ජ්‍යෙතිෂයට පෙනෙන භව කතරේ සසර ගමන

2132
භව
භව

[ratings]

මේ පෘතුවියේ නැගෙනහිර අහසේ නිරන්තරයෙන් යම්කිසි රාශියක්‌ උදාවී බැසයන මොහොතක එම රාශියක්‌ ලග්නය කොටගෙන මෙලොවට ජනිතවන සත්වයකු කිනම් ලොවකින් මෙලොවට ආවාදැයි ජ්‍යෙdතිෂ්‍ය ශාස්‌ත්‍රයෙන් මනාව නිගමනය කළහැකි න්‍යාය පද්ධතියක්‌ තුන්කල් දක්‌නා ඉසිවරයන් විසින් ප්‍රකාශ කර ඇත.

ලෝක තුනක්‌

දෙව් ලොව මිනිස්‌ ලොව හා තිරිසන් අපාය යන ලෝක තුනක්‌ පිළිබඳව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්වේ.

යක්‍ෂ ප්‍රේත හා චිරස්‌තීන සත්වයන් මේ මිනිස්‌ ලෝකය ඇසුරු කරගෙන ජීවත් වෙන බව කියවේ. ඒ නිසා මේ මිනිස්‌ ලෝකය ඔවුන්ගේද ලෝකය වන්නේය.

පෙර ආත්ම භාව

කෙනෙකු මෙලොව උපත ලබන මොහොතේ ඔහුට හිමිවන ලග්න රාශියෙන් මේ වර්තමාන ආත්ම භාවය පිළිබඳවත්.

දෙවන, තෙවන හා සිව්වන භාවයෙන් පසු පස ආත්ම භාව තුනක්‌ පිළිබඳවත් පරීක්‍ෂා කරන හැටි ජ්‍යෙdතිෂ්‍ය ශාස්‌ත්‍රයෙහි සඳහන්ය.

මතු ආත්ම භාව

තමන් කළ හොඳ හෝ නරක (පින් පව්) පොදි බැඳ ගෙන සසර පුරා සැරිසරමින් එන සත්වයාගේ මතු ආත්මභාව ගැනද කරුණු සොයා ගත හැකි එකම සාධකය ජන්මියෙකුගේ කේන්ද්‍රයයි.

ඒ සඳහා උපයෝගී කරගනු ලබන්නේ උත්පත්ති ජන්ම කේන්ද්‍රයේ 12 වන හා 11 වන රාශීන් හා පසුපස රාශීන්ය.

ජීවිතය හැඩකර ගැනීම

ජන්ම කේන්ද්‍රය මනාව පරීක්‍ෂා කිරීමෙන් තමාගේ උප්පත්ති තත්ත්වය පිළිබඳව හොඳ වැටහීමක්‌ ලබා හැකිය.

එසේ හොඳ වැටහීමක්‌ ලබාගැනීමෙන් මෙලොව මෙන්ම එලොවද සැපවත් වන්නට ජීවිතය සකස්‌ කර ගත හැකිය. ඒ වාසනාව සත්වයකු ලබන ඉමහත් ලාභයකි.

ජීවිතය අවසන් වූ හැටි

කෙනෙකුගේ කේන්ද්‍රයේ 08 වන භාවය එම පුද්ගලයාගේ ගිය ආත්මයේ 12 වන භාවය වශයෙන් සැලකේ.

ඒ අනුව ගිය ආත්මයේ 12 වන භාවය මේ ආත්මයේ 08 වන භාවයයි.

12 වැන්න යනු උප්පත්ති ජන්ම කේන්ද්‍රයක වැය ස්‌ථානයයි.

ඒ අනුව ජන්මියාගේ ගිය ආත්මය කෙසේ වැයවී ගියාද, ගෙවී ගියාදැයි නිගමනය කළ හැකිය.

රෝග පීඩා

මේ ආත්මයේ 12 වැන්න දුර්වල නම් ගිය ආත්මය රෝග පීඩාවලින් කෙළවර වන්නට ඇති බවට නිගමනය කරනු ලැබේ.

සැප සම්පත්

මේ ආත්මයේ 12 වැන්න බලවත් නම් එයින් නිගමනය වන්නේ එම ජන්මියා ගිය ආත්මයේ සැප ලැබූ බවයි.

එයට හේතුව ගිය ආත්මයේ 04 වැන්න මේ ආත්මයේ 12 වැන්න බවට පත්වී තිබීමයි.

දෙර්කාණ හාස්‌කම්

යම් කිසි ජන්මියකු ගුරු හිමි ධනු හෝ මීන දෙර්කාණයක උපත ලබා සිටින්නේ නම් ඔහු දෙව්ලොව සිට පැමිණි කෙනෙකු වශයෙන් සැලකේ.

නමුත් මේ නිගමනයට එළඹෙන්නට පෙර මේ ගුරු ග්‍රහයා එම කේන්ද්‍රයේ බාධක ග්‍රහයා හෝ 22 වන දෙර්කාණාධිපතියා හෝ නොවී පාප ග්‍රහයන්ගේ නැකැත්වල නොසිට බලවත්ව සිටින්නේදැයි බැලිය යුතුය.

සඳු හිමි කටක හෝ සිකුරු හිමි වෘෂභ තුලා දෙර්කාණයක්‌ උදාව පවතින මොහොතක කෙනෙකු උපන්නොත් ඔහු පෙර ආත්මයේ මිනිස්‌ ලොව ඉපිද සිටි බවටද,

කුජ හිමි මේෂ – වෘෂ්චික හෝ රවි හිමි සිංහ හෝ දෙර්කාණයක්‌ උදාව පවතින මොහොතක කෙනෙකු උපන්නොත් එම ජන්මියා තිරිසන් ආත්මයක සිටි බවටද,

බුධ හිමි මිථුන – කන්‍යා හෝ ශනි හිමි මකර – කුම්භ හෝ දෙර්කාණයක්‌ උදාව පවතින මොහොතක කෙනෙකු උපන්නේ නම් ඔහු අපායේ සිට ආ කෙනෙකු බවටද, නිගමනය කරන්නට ජ්‍යෙdතිෂ්‍යයෙන් උපදෙස්‌ දී තිබේ.

බලවත් දෙර්කාණ

උප්පත්ති මොහොතේ උදාව තිබුන දෙර්කාණයේ අධිපතියා බලවත්ව සිටියේ නම් ජන්මියාගේ පෙර ආත්මභාවය බලවත්ව තිබූ බවටද, උප්පත්ති මොහොතේ උදාව තිබූ දෙර්කාණයේ අධිපතියා දුර්වල තත්ත්වයක සිටියේ නම් එම ජන්මියාගේ පෙර ආත්මභාවය පහත් තත්ත්වයක දුර්වලව තිබුණ බවටද නිගමනය කෙරේ.

මරණාසන්න මොහොත

කෙනකුගේ මරණාසන්න මොහොතේ ඉදිරිපත් වන ගරුක කර්මය ඊළඟ ආත්මයේ දොරටු විවෘත කරයි. ඒ අනුව, 01. මරණාසන්න මොහොතේදී සමහරු ප්‍රකෘති සිහියෙන් තොරව වුවද සිනහ මුසු සතුටු මුහුණින් සිටිනවා දකින්නට ලැබේ. ඔව්හු හොඳ ලෝකවලට යන බවට සලකුණකි එය.

සමහරු මරණාසන්න මොහොතේ බිය වෙති. බියෙන් කෑ ගසති. මළ මුත්‍රා කර ගනිති. ඔවුහු දුගතියට යති.

කුසලාකුසල කර්ම

ඒ අනුව සත්වයා තමා විසින් රැස්‌කරගන්නා ලද කුසලාකුසල කර්ම ශක්‌තිය අනුව එලොවදී සැප හෝ දුක ලබයි.

යම ර-ජුරුවෝ

“මේ කුසලාකුසල කර්ම තොපේ මව කළාත් නොව පියා කළාත් නොව, තොපම කර ගත්තු ඒවාය. ඒ නිසා එහි විපාක තොපම විඳගත යුතුයි.”

සසර දුකට පත්ව බියෙන් භ්‍රස්‌ථ වන සත්වයකු දැක යම ර-ජුරුවෝ එසේ පවසන බවද කියති.

පුනර්භවය

පුනර්භවය ගැන තතු කියන 12 වන භාව අධිපතියා උච්ච බලයෙන්ද බබලන රශ්මියෙන්ද යුක්‌තව, ජන්ම කේන්ද්‍රය ඔපවත් කරන්නේ නම් එම පින්වත් සත්වයා මහේශාක්‍ය දිව්‍ය බ්‍රහ්ම ආත්මවල උපදින බව සඳහන් වන්නේද ජ්‍යෙdතිෂ්‍යයෙහිය.

එසේම එම 12 වන භාවාධිපතියා උත්පත්ති ජන්ම කේන්ද්‍රයේ හා නවාංශකයේ පරිපූර්ණ ස්‌වක්‍ෂේත්‍ර බලයෙන් බබලන්නේ නම් එම ජන්මියා ධන සිටුවරයකු හෝ උසස්‌ කුලවතකු වී යළි මේ මිනිස්‌ ලොව උපත ලබන බවට එය ඉඟියකි.

උප්පත්ති කේන්ද්‍රය

(01) උප්පත්ති ජන්ම කේන්ද්‍රයක 01-02-03-04 යන පළමුවන භාව සතර මේ ආත්මය පිළිබඳව විස්‌තරයක්‌ කියයි.

(02). 05-06-07-08 යන දෙවන භාව සතර එම ජන්මියාගේ මතු ආත්ම භාව ගැන විස්‌තර කියයි.

(03). 09-10-11-12 යන තුන්වන භාව සතර එම ජන්මියාගේ පසුගිය ආත්ම භාව ගැන විස්‌තර කියයි.

කේන්ද්‍රයක ත්‍රිකස්‌ථාන

කේන්ද්‍රයක ත්‍රිකස්‌ථාන වශයෙන් සැලකෙන්නේ 06 – 08 -12 යන ස්‌ථානයන්ය.

මේ ත්‍රිකස්‌ථාන වල සිටින දුර්වල පාපයන් එම ජන්මියාව අනන්ත දුකින් පෙළයි.

දෙමවුපියන්ට දුක්‌ දුන් අය සිල්වතුන්ට ගැරහූ අය, අනුන්ට අණවින කොඩිවින කළ අය, සතුන්ට හිරිහැර පීඩා කළ අය, මෛත්‍රී සහගත සිතින් කටයුතු නොකළ අය තම උත්පත්ති ජන්ම කේන්ද්‍රයේ 06 – 08 – 12 භාවයෙන් දුර්වලව උපත ලබා දහදුක්‌ විඳිති.

එසේම ඔවුන්ට දෙවියන්ගේ සාපයද අත්වේ.

වෛද්‍යවරුන්ට සොයාගත නොහැකි අසනීප වලින් දුක්‌ විඳින්නේද ඔවුන්ය.

විෂ්ණු ස්‌ථානය

උප්පත්ති ජන්ම කේන්ද්‍රයක විෂ්ණු ස්‌ථානය වශයෙන් සැලකෙන්නේ දසවන ස්‌ථානයයි. එසේම පෙර කර්මය ගැන කියන බලවත්ම ස්‌ථානය 10 වැන්නය.

ඒ අනුව මේ ආත්මයේදී හොඳ රැකියාවක්‌ ලබන්නට නම් 10 වැන්නා හා 10 වැන්නාධිපතියා බලවත් විය යුතුය. කේන්ද්‍රයේ 10 වන භාවයෙන් ඵල දෙන්නේ අපරාපරිය කර්මයයි. දසවැන්න බලවත් වුවහොත් වාසනාවන්ත රැකියාවක්‌ හිමිවී ඔහු වාසනාවන්ත කෙනෙකු බවට පත්වේ.

කේන්ද්‍රයේ මෙම ආත්ම භාවයේ 10 වැන්න මතු ආත්මයේ 06 වන භාවය බවට පෙරළී යයි.

සහකරු හෝ සහකාරිය

කේන්ද්‍රයෙන් සහකරු හෝ සහකාරිය පිළිබඳව විමසන අවස්‌ථා එමටය. එබඳු අවස්‌ථාවල කේන්ද්‍රයේ 07 වැන්නට මුල්තැන ලැබේ.

ඕනෑම ජන්මියකුගේa ජන්ම කේන්ද්‍රයේ 07 වන රාශිsය ලග්නය වශයෙන් ගෙන ග්‍රහයන් පිහිටවූ විට ඔහුට හෝ ඇයට ලැබෙන සහකරු හෝ සහකාරියගේ තොරතුරු දැනගතහැකිය.

සත්වැන්න ලග්නය වශයෙන් ගත්විට (01) එහි අධිපතියා (02) එහි තැන්පත් ග්‍රහයන් (03) 07 වන භාව ස්‌පුඨය පාලනය කරන භාව නැකැත්පතියා (04) නවාංශය අධිපතියා (05) 07 වැන්නට දෘෂ්ඨි දෙන ග්‍රහයන්, බලවත් වූ තරමටම විවාහ සහකරු හා විවාහය යහපත් වේ.

විශේෂයෙන් 07 වැන්නට සම්බන්ධ වන ග්‍රහයන් 06-08-12 අධිපතියන් නොවී එහිs තැන්පත් නොවී ශුභදායක බවට පත්ව සිටින්නේ නම් වාසනාවන්ත සහකරුවකු හෝ සහකාරියක ලැබේ.

උපස්‌ථම්භක කර්මය

කේන්ද්‍රයේ 07 වන භාවයෙන් ක්‍රියාත්මක වන්නේ උපස්‌ථම්භක කර්ම ශක්‌තියයි. 07 වැන්න දුර්වල වූ විට අති දුෂ්ඨ අවාසනාවන්ත සහකරුවකු හෝ සහකාරියක ලබාදෙමින් විsවාහය දුකක්‌ බවට පත් කරන්නේ උපස්‌ථම්භක කර්ම ශක්‌තියයි.

We found this article from Divaina on 2011/11/25.
Also Sinhala to English Google word to word translation can be found here