තත්කාලයෙන් රෝග පිළිබඳව දැන ගන්නේ මෙහෙමයි

0
605
ආයුර්වේද
ආයුර්වේද

[ratings]

අතීතයේදී විද්වතුන් විසින් තත්කාල ශාස්‌ත්‍රය බොහෝ සේ ප්‍රයෝජනයට ගත් බවක්‌ පෙනේ. නිවාස තැනීමක්‌, විවාහයක්‌, ළිඳක්‌ කැපීමක්‌ හෝ වෙනත් ඕනෑම කටයුත්තක්‌ ආරම්භ කිරීමට පෙර තත්කාල ශාස්‌ත්‍රයෙන් විසඳුමක්‌ ලබාගැනීම එදා සිරිත විය.

පොරොන්දමක්‌ බලන්නට දුන් විට ඒ මොහොතේ උදාව පවතින තත්කාල කේන්ද්‍රය දෙස බලා එම විවාහය සිදුවේද නැද්ද කියා තීරණය කරන ලදී.

ප්‍රශ්න විද්‍යා

තත්කාල ප්‍රශ්න ශාස්‌ත්‍රයේ පවතින කාල භේදයක්‌ පිළිබඳව ගර්මනෝරමා නම් ප්‍රශ්න විද්‍යා ග්‍රන්ථයේ සඳහන්වේ.

ඒ මෙසේය.

උදේ 06 සිට දහවල් 10 දක්‌වා කාලය තුළ අසන ප්‍රශ්න වල සාර්ථකත්වය සතුටුදායකය.

දහවල් 02 සිට සවස 06 දක්‌වා කාලය තුළ අසන ප්‍රශ්න වල සාර්ථකත්වය මධ්‍යමය.

දහවල් 02 සිට සවස 06 දක්‌වා අසන ප්‍රශ්නවල ප්‍රතිඵල අධමය.

විශේෂ රීතියක්‌

නමුත් ප්‍රශ්නකරු කාලභේදය ගැන නොසිතිය යුතුය.

ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රඥයා කාල භේද නීතිය පිළිබඳව සිතිය යුතුය.

ලග්න බලය

තත්කාල ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රයෙහි තත්කාල විමසීමකදී තත්කාල ලග්නය භාග අංශක විසිහත පසුකර තිබුණහොත් එම තත්කාල විමසීම නොකළ යුතුය. එමෙන්ම තත්කාල ශාස්‌ත්‍රයෙන් බොහෝ දේ පිළිබඳව විමසීම් කළ හැකි නමුත් අද මේ ලිපියට විෂය වන්නේ රෝග විනිශ්චය පිළිබඳව කරුණුයි.

කුජගේ බලය

1) රෝගයක්‌ පිළිබඳව ප්‍රශ්නයක්‌ විමසූ විට එම තත්කාල කේන්ද්‍රයේ කුජ සිටි නැකතේ සිට ජන්ම නැකත එක – දෙක – හත – අට – නවය – දහහතර – පහලොව – දාසය – විසි එක – විසි දෙක – විසි තුන – විසි අට යන නැකතක්‌ වුවහොත් රෝගය අසාධ්‍ය බව පැවැසේ.

2) කුජ සිටි නැකතකින් ජන්ම නැකත තුන – හය – දහය – දහතුන – දාහත – විස්‌ස – විසි හතර – විසි හත යන නැකතක්‌ වුවහොත් ප්‍රාමාද වී හෝ සුවය ලැබෙන බව කියවෙයි.

3) කුජ සිටි නැකතකින් ජන්ම නැකත හතර – පහ – එකොළහ – දොලහ – අට – දහනවය – විසි පහ – විසි හය – යන නැකතක්‌ වූ විට රෝගියා ඉක්‌මණින් සුවය ලබයි.

උදා ලග්නය

තත්කාල ශාස්‌ත්‍රයෙන් රෝගයක්‌ පිළිබඳව විමසන විට උදා ලග්නය පහත සඳහන් සේ කොටස්‌ සතරකට බෙදිය යුතුය.

1) උදා වූ ලග්නය වෛද්‍යවරයා පිළිබඳව කරුණු කියයි.

2) උදා ලග්නයේ හතරවන රාශිය රෝගියා පිළිබඳව කරුණු කියයි.

3) උදා ලග්නයේ හත් වන රාශිය රෝගය පිළිබඳ කරුණු කියයි.

4) උදා ලග්නයේ දහ වන රාශිය ඖෂධ පිළිබඳ කරුණු කියයි.

තත්කාල කේන්ද්‍රයේ උදා ලග්නය පාපයන්ගෙන් දූෂිත වූ විට ද බලවත් පාප දෘෂ්ඨ ලග්නය වෙත එල්ල වූ විටද ශුභ ග්‍රහයන් බල රහිතව ලග්නයේ සිටි විටද එම රෝගියාට සුවයක්‌ නොලැබෙන බව නිගමනය වේ.

1) තත්කාල කේන්ද්‍රයේ හතරවන රාශිය ශුභ දෘෂ්ඨියෙන් තොරව පාප පීඩිත වූ විට එම රෝගයෙන් එම රෝගියා සුවපත් නොවන බව ප්‍රකාශවේ.

2) තත්කාල කේන්ද්‍රයේ දසවන රාශිය ශුභ දෘෂ්ඨියෙන් තොරව පාප පීඩිත වූ විට දැනට ගන්නා ඖෂධ වලින් රෝගියාට ගුණයක්‌ නොලැබෙන බව පැවැසේ.

3) තත්කාල කේන්ද්‍රයේ හත්වන රාශිය ශුභ දෘෂ්ඨියෙන් තොරව පාප පීඩිත වූ විට එම රෝගය ඉතා අසාධ්‍ය බව නිගමනය වේ.

තත්කාල කේන්ද්‍රය

රෝගයක්‌ පිළිබඳව විමසීමේදී තත්කාල කේන්ද්‍රයේ එක – හතර – හත – දහය යන රාශි ශුභයන්ගෙන් යුක්‌තව ශුභ දෘෂ්ඨි වලින් පෝෂිතව තිබුණොත් එම රෝගියාට සුවය ලැබේ.

රෝග ලක්‍ෂණ

තත්කාල කේන්ද්‍රයේ

1) රවි ග්‍රහයා හයේ හෝ අටේ සිටි විටද එම රාශි වලට බලවත් අශුභ දෘෂ්ඨි එල්ල වූ විට ද රත්පිත් කෝපය නිසා හටගත් රෝගයකි.

2) සඳු එසේ වූ විට මුඛයෙහි රෝගයකි. කුජ එසේ වූ විට පිත් උණ හෝ සන්නිපාත උණ රෝගයකි.

3) බුධ එසේ වූ විට සෙම් උණ හෝ සන්නිපාත උණ රෝගයකි.

4) ගුරු එසේ වූ විට පොදු රෝගයකි.

5) ශුක්‍ර එසේ වූ විට ඇස්‌ රෝගයකි.

6) ශනි එසේ වූ විට පාදවල රෝගයකි.

7) රාහු එසේ වූ විට උදරාබාධ හෝ වාත රෝගයකි.

8) කේතු එසේ වූ විට කුෂ්ඨ රෝගයක්‌ හෝ උදර රෝගයකි.

රවි රාහු

රවි රාහු හය හෝ අට සිටි විට කුෂ්ඨ රෝග පිළිබඳව කියවෙයි.

රවි ශනි

රවි ශනි අටේ සිටි විට වාත අමාරු අතපය කොරවීම් ශරීරයේ වේදනා පිළිබඳව තත්කාල කේන්ද්‍රයෙන් කියවේ.

* තත්කාල රෝග විමසුමකදී පහ – අට – නවය යන ස්‌ථානයක බලවත් රවි සමඟ පාපයන් බලවත්ව සිටි විට සිහිමුර්ජාව හෝ අපස්‌මාර රෝගයක්‌ ඇති වන බව කියවෙයි. එමෙන්ම කේන්ද්‍රයේ පහ – අට – නවය යන ස්‌ථානයක සඳු සමඟ පාපයන් සිටි විට පාණ්‌ඩුව ඇස්‌ රෝග ලේ මදිකම කාසය හතිය වැනි රෝග වලින් පීඩා විඳීමට සිදුවේ.

* තත්කාල කේන්ද්‍රයේ පහ – අට – නවය යන තැනක පාප යෝගීව කුජ සිටි විට ලේ කෝප රෝග සෙම් රෝග වණ පිළිකා ලේ ගැලීම් ගැන කියවෙයි.

* තත්කාල කේන්ද්‍රයේ බුධ පාප පීඩිතව පහ – අට – නවය යන ස්‌ථානයක සිටි විට සෙම් රෝග, බෙල්ලෙන් උඩ රෝග, පීනස, ඇස්‌වල කන්වල අමාරු, උණ, උමතු රෝග ඇති කරයි. සිකුරු එසේ යෙදුනහොත් නින්ද අඩුකම, දත් අමාරු, සෙම් කෝප රෝග, බඩේ වාතය පිරීම, රත්පිත් අමාරු, අර්ෂස්‌ අමාරු, හටගන්නා බව කියවේ.

* ශනි එසේ යෙදුන කල කාස රෝග, වාත අමාරු, සෙම් කෝප රෝග ඇතිකරයි.

* රාහු හෝ කේතු එසේ වූ විට බඩේ ආමවාත අමාරු පිත කිපීමෙන් හටගන්නා රෝග හටගනී.

භූත දෝෂ

1) තත්කාල කේන්ද්‍රයේ හතර වැන්නේ රාහු හෝ කේතු සිටි විට අණවින හෝ හූනියන් වැනි හේතුවකින් හටගත් රෝගයකි.

2) වෘෂභ, වෘශ්චික, මකර, කුම්භ යන රාශියක්‌ හතර වැන්න වී එහි රාහු හෝ කේතු සිටියදී කුජගේ අශුභ දෘෂ්ඨියක වැටුනහොත් බලවත් අශුභ භූත දෝෂයකින් හටගත් රෝගයකි.

3) රාහු හෝ කේතු තුන්a වැන්නේ සිටියහොත් වස විෂ දෝෂයකි.

4) පස්‌වන රාශිය වෘෂභ, වෘශ්චික, මකර, කුම්භ රාශියක්‌ වී රාහු හෝ කේතු කුජගේ දෘෂ්ඨියකට හසුවී දුබලව සිටියහොත් වින දෝෂයක්‌ නිසා හෝ මැතිරීමක්‌ නිසා හටගත් බඩේ අමාරුවකින් පීඩා විඳින්නට සිදුවේ.

5) රාහු හෝ කේතු හත් වැන්නේ පාප පීඩිතව සිටි විට දොස්‌ කිපීම නිසා හටගත් දෝෂයකි. සඳු පාප පීඩිතව අට – දොළහ යන ස්‌ථානයක සිටි විට ජලය නිසා හටගත් රෝගයකි.

6) ගුරු පාප පීඩිතව හය – අට – දොළහ – සිටි විට අනියම් රෝගයකි.

ජන්ම කේන්ද්‍රය

ජන්ම කේන්ද්‍රයේ ලග්නාධිපති සතුරුව හය – අට – දොළහ සිටීම නිසා එම ජන්මියා නිතර රෝග පීඩාදියෙන් දුක්‌ විඳියි.

We found this article from
Divaina
Also Sinhala to English Google word to word translation

can be found here