[ratings]
කෘශදීඝර්ඃ පිඬගාක්ෂඃ කෘෂණඃ පිශුනොලයොනිල ප්රකෘතිඃ සථුලත දන්ත රොමා ශිනෛශවරඃ ස්නායුසඃ රශ්ව,
සෙනසුරා කෘෂ වූ ශරීරයක් ඇත්තේද, පිඟුවන් ඇස් ඇත්තේද, කළු පැහැයෙන් යුත් බොරු කේලාම් කියන කම්මැලි වාතාධික ශරීර ස්වරූපයෙන් යුත් මහත් වු නිය දත් හා රෝමයන් ඇති සියුම් නහර වලින් ඉල්ප පිරුණු ශරීරයක්ද ඇති අයකු වෙයි.
සෙනසුරාට මිනිසා වෙත එල්ල කළ හැකි ශක්තිය හා බලය කොතෙක්දැයි කිව නොහැක. මොහුගේ බලපෑම් පිළිබඳව මිනිසුන් තුළ ඇත්තේ මහත් බියකි. සෙනසුරු ගැන කියන කථා අද ගැමි පුරාවෘත බවට පත්ව ඇත.
මොහු ගැටෙන්නේද මිනිසාට සෙත සලසන මහා බල ගතු ග්‍රහයින් සමගය. මොහු ගැන ත්‍රාසය දක්වන කථාවක් මෙසේය. එක්තරා මිනිසෙකු තම ගේදොර දේපළ ධන ධාන්‍ය වතු පිටි කුඹුරු හා තම අඹු දරුවන් ඇතුළු සියලුම සේසත නැති භංගලු ගිය පසු ඔහු කැළයට ගොස් ගෙල වැළදා මිය යැමට අදිටන් කොට කැලයට රහසින් යනවාත් සමගම මේ සිද්ධිය දුටුව බ්‍රහස්පති (ගුරු) ඔහු බේරාගෙන මරණින් මුදවා පොහොසතකු කිරීමට ඔහු යන මාර්ගයේ වටිනා මැණිකක් මැවීය. දුකට පත් මිනිසා එය දැක අසුලා ගැනීමට තැත්කරයි හිතු සෙනහුරා ඒ දැක එය ගැනීම වළක්වාලීම සඳහා ඔහුගේ මොලයට අරක් ගත්තේය. ඉන් පසු ඔහු මට සිදුවුන දේ සියල්ලක්ම සිදු වී දැන් ඉතින් හමාරයි. මට ඉතිරිව ඇත්තේ මගේ ඇස්දෙක පමණයි. එයත් නොපෙනී අන්ධ වුවහොත් මම කැලේට යන්නේ කෙසේදැයි හිතා පාරේ ඇති මැණික නොපෙනෙන ලෙස දෑතින් ඇස්දෙක වසාගෙන මැණිකට උඩින් ඉදිරියට පිය නගා කැලයට රිංගා ගසකට නැග ගෙල වැළදා එල්ලී මැරුණේය. තමන් විසින්ම තම ජීවිතය නැති කර ගැනීමට තරම් හෙනහුරා බලවත් වන බව ඉන් අපට හොඳින් වටහා ගත හැක.
තවත් සමහරුන් සෙනසුරා යාචක වෙසින් ගෙදරට පැමිණ හිඟමන් ඉල්ලා එන බවත්, එනිසා යාචකයාට යමක් දිය යුතුයයි හිතා යමක් දීමට පුරුදුව සිටී, එය හොඳයි. ශනිදා යාචකයෙක් ගෙට එන්නේ සැලකුම් කෙළසක වේද බලන්නේ කැකුළු බතින් ඔහු කුස පුරවන්නේ සෙනසුරු දෝෂය පහ වී යන්නේ කියා ඇත.
තවත් වරෙක බුදු සසුන සුරකින මිනිස් ජීවිතයට සෙත සදන සුර අසුර යුද්ධයෙන් දිනූ විෂ්ණු දෙවියෝ සමගද ගැමිණි. පසුව විෂ්ණු පැරැදෙයි. එනිසා විෂ්ණුටත් සෙනසුරා බට කොල කැවුවානම් මට කොහොම වෙයිද? යි කියා බියක් දක්වති.
කාල පුරුෂයාගේ ආත්මය අනුව “ශනිඃදුඃඛම් සෙනසුරා දුකට අධිපතිය. අධිපති දෙවියාද සම වේ. පාපග්රහයෙකි. බස්නාහිරට අධිපතිය. සංකර වර්ණයෙන් උපන් අයට අධිපති වේ. මොහු රාත්‍රි කාලයේ බලවත් වන අතර කාල බල ග්‍රහයෙකි. සෙනසුරු ලැබූ විට හිඟන්නා යයි කියති. එසේ කියන්නේ පාපි ග්‍රහයින් අතර ඔහුට හොඳ නමක් නොමැති නිසාය.
ශනිගේ තද අපල ඒරාෂ්ඨක අපල ඇති වූ විට එයින් මිදීමට ලොව කිසිම ජගතුකට බැරිය. එහෙත් සෞරග්‍රහ මණ්ඩලයේ ඉතාම අලංකාර ග්‍රහයා වන්නේ සෙනසුරාය. තාරකා විද්‍යාවේදී මොහු අලංකාර වුවත් ජ්‍යෙdතිෂ්‍යයේ දී කොරගහමින් ඇවිදින නිසා වාහනය ලෙස කපුටකු යොදා ගෙන ඇත. හිඟන්නකු ලෙස සැලකේ.
සෙනසුරු අපල හා ඒරාෂ්ඨකය ලැබූ විට මේ ලක්ෂණ ඇති වේ. රෝග අතරින් ශරීරයේ ඉදිමුම, උණ, රත්පිත් වායු තුවාල කුෂ්ට, කොර කිරීම් ගොළු, බිහිරන් කිරීම, පිස්සු ඔල්මාද, විකාර දොඩවන්නන්, ගමෙන් පිට ඇවිද්දවීම්, අගුව පිල ලැගුම් හල් කර ගැනීම, හදිසි අනතුරු, කැඩුම් බිඳුම් හා අකල් මරණ, අධ්‍යාපන කටයුතු අඩාල කිරීම්, රැකියා නොලැබීම, ඇත්නම් නෙරපා අහිමිවීම විවාහ ප්‍රමාදයන් කිරීම, විවාහක ජෝඩු දෙකඩ කිරීම, කුලහීනයන් සමග විවාහවීම් ගේදොර වස්තු විනාශය, පිස්සු හැදී ඇඳිවතත් නැතිවීම, ආදි දුක් කරදර කම් කටළු රාශියකට මුහුණ පෑමට සිදු වේ.
රජුන්, මහ ඇමතීන්, මන්ත්‍රීවරුන්ගේ බල පුළුවන්aකාර කම්වලට පයින් ගසා පුටුවෙන් බිමට දමන්නේ තරාතිරම පදවි නොබලාය. එනිසා රජුගේ පටන් අත දරුවා දක්වා සෙනසුරු බැට දෙයි.
මෙවන් සෙනසුරාගේ අපලවලින් මිදීමට ඉපැරණි ජ්‍යෙdතිෂ් ශාස්ත්‍රඥයන්ගේ උපදෙස් මත ගුප්ත විද්‍යාවේ දැක්වෙන කෙම් ක්‍රම, යන්ත්‍ර, මන්ත්‍ර, ශ්ලෝක, පුද පූජා හා මැටි බලි ඇරීමෙන් අපල සමනය කර ගැනීමට උපදේශයන් භරත ඉසිවරු සකසා ඇත. ඉන් එකක් ඔබගේ ග්‍රහ අපල මුදවා ගැනීමට මෙසේ එළිදක්වමු.
අව පක්ෂයේ අවසන් ශනි දිනයක නිල් පොල්ගෙඩි හතක කිරිවලින් සුදු කැකුළු සහල් දමා ගිතෙල් මිශ්‍ර කිරිබතක් උයන්න. එම හාල් ගෙවල් 7 කින්ම ගත යුතුයි. පසුව හුඹස් තුනකින් හුඹස් දළු කඩා නිල්පොල් වතුරෙන් අනා කට ආයා ගත් මුහුණක් අඹා, කපුටු රුවක් අඹා එය නුගලීවල දර අඟුරින් මීතෙල් දමා අනා වර්ණ ගාගන්න. පසුව කුල්ලක් ගෙන එම කුල්ලෙහි නුගකොල 31 ක් අතුරා ඒ මත ඇඹු රුව තබා, එම කුල්ලට නිල් බත්, කැවුම් 7 අතිරස 7, ක් නිල්මල්, ඉන්ද්රනීල, අමුකහ අලය සහිත පඳුරක්, යකඩ කෑල්ලක් හා මීතෙල් පහන් 15 සුවඳධූප, කපුරු හඳුන්කූරු දල්වා කස්තුරි තබා කුණු මස් කැබැල්ලක්, අඹාගත් මුහුණුරුවේ කට තුළට දමා, අපල ඇති ස්ත්‍රී හෝ පුරුෂ අය කාමරයක් තුළට ගොස් නිරුවතින් එම තටුවෙහි ඇති පහන් 15 ම දල්වා එයට උඩින් 7 වරක් පැන තමාගේ ලග්නයට හිsමි ශුභ වර්ණයෙන් යුත් ඇඳුමක් ඇඳ පාන්දර ගිතෙල් පහන් වැටි බත් ඇට ප්‍රමාණයට කපා කුල්ලේ ඇති බත් සමග අනා බස්නාහිර දිශාවේ තබන්ට කපුටන්ට කෑමට.
පසුව තුන්මන්කඩින්දිය කොතලක් ගෙන නුග ගහේ පඤ්චාංගය දමා කපුටු පිහාටු පිළිස්සු අළු සමග මිශ්‍රකර දින 7 ක් ස්නානය කරන්න. පසුදා ඉරිදා උදේ තැඹිලි, බෝදිලි, නවසි, රත්පොල්, නිල්පොල් එම පොල් වතුරෙන් උයා ඉතා පිරිසිදුව කිරි අහරක් සකසා ගිතෙල් මී පැණි මිශ්‍රකර පාන්දර 05 ට පෙර බෝධියකට පුදා ඉතිරි ඒවායින් බත් පිඬු 5 ක් බුදින්න. ඉතිරිවායින් දවල් බතක් උයා යාචකයින්ට දෙන්ට මිශ්‍රකරලා. අවසන්ව තම මුත්රාදියරේ ලුණු සිඳුවා කපුටු තටු පුළුස්සා එකට අඹරා කපුටකු හඬන වෙලාව අසුකර නලලත තිලකයක් තබන්න. දින 41 ක් සෙනසුරුගේ අපල ඇතුළු ඒරාෂ්ඨක හැම අපලයක්ම දුරුකොට අපල සපල වේ.
සෙනසුරුට අපල කිරීමට වයසක් නැත. සෙනසුරු ඒරාෂ්ඨකයක් කුමන වයසේදී හෝ ලැබීම අති දරුණු භයානක කාලයක් බව සැබවින්ම කිව හැක.
මෙම මන්ත්‍රයෙන් කාක නිල් මැණිකක් බැඳි රිංඛයක හැඩය යුතු රිදී මුදුවක් පළඳින්න. නුගපොත්තේ මුලේ ඉස්ම ගෙන 7 වරක් ජප කර උදේ පාන්දර හිස්බඩ බොන්න. දින 7 න් පසු සෙනසුරු ශරීර කූඩුව අතහැර පලාගොස් නැවතත් ඔබට සෙත උදා කරයි.
මන්ත්‍රය
ඕං ඓං ග්‍රිං ග්‍රිං ගනේෂ්වාය නමඃ සඃ ඕං භුර්භුවඃ තුප්පං එළුම් ඉච්චි යාරුං ඉන්දනේ ඕං කාක් කුල් ශනීෂ්වරඃ පෝ පෝ අත්තෙයි මුරුගාං මගේ සර්වංගය අතහැරැ අ ඉ උ එ ඔ කාමල් කායල් ශනීශ්වර දේවාම්……
එමෙන්ම, ගුප්ත විද්‍යාව අනුව, යංත්‍ර, පුදා ග්‍රහදාන මුදා, බෝධි පූජා, දේව පූජා, ඖෂධයන් නෑම ආදිය කිරීමෙන් ශනිගේ තද අපල තුරන් කර ගත හැක.
We found this article from Divaina on 2012/06/08.
Also Sinhala to English Google word to word translation can be found here