දරු පල අහිමිද? විසඳුමක්‌ මෙන්න

1689
දරු පල

මනුෂ්‍ය වර්ගයාගේ ප්‍රජාව වර්ධනය වීම නැති නම් ඉමහත් පාඩුවක්‌ වෙයි. මෑත කාලයේ ලංකාවේ සිංහල නම් වූ ජන වර්ගය තුළ මෙම තත්ත්වය රෝගයක්‌ බවට පත් වී ඇත. අලුතෙන් විවාහ වන පවුල් විසිපහක්‌ ගත් කල ඉන් පවුල් දහයක්‌ම මෙම ඌනතාවයෙන් පෙළෙන්නේ වේ. එකම රටේ වෙසෙන සිංහල ජනවර්ගයට මෙය තදින් බලපා ඇත. මුස්‌ලිම්, දමිළ ජන වර්ගවලට එවැනි බලපෑමක්‌ නැත. ඕනෑ තරම් දරු පල ලැබෙනු ඇත. මේ අනුව බලන කල කෘමිනාශක වලින් නිෂ්පාදනය වන ආහාර පාන වල තිබෙන විෂ හේතුවෙන් ප්‍රජා ජීවීන් විනාශ වෙන අදහස අනුමත කළ නොහැක. මුස්‌ලිම් දමිළ, කොටස්‌ ගන්නේද මේ රටේ ආහාර පාන එළවළු, සහල් බැවින් එසේ නම් ඔවුන් ටද මෙම දෝෂය ඇති විය යුතුය. එහෙත් එසේ නැත. දමිළ ජනතාව එළකිරි බීම කිරි කෑම කරන අතර පලා වර්ග අල වර්ග වැඩිපුර ගනී, මුස්‌ලිම් ජනතාව හරක්‌ මස්‌ කෑම ආදී මස්‌ වර්ග වැඩිපුර ගනී, වෙනසකට ඇත්තේ මේ දෙගොල්ලන්ගේ එම ආහාර රටාව පමණි. මේ තත්ත්වය අනුව සලකා බලන කල සිංහල ජාතියේ හීනවීම උදෙසා මෙසේ සිදුවිය හැක. කෙසේ වෙතත් දරු පල නැති අයට දරු ළඟාකර ගත හැකි දේශීය බෙහෙත් ක්‍රම ඇත. මෙම ලිපියේ අරමුණ එම බෙහෙත් පංතියක්‌ හඳුන්වා දීම බව සලකන්න.

දරුපල උරුමය

පළමුව ජ්‍යොතිෂය පිළිබඳව මනා දැනීමක්‌ ඇති දෛවඥ මහත්මයෙක්‌ හමුවී දෙදෙනාගේම ජම්මපත්‍ර පරීක්‍ෂාවක්‌ කරවා ගන්න. දරු පල උරුම අය පමණක්‌ මෙම බෙහෙත් කිරීම පටන් ගන්න.

  1. දින දෙකයි

කොහොඹ කොළ අමු කහ යන මේවා සමව ගෙන කොටා මිරිකා අඬු කෝප්පයෙන් එකක්‌ සකස්‌ කරගන්න. ජය පිරිතෙන් 21 වරක්‌ හෝ 108 වරක්‌ ජීවං කර රෑට දෙන්නටම බොන්න දෙන්න. බෙහෙත් ජීවමට ගන්නා තටුවට අවශ්‍ය ද්‍රව්‍ය

කැවිලි පස්‌වර්ගයයි. මල් වර්ග 5 යි, තෙල් පහනක්‌, හඳුන්කූරු, තැඹිලි ගෙඩියක්‌ සකස්‌ කරගෙන තැඹිලි ගෙඩිය උඩින් බෙහෙත් භාජනය තබා ජීවං කර ගන්න.

  1. දින තුනයි

අට්‌ටික්‌කා පොතු, මාදන් පොතු, ලා තැඹිලි මල්, සමව ගෙන වතුර කාල් 8 ක්‌ නැවුම් හැලියක දමා කාලට සිඳ ජය පිරිතෙන් 108 වරක්‌ ජීවංකර දෙන්නට බොන්න දෙන්න. දින තුනයි.

  1. නෑඹිලියක්‌ සහ මුට්‌ටියක්‌ ගෙන ඇට පස්‌ වර්ගය මුට්‌ටියට දමා අඟුරු කෑල්ලක්‌ යකඩ ඇනයක්‌ දමා ගොක්‌ කොළ වලින් පිළි වැස්‌සක්‌ සාදා එහි මුට්‌ටිය තබා නෑඹිලියෙන් මුනින් අතට කට වසා දෙදෙනා නිදාගන්නා ඇඳ කෙලින් ඇස්‌ කෙලින් එල්ල වනසේ එල්ලන්න. ජය පිරිතෙන් 108 වරක්‌ ජීවං කර ගන්න.

මේ කෙම් ක්‍රම ටික කර පසුව යන්ත්‍රයක්‌ පැළඳීමට ඇත. එම යන්ත්‍රය යන්ත්‍ර විද්‍යාවට අනුව දන්න කෙනෙක්‌ කළ යුතුයි. යන්ත්‍රය සහ ජීවං කරන මන්ත්‍ර මෙහි පහත සඳහන් වෙයි.

සි සි සි සි
සි සි සි සි
සි සි සි සි
සි සි සි සි
සි සි සි සි

මන්ත්‍රය

  1. ඕං නාරසිංහ සිව සිවාය චම්ජීවත්‍ර සාලාය කූට කුට්‌ටු නේත්‍ර යාත්‍රා කපි ඝන කකි කසප්පු ශ්‍රී ගනාය නමඃ
  2. මන්ත්‍රය – ඕං චං මමච්ඡ නිච්ඡ උදකි ඒස්‌වාහඃ කාලි ලේන ලීලේ ඒස්‌වාහඃ ඕං යන්ත්‍රඃ ප්‍රාණ මන්ත්‍ර පාණ ජීව ප්‍රාණ යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර අක්‍ෂර ජීවන්ත ජීවන්ත ඒස්‌වාහඃ

මෙම මන්ත්‍ර දෙකෙන් 324 වාරය බැගින් යන්ත්‍රයට ජීවං කර ගෙන ඉනේ බඳින්න.

වඳ පණුවා වැටෙන දාරක තෛලය

එළකිරි බෝතල භාගයයි, කපුටු බෝ කොළ යුෂ බෝතල භාගයයි, එරබදු කොළ යුෂ භාගයයි, බූරැන්ද හෙවත් ගිරිමේද හෙවත් ගූත චන්දන නම්වූ ගසේ කොළ යුෂ භාගයයි, සුදු ලූනු ගෙඩි 20 යි.

මෙම යුෂ තඹ හට්‌ටියක බහා සතියක්‌ ඌරු වෙන්ට තබන්න. ඊට පසු ක්‍රමේකට ස්‌වරසය හින්දන්න. ස්‌වරසය බෝතල දෙකක්‌ පමණ වූ විට එරඬු තෙල් බෝතල භාගයක්‌ එක්‌කරන්න.

කල්කය – නෙල්ලි, තිප්පිලි, වැල්මී, දේවදාර, ක්‍රිමි ශත්‍රැ, තිරස්‌තවාලු, විස මරාගත් ජයපාල පිට සුදු සාරණ මුල් මේවා කලං 1 බැගින් ගෙන සිනිදුවට පිටි කර අඹරා තෙලට යොදා තෙල් සිඳින්න. සිඳගත් තෙල සතියක්‌ තබා පසුව උදය සවස එකවර බෙලි කටුවක ප්‍රමාණය එනම් රාන් කටුවකින් එකක්‌ බොන්න. මෙසේ සතියක්‌ බොන්න. වඳ පණුවා වැටී දරුවො ආරෙ හිටී. අත්දුටුවයි. සත්තයි.

දරු පල

රසායන බෙහෙතක්‌

වැල්මදට, මැල්මී, මුද්‍රස්‌පලම්, අරලු, බුලු, නෙල්ලි, සීනි, බැබිල මුල්, කිරිබදු අල, කවෙලු, කිරි කවෙලු, අමුත්‍රා අල අසමෝදගං, කහ, වෙනිවැල්ගැට පෙරුංකායම්, කටුකරෝසන, නෙලුම් අල, ඕලු අල, කොට්‌ටං, සුදු හඳුන්, රත් හඳුන් මේවා කුඩුකර කලං 3 බැගින් ගන්න.

ගිතෙල් බෝතල 1 යි. කිරිබෝතල 4 යි. හාතවාරිය අල යුෂ බෝතල 4 ක්‌. දමා රිතයක්‌ පදමට බෙහෙත සකස්‌ කරගෙන උදේ සවස කලං 1 බැගින් වළඳන්න.

We found this article from Divaina on 2014/04/06.