ධනවතුන් බිහිකරන ග්‍රහ පිහිටීම්

2630
ධනවතුන්
ධනවතුන්

[ratings]

අප වෙසෙන සමාජයේ නොයෙක්‌ තරාතිරම් වල මිනිසුන් ජීවත් වෙති. ඇතැමෙක්‌ ධනවත්ය. තවකෙක්‌ දිළිඳුය. මේවාට හේතු සාධක ද ඇත. පෙර කරන ලද්දා වූ කුසල කර්ම හා අකුසල කර්ම ඉන් ප්‍රමුඛය. ඔබ කළාවූ යම් කර්මයකින් මෙලොව ජනිත වීමට භාග්‍යය උදාවිය. එහෙත් සියල්ලෝම එක හා සමාන නොවේ. පෙර සඳහන් කළා සේ ධනවතුන් දුප්පතුන් දෙකොටසටම අයත් වූවෝ උපදිති. ජන්ම පත්‍රයන් පරීක්‍ෂා කිරීමෙන් මේවා මනාව දැනගත හැක. ධනවතුන් බිහිකරන ග්‍රහ පිහිටීම් කිහිපයක්‌ වෙත අපි අවදානය යොමු කරමු.

ශුභ දෘෂ්ටි ලද සිකුරු ග්‍රහයා දෙවැන්නේ සිටීම.

දෙවැන්නාධිපති එකොළොස්‌වැන්නේ සිටීම.

එකොළොස්‌වැන්නාධිපති දෙවැන්නේ සිටීම.

ශුභ ග්‍රහයන් හය,හත,අට යන භාව වල තැන්පත් වීම.

ශුභ දෘෂ්ටි ලත් බුධ දහවැන්නේ වීම.

ගුරු ග්‍රහයාට සඳුගෙන් ශුභ දෘෂ්ටි ලැබීම.

බලවත් ගුරු ග්‍රහයා දෙවැන්නේ හෝ එකොළොස්‌වැන්නේ සිටීම.

දෙවැන්නාධිපතියා ලග්නයේ හෝ දහවැන්නේ වීම.

තුන, හය, දහය, එකොළහ යන ස්‌ථාන වල ශුභ ග්‍රහයන් සිටීම.

සඳු දෙපස ශුභ ග්‍රහයන් සිටීම.

බුධ ග්‍රහයාට ගුරුගෙන් හෝ සිකුරුගෙන් ශුභ දෘෂ්ටියක්‌ ලැබීම.

රවි, බුධ යෝගය යහපත් තැනක ශුභ දෘෂ්ටි ඇතිව පිහිටීම.

ලග්නයෙහි ගුරුද දෙවැන්නෙහි සඳුද බලවත් වීම.

වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ යන රාශි වල සියලුම ග්‍රහයන් තැන්පත් වීම.

දෙවැන්නේ සිට අටවැන්න දක්‌වා සියලුම ග්‍රහයන් තැන්පත් වීම.

ගුරු, රාහු සංයෝගය දෙවැන්නේ පිහිටීම.

දෙවැන්නේ හෝ එකොළොස්‌වැන්නේ ගුරු ග්‍රහයා බලවත් වීම.

තුන්වැන්නාධිපති හතරවැන්නේද හතරවැන්නාධිපති තුන්වැන්නේද සිටීම.

සඳු, බුධ, ගුරු, ශුක්‍ර කේන්ද්‍රස්‌ථානයක යෝග වීම හෝ වෙන් වෙන්ව සිටීම.

දෙවැන්නේ සඳු සහ එකොළහ අධිපතියා සිට පස්‌වැන්නාධිපතියා නවවැන්නේ සිටීම.

රාහු එකොළොස්‌වැන්නේ සිටීම.

එකොළහ අධිපතියා කේන්ද්‍රස්‌ථානයක තැන්පත් වීම (1-4-7-10)

නවවැන්නේ බුධ, ගුරු, සිකුරු යෝගය පස්‌වැන්නාධිපතියාට පෙනීම.

දෙවැන්නාධිපතියා දෙවැන්නෙහිම වීම.

කුජ, බුධ, සිකුරු, ශනි යන ග්‍රහයන් කුජගේ රාශියක සංයෝග වීම.

සඳු, කුජ සංයෝගව හෝ සප්තවම පිහිටීම.

සඳු කටක රාශියේ තැන්පත් වීම.

රවි සිංහ රාශියේ තැන්පත් වීම.

ධනු, මීන යන රාශියක සඳු, කුජ, ගුරු සංයෝග වීම.

පහ අධිපතියා හා නවය අධිපතියා අතර පරිවර්තනය. එනම්, පහ අධිපතියා නවවැන්නේත් නවය අධිපතියා පස්‌වැන්නේත් පිහිටීමයි.

සඳු සහ ගුරු දෙදෙනා ස්‌වක්‌ෂේත්‍ර වීම.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here