ජ්‍යෙතිෂ්‍ය පිළිබඳ ගැඹුරු දැනීමක් නැතත් තම එදිනෙදා ජීවිතයේ සාර්ථකත්වය උදෙසා බොහෝ අය ජ්‍යෙතිෂය උපදෙස් අනුගමනය කරති. රාහු කාලය බලා එය මඟහැර ගැනීමට බොහෝ අය දනී. සුබ ගමනක් පිටත්වන විටදී නැතහොත් සුබ කටයුත්තක් ආරම්භ කිරීමේදී රාහු කාලය මගහැර ගන්නවා මෙන්ම සුබ හෝරාවක්‌ද බලා ගැනීමට පුරුදු වී සිටින එවැන්නන් අත කාලහෝරාව දක්‌වන කුඩා චක්‍රයක් ද තිබේ. පොකට් කැලැන්ඩර මුද්‍රණය කරන අය ඒවායේ රාහු කාලය හා කාලහෝරා චක්‍ර ද ඇතුළත් කර තිබෙනු දැකිය හැකිය.
කිසිවක් සොයා නොබලා සුබ කටයුතු ආරම්භ කරන අයට වඩා, මේ තරමින් හෝ නැකත් චාරිත්‍රයක් අනුගමනය කිරීමට හුරු පුරුදු වූ අය වඩාත් සාර්ථක වන බවක් දක්‌නට තිබේ. නමුත් කාලහෝරාව එවැනි සරල වූද, පොදු වූද, නිර්දේශයන් ඉක්‌මවා යන අති ප්‍රබල නැකත් ක්‍රමයකි. එමෙන්ම පලාඵල ද පැවසිය හැකි ක්‍රමයකි.
පහත පළවන්නේ පොකට් කැලැන්ඩරවල ද බිත්තිලිත්වලද පමණක් නොව පැරණි මූලික ජ්‍යෙdතිෂය ග්‍රන්ථවල ද පවා සඳහන් වන හෝරා චක්‍රයයි. අවබෝධය ලබා ගත්විට හෝරා චක්‍රය නොලබාම ඕනෑම වේලාවක පවතින හෝරාව කුමක්‌දැයි ඔබටම ගණනය කරගත හැකිවේ.
ගතානුගතික නිර්දේශවලින් ඔබ්බට ගොස් ඔබේ එදිනෙදා සුබ කටයුතු සාර්ථක කර ගන්නා හැටි මේ ලිපියෙන් සාකච්ඡා කරමු. ඒ සඳහා ඔබට ජය ලැබෙන හෝරාව මෙන්ම අශුභ හෝරාව ද දැනගෙන එම චක්‍රය පරිශීලනය කිරීම අවශ්‍ය වන්නේය. කාලහෝරාව ගැන මෙකල විවිධ මත පළවී තිබේ. එසේ නමුත් පැරණි ග්‍රන්ථවල කාලහෝරාව මනින ආකාරය සමාන ලෙස විස්‌තර කර තිබේ. හොරාභරණයේ එය මෙසේ කියෑවේ.
“චරාත් ෂෂ්ඨස්‍ය ෂෂ්ඨස්‍ය – හෝරාසාර්ධං ද්විනාඩිකා
අර්තඃ ශුත්‍රො බුධශ්චන්දොa – මන්දොa ජීවො ධරාසුතඃ
ඝටිකා ද්වයමර්ධංච – කාලහෝරාමිනි ස්‌මෘතා” යනුවෙනි.
එනම් දිනය හිමි ග්‍රහයා ගෙන්a පටන්ගෙන සවැනි සවැනිව ගැණෙන ග්‍රහයන්ට කාලහෝරාව අයිති වේ. එක ග්‍රහයාට දේහය හමාර බැගින් දිනයේ හැට පැයට දිවා කාලයේ හෝරා දොළහක් ද රාත්‍රි කාලයේ හෝරා දොළහක් ද බැගින් දිනකට හෝරා විසි හතරකි.
ඉහත සඳහන් කර ඇති පැය 60 යනු සිංහල ක්‍රමයටය. ඔරලෝසු කාලය අනුව දිනකට පැය 24 ක් නිසා හෝරාවකට පැයක් අයිතිවේ. හෝරා චක්‍රවල හා ග්‍රන්ථවල සඳහන් පරිදි ගුරු හෝරාව විවාහයට ද, සිකුරු හෝරාව ගමනට ද, බුධ හෝරාව ඉගෙනීමට ද, ශනි හෝරාව පැවිද්දට ද, කුජ හෝරාව සටන ද, රවි හෝරාව රජුන් හෙවත් උසස් අය බැහැ දැකීමට ද, චන්ද්‍ර හෝරාව සියලු සුබ කටයුතුවලට ද යෙදිය යුතු බව නිර්දේශ කර තිබේ.
එහෙත් ඒ පොදු නැකත් සඳහා සම්මත ක්‍රමයයි. පොදුවේ හෙවත් සාමූහිකව කෘෂිකර්මාන්ත ආදී කටයුතු කළ පැරණි සමාජයටත් පොදු සාමාජික කටයුතුවලදී අදත් මෙම ක්‍රමය ගැලපේ. නමුත් පුද්ගලික කටයුතුවලදී මෙය වෙනස් කර ගත යුතුවේ.
පෞද්ගලික කටයුතුවලදී උපන් ලග්නය හා ජන්ම පත්‍රයේ සෙසු ග්‍රහ බලය තූලනය කර බලා සුබ හෝරාව තීරණය කළ යුතුවේ. උදාහරණයක් වශයෙන් රජුන් හෙවත් උසස් අය හමුවීමට රවි හෝරාව නිර්දේශ කළ ද උපතේ රවි ග්‍රහයා නීච වූ අයටද මීන ලග්න හිමි අයටද රවි හෝරාව ශුභඵල දෙන්නේ නැත.
එමෙන්ම සිකුරු හෝරාව විවාහයට නිර්දේශ කර ඇතත්, උපතින් සිකුරු නීච වූ නැතහොත් අටවැන්නාධිපති වූ අයට විවාහය සඳහා එම හෝරාව අශූභඵල දායක වේ. උපන් ලග්න අනුව මේෂ ලග්න හිමියන්ට ගුරු හෝරාව ද, වෘෂභ ලග්නයට ශනි හෝ බුධ හෝරාව ද, මිථුනයට බුධ හෝරාව ද, කටකයට ගුරු හෝරාවද, සිංහයට කුජ හෝරාව ද බලවත් නම් රවි හෝරාව ද, කන්‍යාවට සිකුරු හෝරාව ද, තුලාවට බුධ හෝරාව ද, වෘශ්චිකයට සඳු හෝරාව ද ධනුවට රවි හෝරාව ද, මකරයට බුධ හෝරාව ද, කුම්භයට සිකුරු හෝරාව ද, මීනයට ගුරු හෝ කුජ හෝරාව ද උදාවන වේලාව සුබඵල දායක වනු ඇත.
එමෙන්ම සුබ ග්‍රහයින් වුවද සමහර ලග්න හිමියන්ට මාරක උදාකරයි. එනම් අටවැන්නාධිපති මාරක වේ. මේ අනුව මේෂයට කුජ ද, වෘෂභයට ගුරු ද, මිථුනයට ශනි ද, කටකයට ශනි ද, සිංහයට ගුරු ද, කන්‍යාවට කුජ ද, තුලාවට සිකුරු ද හා ගුරු ද වෘශ්චිකයට බුධ ද, ධනුවට සඳු ද, මකරයට රවි ද, කුම්භයට බුධ ද, මීනයට සිකුරු ද යන ග්‍රහයන් හෝරා අශුභඵලදායක වන්නේය.
සමහර විට ඔබේ කේන්ද්‍රයේ ග්‍රහයන් කිහිප දෙනෙක් සුබව පිහිටා තිබෙන්නට පුළුවන. එවිට එම ග්‍රහයන් කිහිප දෙනාගේම හෝරා බලවත් වනු ඇත. හෝරාව පැයක කාලයක් පවතින බැවින් එක් ග්‍රහයෙකු බලවත් කෙනෙකුට වඩා වැඩිවාර ගණනක් බලවත් ග්‍රහයන් කීප දෙනෙකු සිටින අයට එක දිනකදී උදා වන්නේය. එවිට බලවත් කේන්ද්‍ර හිමියා දවසේ වැඩි කාලයක් බලවත්ව සිටින බව වටහාගත යුතුවේ. ග්‍රහයන් කිහිප දෙනකු බලවත් අය ජීවිතයේ වැඩි කාලයක් සුවසේ ගත කරන්නේ මේ අනුවය. ඔබේ උපන් ලග්නය හා බලවත් ග්‍රහයා හඳුනාගෙන එම ග්‍රහයාට හිමි හෝරාවේ සුබ කටයුතු අරඹා ජීවිතය ජයගන්න.
We found this article from Divaina on 2013/05/10.
Also Sinhala to English Google word to word translation can be found here