කේන්දරේ හදන මෙන්න සාස්‌තරේ පාඩම් මාලා අංක 01

0
721
කේන්දරේ
කේන්දරේ

අද ලංකාවේ කේන්දර වර්ග කීපයක්‌ භාවිත කරනු ලැබේ. හැට පැය කේන්දරය, දල කේන්දරය සහ භාව කේන්දරය ඉන් සමහරකි. ජ්‍යෙdතිෂ විද්‍යාව ඉතා පැරැණි කාලයේ සිටම පැවත එන විෂයක්‌ බව අද කවුරුත් දන්නා කාරණයකි. සුද්ධෝදන රජතුමා බමුණන් රජ මාළිගයට ගෙන්වා සිදුහත් කුමරුන්ගේ අනාගතය ගැන විමසීමෙන් අපට පැහැදිලි වන්නේ බුද්ධෝත්පත්තියට පෙර සිටම මෙම විද්‍යාව පැවත එන බවය.

යම්කිසි බොරුවකට චිරාත්කාලයක්‌ පැවතීමට නොහැකි බව අප හොඳින් දන්නා කාරණයකි. එමෙන්ම ජනී ජනයාට ප්‍රයෝජනවත් නොවන්නේ නම් එයට ද වැඩි ආයුෂ නැත. ජ්‍යෙdතිෂ විද්‍යාවේ වටිනාකමක්‌ නොමැති නම් හා වැසියන්ට ප්‍රයෝජනවත් නොවන්නේ නම් අද දක්‌වා මෙම විෂයද පවතින්නේ නැත. ඒ නිසාම අද මහත් ඕනෑකමකින් ජ්‍යෙdතිෂ විද්‍යාවේ හා වාස්‌තු විද්‍යාවේ උපදෙස්‌ ලබා ගෙන ජීවිතය යහපත් කර ගැනීමට සෑම කෙනෙක්‌ම වාගේ මහත් උනන්දුවක්‌ දක්‌වන බව අපට පැහැදිලිය.

මේ නිසාම ජ්‍යෙdතිෂ විද්‍යාව හා වාස්‌තු විද්‍යාව ඉගෙන ගැනීමට මහත් උනන්දුවක්‌ දක්‌වන පිරිස ඉතා සීග්‍රයෙන් වැඩිවෙමින්ද පවතී. මෙම විෂයන් ඉගෙන ගැනීම සඳහා දහස්‌ ගණන් මුදල් වැය කරමින් විවිධ ස්‌ථාන වල පැවැත්වෙන ජ්‍යෙdතිෂ පන්ති වලට රජයේ හා පෞද්ගලික අංශ වල මෙන්ම ගුරුවරුන්, පැවිදි හිමි වරුන්ද සහභාගි වන බව තොරතුරු විමසීමෙන් අපට දැන ගත හැකිවේ. මෙම කාලය හා මුදල් ඉතිරි කර ගෙන “දිවයින” පුවත් පතේ පාඨකයන්ගේ පහසුව සඳහා සෑම සිකුරාදාම “දිවයින” සමග නිකුත් වන “නැකත අතිරේකය තුළින්” කේන්දරයක්‌ සැදීමට ඉගෙන ගනිමු.

ඒ අනුව පළමු පාඩමෙන් දල කේන්දරයක්‌ සාදන ආකාරය පිළිබඳ ඉගෙනීමට මෙතැන් සිට යොමු වෙමු.

විශ්වය අංශක 360 ට බෙදා වෙන්කර ඇති බව අපි දනිමු. කේන්දරයේ දැක්‌වෙන මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර කුම්භ හා මීන යන රාශීන් දොළොස්‌ දෙනාට ඉහත දැක්‌වූ අංශක 360 බෙදූ විට එක්‌ රාශියකට අයත් වන ප්‍රමාණය අංශක 30 කි. මෙය පැහැදිලි කර ගැනීමට මෙහි පහත දැක්‌වෙන ගණිත ක්‍රියාකාරකම දෙස බලන්න.

පෘථිවිය වටේ ඇති සම්පූර්ණ අංශක ප්‍රමාණය = 3600

එය රාශි 12 න් බෙදීම = 3600 Ý 12

එක්‌ රාශියක ප්‍රමාණය = 300

මෙම අවස්‌ථාවේදී අංශක, කලා, විකලා පිළිබඳ ඔබ අවබෝධයක්‌ ලබාගත යුතු වේ. එය අවබෝධ කර ගැනීම පහත වගුව බලා තේරුම් ගන්න.

විකලා 60 ක්‌ } කලා 1 යි.

කලා 60 ක්‌ } අංශක 01 යි.

මෙය අප භාවිත කරන ඔරලෝසුවේ තත්පර, මිනිත්තු, පැය හා බෙදීමට සමානය. ඔරලෝසුවේ ඉතාම කුඩාම කොටස තත්පර වන්නා සේ අංශක වල ඉතාම කුඩා කොටස විකලා වේ.

මෙහිදී අංශක, කලා, විකලා පහත සඳහන් සංකේත වලින්ද සඳහන් වේ. උදාහරණයක්‌ වශයෙන් අංශක 10 කලා 12 විකලා 11 සංකේත යොදා ලියන්නේ 100ල 12.ල 11, යන ආකාරයටය.

මෙය අප භාවිත කරන ඔරලෝසු වේලාවට සම්බන්ධ කර ගැනීම සඳහා අවශ්‍ය වූ විටක සෑම අංශකයක්‌ම 4 න් වැඩිකර භාවිත කළ හැකි වේ.

අංශක 1 ට පැය 4 යි – කලා 1 ට මිනිත්තු 4 යි

විකලා 1 ට තත්පර 4 යි – අංශක 10 ං 4 පැය 40

කලා 12 ං 4 මිනිත්තු 48 – විකලා 11 ං 4 තත්පර 44

ඒ අනුව 100ල 12.ල 11, = පැ. 40 වි. 48 තත්. 44 වේ. ඉදිරියේදී අවශ්‍ය වන නිසා මෙම ගණිත ක්‍රම හොඳින් මතක තබා ගත යුතුය. දවසකට පැය 24 ක්‌ ඇත. මෙය අප සාමාන්‍ය වශයෙන් හඳුන්වන්නේ උදේ දවල්, රාත්‍රි හෝ පාන්දර කියාය. දවසේ ඕනෑම වේලාවක දරුවෙක්‌ හෙවත් ඡන්මියෙක්‌ ජන්ම ලාභය හෙවත් ඉපදීමට පුළුවන. ඒ අනුව අප කේන්දරය සෑදීම සඳහා ක්‍රම 3 ක්‌ යටතේ කටයුතු කරනු ලැබේ.

1. උදේ 06 සිට දවල් 12 දක්‌වා අතර කාලයත්

2. දවල් 12 සිට රාත්‍රි 12 දක්‌වා කාලයත්

3. රාත්‍රි 12 සිට උදේ 06 දක්‌වා කාලයත් වශයෙන්

කොටස්‌ තුනකට බෙදා වෙන් කර ගැනීමෙනි. මෙම වේලාව ගැන අප අවබෝධයක්‌ ලබා ගත යුතුය. අප දැනට භාවිත කරනු ලබන හෙවත් සම්මත ඔරලෝසු වේලාව අනුව දවස ආරම්භ වන්නේ රාත්‍රි 12 පසු වූ වේලාවේ සිටය. එය ඊළඟ රාත්‍රි 12 දක්‌වා පවතී.

උදාහරණයකට 28 දා කියන දවස දෙස සලකා බලමු. 28 දින ආරම්භ වූයේ පසුවූ හෙවත් 27 දින රාත්‍රි 12 ටය. එසේ නම් 28 දවසට අයත් වන්නේ 27 වැනි දින රාත්‍රි 12 සිට 28 වැනි දින රාත්‍රි 12 දක්‌වා වූ පැය 24 ය.

එය එසේ වුවද ජ්‍යෙdතිෂය අනුව හෙවත් සිංහල ක්‍රමය අනුව යම්කිසි දවසක්‌ ආරම්භ වන්නේ ඉරු උදාව සිදු වූ අවස්‌ථාවේ සිට ඊළඟ දවසේ ඉරු උදාව දක්‌වා වූ පැය 24 කාලයයි. තවදුරටත් පැහැදිලි කරන්නේ නම් ඉරු උදාව උදේ 6 ට සිදු වූවා යෑයි සිතමු. එසේ නම් 28 වැනි දින උදේ 6 සිට 29 වැනි දින උදේ 6 දක්‌වා වූ පැය 24 අයත් වන්නේ 28 දා දිනටය. අප භාවිත කරන ඔරලෝසු වේලාවෙන් හෙවත් සම්මත ඔරලෝසු වේලාවෙන් අදාළ දවස ආරම්භ වීම හා අවසන් වීම පිළිsබඳවත් සිංහල ක්‍රමයට දවස ආරම්භ වීම හා අවසන් වීම සිදුවන වේලාව පිළිsබඳවත් හොඳින් අවබෝධ කරගත යුතුය.

පහත දැක්‌වෙන රූප සටහන දෙස බැලීමෙන් මෙය වඩාත් පැහැදිලි කරගත හැකිවේ.

රාත්‍රි උදේ සවස රාත්‍රි උදේ

12 6 6 12 6

සම්මත ඔරලෝසු වේලාව

28 දින අනුව දවසට අයත් පැය

28 දින සිංහල ක්‍රමය අනුව දවසට

අයත් පැය ගණන

දැන් අපි පළමු කාල පරාසයට එනම් උදේ 6 සිට දවල් 12 දක්‌වා වූ කාල පරාසය තුළ ඉපදුණු ජන්මියකුගේ කේන්දරයක්‌ සෑදීමට ඉගෙන ගනිමු. මෙම සූදානමේදී ඔබ විසින් ලංකා පංචාංග ග්‍රහස්‌ථූට ලිත හා භාව කේන්දර සෑදීමේ ගණිත වගු යන පොත් දෙක මිලදී ළඟ තබාගත යුතුය.

භාව කේන්දර සැදීමේ ගණිත වගු පොත ඕනෑම පොත් සාප්පුවකින් ලබා ගැනීමට පුළුවන.

කේන්දරය සෑදීම සඳහා අපට ළමයා උපන් දිනය, වේලාව හා ස්‌ථානය යන කරුණු තුන අවශ්‍ය වේ.

සේවා දායකයා විසින් අනුමාන වේලාවක්‌ දුන්නොත් එම වේලාවට කේන්දරය සැදීමෙන් වැළකී සිටිය යුතුය. මුළු ජීවිත කාලයටම මෙම කේන්දරය පාවිච්චි කරන නිසා ඔහු හා සම්බන්ධ ඉදිරි සෑම ජ්‍යෙdතිෂමය කටයුතු වලදී නිවැරැදි වශයෙන් කටයුතු කළ නොහැකි වන නිසාය.

වැරැදි වේලාවක්‌ දුන්නොත් සිදු වන්නේ ද එයමය. ඒ නිසා ළමයා උපන් නිවැරැදි වේලාවම ලබා ගෙන නිවැරැදිව කේන්දරය සාදා දීමට කටයුතු කළ යුතුය. ආරෝග්‍ය ශාලාවෙන් දෙනු ලබන වේලාව ළමයා උපන් නිවැරැදි වේලාව හැටියට අප සලකනු ලබන්නෙමු. ළමයා උපන් ස්‌ථානය හෙවත් ගම හෝ නගරය අවශ්‍ය වන්නේ කුමකට දැයි කෙනෙක්‌ සිතන්නට පුළුවන. වේලාව නිවැරැදිගණනය කර ඇත්තේ එම රට හරහා විහිදී ඇති දේශාංශ රේඛා මුල්කර ගෙනය. ලෝකයට පළමුවෙන්ම ඉර උදාවන්නේ එංගලන්තයේ පිහිටි ග්‍රිනිච් නගරය මුල් කරගෙනය. ඒ නිසා එම නගරය හරහා විහිදී ඇති දේශාංශ රේඛාවේ අගය අංශක 0 ලෙස සලකා ඇත. එතැන් සිට නැගෙනහිර දෙසට පිහිටා ඇති රටවල දේශාංශ රේඛා අගය අනුව ගලපා ගන්නා ලද වේලාවේ වෙනස එකතු වන අතර බටහිර දෙසට පිහිටා ඇති රටවල් හරහා විහිදී පවතින දේශාංශ රේඛා අනුව ගලපා ගන්නා ලද වේලාවේ වෙනස අඩු කර ගනු ලබයි.

මේ අනුව ග්‍රිනිච් වේලාව සමග ළමයා උපන් නගරයට හෝ ගමට ඇති වේලාව ශුද්ධ කර ගැනීමට ළමයා උපන් ස්‌ථානය අවශ්‍ය වේ. ඉදිරියේදී වේලාව නමැති පාඩමේදී මෙය පැහැදිලිව ඉගෙන ගැනීමට පුළුවන් වේ. එක්‌ එක්‌ නගරයට හෝ ගමට ඇති මෙම වේලාවේ වෙනසට “ස්‌ටෑන්ඩ් කාලයේ අධිකය” යෑයි කියනු ලැබේ. එය භාව කේන්දර සැදීමේ ගණිත වගු පොතේ පිටු අංක 61 සිට 67 දක්‌වා වූ පිටුවල සඳහන්ව ඇත. එහි මෙම විස්‌තර සඳහන් වන්නේ පළාත් යටතේය.

ඒ නිසා ළමයා උපන් අදාළ නගරය හෝ ගම අයත්වන පළාත හඳුනා ගෙන ඒ යටතේ ස්‌ටෑන්ඩ් කාලයේ අධිකය ලබා ගත යුතුය. උදාහරණයක්‌ වශයෙන් මාතලේ ගත්විට එම නගරය සටහන් වී ඇත්තේ මධ්‍යම පළාත යටතේය. (65 වැනි පිටුවේය) එහි පළමු සිරස්‌ තීරුවේ (ඉහළ සිට පහළට විහිදෙන තීරුව) නැගෙනහිර දේශාංශ 800ල 38. ලෙස විහිදෙන පරාසය තුළ හා දෙවැනි තීරුවේ උත්තර අක්‌ෂාංශ 7.ල 25, ලෙස විහිදෙන පරාසය තුළ මාතලේ නගරය පිහිටා ඇති බව සඳහන් වන අතර ස්‌ටෑන්ඩ් කාලයේ අධිකය වශයෙන් එම තීරුවේ මි. 7 තත්පර 28 ක්‌ වශයෙන් සඳහන් වී ඇත. කේන්දරයක්‌ සෑදීමේදී අප උපයෝගි කරගනු ලබන්නේ මෙම ස්‌ටෑන්ඩ් අධික කාලයයි.

මෙම කරුණු සැලකිල්ලට ගෙන 2010 සැප්තැම්බර් මස 9 වැනි බ්‍රහස්‌පතින්දා උදේ 11.18 ට රත්තොට දන්කන්දේ දී උපන් ළමයාගේ කේන්දරය සැදීමට සූදානම් වෙමු.

ඉගෙන ගන්නා කාලය තුළදී සෑම ගණිත සටහනකම පාද ලියමින් කේන්දරය සෑදීමට පුරුදු වන්න. එමෙන්ම පංචාංග තොරතුරු හා නක්‍ෂත්‍ර කාලය අඩංගු ලිතක්‌ තමා වෙත තබාගත යුතුය. ඒ සඳහා දැනට පාවිච්චි කළ හැකි ලිතක්‌ වශයෙන් ලංකා පංචාංග ග්‍රහස්‌ථූට ලිත යෝග්‍ය වේ.

යම් දරුවකුගේ උපන් වේලාව අප වෙත ලැබෙන්නේ පැය වලින් හා මිනිත්තු වලින් පමණි. පළමු පියවරේදී කේන්දරය සෑදීම සඳහා සූදානම් වන විට තත්පර සඳහාද තීරුවක්‌ වෙන් කර ගත යුතුය. එයට හේතුව ඉදිරියේදී තත්පර සටහන් කිරීමට තීරුවක්‌ අපට අවශ්‍ය වන නිසාය.

දෙවැනි පියවරේදී අප විසින් සටහන් කර ගන්නා ලද උපන් වේලාවෙන් මා මීට පෙර සඳහන් කළ පරිදි දරුවා උපන් ගමට හෝ නගරයට ඇති ස්‌ටෑන්ඩ් කාලයේ අධිකය අඩු කළ යුතුය.

එය භාව කේන්දර සැදීම ගණිත වගු පොතේ 61 වැනි පිටුවේ සිට 67 වැනි පිටුව දක්‌වා ඇති ගම් නගර නාමාවලිය නමැති වගුවෙන් ලබාගත යුතු බව මා මීට කලින් සඳහන් කළ බව ඔබට මතක ඇති. මෙහි පහත දැක්‌වෙන උදාහරණ කේන්දරය දෙස බලා වැඩි දුරටත් ඒ පිළිබඳ අවබෝධය ලබා ගන්න.

පැ. මි. තත්.

රත්තොට දන්කන්දේ දී ළමයා උපන් වේලාවේ 11 18 00

රත්තොට දන්කන්දට ස්‌ටෑන්ඩ් කාලයේ අධිකය 07 28

(මාතලේට බලන්න)

ස්‌ටෑන්ඩ් කාලය අඩු කළ පසු ළමයා උපන් වේලාව 11 10 32

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here