ගුරු සිකුරු වැනි ශුභ ග්‍රහයෝ ශුභ ඵල පමණක්‌ ගෙන දෙනවාද?

3188
ගුරු සිකුරු
ගුරු සිකුරු

[ratings]

ජන්ම පත්‍රයක්‌ පරීක්‍ෂාකර ගැනීsමට ගියවිට, අපට මුලදීම දැනගන්නට ලැබෙන්නේ මහ දශාවන් අතුරු දශාවන් ගැනයි. සෙනසුරු, රාහු, කේතු, අඟහරු වැනි මහ දශා, අතුරු දශාවක්‌ නම්, අශුභ ඵලම කියාදී සියලුම අපල උපද්‍රව පවරා ගැනීමට සිදු වේ. ගුරු, සිකුරු, බුධ, සඳු වැනි මහ දශා, අතුරු දශාවක්‌ ඇත්නම් වාසනාව, සියලු කටයුතු සඵල වීම, විවාහය, වාසනාවන්ත ගෘහ ජීවිතය ගැනම තොරතුරු ලබාදෙයි. මේ එකක්‌වත් සිදු නොවන අවස්‌ථා එමට ඇති බව අපට පසක්‌වී ඇතිබව කිව යුතුය.

උපතේදී සඳු දුබලවීම, ලග්නාධිපති දුබලවීම වැනි අශුභ ඵල නිසාත්. වෘෂභ, මිථුන, තුලා වැනි ලග්නවලට ගුරු මාරක ග්‍රහයකු නිසාත්, 22 වැනි දෙර්කාණාධිපති වූ නිසාද, ශුභ ග්‍රහයෝ ඉතාම අශුභ ඵල දෙති. එම ග්‍රහයෝ මාරක ස්‌ථානය හරහා ගමන් කරන විටදිත් මහ දශා, අතුරු දශා, විදශා වලදීත් තවත් අශුභ ඵල වැඩි කරන්නට හේතුයි. සෙනසුරු උච්චවී, අහස මුදුනේ සිටියත් මකර ලග්නකාරයාට ශුභ ඵලම කිවයුතු නමුත් චක්‍ර ගමනේ උපතේදී සිටියා නම් සෙනසුරු තදබල අපලද ගෙන දෙන අතර කරදර දුක්‌ කම්කටොලුදී තදබල රෝග පීඩා ඇති කරනු ලැබේ. සඳුගෙන්ද, ලග්නයෙන්ද අශුභ ස්‌ථානවලට සෙනසුරු ගමන් කළ විට එම අතුරු දශාවන්ද පැවතියේ නම් එම ලග්න හිමියාට ලග්නාධිපති සෙනසුරුම විනාශකාරී දේ කළ හැකිය.

භාවකේන්ද්‍රය ගැන නොසලකා කතා කළත් 300 ක්‌ දිග ලග්නයක සෑම කෙනකුම 150 තුළ උපත ලබන්නේ නැති අතර සියලුම ග්‍රහයෝ 150 සීමාව තුළමද පිහිටන්නේ නැත. ඒ ගැන ලග්න, නවාංශක, හෝරා, දෙර්කාණ, ද්වාදශාංශක, ත්‍රිශාංශක ආදී කේන්ද්‍ර තුළින් ද දැකිය හැකිය. මුලම හෝ අගම නවාංශකයක උපත ලද විට නිතරම ඊට පෙර හෝ පසු ලග්නවල ද කොටස බැගින් ලග්නයට ඇතුළත් වේ. එවිට 4, 7, 8, 10 ආදී සියලුම ස්‌ථාන ද දෙකට බෙදී පෙර හෝ පසු රාශියේ කොටස බැගින් ඇතුළු වන්නේ ය. මේ අතර ලග්න භාවය 280 ක්‌ දුර ජන්ම පත්‍රයක 9 වැනි භාවය 320 ක්‌ වීමටද, ඉඩකඩ ඇති බව කිව යුතුයි. ලග්නයේ දුර 7 වැනි භාවයට නම් සමාන වේ. සෙනසුරු තුලා රාශි ගතවන විටමද ඉඩකඩ ඇති බව කිව යුතුයි. ලග්නයේ දුර 7 වැනි භාවයට නම් සමාන වේ. සෙනසුරු තුලා රාශි ගත වනවිටම, තුලාව ලග්නය වූ අයට ලග්නයට සෙනසුරු ආවා යෑයි කීම නිවැරැදි නොවේ. තුලා රාශියේ 150 තුළ උපත ලද හෙවත්, තුලා ලග්නයේ කුම්භ නවාංශකය තුළ උපත ලද අයට සෙනසුරු ලග්න භාවයට ඇතුළුවීම සිදු වේ. එහෙත්, තුලා ලග්නයේ මිථුන නවාංශකය අයිතිකාරයාට සෙනසුරු ලග්න භාවයට එන්නට තවත් වසරකට වැඩි කාලයක්‌ ගත වේ. ඒ සමඟම තුලා ලග්නයේ තුලා නවාංශකය තුළ උපත ලද අයටත්, කන්‍යා ලග්නයේ කන්‍යා නවාංශකයේ උන් අයටත්, ලග්නය හරි මැද ශනි ගමන් කරන්නේය. ලග්නය හරහා ගමන ඒ අයට මාස 15 ක්‌ හෝ 20 ක්‌ පමණ විය හැක. ශුභ අශුභ ඵල ඒ ඒ ජන්ම පත්‍ර අනුවම කිව යුතුයි. ගුරු ග්‍රහයා කටක රාශියේ උච්ච බව සැබෑ නමුත්. පසුපසට ගමන උපතේදී තිබුණා නම්, උච්ච බලය ඉවත් වී, නීච බලයට පත්වන බව පොතපතෙහි සඳහන් වේ. එහෙත්, එම ග්‍රහයා මකර නවාංශකය තුළ සිටියා නම්, නැවත ශුභ ඵල දෙන බවද කිව යුතුය.

ගුරුගේ බලය වැඩිවීම අනෙකුත් ග්‍රහ අපල සමනය කරන්නට හේතුවක්‌ වන නිසා ගුරුගේ බලය සියලුම දෙනා වැඩි කර ගත යුතුමය. මිථුන ලග්න හිමියාට ගුරු දෙවැන්නේ වක්‍රවී සිට ගුරු මහ දශාව ලැබූවිට ඉහළ අශුභ ඵල දිය හැකි වන අතර මාරක ස්‌ථානය හරහා ගමන් කරනවිට (මකරයට) තදබල අපල ද වේ. එසේ නම් සියලුම දෙනාට ගුරු මහ දශාව ලැබූ කළ ශුභඵල කිව හැකිද යන්න ගැන සිතා බැලිය යුතුයි. කටක, සිංහ ලග්නය වී රාහු 11 වැන්නේ සිට එම මහ දශාව ලැබූ කළ ශුභ ඵල ද, වෘෂභ ලග්නකාරයාට සෙනසුරු 10 වැන්නේ සිට, එම මහ දශාව ලැබූ කල ශුභඵල ද දෙන බව දැක ඇත. ඒ අනුව ශුභම ලෙස සලකන සිකුරු ලග්නාධිපති වෘෂභ ලග්න කාරයාටද ඉහළම අශුභ ඵල දෙන අවස්‌ථා දැක ඇත්තෙමු. මේ පළාතේ බොහෝදෙනා ආදරය කළ 24 වියෑති වූ තරුණ ඉංජිනේරු පුතකු මීට වසරකට පමණ පෙර හදිසියේ මියගියේද වෘෂභ ලග්නය වී සිකුරු 8 වැන්න තුළ සිට එම අතුරු දශාව ලැබූ විටයි. ජ්‍යෙdතිෂවේදීන් පවසා තිබුණේ ජීවිතයේ ශුභම කාලය මෙය බවයි. මංගල කටයුතු සඳහාද මේ කාලය තුළම දින නියම කර තිබුණා. සිකුරුද තදබල මාරක ග්‍රහයකු වන අවස්‌ථා ඇති බව සලකා කටයුතු කළ යුතුමයි. මේ අනුව ශුභ, අශුභ ග්‍රහයෝ ලෙස වෙනස්‌ වන්නේ ඒ ඒ ජන්ම පත්‍ර අනුව මිස පොදුවේ සලකන ග්‍රහයෝම නොවන බවත්, මහ දශා, අතුරු දශා, ශුභ අශුභ ඵල කිව යුත්තේ ද ඒ අයුරින්ම බවත් සියලුම දෙනා දැනගත යුතු කරුණු අතර වේ. සත්බුදු වන්දනා පිරිත, අන්තරාය නිවාරණ පිරිත නිතර නිතර කියවීම, ශ්‍රවණය කිරීම සියලු අපල ඉවත් කිරීමට මගක්‌ වන්නේය.

We found this article from Divaina on 2012/05/25.
Also Sinhala to English Google word to word translation can be found here