ හා යන්ත්‍ර පැළඳීම

පුෂ්පරාග ගලක්‌ ඇල්ලූ රන් මුදුවක්‌ දකුණු අතේ වෙදඟිල්ලේ පළඳින්න. නැතහොත් බෝකොළයක ආකෘතියකට සවිකර ගෙල පළඳින්න. ශාස්‌ත්‍රානුකූලව සකසා ගත් රතන යන්ත්‍රය 108 වරක්‌ පිරිත්කර හෝ නවනාථ යන්ත්‍රය අදාළ දැහැනෙන් 108 වරක්‌ පුරවා පළඳින්න.

ඖෂධ පැන් ස්‌නානය

එල අබ, වැල් මී, කළාඳුරු අල, ඉරිවේරිය, දැ සමන් යන ඖෂධ නැවුම් කළයකට දමා එයට පැන් පුරවා පැය 12 කට පසු බ්‍රහස්‌පතින්දා උදේ සාමාන්‍ය ස්‌නානයෙන් පසු ඖෂධ පැන් කළය ස්‌නානය කරන්න.

ගෙවත්තේ බෝ පැළයක්‌ සිටුවීම ප්‍රායෝගිකව අපහසු බැවින් බෝ වෘක්‍ෂයක්‌ තිබෙන ස්‌ථානයකදී පැන් වත්කර ස්‌පර්ශ කරමින් සාත්තු කරන්න. ඊසාන දිශාවේ කහ පැහැති මල් සිටුවා සාත්තු කරන්න.

අටපිරිකර සහිතව මහා සංඝයාට දන්දෙන්න. ගුරුවරුන්ට පැවිදි උතුමන්ට උවටැන් කරන්න. සිවුරු පූජා කරන්න. කහ පැහැති ධාන්‍ය වර්ග ග්‍රහ දාන වශයෙන් දෙන්න. අමු බෙලිමල් වට්‌ටියක්‌ සකසා එය රැගෙන අභිසම්භිධාන පිරිත හැකි වාර ගණනක්‌ සඡ්ජායනය කරමින් බෝධිය වටා ගමන්කොට ගුරුගේ අපල දුරුවේවායි යන ප්‍රාර්ථනයෙන් බෙලිමල්වට්‌ටිය බෝධියට පූජා කරන්න.

We found this article from Divaina on 2013/11/03.