පවුල් ජීවිතය යහපත් වීමට ගැලපෙන විවාහයක්‌ කර ගන්න

2279
පවුල් ජීවිතය
පවුල් ජීවිතය

[ratings]

විවාහය යනු නැවත ඉපදීමක්‌ යෑයි බොහෝ අය පවසති. ජ්‍යෙdතිෂ්‍ය ඇසින් බලන විට එය සත්‍යයක්‌ යෑයි පෙනේ. ස්‌ත්‍රී පුරුෂ දෙදෙනෙක්‌ එක්‌ව ගොඩනඟන විවාහ ජීවිතය දෛව දෙකක සංකලනයකි. විවාහයෙන් පසුව ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාගේම දෛවය එක්‌ව නවමු ජීවන මගක්‌ ගොඩනැගේ. මෙසේ ගොඩනැගෙන නව ජීවිතය සමබරව පවත්වා ගැනීම සඳහා ජ්‍යෙdතිෂ විද්‍යාවෙන් ගත හැකි ප්‍රයෝජන අතිමහත්ය. එය ඉතා සරලව කිවහොත් නිසි විවාහ ගැලපීම් මත විවාහයක්‌ ගොඩනැඟීම මත මෙම සමබර ගෘහ ජීවිතය ගොඩනැඟêම ඉතා පහසුය.

මෙම විවාහ ගැලපීම් කෙසේ සිදු කරන්නේ දැයි අපි මඳක්‌ විමසා බලමු.

විවාහ ගැලපීම් සිදු කිරීම ප්‍රධාන කොටස්‌ දෙකකින් යුත්ත වෙයි. හඳහන් දෙක ගැලපීම හෙවත් ග්‍රහ ගැලපීම් විමසීම හා පොරොන්දම් ගැලපීම යනු මෙම අංශ දෙකයි.

හඳහන් ගැලපීම හෙවත් ග්‍රහ ගැලපීම් සිදු කිරීම යනු යම් අයෙක්‌ උපත ලබන වේලාවට පෙර හෙවත් ඉහත ආත්මයන් තුළදී කරන ලද්දා වූ කුසල සහ අකුසල කර්මවලට මේ ආත්මයේදී ලැබිය යුතුව ඇති ශුභ අශුභ තත්ත්වයන් වල සමාන අසමාන කම් සසඳා බැලීමයි. සරලව කිවහොත් කර්ම විපාක වශයෙන් ඇති සමාන අසමාන කම් විමසා බැලීමයි. මෙය දෙදෙනාගේ ඡන්ම පත්‍රවල ග්‍රහ පිහිටීම් ඇසුරෙන් සසඳා බැලීමයි. මෙම ගැලපීම අනිවාර්යයෙන්ම තිබිය යුතුය. එයට හේතුව වන්නේ මෙම ගැලපීම් නොමැතිව විවාහයක්‌ ගොඩනැගුව හොත් විවාහයෙන් පසුව එම දෙදෙනාට විසඳා ගත නොහැකි ප්‍රශ්න ඇති වී විවාහය අඩාල වීමට ඇති ඉඩකඩ වැඩිවීමය.

මෙසේ මෙම ගැලපීම් තිබේ නම් පමණක්‌ දෙවන අදියර වන පොරොන්දම් ගැලපීම කළ යුතුය. පොරොන්දම් ගැලපීමේදී සංඛ්‍යාත්මකව විසි පොරොන්දම් දසපොරොන්දම්, අටපොරොන්දම් ආදී වශයෙන් විවිධ වෙයි. ඒ කෙසේ වුවද පොරොන්දම් ගැලපීම යනු යම් අයෙක්‌ උපන් මොහොතෙන් පසුව ගොඩනැගුණු තත්ත්වයන් වල සමාන අසමාන කම් විමසා බැලීමයි. එය වැඩිදුරටත් පැහැදිලි කරන්නේ නම් අප සැම කුමණ සමාජයක උපත ලැබුයේ වී නමුත් උපන් තැන් පටන් බලවේග පහකට හසුවෙයි. එම බලවේග පහ

1. දෙමව් පියන්ගේ ආභාෂය

2. තමා විසින් ලබා ගන්නා වූ දැන උගත් කම්

3.සමාජයේ පවතින සාරධර්ම

4. අප අදහන ආගම දහමේ හරය

5. දෙමව්පියන්ගේ ලේ සහ ජානවල බලපෑම වෙයි.

මෙම බලවේග පහට හසුවන පුද්ගලයා තුළ මීට සමරූපීව චරිත අංග පහක්‌ ගොඩනැගේ එම චරිතාංග පහ වන්නේ.

1. සිරිත් විරිත්

2. ගති පැවතුම්

3. රුචි අරුචි කම්

4. අදහස්‌ උදහස්‌

5. ශරීරයේ ස්‌වභාවය වේ

මෙම චරිතාංග පහේ සමාන අසමාන කම් විමසීම පොරොන්දම් ගැලපීම නම් වේ. මේ අනුව මෙම ගැලපීම් අඩු තත්ත්වයක යම් දෙදෙනෙක්‌ විවාපත් වූ විට විවිධ ප්‍රශ්න මතු විය හැකිය. නමුත් මින් ඇති වන ප්‍රශ්න වලට විසඳුම් සොයාගත හැකිය. පොරොන්දම් නොගැලපීම නිසා මතුවන ගැටලු ඉහත කී ග්‍රහ ගැලපීම් නොමැති වීම ඇති වන ගැටලු තරම් බරපතළ නැත.

එම නිසා සමබර විවාහ ජීවිතයක්‌ ගොඩනැඟêම උදෙසා පොරොන්දම් ගැලපීමට වඩා ග්‍රහ ගැලපීම් නිසි අයුරු තිබේ දැයි විමසා බැලීම වැදගත් වේ. සමබර සහ සාර්ථක විවාහයක්‌ තුළ

1. ධනය

2. දෙදෙනා අතර සමගිය

3. නිරෝගී බව

4. නිරෝගී දරුවන්

5. එකට වාසය කිරීම හෙවත් ලිංගික කටයුතු යන අංග සමාන්තරව පැවතිය යුතුය.

We found this article from Divaina on 2011/11/25.
Also Sinhala to English Google word to word translation can be found here