ඥතීන් අතර විවාහයට මග සැලසෙන ග්‍රහ සංයෝග

1370
ඥතීන්
ඥතීන්

[ratings]

ඥතීන් අතර විවාහය බොහෝවිට ආලය මුල්කරගෙන සිදුවන අතර දෙපාර්ශ්වයේ වැඩිහිටියන්ගේ යෝජනා අනුවද සිදුවන අවස්‌ථා ඇත.

තම මවගේ සහෝදරයන්ගේ දුව – පුතා හෝ පියාගේ සහෝදරියන්ගේ දුව – පුතා ඇවැස්‌ස නෑනා – මස්‌සිනා ලෙස යෝජිතව හෝ ප්‍රේම සම්බන්ධතා මත විවාහ කරවීම අදද ගම්බද ප්‍රදේශවල බොහෝ විට දැකිය හැක.

තම ඥතීන් අතර විවාහ කටයුත්තක්‌ ආදර සම්බන්ධයක්‌ මුල්කර ගනිමින් සිදුවන්නේ නම් අදාළ කේන්ද්‍ර දෙකෙහි ආලය නිසා සිදුවන විවාහයක ග්‍රහ සංයෝගය සසර බැඳීමක්‌ ලෙස විද්‍යමාන වන්නේය. එම ග්‍රහ සංයෝගයටම වෙනත් ග්‍රහ සම්බන්ධතාවක්‌ ඇතිවන්නේ නම් ද විවාහය සිදුවන්නේ ඥති සම්බන්ධතාව මතය. මෙකී ඥති සම්බන්ධයෙහි ස්‌වභාවය අවබෝධ කරගත හැක්‌කේ සංයෝග වන ග්‍රහයාගේ හෝ එම ග්‍රහයා විසින් අත්පත් කරගෙන සිටින රාශියෙහි ස්‌වභාවය හෝ ග්‍රහ සංයෝගය සිදුවී තිබෙන රාශියෙහි ස්‌වභාවය අනුවය.

ලග්නයෙන් දෙවැන්න ඥති සබඳකම් පාලනය කරන අතර සිකුරු හෝ සත්වැන්නාධිපති යම් සබඳතාවක්‌ දෙවැන්න හෝ දෙවැන්නාධිපති සමග ඇතිකරගත් විට කෙනෙකු සිය සහකාරිය තෝරාගනු ලබන්නේ තම ඥති පවුලකිනි.

යමෙකුගේ කේන්ද්‍රයක ගාන්ධර්ව විවාහයකට මග සලසන ග්‍රහ සංයෝගයක්‌ නැති විට එහෙත් ඥතීන් අතර විවාහයක ලකුණු පෙන්නුම් කරන විට විවාහය සිදුවන්නේ දෙපාර්ශ්වය අතර සාකච්ඡා මගිනි.

තුන්වැන්නෙන් බාල සහෝදරියන් හා ඥති සහෝදරියන් පාලනය කරයි. තුන්වැන්න හෝ තුන්වැන්නාධිපතියා හෝ විවාහය පෙන්නුම් කරන රාශිය හෝ ග්‍රහයා සමග යම් සබඳතාවක්‌ ඇතිකරගත් විට විවාහය සිදුවීමට ඉඩ ඇත්තේද තම ඥති සහෝදරියක සමඟය.

පස්‌වැන්න ලේලිලා සහ ඒ හා සමාන ඥතීන් පාලනය කරයි. පස්‌වැන්න හෝ පස්‌වැන්නාධිපති විවාහය පෙන්නුම් කරන රාශිය හෝ ග්‍රහයා සමඟ සබඳතාවක්‌ ඇතිකර ගන්නා විටද භාර්යාවන් තෝරා ගනු ලබන්නේ එකී ඥති සබඳතා ඇති අය අතරිනි. පස්‌වැන්න ලෙන්ගතු කමේ රාශියා වීමද එයට හේතුවේ.

එවැනි ග්‍රහ සංයෝගයක්‌ යටතේ ගුරුවරයකු තමා යටතේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක සමඟ විවාහ වන අවස්‌ථා දැකිය හැක.

සත්වැන්න භාර්යාවන් පාලනය කරන අතර සිකුරුද භාර්යාව පාලනය කරයි.

එබැවින් සත්වැන්නෙන් තුන්වැන්න එනම් සිකුරුගෙන් නම වැන්න හෝ සිකුරුගෙන් තුන්වැන්න බිරිඳගේ බාල සහෝදරියන් හෙවත් නෑනා පාලනය කරයි. එබැවින් එයට කිසියම් සබඳතාවක්‌ පෙන්නුම් කරන රාශියට හෝ ග්‍රහයාට තිබේ නම් හෝ කේන්ද්‍රයේ විවාහ දෙකක්‌ පෙන්නුම් කර තිබේ නම් එකී කේන්ද්‍රය හිමියා නියත වශයෙන්ම තම බිරිඳ මියගිය පසු හෝ ඇය ජීවත්ව සිටියදී හෝ තම නෑනා විවාහ කරගනී.

එකොළොස්‌වැන්න වැඩිමහල් සහෝදරයා පාලනය කරන අතර එකොළොස්‌වැන්නෙන්ද සත්වැන්න එනම් පස්‌වැන්න වැඩිමල් සහෝදරයාගේ බිරිඳ පාලනය කරයි. එබැවින් පස්‌වැන්න හෝ පස්‌වැන්නාධිපති හෝ විවාහය පෙන්නුම් කරන ග්‍රහයා සමග සබඳතාවක්‌ ඇතිකර ගත් විට වැන්දඹුවක්‌ විවාහය සඳහා තෝරාගැනීමද පෙන්නුම් කෙරෙන අතර එය කේන්ද්‍රයක සටහන්ව තිබේ නම් එකී කේන්ද්‍ර හිමියා තම වැඩිමල් සහෝදරයාගේ බිරිඳ විවාහ කරගන්නේය.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here