දරුවන් නොලැබෙන්නේ ඇයි?

2931
දරුවෙකු
දරුවෙකු

[ratings]

උතුම් කාන්තා රත්නයක්‌ ලෙස සැලකෙන විහාර මහාදේවිය සංඝයා වහන්සේ උදෙසා දන් පිළිගන්වමින් සිටියාය. බොහෝ සැප සම්පත් අනුභව කරමින්ද සම්බුද්ධ ශාසනය උදෙසා බොහෝ ධන පරිත්‍යාග කරමින්ද සිටි විහාර මහා දේවියට තව තවත් පින්කම් කරමින් චිර ජීවනය සලසා ගන්නැයි මහ සඟරුවන අනුශාසනා කළ සේක. එහෙත් දේවිය පැවසුවේ “අනේ ස්‌වාමීනි දරුවන් නැති අපට කුමන සැපතක්‌ද? දරුවන් නැතිබිරිඳ ස්‌වාමිවරුන්ගේ ශාපයට ලක්‌වන්නීය.” යනුවෙනි.

මෙහිදී අභිඥලාභී සංඝයාවහන්සේලා දේවියට දරුවෙකු බිහිනොවීමට කාරණයක්‌ නැති බව අවබෝධ කරගෙන පන්සලේ ඇතුළු කාමරයක ගිලන්ව වෙසෙන එක්‌තරා ස්‌ථවිරයන් වහන්සේ කෙනෙකුට තමන් ගේ දරුවෙක්‌ව ඉපදෙන්නැයි ආරාධනා කරන ලෙස උපදෙස්‌ දුන් සේක. මේ අනුව එතුමිය විසින් එම හිමියන් ගෙන් තම පුතෙකුව ඉපිද රජ සැප වළඳන්නැයි ඉල්ලා සිටින ලදී. එදින විහාර මහාදේවිය ආපසු රජ වාසලට යන අතරතුරුම ගිලන්ව සිටි ස්‌වාමීන් වහන්සේ මියගොස්‌ දේවියගේ කුස තුළ පිළිසිඳ ගත්තේය. පසු කලෙක ශ්‍රී ලංකාව එක්‌ සේසත් කළ දුටුගැමුණු මහරජතුමා බිහිවූයේ ඒ අයුරිනි.

ඉහත සඳහන් කරන ලද්දේ මහා වංශයේ සඳහන් වන කතා පුවතක්‌ ඉතා කෙටියෙනි. දරුවකු නැති ශෝකයෙන් තැවෙන සියලු අඹුසැමියන්ට තම ගැටලුව විස¹ ගැනීමට ඉවහල් වන කරුණු රාශියක්‌ මෙම කතාවෙන් අනාවරණය කෙරේ.

තමන්ට දරුවකු නැතැයි ශෝකයෙන් විහාරමහාදේවිය වෙලී සිටියේ දරු සම්පතක්‌ ලැබීමට වාසනාව ඇතත් ඒ බව නොදැනය. මේ අයුරින්ම මවුපියන් වීමට වාසනාව ඇති බොහෝ අඹුසැමියන් ගැටලුව හරිහැටි අවබෝධ කර නොගෙන මානසික අසහනයෙන් පෙළෙති.

දරුවන් ලැබෙන්නේ හෝ නොලැබෙන්නේ කෙසේද? ඒ සඳහා කළ යුතු ප්‍රතිකර්ම කවරේද? යන ගැටලු මෙම ලිපිය මගින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු.

ජ්‍යෙdතිෂයේදී දරුවන් පිළිබඳව ජන්ම පත්‍රයේ පස්‌වැනි භාවයෙන් හා පුත්‍රකාරක ගුරුගෙන් සොයා බලනු ලැබේ. පස්‌වැනි භාවය අධිපති ශුභ ග්‍රහයකු ශුභයින් සමග සංයෝග වීම පස්‌වැන්නට ගුරු හෝ වෙනත් ශුභ ග්‍රහයකුගේ දෘෂ්ටි ලැබීම පාපයින්ගෙන් තොරවීම ආදිය මත ජන්මියාට දරු සම්පත් තිබේ යෑයි තීරණය කළ හැක.

පස්‌වැන්නේ කේතු ශනි වැනි පාපයින් තැන්පත්වීම, පස්‌වැන්න අධිපති 8 12 ආදී භාවයක සිටීම, පුත්‍රකාරක ගුරු නීචව දුෂ්ට ස්‌ථානගත වීම ආදී පස්‌වැන්න දුර්වල කරන ග්‍රහ පිහිටීම් නිසා දරු ලාභ අහිමි විය හැකි බව පෙනේ.

තවද පුත්‍රස්‌ථානයට හය සහ දොලහ අධිපතීන්ගෙන් බාධා වූ විට දරු උපත් පිළිබඳව රෝග හා දොaෂ තත්ත්වයන් ඇතිවේ. පහ හය අධිපතීන් පහ අට අධිපතීන් සංයෝගවීම, ගුරු දුර්වලවීම ශනි සමග සංයෝග වීම ආදිය මෙවැනි ගහ දෝෂ හෝ ශුක්‍ර දෝෂ පෙන්වා දෙයි.

ඉහත දැක්‌වූ ආකාරයට දරු ලාභයක්‌ සඳහා ශාරීරික යෝග්‍යතාව තිබේද? නැතිනම් දරු සම්පත් අහිමිද? එසේත් නැතහොත් රෝගයන් නිසා බාධා ඇතත් ප්‍රතිකර්ම මගින් තත්ත්වය සමනය කළ හැකිද යන්න පළමුව පරීක්‍ෂා කරගත යුත්තේය. වෛද්‍ය පරීක්‍ෂණයකදී බිරිඳ මෙන්ම සැමියාද පරීක්‍ෂණයට භාජන කෙරෙන අයුරින්ම මේ ගැටලුවේදී ජ්‍යෙdතිෂමය විසඳුමක්‌ සඳහාද දෙදෙනාගේම ජන්ම පත්‍ර පරීක්‍ෂා කළ යුතු වන්නේය. එක්‌ අයකුගේ පමණක්‌ කේන්ද්‍ර බලා තීරණ ගත යුතු නැත.

දරු පිළිසිඳ ගැනීමට සුදුසු වීම, නුසුදුසුවීම මෙන්ම ගර්භාෂයේ හෝ ශුක්‍රාණු වල දෝෂ ඇතිවීම නිසා බාධා ඇතිවීමට බොහෝ දුරට කර්ම විපාක බලපාන බව පෙනී යයි. කුශල හා අකුශල කර්ම මේ සඳහා විශේෂ බලපෑමක්‌ කරන බව පෙනේ. කේන්ද්‍රයේ පස්‌වැන්නේ බල දුබලකම් පෙන්වන්නේ මෙම තත්ත්වයයි.

පෙර ආත්මවල සතුන් මැරීම, දරුවන්ට කරන අපරාධ, ගර්භනී මවුවරුන්ට කරන අකටයුතුකම්, හා බිත්තර අනුභවය නිසා මව් පිය සතුන්ට දරුවකු අහිමි කිරීම යන අකුශල ශක්‌තීන් වර්තමාන භවයේ දරු උපත් අහිමි වීමට හේතු වනු ඇත. නැතහොත් ඒ සම්බන්ධ ශාරීරික දුර්වලතා ඇති කරයි. දරුවකු මවුකුස පිළිසිඳ ගන්නා විටම ආයුෂ, ස්‌ත්‍රී පුරුෂ භාවය ඇස්‌, කන්, නාසය, දිව ශරීරය ආදී කරුණු ද කර්මය අනුවම තීරණය වන්නේය. අංගවිකලව ඉපදීම, අඩු ආයුෂ සහිතව ඉපදීම, අකුශල කර්ම නිsසාම සිදුවේ.

zඔබේ ශරීරීයේ කිසිම අඩුපාඩුවක්‌ නැත. දරුවකු ලැබීමට බාධාවක්‌ නෑZ යෑයි පැවසුවද දරුවන් නොමැති අය බොහෝ සිටිති. මෙයින් බාධාව කුමක්‌ දැයි ගැටලුවක්‌ ඇතිවේ. බාධාව හඳුනාගැනීම සඳහා දරු උපත් සඳහා හේතු වන්නේ කුමක්‌දැයි වටහා ගත යුතුවේ.

මවක්‌ පියෙක්‌ ලිංගිකව එකතුවූ පමණින් දරුවකු පිළිසිඳ ගන්නේ නැත. ශාරිරික යෝග්‍යතාවයෙන් යුතු මව හෙවත් නිරෝගී හා මාස්‌ ශුද්ධියෙන් පසුව සුදුසු තත්ත්වයක සිටිනමවද, නිරෝගී පියාද, ගන්ධබ්බයකුද එක්‌වීමෙන් දරුවකු පිළිසිඳ ගන්නා බව ධර්මයේ සඳහන් වන්නේය. ගන්ධබ්බයකු යනුවෙන් හඳුන්වන්නේ එලොව සිට මෙලොවට එන සත්ත්වයෙකි.

දුටුගැමුණු රජතුමා අපවත්වූ ස්‌ථවිරයන් වහන්සේය. විහාරමහාදේවියගේ ප්‍රාර්ථනාව අනුව හිමිනමක්‌ එලොවින් පැමිණියද මවුපියන් ගේ සිතුම් පැතුම් අනුව දෙව්ලොවින් මෙන්ම අපාය, තිරිසන් ලෝකය, ප්‍රේත ලෝකය ආදී ඕනෑම තැනකින් චුත වී දරුවකු ලෙස පිළිසිඳ ගැනීමට ඉඩ තිබේ. එහෙත් ඒ “දරු සම්පත්” නොවේ. මනුෂ්‍ය ප්‍රේතයන් නැතිනම් තිරිසන් ගති ඇති මිනිසුන් බිහිවන්නේ එසේය.

උක්‌ත කරුණු පිළිබඳව සලකා බලන විට පෙනී යන්නේ යහපත් දරුවකු පිළිසිඳ ගැනීම සඳහා එලොවින් මෙලොවට පැමිණෙන සත්ත්වයා (ගන්ධබ්බ) විශේෂ වැදගත්කමක්‌ දක්‌වන බවයි. දරු පිළිසිඳ ගැනීමකට බාධාවන ආකාරයේ සෞඛ්‍ය ගැටලු තිබේ නම් ඒ බව කේන්ද්‍රයන්ද අනාවරණය කරගත හැකි වේ. එසේ සෞඛ්‍ය ගැටලුවක්‌ නැතිනම් යහපත් දරුවකු අපේක්‍ෂාවෙන් මව සහ පියා අදාළ පිළිවෙත් පිරිය යුතු වන්නේය.

අපේක්‍ෂා කරන්නේ පින්වත් දරුවකු බව අමුතුවෙන් කිවයුතු නෙවේ. එහෙත් පිංවත් දරුවකු ලැබෙන්නේ මනුෂ්‍ය ලෝකයේ උසස්‌ ලෙස ජීවත්වූ කෙනෙකු හෝ දෙව් ලොව සිටි දෙවියකු හෝ එයින් චුතිතව මාතෘ ගර්භයේ පිළිසිඳ ගත්තේ නම් පමණි. ඒ සඳහා අදාළ මව ඉතා හොඳ චරිතවත්, පින්වත්

සිල්වත් කෙනෙකු විය යුතුය. පොහොර හා ජලය නැති වියළි නිශ්‍රිත භූමියක නෙළුම්, නිල්, මහනෙල්, සමන් පිච්ච, ආදී වටිනා මල් ගස්‌ පැළ නොවේ. ඒ ආකාරයටම සත්ත්ව හිංසාව, බොරු කීම, කාමයේ වරදවා හැසිරීම ආදී පව්කම්වල යෙදෙන කාන්තාවකගේ කුසේ පින්වත් දරුවකු පිළිසිඳ ගන්නේ නැත.

අපේක්‍ෂා කරන්නේ පින්වත් දරුවකු බව අමුතුවෙන් කිවයුතු නෙවේ. එහෙත් පිංවත් දරුවකු ලැබෙන්නේ මනුෂ්‍ය ලෝකයේ උසස්‌ ලෙස ජීවත්වූ කෙනෙකු හෝ දෙව් ලොව සිටි දෙවියකු හෝ එයින් චුතිතව මාතෘ ගර්භයේ පිළිසිඳ ගත්තේ නම් පමණි. ඒ සඳහා අදාළ මව ඉතා හොඳ චරිතවත්, පින්වත්

සිල්වත් කෙනෙකු විය යුතුය. පොහොර හා ජලය නැති වියළි නිශ්‍රිත භූමියක නෙළුම්, නිල්, මහනෙල්, සමන් පිච්ච, ආදී වටිනා මල් ගස්‌ පැළ නොවේ. ඒ ආකාරයටම සත්ත්ව හිංසාව, බොරු කීම, කාමයේ වරදවා හැසිරීම ආදී පව්කම්වල යෙදෙන කාන්තාවකගේ කුසේ පින්වත් දරුවකු පිළිසිඳ ගන්නේ නැත.

ආධ්‍යාත්මික තත්ත්වය උසස්‌ තත්ත්වයකට පත්කර ගත් එක්‌තරා ස්‌වාමීන් වහන්සේ නමක්‌ අප සමග පැවසුවේ තුසිත දෙව්ලොවින් චුතව මිනිස්‌ ලොව ඉපදීමට අපේක්‍ෂාවෙන් සිටින දෙවිවරුන්ට ඉපදීමට සුදුසු (මනුෂ්‍ය) කාන්තාවන් නැතිව සිටින බවයි.

දරු සම්පත් අපේක්‍ෂාවෙන් එහෙත් පමාවී සිටින අඹු-සැමි යුවළකට විශ්වාසය තැබිය හැකි ශාන්තිකර්ම කිහිපයක්‌ මෙතැන් සිට දක්‌වමු.

පළමුව මස්‌-මාංශ භාවිතය වෙනුවට නිර්මාංශ ආහාර වේලවකට හුරුවන්න. සත්ව හිංසාව පිටුදකින්න. අනුන්ගේ දරුවන්ට ආදරය දක්‌වන්න. ගර්භනී මවුවරුන්ට උපකාර කරන්න. අපට පින්වත් දරුවකු ලැබේවායි ප්‍රාර්ථනා කරන්න.

බ්‍රහස්‌පතින්දා දිනෙක ඔබේ උපන් නැකතට සම්පත් සාධන මෛත්‍රී පරම මෛත්‍රී නැකතක්‌ යෙදෙනවිටගුරු හෝරාවෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා තබා දෙවියන්ට පින්දී සෙත්පතා බාර හාර වෙන්න.

මෙම දිනය වන විට බෝධි පූජා නවයක්‌ තබා මෙදින “සබ්බ පාපස්‌ස්‌Z යන්ත්‍රය යුවති පති දෙදෙනාම පැළඳීම මගින්ද දරු ගැබේ බාධා ඉවත් වී යනවා ඇත.

රතන සූත්‍රයේ “යං බුද්ධ සෙට්‌ඨෝ” යන ගාථාව 108 වරක්‌ පිරිත් කළ තැඹිලි ගෙඩියක්‌ ඔසප් අවසානයේ ස්‌නානයකර බීමට දෙන්න.

දරුඵල ලැබීමට යන්ත්‍ර ගණනාවක්‌ ශාස්‌ත්‍රයේ නියමකර තිබේ. මේවා පිළිවෙතින් යුතුව පැළඳ ගැනීමෙන්ද දරු ලාභ ලැබේ. මේ පිළිබඳව “තන්ත්‍ර” ශාස්‌ත්‍රයේ සඳහන් ප්‍රතිකාර තිබේ. එයින් කිහිපයක්‌ මෙසේය.

කැල කොළයක්‌ ගැබිණියකගේ කිරි සමග අඹරා මාස්‌ ශුද්ධිය අවසානයේ පානය කළ විට දරු සම්පත් ලබයි. රුද්‍රdක්‍ෂ ඇට හා අරත්ත කලඳ බැගින් ගෙන එකම පාට ඇති දෙනකගේ කිරෙන් සෘතු ස්‌නාන කාලයේ සත් දිනක්‌ පානය කළ විට දරු ඇත්තියක්‌වේ.

පුස නැකතින් සහ දේවී සහමුලින් ගෙන පවනේ වියලා කුඩු කොට එක පාට එළදෙනකගේ කිරෙන් පානය කොට පති සමාගමයේ යෙදීමෙන් දරුවන් ලබයි.

අවසන් වශයෙන් කිව යුත්තේ නිකම්ම දරුවකු නොව පින්වත් දරුවකු අපේක්‍ෂා කළ යුතුය. ඒ සඳහා පිළිසිඳ ගැනීමටත් පෙර සිටම මව හා පියා යහපත් කටයුතු පින්කම් දාන ශීල භාවනා වල යෙදිය යුතුය. එමගින් යහපත් පරපුරක්‌ ජාතියට දායාද වනු ඇත.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here