[ratings]
මධුමේහය නොහොත් දියවැඩියාව අද සමාජයේ බහුලව දක්‌නට ලැබෙන රෝගයකි. මෙය වැළඳෙන්නේ යෑයි කල්තියා දැන සිටියේ නම් එයින් වැළකීමට පියවර ගැනීමටද හැකිවේ. ඒ සඳහා උදව් කරගත හැක්‌කේ ජ්‍යෙdතිෂ්‍යයි. ජ්‍යෙdතිෂ්‍ය තුළින් මෙවැනි රෝගාබාධ කල්තියා හඳුනාගත හැකිය. ඒ බව ඔවුන්ගේ ජන්ම ග්‍රහචාරය තුළින් හඟවයි. දියවැඩියා රෝගය පිළිබඳව හඟවන ග්‍රහයෝග කිහිපයක් දක්‌වනොත් මෙසේය.
01. හයවැන්නේ සඳු සහ රාහු පිහිටීම.
02. වෘෂභ හා තුලා රාශි දුර්වල වීම.
03. රවි ග්‍රහයා මීන රාශියෙහි දුර්වල වීම.
04. අටවැන්නාධිපති සඳු හෝ ශුක්‍ර වී පාප දෘෂ්ටි ලැබීම.
05. ගුරු හා ශුක්‍ර දෙදෙනා පාප සංයෝග හෝ පාප දෘෂ්ටි වලට ලක්‌වී සිටියදී අටවැන්නේ පාපියකු තැන්පත් වීම.
06 සඳු හා ගුරු දෙදෙනා දුබලව සිට අටවැන්නේ පාපියකු තැන්පත් වීම.
07. සඳු, ගුරු ශුක්‍ර හා ශනි යන ග්‍රහයන් හයවැන්නේ දුබල වීම.
08. ගුරු, ශුක්‍ර චන්ද්‍රයාගෙන් අටවැන්නේ තැන්පත් වීම.
09. චන්ද්‍රයාගෙන් හතරවැන්නේ සිකුරු සිටීම.
10. ලග්නයේ පාපියෙකු තැන්පත්ව සිටියදී ගුරු හා සිකුරු දෙදෙනා පාප සංයෝග හා පාප දෘෂ්ඨි වලට ලක්‌වීම.
11. පාපියකු සමඟ සිකුරු අටවැන්නේ තැන්පත්ව සිටියදී තවත් පාපීන්ගේ දෘෂ්ටි අටවැන්නේ පතිත වීම.
12.ගුරු සිකුරු යන ග්‍රහයන් නීච හෝ සතුරු නෛසර්ගික පාපීන්ගේ දෘෂ්ටියට හසුවීම.
13. ලග්නයට පාප දෘෂ්ඨි එල්ලව තිබියදී ලග්නාධිපතියාද නීච හෝ සතුරු රාශියක සිටියදී අටවැන්නේ සිකුරු තැන්පත් වීම හෝ සිකුරුගේ දෘෂ්ටියක් අටවැන්නට වැටීම.
14. අටවැන්නාධිපති හා රාහු අටවැන්නේ සංයෝග වීම.
15. අටවැන්නාධිපති හා රාහු ත්‍රිකෝණ ස්‌ථානයක සංයෝග වීම.
16. ලග්නයට බලවත් පාප දෘෂ්ඨි එල්ලව තිබියදී ලග්නාධිපතියා හයවැන්නේ ද සිකුරු දෙවැන්නේද වීම.
17. ධනු හෝ මීන රාශියක බුධ සිටියදී කුජගේ දෘෂ්ඨියට ලක්‌වීම.
18. රවි ග්‍රහයා මීන රාශියෙහි දුබල වීම.
19. ගුරු ශුක්‍ර යන ග්‍රහයන් නවාංශකයේ නීචවීම.
20. ගුරු ශුක්‍ර සතුරු ග්‍රහයන්ගේ නැකත් වල පිහිටීම.
දියවැඩියාව ඉස්‌මතු විය හැකි දශා
ෆ කේතු මහ දශාවේ කුජ අතුරු දශාව
ෆ රාහු මහ දශාවේ සිකුරු අතුරු දශාව
ෆ ශනි මහ දශාවේ රාහු අතුරු දශාව
ෆ සිකුරු මහ දශාවේ කේතු අතුරු දශාව.
මෙම ග්‍රහ පිහිටීම් තිබූ පමණින්ම දියවැඩියා රෝගයට ගොදුරු වන්නේ නැත. මෙය ඉස්‌මතු වන්නේ එම යෝගයන්ට සම්බන්ධ ග්‍රහයන්ගේ දශා අන්තර් දශා වලදීය. විශේෂයෙන් දුෂ්ඨ ස්‌ථාන අධිපතීන්ගේ දශා කාලයේදී රෝග පීඩාදිය ඇතිවේ. මෙම යෝගයන්ට සම්බන්ධ ග්‍රහයන් ශුභ නැකත් වල තැන්පත් වීම, ශුභ දෘෂ්ඨි ලැබීම වැනි හේතූන් නිසා පීඩාකාරී බව තරමක් හෝ මර්දනය වේ.
We found this article from Divaina on 2012/01/13.
Also Sinhala to English Google word to word translation can be found here