ජ්‍යෙතිෂයෙන් රෝග සුවපත් කළ හැකිද?

1942
රෝග
රෝග

[ratings]

මේ මිහිතලේ ආරම්භයේ සිට අද දක්‌වාත්, ඉදිරියටත් ඉපදීම, මරණය මෙන්ම රෝගී වීමද නියත කරුණකි. යමෙක්‌ කිසිදු දිනෙක කිසිදු රෝගයකට භාජන වී නැතයි පවසන්නේ නම් එය පිළිගත හැකි සත්‍යයක්‌ නොවේ. සිදුහත් කුමරු සසර කලකිරුනේ සතර පෙරනිමිති දැකීමෙන්ය. ඉන් එක්‌ නිමිත්තක්‌ වූයේ “රෝගියකු” දැකීමය. අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ද තම ජීවිත කාලය අවසානයේ උදරාබාධයකින් පෙළුණු බව පැහැදිලිය. ඒ නිසා යමෙක්‌ අසනීප වීම පුදුමයට කරුණක්‌වත්, විශේෂ කාරණයක්‌වත් නොව සාමාන්‍ය සිදුවීමකි. එහෙත් බොහෝ රෝග සඳහා අද ඖෂධ හා පිළියම් පවතී. දිනකින් දෙකකින් හෝ සතියකින් මාසයකින් හෝ සුවපත්වන රෝගීන් ඇත. රෝග සෑදීමේදීවත් පොහොසත්කම් වයස්‌ භේද, ලිංග භේද බලපාන්නේ නැත. ඕනෑම අයෙකුට ඕනෑම අවස්‌ථාවකදී අසනීපයක්‌ වැළඳීමට පුළුවන. පවත්නා රෝග සහ ඒවා වැළදෙන ආකාරය පැහැදිලි කිරීම දිගු ලිපියක්‌ ලිවීමට අවශ්‍ය කාරණයක්‌ නිසා ඒ ගැන කථා නොකරමි.

මා පෙන්වන්නේ බොහෝ දෙනාට රෝගයක්‌ වැළඳුණු විට වෛද්‍යවරයකු වෙත ගොස්‌ ප්‍රතිකාර ලබාගෙන සුව වූවත් ඇතැම් අවස්‌ථාවල වෛද්‍යවරුන් කොතරම් නූතන වෛද්‍යක්‍රම භාවිත කළද රෝග විනිශ්චයකට බැසීමට හෝ රෝගය සුවකිරීමට අපහසු අවස්‌ථාවලදී ජ්‍යෙdතිෂ විද්‍යාව හා ගුප්තවිද්‍යාව නිසා එම රෝග සුවපත් වූ අවස්‌ථා බොහෝ පවතී. එම කරුණ සිදුවන්නේ කෙසේදැයි බලමු. උපතේදී යමෙක්‌ යම් කිසි ලග්නයකින් නැකතකින් උපදින්නාක්‌ මෙන්ම ඒ උපදින අයට දසා අපහරණයක්‌ද උරුමව පවතී. මුළු ජීවිත කාලය පුරාම එම දසාවෙන් දසාවට, අන්තර් දසාවෙන් අන්තර් දසාවට අපේ ජීවන රටාව ගලාගෙන යයි. මෙසේ දසාවන් මාරුවීමේදී ද වෙනත් ග්‍රහ පිහිටීම් අනුව ද අපගේ ශරීරයේ රෝග පීඩා සිදුවීමට ඉඩ ඇත. උදාහරණ ලෙස සඳු මහදසාවේදී සෙම් රෝග, පීනස, හතිය, ඇදුම වැනි රෝග ඇතිවීමත්, වැඩිවීමත් සිදුවේ. මේ කාලයේදී වෛද්‍යවරු කුමන ඖෂධ දුන්නද ඉහත කී රෝග නිට්‌ටාවට සුවවීම සිදුනොවේ. එසේම කුජ මහදසාවේදී ලේගැලීම ශල්‍යකර්ම ආදිය ඇතිවීමට ඉඩඇත. සිකුරු මහදසාවේදී මුත්‍රා අමාරු – දියවැඩියාව වැනි රෝග ඇතිවීමට ඉඩ ඇත. ඖෂධ මගින් කෙරෙන්නේ එම රෝග පාලනය කිරීම පමණි. දක්‍ෂ ජ්‍යෙdතිෂවේදියකුට ඔබේ ඡන්ම පත්‍රය පෙන්වුවහොත් “මේ කාලයේ මෙවැනි රෝගයක්‌ සෑදීමේ ඉඩකඩ ඇත.” පවසනවා ඇත. එසේම ඉන් වැළකී සිටීමට කළයුතු පිළියම් හා උපදෙස්‌ ලබාදෙනවා ඇත. ගුප්ත විද්‍යාවෙන් මේ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ඔබට ලබාගත හැක. උදාහරණ සේ සෙනසුරු අපලය ඇතිවන කාලයේදී ශනි මෘතංජය යන්ත්‍රය පැළඳීම, කපුටු දාන එක්‌ කරුණක්‌ සේ දැක්‌විය හැක.

ඇතැම් අවස්‌ථාවලදී කොපමණ දක්‍ෂ වෛද්‍යවරු ප්‍රතිකාර කළද, රෝගය සුවනොවන අවස්‌ථාවල තැඹිලි ගෙඩියක්‌ මතුරා දීමෙන් හෝ පිරිත් නූලක්‌ අතේ ගැට ගැසීමෙන් රෝග සුව වූ අවස්‌ථා අනන්තවත් ඇත. එය සිදුවන්නේ ශරීරගත ග්‍රහදොaෂ සහ වෙනත් දොaෂවලට ඒ මගින් පිළියම් යෙදෙන නිසාය.

ඇතැම් විට ඔබ ගෙදරින් පිටත සිටියදී නිරෝගිව සතුටින් සිටියද නිවසට ඇතුළු වූ විගස සිතේ අසහනයක්‌ ශරීරයේ යම් යම් වේදනාත් ඇතිවිය හැක. නැවත ගෙදරින් පිටවූ වහාම ඒ රෝගය සුවවූ බව දැනෙනු ඇත. ඊට හේතු වන්නේ කාරණා කිහිපයක්‌ නිසාය.

ඔබේ නිවස වාස්‌තු විද්‍යානුකූලව සාදා නොතිබීම.

ඔබේ නිවසේ යම් යම් භූත දොaෂ තිබීම.

ඔබේ ජන්ම නැකත හා නිවසේ නැකත නොගැලපීම.

නිවසක්‌ සාදන විට ඒ සඳහා සුදුසු සැලසුමක්‌ ඇඳීමත් ඊට වාස්‌තු විද්‍යානුකූලව උපදෙස්‌ ගැනීමත් කළයුතුයි. එසේම ඔබ පදිංචි වන නිවස ඔබේ ජන්ම නැකතට වාසනාව මිස අවාසනාව ගෙන දෙන නැකතක්‌ නොවිය යුතුය. එය සිදුකළ හැක්‌කේ දක්‍ෂ ජ්‍යෙdතිෂවේදියකුට පමණි. එසේම අප කරන වරදක්‌ නම් නිවසක්‌ සෑදීමේදී හෝ පදිංචිවීමේදී ගෘහ මූලිකයාගේ නැකතට පමණක්‌ ගැලපෙන නැකතක්‌ තෝරාගැනීමය එය වැරදි කරුණකි. නිවස සෑදීම හෝ පදිංචිවන අවස්‌ථාවලදී තමාගේ පවුලේ සැමගේම වාසනා නැකතක්‌ තෝරාගත යුතුය. එසේම අප වැඩිදෙනා අද පුරුදුව ඇත්තේ වෙන අයෙකු සෑදූ නිවසක්‌ මිලදී ගෙන එහි පදිංචිවීමය. එතනදී සිදුවන්නේ ගෙය සාදා ඇත්තේ මුල් අයිතිකරුට මිස මිලදී ගන්නා අයට නොවන නිසා අසනීප, මිල මුදල් නාස්‌ති වීම් ආදිය සිදුවීමයි.

මේ කාරණා මෙන්ම අප පිළිගතද නැතද භූත හා අමනුෂ්‍ය දොaෂ පවතී. මේ දොaෂ පවත්නා නිවසක පදිංචිව සිටින්නා සිටින්නේ මළගිය ප්‍රාණින් සමඟය. එසේනම් කුමන සුවයක්‌ද. ඒ සඳහා ගුප්ත විද්‍යාත්මකව ආරක්‍ෂක වැඩපිළිවෙළක්‌ යොදනතාක්‌ ඔබේ නිවසට සිරිකත වඩින්නේ නැත.

දරුවකු උපන් අවස්‌ථාවේ නමක්‌ තැබීමේදී සුබ අකුරක්‌ යොදා ගන්නේ නිකම්ම නිකම් නොවේ. නමට යෙදෙන අක්‍ෂරය වාසනාව හෝ අවසනාව උදාකරයි. බෝසතුන් මෙලොව උපන් අවස්‌ථාවේ බමුණන් කැඳවා “සිද්ධාර්ථ” යන නම තැබුවේ තුන්කල් බැලීමෙන් පසුවය. නමට අකුරු සොයා නම තැබූ විට ඒ ගණපිහිටීම අනුව

1. භූමි ගණ

2. දේව ගණ

3. චන්ද්‍ර ගණ

4. ජල ගණ

5. සූර්යගණ

6. අග්නි ගණ

7. වායු ගණ

8. ආකාශ ගණ

යනුවෙන් ගණ අටකට බෙදේ. මෙයින් අවසාන ගණ හතරට ඔබගේ නම අයත්වන්නේ නම් ඔබට රෝග සෑදීම (සුව නොවන රෝග) විනාශය සිදුවීමට ඉඩ ඇත.

ඔබ විවාහ වන්නේ දරුවකු සුරතල් කිරීමේ අරමුණ ඇතිවය. එහෙත් විවාහ වී කාලයක්‌ ගතවූවද ඔබට දරුවන් නැතිනම් කොපමණ දුකක්‌ද? පොරොන්දම් බැලීමෙන් සිදුවන්නේ දැවැද්ද කොපමණ ලැබෙනවාද? යන්න ගැන බැලීම නොව ඔබ දෙදෙනාගේ විවාහ ජීවිතය කොතරම් තෘප්තිමත්ද? ඔබ දෙදෙනාට දරුඵල තිබේද? නැද්ද යන්න විමසා බැලීමයි. යෝනි පොරොන්දම් ලිංග පොරොන්දම් වෘක්‍ෂ පොරොන්දම් ආදී ලෙස පොරොන්දම් විස්‌සක්‌ ඇත්තේ එය සොයා බැලීමටය. ඔබ දෙදෙනා පරීක්‍ෂා කරන වෛද්‍යවරු ඔබ දෙදෙනාම නිරෝගි බවත්, දරුඵල ඇති බව පැවැසුවත් දරුවන් පමාවන්නේ නම් ජ්‍යෙdතිෂ විද්‍යාවෙන් සහ ගුප්ත විද්‍යාවෙන් ඊට පිළියම් යොදාගත හැක. ශනි මංගල දොaෂ, කුජ මණ්‌ඩල දොaෂ ආදියට පිළියම් යෙදීමත්, අවශ්‍ය ගුප්ත විද්‍යාත්මක පිළියම් යෙදීමෙනුත් ඔබට පමාවක්‌ නොමැති දරුවකු ලබාගැනීමේ වාසනාව ඇත.

මේ කාරණා අනුව ඔබට දැන් පැහැදිලි වනවා ඇති කරුණක්‌ නම් ඔබට ඇති අසනීපය කුමක්‌ වූවත් ඊට වෛද්‍ය ප්‍රතිකාර සිදුකළත් සුවයක්‌ නොලැබෙන්නේ නම්, ඊට වෙනත් හේතු තිබිය හැකි බවත්ය. වෛද්‍යවරයාට දොස්‌ කීමෙන්වත්, ඔබ ඔබ ගැනම කලකිරීමෙන්වත්, ජීවිත හානි කරගැනීමෙන්වත් නොව ජ්‍යෙdතිෂය ගුප්ත විද්‍යාව වැනි බලවත් ක්‍රමයකින් ඔබේ රෝගය සුවපත් කරගත හැකිය. ඔබගේ වෛද්‍යවරයාට පෙනෙන්නේ ඔබේ ශාරීරික සෞඛ්‍යය පමණි. පැරණි සිංහල (පාරම්පරික) වෛද්‍යවරු රෝගියකු පරීක්‍ෂා කරන විට ඔහුගේ හෝ ඇයගේ ජන්ම පත්‍රය පරීක්‍ෂා කළේත් රෝගියකු ගැන සොයන්නට පෙර දූත ලක්‍ෂණ පරීක්‍ෂා කළෙත් මේ ගැඹුරු ශාස්‌ත්‍ර ඔවුන් ප්‍රගුණ කර සිටි නිසාය.

ඔබට නිරෝගි සුවය ලැබේවා

මෙම ලිපියෙන් බටහිර වෛද්‍ය ක්‍රමය හෝ ආයුර්වේද (දේශීය) වෛද්‍ය ක්‍රමය හෝ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය හෝ ඒ කිසිදු වෛද්‍යවරයකුට අපහාස කිරීමක්‌ හෝ පහත හෙළීමක්‌ සිදු නොකරන බව දන්වමි.

We found this article from Divaina on 2012/02/24.
Also Sinhala to English Google word to word translation can be found here