[ratings]
මෙලොව ඇති සම්පත් අතරින් තවත් එක සම්පතකි දරු සම්පත. අද සමාජයේ බොහෝ දෙනා දරු සම්පත අහිමිව මානසිකව පීඩා විඳින අතර සමහරුන් පවුල් ජීවිතය පවා අවුල් කර ගෙන ඇත. කෙනෙකුට දරුවන් ලැබීමටත්, තවත් කෙනෙකුට දරුවන් නොලැබීමටත් හේතුව කුමක්‌ද? විද්‍යාත්මකව එය ශාරීරිකව පිහිටීම මත ඇතිවන දෙයක් ලෙස දැක්‌වෙන නමුත් ජ්‍යෙdතිෂ් ශාස්‌ත්‍රයට අනුව එය කර්මය මත සිදුවන දෙයක් ලෙස දැක්‌විය හැකිය.
අපගේ කර්මය විදහා පාන කැඩපතක් බඳු වූ අපගේ ජන්ම කේන්ද්‍රය දෙස අපි මොහොතක් බලමු. ජන්ම කේන්දරයේ 5 වැන්නේ බල දුබලතාවය පස්‌වැන්නාධිපතියාගේ බල දුබලතාවය මෙන්ම 6 වැන්නේ බල දුබලතාවය හා 6 වැන්නාධිපතියාගේ බල දුබලතාවය මත දරුඵල හිමි අහිමි බව තීරණය කළ හැකිය. දක්‍ෂ ජ්‍යෙdතිෂඥයකුට එය නිසැකවම තීරණය කළ හැකිය. වෛද්‍යවරයකුට එය තීරණය කළ හැකි වන්නේ නොයෙකුත් අන්දමේ පරීක්‍ෂණයන් තුළිනි. නමුත් දක්‍ෂ ජ්‍යෙdතිෂඥයා එය ජන්ම කේන්දරය පරීක්‍ෂා කර බලා තීරණය කරයි.
දරුවන්ගේ ස්‌ථානය වන 5 වැන්න පාප පීඩිත වන්නේත් ගර්භාෂය හා වෘෂණ කෝෂ ගැන පෙන්වන ස්‌ථානය වන 6 වැන්න පාප පීඩිත වන්නේත් අප විසින් පෙර ආත්ම භවයන්හිදී කරන ලද අකුසලකර්ම හේතුකොට ගෙනය. බලන්න සමහරුන්ට දරුවන් ලැබ සිටියද එම දරුවන් නිසා සතුටට පත්වීමට හැකියාවක් ලැබී ඇද්ද? සමහරුන්ට අංග විකල දරුවන් ලැබෙන අතර සමහර දරුවන් වෙනයම් දරුණු සුවපත් කළ නොහැකි හදවත් රෝග, පෙණහළු රෝග, වෙනත් අවයව දුර්වලතා වලින් ඇතිවන රෝග, පිළිකා රෝග වැනි රෝගවලින් පෙළෙන අයුරු අසන්නට හා දකින්නට ලැබේ. සමහර දරුවන් දෙමවුපියන් සතු සියලුම ධන සම්පත් වියදම් කරවා අවසානයේ සුවපත් නොවී මිය යන අවස්‌ථාද ඇත. බලන්න කර්මයේ ඵල විපාක කොතරම්ද? මේ ඔවුන් විසින් පෙර ආත්මවලදී කරන ලද අකුසලකර්ම නිසා ඇතිවන දෙයකි. සමහරුන්ට දරුවන් නොලැබීම යනු ඇත. සමහර දරුවන් දෙමවුපියන්ට වෛර කිරීමට පෙළඹී ඇත. මෙයට හේතුව කුමක්‌ද? මෙන්න මේ හේතු සාධකයයි අපගේ ජන්ම කේන්ද්‍රයේ 5 වැන්නෙන් හා 6 වැන්නෙන් පෙන්වනුයේ. බලන්න සමහරුන් තමන්ට ලැබීමට පිළිසිඳ ගන්නා දරුවන් ගබ්සාවන්ට ලක්‌කර විනාශ කරන හැටි. අති දුර්ලභ මනුෂ්‍ය ආත්මයක් ලැබීමට පෙරුම්පුරා පැමිණෙන තමන්ගේම දරුවන් තම අතින්ම විනාශ කර දමන හැටි.
සමහර විට ඔවුන් පෙරේත ආත්මවල තිරිසන් ආත්මවල හෝ වෙනයම් දුගතිගාමී භවයක සිට මේ භවයේදී මිනිසත් බව ලැබීමට පැමිණියා විය හැකි නොවේද? එසේ විනාශ කර දමන මිනිසත් බව ලැබීමට පැමිණි එම දරුවන් යළිත් එම අගතිගාමී ලෝකයට තිරිසන් අපායටම තල්ලුකර දැමුවා විය නොහැකිද? එවිට එම දරුවන් ඔබට සාප නොකරනු ඇද්ද? එම පාපයෙන් එම සාපයෙන් ඔබ විදෙන්නේ කෙසේද? ඔබට සසර සැරි සරන තුරාවට දරු සම්පත්තිය ලැබීමට හැකි වේවිද? එසේ කරනු ලැබූ ඔබලාට, දරුවන් ලැබුණහොත්. එම පාපය එම සාපයනිසා එම දරුවන් අකාලයේ මියගොස් ඔබලාට දරාගත නොහැකි වේදනාවක් අත් කරනු ඇත. ඔබලාට වෛර කරමින් ඔබ අතරම ඔබලාගේ දරුවන් ලෙස උපත ලබා ඔබලා සතු සියලු ධන ධාන්‍ය විනාශ කර ඔබලාවද අගාදයට ඇද දමා යැමට හැකිය. මොහොතකට සිතන්න. කෙදිනකවත් ඔබලාට දරුවන් ලෙස පිළිසිඳ ගන්නා දරුවන්ගේ එම මිනිසත් බව ලැබීමේ අයිතිය විනාශ කරන්න එපා. ඔබලාගේ වරදේ වරදට මිනිසත් බව ලැබීමට පැමිණෙන දරුවන්ව විනාශ කරන්න එපා. ඔබලාට මෙම අත්භවයේ දරු සම්පත අහිමි වීමට හේතුව පෙර අත්භවයන්හිදී මෙවන් පාපකර්ම කිරීම විය හැකිය. මෙවන් පාපකර්ම කර දරු සම්පත අහිමි කර ගන්න එපා. මෙවන් පාපකර්ම නොකළ අයගේ කේන්දරයේ 5 වැන්න 5 වැන්නාධිපතියා 6 වැන්න, 6 වැන්නාධිපතියා බලවත් වනු ඇත. පැටවු ලැබීමට සිටින තිරිසන් සතුන්ටවත් හිරිහැර නොකිරීමට වග බලා ගන්න. මේ අනුව ඔබගේ මතු භවයත්, මේ භවයත් සැපවත් කර ගැනීමට උත්සාහ කරන්න.
ඔබ දැනටමත් දරු සම්පත්තිය නොමැතිව සුසුම් හෙළනවා නම් ඔබගේ ජන්ම කේන්දරය පරීක්‍ෂා කරවා ගෙන කළ යුතු යම් පිළිවෙතක් ඇද්දැයි සොයා බලන්න. මෙවන් දේවල් කිරීමේදී ඔබලා වංචාකාරයන්ට හසු නොවීමට වග බලා ගන්න. ඔබලාට සහනයක් ලෙසින් මම මෙහි කළ යුතු පිළිවෙත් කිහිපයක් සටහන් කරන්නෙමි. පළමුවෙන් දින 24 ක් නොකඩවා බෝධි පූජාවක් පවත්වන්න. උදෑසන කාලය තුළ කිරීමට හැකිනම් කිරි ආහාර ද පූජා කරන්න. බෝධි පූජාව පවත්වන සෑම දිනකම බෝධි පූජාව අවසානයේදී මෛත්‍රී භාවනාව වඩන්න. දස දිසා පිරිතද, සම්බ පාපපස්‌ස අකරණං යන ගථාවද, රත්නමාලා බන්ධන ගාථාද තුන් සූත්‍රයද සෑම දිනකම කියන්න. පසුව බුදුරජාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාව මතකයට නඟා ගෙන බෝධිය දෙස ඇසිපිය නොහෙලා හැකිතරම් වේලාවක් බලා සිටින්න. පසුව මෙසේ ප්‍රාර්ථනා කරන්න. අප විසින් පෙර අත්භවයන්හිදී යම්කිසි අකුසල කර්මයක් කර ඇත්නම් එම අකුසල කර්ම අහෝසි කම්මය බවට පත්වී අපගේ ශේෂ වී ඇති කුසල් කර්ම ඉස්‌මතුවී නිදුක් නිරෝගී දරුවන් ලැබේවා කියා පතන්න. දරුවන් ලැබීමට සිටින මවුවරුන්ට දාන දෙන්න. අසරණ දරුවෙකු දරුකමට ගෙන ඉතා ආදරයෙන් කරුණාවෙන් හදා වඩාගෙන සමාජයට වැඩදායක ගුණවත් පුරවැසියකු කරන්න. මිනිසුන්ට හිතකර වෘක්‍ෂ රෝපණය කරන්න. ජය සිරිමා බෝ සමිඳු වෙනුවෙන් සෙත් කවි කියන්න. නිර්මාංශී ආහාර ගන්න. කිසිම අයුරකින්වත් අඩුම තරමින් සතෙකුටවත් හිංසා නොකරන්න. සියලුම සත්ත්වයන්ට ගහ කොළට පවා මෛත්‍රී කරන්න. අනාථ දරුවන්ට පිහිට වන්න. මෙම පිළිවෙත් පිළිපැදීමෙන් ඔබලාට යම් තරමක සහනයක් ලබාගත හැකි බව විශ්වාස කරන්න.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here