ජලය මිනිසාගේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක් වන අතර එය නිරෝගී බව පිරිසිදු බව රැක ගැනීමට ද ඉවහල් වේ. නිවසක ජලය ලබාදෙන ළිඳ නිවැසියන්ට සෞභාග්‍යය උදාකරනු ලබන සාධකයක් වේ. තමා පදිංචියට තෝරා ගන්නා ඉඩමේ ළිඳ තුළින් වාසනාවන්ත බව උදාකර ගත හැකි අතර ඒ පිළිබඳව දැනුවත් නොවීමෙන් තදබල අහිතකර තත්ත්වයන් ද ගෙන දේ. පැරැණි සෘෂිවරුන්ගේ මතයන්ට අනුව ළිඳකට ගෘහ මූලිකයාව දිළින්දෙක් කිරීමේ හැකියාව මෙන්ම සිටුවරයෙක් කිරීමේ හැකියාවද ඇති බව සඳහන් කර ඇත. නැකත පාඨක ඔබට තම පදිංචි භූමියේ ශුභපල ලබාගත හැකි ළිඳක් සකස් කර ගැනීමට අවශ්‍ය මග පෙන්වීමක් මෙම ලිපියෙන් පැහැදිලි කිරීමට කැමැත්තෙමි.
ළිඳක් තැනීමේදී අනුගමනය කරනු ලබන කරුණු රාශියක් ඇති අතර ඒ අතුරින් ප්‍රධාන වශයෙන්
1. ඉඩමේ සුදුසු දිශාවක් තෝරා ගැනීම.
2. ළිඳ කැපීම සඳහා ශුභ කාලයක් තෝරා ගැනීම.
3. දුර ප්‍රමාණයන් තෝරා ගැනීම.
4. නිවසේ පිහිටීම හා ළිඳ ස්‌ථානගත කිරීම තෝරා ගැනීම.
සුදුසු දිශාව තෝරා ගැනීම
ළිඳක් කැපීම සඳහා සුදුසුම දිශාවන් වනුයේ උතුර ඊසාන හා නැගෙනහිර දිශාවන් වේ. මන්ද ආපෝ ධාතුව හෙවත් ජලයට අධිපතීත්වය දරනුයේ උතුර ඊසාන හා නැගෙනහිර දිශාවන් වීමයි. මෙයින්ද පොතපතෙහි උතුර ඊසාන දිශාවන් පමණක් ශුභ යෑයි දක්‌වා ඇතත් ඇතැම් වාස්‌තු විද්‍යාඥයන් උතුර ඊසාන හා නැගෙනහිර දිශාවන් ශුභ බව දක්‌වා ඇත.
තවද දකුණ ගිනිකොණ හා වයඹ, බටහිර දිශාවන් අශූභ ඵල ඇතිකරනු ලබයි. දකුණු දිශාවේ ළිඳක් කැපීමෙන් පවුලේ අයගේ සමගිය සහජීවනය දුරස්‌වන අතර දුරස්‌වීම් වෙන්වීම් ඇතිකරනු ලබයි. ගිනිකොණ දිශාවේ ළිං කැපීමෙන් ගින්දර තුළින් කරදර ඇති කරනු ලබන බවත් බටහිර දිශාවන්හි ළිං කැපීමෙන් ගෘහයේ කාන්තාවන්ට විපත් ගෙන දෙන බවත් වයඹ දිශාවේ ළිං කැපීමෙන් මූල්‍ය ශක්‌තිය දුර්වල වන බවත් දිළිඳු වන බවත් අදහස් කෙරේ.
ළිං කැපීම සඳහා සුදුසු කාලය
ළිං කැපීම සඳහා ජ්‍යෙdතිෂ විද්‍යාවේ සුදුසු කාල දක්‌වා ඇත. ජනවාරි 14 සිට පෙබරවාරි 12 දක්‌වා වූ මකර රවිට අයත් කාලය ද,
අප්‍රේල් 16 සිට මැයි 14 දක්‌වා වූ මේෂ රවිට අයත් කාලයද මැයි 15 සිට ජුනි 14 දක්‌වා වූ වෘෂභ රවිට අයත් කාලයද අගෝස්‌තු 17 සිට සැප්තැම්බර් 16 දක්‌වා වූ සිංහ රවිට අයත් කාලයද.
මෙහිදී ජනවාරි මාසයේ මකර රවිට අයත් කාලය තුළ ළිං කැපීමෙන් භෞතික සැප සම්පත් ලැබෙන බවත් අප්‍රේල් මාසයේ මේෂ රවිට අයත් කාලවල ළිං කැපීමෙන් ධන ලාභ ඇතිවන බවත්.
මැයි මාසයේ වෘෂභ රවිට අයත් කාලයන්හි ළිං කැපීමෙන් භවභෝග සම්පත් ලැබෙන බවත්, අගෝස්‌තු මාසයේ සිංහ රවිට අයත් කාලයන්හි ළිං කැපීමෙන් සතුට සැනසුම වාසනාව ලැබෙන බවත්ය.
සුදුසු දුර ප්‍රමාණයන්
වාස්‌තු විද්‍යාවේ කැප ශාස්‌ත්‍රයේ ළිඳක් කැපීම සඳහා දුර ප්‍රමාණයන් නිර්දේශ කර තිබුණද වර්තමානයේ පවතින ඉඩම් ප්‍රමාණයන් අනුව එම සම්මතයන්ට අනුව කටයුතු කිරීම මහත් අසීරු කටයුත්තක් වේ. එහෙත්a දෝෂ අවම කරමින් ළිඳ පිහිටුවා ගැනීමේ හැකියාවන් පවතී. නිවසේ සිට ළිඳට පැරණි තාක්‍ෂණය අනුව රියන් 07, 13, 15, 23, 24, 27, 40 වේ.
නිවසේ පිහිටීම අනුව ළිඳ ස්‌ථානගත කිරීම
මෙහිදී අනුගමනය කළ යුතු ප්‍රධාන කරුණු පහත පරිදි වේ.
ප්‍රේත පාදය හා බ්‍රහ්ම පාදය අත්හැරිය යුතු වේ.
අසල ඉඩම්වල වැසිකිළි, කුණුq වළවල් ළිං පිළිබඳ අධ්‍යයනය කිරීම වැදගත් වේ.
ඉඩමේ ගිනිකතිරයට වැටෙන ස්‌ථාන අත්හැරීම
නිවසේ හා ඉඩමේ කොන් අත්හැරීම.
වැනි කරුණු ප්‍රධාන කොට අවධානය යොමු කර එමෙන්ම ළිsඳක් කැපීමට ගෘහ මූලිකයාගේ මෙන්ම අදාළ පවුලේ ජන්ම පත්‍රයන්ට ගැළපෙන ශුභ මුහුර්ථයක් (නැකතක්) දක්‍ෂ ජ්‍යෙdතිෂවේදියෙක් ලවා සකස් කර ගත යුතු වන අතර ළිඳ කපන පස් කිසිවිටෙකත් නිවසේ අත්තිවාරම් පිරවීමට නොගන්න. ළිඳ කපා ගනු ලබන නොයිඳුල් ජලය තම ආගමික කටයුතුවලට යොදාගන්න. බෞද්ධයන් විසින් බොධීන් වහන්සේ දොaවනය කිරීම ශුභ වේ. තවද සිංහල අවුරුදු චාරිත්‍රවලදී ගනුදෙනු කිරීම වැනි දේ ළිඳ සමඟ කිරීම ඉතා වැදගත් වන අතර එය පුරාණයේ පටන් පැවත ආ සිරිතක් ද වේ. ඔබ ඉඩමක් මිලදී ගන්නා විට එහි පැරණි ළිඳක් පිහිටා තිබේ නම් වාස්‌තු විද්‍යා උපදේශකවරයකුගේ උපදෙස් මත එම ළිඳ වැසීමේ කටයුතු කිරීමටත් මතක තබාගන්න.
එසේම ළිඳක් කැපීම සඳහා නැකතට අනුව පළමුව කපන පස් පිඩැල්ල සුරක්‍ෂිතව තබා එය ගලාගෙන යන ජලයට දැමිය යුතු වන අතර ළිඳ කපා ජලය ලැබුණු පසු එරබදු, කුඹුක්, පලොල් යන ගස්‌වලින් ලබාගත් දර අඟුරු සමඟ සුවඳ කොට්‌ටම්ම, විෂ්ණුක්‍රාන්ති, ඉඟිනිඇට, නෙල්ලි ජලයට දැමීම ඉතා ශුභ බව පැරණි වාස්‌තු ග්‍රන්ථවල සඳහන් කර තිබේ.
ඉහත දැක්‌වූයේ දෝෂ රහිත ළිඳක් කපාගන්නා ආකාර යයි. ඔබ නිවසක් මිලට ගන්නේ නම් ඉහතින් දැක්‌වූ ළිඳ පිහිටි දිශාව හා නිවසේ පිහිටීම හා ළිඳ පිහිටීම පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගැනීම වැදගත් වේ. මන්ද එම නිවැසියන්ට මෙම භූමියේ වාසය පවා අහිමි කර විකිණීමට සිදුවනුයේ ළිඳ තුළින් අහිතකර තත්ත්වයන් ඇතිවීමේ ඉඩකඩ බොහෝ ඇති බව අපගේ පෞද්ගලික අත්දැකීම වේ. දැනට ඔබ පදිංචිව සිටින නිවසේ මෙවැනි දෝෂ තත්ත්වයන් වේ නම් ඔබ ප්‍රදේශයේ සිටින වාස්‌තු විද්‍යාඥයකුගේ උපදෙස් ලබාගැනීම තුළ අහිතකර තත්ත්වයන් මඟහරවා ගැනීමටත් ජීවිතය වාසනාවන්ත කර ගැනීමටත් ඔබ අවස්‌ථාව ලැබෙනු ඇත.
We found this article from Divaina on 2012/07/13.
Also Sinhala to English Google word to word translation can be found here